අව්ව වැඩි වෙන්න ඉස්සර යනව නං ගිහින් එන්න, එහෙම කියාපු තාත්තා ළඟ තිබ්බ කඩේට ගොඩ උනා.
සීයෙ අපි මාළුන්ට කෑම දාන්න යන්නෙ,
දේවාලෙට යන අතුරු පාරෙ අහිකුණ්ඨක කට්ටියක් වාඩියක් හදලා. ගහක බැඳපු තොටිල්ලක පුංචි දරුවෙක් මර හඬ දෙනව, උන්නෙ තාත්ත වෙන්න ඇති කියල හිතෙන පිරිමියෙක් ඒකෙ වගක්වත් නැතුව ළමයව නලවන්න හදනව.
ළමයට බඩගිනි ඇති. තව කොච්චර පැද්දුවත් ඔච්චරම තමයි, මට හිතුනා.
අපේ කෙල්ලට ඒ නැළවිල්ල විස්මයක්. පද්දන වේගෙට ගහෙත් හැපෙයිද මන්දා දරුවව, අපේ එක්කෙනෙකුට කිය උනා.
ඊට ඩිංගිත්තක් එහායින්, තව ළමයි රොත්තයි. හතරක් හෝ පහක්. සේරම කොල්ලො. සමහරුන්ට කමිසය විතරයි. එකෙකුට මුකුත්ම නෑ.එයින් තුන් දෙනෙක් මහා රණ්ඩුවක්. මොකටද දන්නවද, කොමඩු කෑල්ලකට. පූජා වට්ටියක තිබිච්චිමඩු කෑල්ලක් වෙන්න ඕන. එක්කෙනෙක් ඒක කන්න හදනව, අනිත් අය ඒක උදුරා ගන්න පොර කනවා.
අනේ පව්, බඩ ගින්නටනෙ. මට දුක හිතුනා. අපේ ළමයින්ට පලතුරු කෑල්ලක් කවා ගන්න තියෙන අමාරුව. මේ ළමයින්ට අද දවසෙ ලැබිච්චි එකම කෑම මේකද? ,
අපේ දරුවගෙ අත තවත් තද කරලා අල්ලගෙන, යන ගමනත් නවත්තලා මං ඒ දිහාව බලන් හිටියා.
පේනවද , ඕගොල්ලන්ට කෑම වැඩි වෙලා, අර ලමයි කන්න දෙයක් නැතුව අඬන්නෙ.
අපේ කෙල්ලට ඕවා තේරෙන්නෙ නෑ.
කෝ ඒ ගොල්ලන්ගෙ අම්මා?
අම්මා වැඩට ගිහින්ද?
ඒ ගොල්ලන්ගෙ අම්මද වැඩට යන්නෙ, තාත්තා නෙමෙයිද?
මේ ගොල්ලන්ට සල්ලි දීලා වැඩක් නෑනෙ. අපි එන ගමන් අර කඩෙන් මොනව හරි කන්න අරන්දෙමු.අපි කතා උනා.
එන ගමන් බෙලි මල් තම්බපු වතුර විකුණන කඩයක් ළඟ මම වාඩි උනා.
අපි මාළුන්ට පොරි දාලා එන්නං, ඒ ගොල්ලො ගියා.
නෝනා එන්න සාස්තරයක් කියන්න.
අපෝ එපා.
සල්ලි එපා , නෝනා අත පෙන්නන්න පොඩ්ඩකට., නෝනගෙ ඉත ඔඳයි. කට තමා පොඩ්ඩක් සැරයි. පවුලෙ බාල දරුවා. ඉතුවක්කාරෙට තමා වැඩ කරන්නෙ..
මං දැං සැරයක් කිව්වනෙ. සාස්තර නං කියන්න එන්න එපා මට. මං සැර උනා.
හොඳ වැඩේ, මේ ගොල්ලො හැමෝටම කියන්නෙ ඕවා තමයි. බෙලිමල් විකුණපු කාන්තාව මං එක්ක කිව්වා. ගොඩක් අය රැවටිලා සාස්තර අහනව හරියට.
