Wednesday 17 February 2010

සුභ උපන්දිනක් ක්ලාක්

විදුර පඬි නැති ලොව
වියත් සඳ, පෑයු අඹරට
විදු සිහින හෙළිකල
සුරත් පන්හිඳ ඔබයි
කවුදෝ තිළිණකල අපට,,,,,
අහස කොන තරුවක
ඔබේ නම බබළත
රිවි කිරණ ඔබමය
නව ලොවක් හෙළිකල,,
විසුල සිය ගව් දුරට
අප නොදුටු අලුත් ලොව
සිහිනෙකින් නොව සැබැවින්ම
ඔබ දකින යුරු අරුමයකි
එදා ඉසිවර වදන්
වැසුන මුත් කාලයෙන්
ඔබේ හස කැන් අස
විඩාපත් ලොව නැවතුනා මිස
දිවෙන නව ලෝකයේ
එතැනමය අප තවත්,,,,
දිනූ සුවිසල් ලොව නැතත්
නැණ පහනයි ඔබ අපට
හදවතේ කුළුණු ගුණ
රඳවාන මුව අගට
නව ලොවක විදු දැනුම
සම සිතින් බෙදන්නට
උදාවන සියවසක්
අරුණළුව දකින්නට
විද්වතාණෙනි
ඔබට දිගාසිරි වේවා!!!!!!!!!!!!!
ආචාර්ය ආතර් චාල්ස් ක්ලාක් මහතාගේ උපන්දිනය වෙනුවෙන් ලියුවකි,,,
විද්වතාණෙනි ඔබට නිවන්සුව !!!!!!!!!!!!!!!

No comments:

Post a Comment