Showing posts with label 1998 පෙබරවාරි 08 ඉරිදා. Show all posts
Showing posts with label 1998 පෙබරවාරි 08 ඉරිදා. Show all posts

Wednesday, 17 February 2010

දම් පාට මල් පිපේ තවමත්,,,,,,

දම් පාට මල් පිපේ තවමත් 
නම නොදත් මල් ගසේ 
අයාලේ යන සියොත් කැළ 
මොහොතකට නැවතූ,,,,,,,, 


 මාවත තවත් අදුරු ද
 තනිවම පිය මැනිය යුතු
 ජීවිතේ ඉගිලෙනවා නොවෙද
 සිතන්නට බැරි වේගයෙන් 
 තල් පතක ඉරුවේ ඇන්ද 
දොළොස් කොටුවක් අතර
 සිකුරා කොතනවත් නැද්ද?,,,,,


 දහසක් පැතුම් මල් ගෙන 
ස්වර්ණමාලිය පිදු දින
 සිතුනෙ නැහැ ළදුනේ
 නුඹෙ සිතත් වෙන අතක බව,,,,


 මී මධු බදුන් අස 
මිතුරන් සිනා හඩ මැද 
හුදෙකලා වෙන මසිත ගැන
 අනේ කවරෙක් අසන්නද?,,
 කලවයසත් ගෙවෙනවා නොවෙද
 ඉතින් මම කුස රජුන් වෙන්නද?
 ඉරණම් ගමන් යන්නට
 ඒ පබවතිය කොහිවෙද?.....