.
එතන් තිබුනෙ කළු දොදොල්, සෙල්ලම් බඩු විකුණන කඩයක්. අර ළමයින්ට අරන් දෙන්නෙ මොනවද? අපි කතා උනා. පැකට් කරපු පුහුල් දෝසි, මස්කට් කෑලි, කොට්ට කිලංගු වගේ ඒවා තමයි තිබ්බෙ. මේව්ව නම් දීල වැඩක් නෑනෙ, අඩු ගානෙ බනිස්වත් නැද්ද?
මේ දහවලේ බනිස් මොකටද කියලා කඩේ මුදලාලිට කිව්වා.
අර ළමයින්ටද බනිස්? ඈතින් හිටපු ළමා රොත්තට අත දික් කරලා පෙන්නපු කඩේ මුදලාලි අපෙන් ඇහුවා.
නෝනලාට පිස්සුද? ඕකුන්ගෙ අම්මා මේ දැං ඩිංගකට කලින් ගොඩ වෙලා මට අරන් තියන්නෙ දීපු සල්ලි කවරෙ මෙතන හිටිය නෝනලගෙ තාත්තා නං දැක්කා. ඉන්න මං ගෙනත් පෙන්නන්න. පොඩි වෙච්චි සිලි සිලි කවරෙ ඇතුලෙ රුපියල පනහෙ, සීයෙ, කොළ ගොඩක් . වැඩියෙම තිබ්බෙ විස්සෙ කොළ. සල්ලි පොදියක්.
මං මේකෙන් මාරු සල්ලි දෙදාහක් ගත්තා දැනටම, මේතියෙන්නෙ මං දාපු කොළ දෙක.
ගිය සතියෙ මං ළඟ තියලා තියන්න ගෙනත් දුන්නා රුපියල් හතලිස් පන්දාහක්, මේකෙත් පන්දාහක් වත් ඇති මගෙ හිතේ, මං තාම ගැන්නෙ නෑ.
හතලිස් පන්දාහක්!!!!
එච්චර සල්ලි තියෙනව නං මේ ගස් යට මොකද කරන්නෙ? හරියට කන්නවත් නැතුව?
කන්න නැතුව නෙමෙයි මේ ගොල්ලො හොඳට කන බොන කට්ටිය, ඔහොම හිටියෙ නැත්තං කවුරුවත් සල්ලි දෙනවයැ, ඒකනෙ ඔහොම ඉන්නෙ.
පාරෙ ඉන්න ළමයින්ට කන්නන් දෙන්න හදපු මහාදානපතිනි මගේ පර්ස් එකේ රුපියල් දාහකට වැඩිය තිබ්බෙ නෑ ඒ වෙලේ. මට හිනාත් ගියා. මුං මොකට අපිව රවට්ටනවද?ඒක තමා උන්නෙ රස්සාව. සල්ලි බෑග් එක මුදලාලිගෙ බොරුවක් වෙන්න බෑ. අපේ තාත්තා ඇස් දෙකට දැකලා තිබ්බ ඒක ගෙනත් දෙනවා.
මේ ගොල්ලො රෑට වත් ගෙදරකට යනවද? මං ආයෙම ඇහුවා.
නෑ . ඔතනම තමයි හැමදාම.
අතේ සල්ලිත් තියාගෙන, දූවිලි කකා මොකට දුක් විඳිනවද?අනේ මට නං මෙහෙම සල්ලි එපා.
ඒක තමා නෝනා කරුමෙ කියන්නෙ.
උන්ද හිඟන්නො? අපිද?
එක පාරක් නෙමේ දෙතුන් වතාවක්ම කියවපු මහාචාර්ය නන්දසේන රත්නපාලයන් ගෙ " ශ්‍රීලංකාවේ යාචකයා " පොත මතක් උනා.දෙන්නෙ නෑ එකෙකුට සතයක්.
ඒත් ඕක මට කොයි තරම් කාලයක් මතකෙ තියෙයිද මන්දා.

