ඔන්න සෞන්දර්ය විශයට මම කලේ චිත්‍ර. එයා කරේ නැටුම්. එතකොට අපි 11 වසරෙ. මෙයාලගෙ නැටුම් ටීච හැමදාමත් උදේට බුදුන්ට, සරස්වතී දේවියට මල්, පහන් පූජා කරලා තමයි වැඩ පටන් ගන්නෙ. හැමදාමත් 11 පංතියට තමයි මේ පූජා භාණ්ඩ ගේන්න නියම වෙලා තියෙන්නෙ. මොකද ඒ වැඩේ පිළිවෙලට කෙරෙන්න ඕනා නිසා, ඇයි සෞන්දර්යය කරන ලොකුම ළමයි ඉන්නෙ 11 පංතියෙනෙ.අපේ ඉස්කෝලෙ ඒ කාලෙ උසස් පෙළ නැටුම් විශය තිබුණෙ නෑ..
ඔන්න ඉතින් මෙයාලට ටික දවසක් කරනකොටම වැඩේ එපා උනා, මොකද අපේ පංතියෙන්ම නැටුම් කරේ ගැහැණු ළමයි කිහිප දෙනයි. මේ යාළුවා එන්නෙත් බස් එකේ. සමහර දාට ගේන මල් පොඩිවෙලා. තැලිලා. එක්කො ගේන මල් ප්‍රමාණය මදි. එදාට ඉතින් එක්කො බැනුම්. නැත්නම් කුඩම්මගෙ සැළකිළි.
දැන් ඉතින් මොකද කරන්නෙ. එයායි, එයාටම හරියන තවත් එක්කෙනෙකුයි එකතු වෙලා ගැහුවා ප්ලෑනක්..ඊට පස්සෙ හැමදාමත් උදේට සුදුම සුදු වතුසුද්ද මල් වට්ටියක් නැටුම් කාමරේ ට යනවා. අනේ මිසුත් මේ දෙන්නට හරිම ආදරේ උනා..
මොකක්ද මේ වෙනස. අපේ ඉස්කොලෙට යාබදව තිබුනෙ නගරයේ ක්‍රිස්තියානි පල්ලියේ සුසාන භූමිය. මෙයාලා මල් කඩා ගත්තෙ එහෙන්. කොහොමද කෙල්ලො දෙන්නගෙ වැඩේ?.
මල් නම් කොහෙ පිපුනත් එකයි. ඒත් මේ මල් තමන් වඳින්න පුදන්න කලින් තිබුනෙ සොහොනෙ කියලා නැටුම් මිස් අදටත් දන්නෙ නැතුව ඇති. දැනගත්තා නම් ඉතුරු කරන එකක් නෑ...
.

