Wednesday 24 August 2011

පරලොවට පණිවිඩයක්


ජී. එච්. පෙරේරා කිවිඳුන්ගේ රචනයකි



ළඟදි ඔය පළාතෙන්      බැල්ම ලා ලක්දිවේ මේ
උපදින අය ඇත්නම්       කාරියක් මම  කියන්නම්
කලදි අපට කිව්වේ        නෑ කියා ඊට   පස්සේ
වැරදි කියනවාටයි       දැන්ම මේවා   කියන්නේ


රට බොහොම අසාරයි       ඉන්නවුන්ගෙත් විකාරයි
පිට ඔපයට සූරයි             කම්මැලියි බාරදූරයි
අට පහ නොම තේරෙයි      වල් සිරිත් පාර බේරෙයි
පිට රටට වදාරයි        කාපු දේවත් වමාරයි



ගත සිත නැත උස්සා        ආදි ඇත්තන් විලස්සා
එයිනි        නොරට වැස්සාගෙන් හිඟා කෑම රිස්සා
පුටුව පිටම         රස්සා වෙන්ට නම් සී පරිස්සා
 විය යුතුය සුදුස්සා       වී මෙහේ එන්ට ලිස්සා


උගත යුතුය ඉංග්‍රීස්      ඒ නමුත් පොඩ්ඩකින් බෑ
එසැම ඉගෙණ ගන්ටත්     ලේසියත් ආයුසත් නෑ
එබැවින් ඔහේදී        බී ඒ   වලින් වත් සමත් වී
පැමිණිය යුතු බැව්      ඕනෑකමින් බෝම දන්වම්



සිහළ බස් කමක් නෑ        ඒ උගන්මෙන් පලක් නෑ
ඉහළ ගිය කෙනෙක් නෑ   ඉන්  සකුත් පාලි කම් නෑ
අහළක උගතෙක් නැත්නම්   කොහේවත් ගොහිල්ලා
දෙමල බස ටිකක්වත්        පාඩුවක් නෑ උගත්තොත්



සිහළ සිරිත දන්නම්    තුට්ටුවක් නෑ වටින්නේ
නැටුම සහ පියානා     සර්පිනා තාල ඕනෑ
මෙහි එන හෙට අනිද්දා     ගෑණු ඇතන්ම් ඔහේදී
වැඩිය හොඳට මේවායේ       සමත් වන්නට ඕනෑ



කොයික නැති උනත්        මේ නම් වරද්දන්නට එපා
කළු හම ලැබුනෝතින්     වෙන්නෙ ඔක්කොම පාඩුයි
ඔළු ගෙඩි බිම ගස්සා       කාගෙනුත් ගන්ට පූජා
හම සුදුවට නැත්නම්      සායමක් වත් ගෙනෙල්ලා



මිතුර මෙය අසාපන්      දැන් මහත්තැන් බලාපන්
එලෙසම ඉපදීපන්        සත් සිරිත් ගින්නෙ දාපන්
රට දැය වනසාපන්       කාල බීලා නටාපන්
අපෙ ඇට ගොඩ දාපන්     ඒවයෙ තාර ගාපන්

9 comments:

  1. පරලොවේ සිට කියම්
    එන්නට සිටින අයට මම්
    උපන් රට ගරහා
    වෙන රටවලට පසසා
    උන් එවුන් මෙහිදී
    විඳිනා දුකත් එලෙසා

    ReplyDelete
  2. ස්තුතියි බෙදා ගත්තට!

    ReplyDelete
  3. හම සුදුවට නැත්නම් සායමක් වත් ගෙනෙල්ලා

    මේ ටික එස් මහින්ද හාමුදුරුවන්ගේ කවි පෙලකින් .. ඇත්තම තමයි.. අපේ රටෙත් සුද්ද දැක්කම වන්දනාව ..ගිහින් බලන්නකෝ අපේ ජාතික ගුවන් සේවේ.. එකෙත් කළු අපි නිකම් සොච්චම්.සුද්දන් වන්දනාව..

    ReplyDelete
  4. parts missing from this - Hari?

    කදිම ජොලි ෆෙලෝ වික්ටර් ලුකැට් මයි පියානා
    ගසන හැටි බලව් අචචාරු බාසෙන් අඳෝනා

    ReplyDelete
  5. හාස්‍යයෙන් පිරි හරබර පදපෙලක් බෙදලා දුන්නට පිං.

    ReplyDelete
  6. ස්තුතියි හරි . එහෙත් එහෙමයි නේ

    ReplyDelete
  7. බොරළැස්ගමුවේ ජි.එච්.පෙරේරා කිව්වොත් හරිද?

    ReplyDelete
  8. නියම කවි ටිකක් නේ අක්කේ.
    මම් මේ කවියාගේ කවි ටිකක් කියෙව්වේ අදමයි.
    ස්තුතියි ටීචර් මේවා අපිත් එක්ක බෙද හදා ගත්තට.

    ReplyDelete
  9. බලන්ඩකෝ වැඩේ හැටි. මේ පැත්තේ පහුගිය දවස්වල ඔලුව දැම්ම විතරයි. කොළඹ කවීන්ට මගේ වැඩි මනාපයක් නැති නිසා කියවන්ඩ ගියේ නෑ. අද මේ වෙන පණිවුඩයක් දෙන්ඩ ආපු වෙලාවේ කියෙව්වේ. හරි අපූරු කවි ටික. ටීචර්ට බොහොම ස්තුතියි අපේ අවධානයට ගෙනාවට.

    මෙන්න පණිවිඩේ: මේ ලින්ක් එකට ගිහින් බලන්ඩ. Sound of Music වලට කැමති නිසා පණිවිඩේ දුන්නේ.

    http://www.youtube.com/watch_popup?v=7EYAUazLI9k&annotation_id=annotation_612418&feature=iv

    ReplyDelete