//උන්ද හිඟන්නො? අපිද?//
ReplyDeleteඋන් නෙවෙයි. මොනතරම් දුරට මුලා කරන්න පුලුවන් ද එවුන් කවුරු වුනත් අද ලෝකයේ උඩින්ම වැජඹෙන්නේ එවුන්. වෙනසකට ඇත්තේ නාටකයේ ඇඳුම් ආයිත්තම් විතරයි. ඒ අතින් එවුන් ගොඩාක් පොහොසත්.
අද උදේ ගල්ෆ් නිවුස් එකෙන් කියවපු කතාවක්: Beggar gives wife 4x4, plot of land
http://gulfnews.com/news/gulf/yemen/beggar-gives-wife-4x4-plot-of-land-1.1237229
මට නම් හිතෙන්නෙම මොන කරුමයක්ද එවුන් මේ ගෙවන්නෙ කියලා. මේ ලින්ක් එකට යන්න නම් බැරි උනා අයියේ.
Deleteඅම්මෝ සෑහෙන කාලෙකින් පිණි පළසට එන්නේ !
ReplyDeleteඉතින් ඉතින් කෝමද !
අධික වැඩ. මෙහෙමවත් ඒ ගන්න ලැබීමම මදැයි මලයො :)
Deleteනෝනගෙ ඉත ඔඳයි. කට තමා පොඩ්ඩක් සැරයි!
ReplyDeleteමන් මේ කවුද මේක කියන්නේ කියල බලන්න පහලට ආවේ...හික්
Deleteඒකෙන්ම පේනවනෙ උන්දැගෙ සාස්තරේ තරම. හලි අහිංශක නෝනා, ඉත ඔඳ නෑ. :P
Deleteමම මේ බ්ලොගෙ අප්ඩේට් වෙනකම් අවුරුද්දක් විතර බලාගෙන ඉන්න ඇති. අද අඹගහයටින් දැකලා නිකමට එබුනේ. :-D
ReplyDeleteඔය හිඟන්නෝ කතා නම් එක වෙලාවකට ජීවිතේ අතෑරලා යන්න තරම් දුක හිතුන අවස්ථා මට තියෙනවා. ඒත් අන්තිම කාලේ මම ඒ අය ගැන හැදෑරුවම එහෙමත් හිඟන්නෙක් ඇරෙන්න අනිත් අය ඔය වගේ මවාපෑම් හෝ රැකියාවක අරමුණින් හිඟාකන අය. හරියට අපේ දේශපාලකයෝ අපේ චන්දේ හිඟාකනවා වගේ. දැන් මගේ දියවෙන හිත පැත්තකින් තියලා හිඟන්නෝයි හිඟන්නෝ නොවන හිඟන්නෝයි උදව් අවශ්‍ය අයයි වෙන් කරගන්නවා. සමහර වෙලාවට රෑට ගෙදර ඇවිත් නිදාගත්තමත් ඒ මූණු මැවිලා පෙනුනට දෙපාරක් නොහිතා කළයුතුදේ කලා නේ කියලා නිදාගන්නවා අමාරුවෙන් වුනත්.
මට තියෙන වැඩ ගැන දන්නවනේ අක්කා. මෙහෙමවත් එන්න තියෙනව නම් ආසයි. අනිත් අයගෙ ඒවත් හොරෙන්ම බලලා එනවා, කමෙන්ටු කොටන්න ගියොත් වෙලාව නැති වෙන නිසා.
Deleteහ්ම්...ඔව්ව ඔහොම තමයි හරි......වියට්නාමයේ හිඟන්නෙක් ඉන්නේ බොහොම කලාතුරකින්. මුකුත් නිකන් නැහැනේ . හිඟා කෑවට කවුරුත් දෙන්නේ නැහැ. වයසක ගැහැණු අය පවා කරන්නේ මොනවා හරි විකුණන එක .මන් හුඟක් වෙලාවට ඔහේ පව් කියල ඒ අයගෙන් තමයි බඩු ගන්නේ . හැබැයි එකක් තියෙන්නේ එක don දාහක් අඩුකරන්නේ නැහැ . හරි හිතුවක්කාරයි ආච්චිලා . තරුණ ගැහැණු අය නම් ටිකක් කතා කරලා පිරිමහන්න පුළුවන් .
ReplyDeleteඉඳහිට හරි කාන්තාරෙට පිණි පොදක් වැටෙනවා දැන්
කාන්තාරෙට දිය පොද වැටෙනෝ ඉඳ හිට. ඉතින් මුං හිඟා කනවමත් නෙවෙයි. සාස්තර කියන ජොබ් එකත් කරනෝ. ඉන්න විදිහ දැක්කම නොඉල්ලුවත් දෙන්න හිතෙනවනෙ අපිට. එක අතකින් උන්නෙ වැරද්දකුත් නෑ.
Deleteහිතුවොත් නම් කාටවත් මුකුත් දෙන්න හිතෙන් නෑ. ඒ තරමට කුහකයි කියන්නේ තමන්ට තමන් මත් කුහකයි මේ සමාජයේ. ඒ තරම් අපිට අඳුර ගන්න බැරි වෙලා ත්ියෙනවා කාටද ඇත්තටම උදව් ඕන කියන එක. එකෙන් වෙන්නේ ඇත්තටම උදව් ඕන මනුස්සය ටත් උදව්වක්, සහායක් නොලැබී යන එක .ඕව මෙහෙම කීවට කතිකාවතක් විදිහට යන්නේ නැ ඉතින්. දෙන දේ හිත හොඳින් අපේ හිත සුද්දෙන් දුන්නොත් එතන කුසලයක් එක්රැස් වෙනවා. නමුත් ඒක ගන්නා දැනගෙන හොඳට පාවිච්චි කරොත් ඒ කුසලය තවත් ඔපවත් වෙනවා.
ReplyDeleteඒක හරි හිතුවොත් නම් දෙන්නම හිතෙන්නෙ නෑ. මමත් මට හිතුනොත් නං දෙනවා කීයක් හරි මොනා කෙරුවත් කමක් නෑ මෙකෙන් කියලා. දීමෙන් කුසලයක් එනවා තමයි. ලබන්නාගෙ අනුව ඒක වෙනස් වෙනවලු නේද? ඇත්තට මේ ගැන කවුරු හරි සරලව බ්ලොග් එකක ලියනව නම් හොඳයි කාටත් දැන ගන්න. ඉස්සර මාරයාගේ හෝරාව එකේ ලිපියක් ගියා දවසක්. හොයා ගන්න නම් අමාරුයි ඒක.
Deleteමගේ කමෙනෙට් එක ස්පෑම් වෙලාද බලන්නකෝ.
ReplyDeleteKO NAHA NE?
Deleteඇත්තද? මම කිව්වේ හිඟන්නෝ, බස් එකට නගින වෙළෙන්දෝ උත්සාහ කරන්නේ අපි තුල වරදකාරී හැඟීමක් වර්ධනය කරලා එයින් ප්‍රයෝජනය ගන්න.
ReplyDeleteඒක නම් ඇත්ත. ඉස්සර මං නිවාඩුවට ගෙදර එනකොට දුර ගමන් බස්වලට නගිනවා ළමයි. නැගලා හැමෝටම පොටෝ කොපි කරපු කොළ බෙදාගෙන යනවා. ඒවයෙ තියෙන්නෙ මෙය රැගෙන එන ළමයා පවුලේ සියල්ල රකින්නෙ, පාසල් යන නංගිලා කිහිප දෙනෙක් සිටියි , අම්මා අන්ධයි වගේ ඒවා. මොන එකක්ද මන්දා මට ඒ අයට සතයක් වත් දෙන්න හිතෙන්නෙ නෑ. සමහරු නම් අර කොළය නිකම්ම ආපසු දෙන්න බෑ වගේ කීයක් හරි දෙනවා. ඒ කොළය නිකම්ම ආපහු දෙන්න දුකක්වත්, ලැජ්ජාවක් වත් මට කවදාවත් හිතිලා නැහැ නෙ.
Delete