පිණි පළස
Showing posts with label
විදුසරට ලියූ කවි
.
Show all posts
Showing posts with label
විදුසරට ලියූ කවි
.
Show all posts
Thursday, 16 June 2011
සිතිවිලි
මොහොතේ
තරු අතර නෙත් රැන්දු
සිත
ඈත අනන්තේ
පැනයකි
ඉම කොහිද අහසේ
කියාපන්
දිදුලන සිකුරු තරුවේ.... ,
මැවෙනා
නෙක තරු රටා අතරේ
රන් පැහැ
සැමදා සැඳෑ අහසේ
කවියන්
නොදුටු රුව ලෝකේ
කවුරුන්ද
හඬගා කියන්නේ..........................
Thursday, 10 June 2010
එන්නම් හෙටත් දාහය නිවන්නට,,,,,,,,,
පිණි බිඳිති කොයින්ද මේ මල් මතට
සිනාවට සිනාසෙන ළාදළු අගට
සමන්ගිර වඳින්නට හැමදාම මල් නෙළන
සුරන්ගනාවිගෙ මාලෙ මුතු ඇටද?
රාත්‍රිය ඇවිත් හිරුත් සඟවලා
සඳ එළිය ලොව සීතල කළා
එතෙක් කොහෙදෝ සැඟව සිටවුත්
තුෂාරය යළි හිනැහුනා
අඳුරත් ගෙවී ප්‍රභාතය වඩින සඳ
ඉතින් යා යුතුය සිටි ඉසව්වට
උදෑසන අකුරු කී දරුවන්ට
රහසේම කියාවී තුෂාරය
හිරු එළියෙ උණුසුමත් නපුරුයි
දුම් කැටි වළා බොහොමයි
රාත්‍රිය හොඳයි නිසලයි
නපුරු ලොව නිදිගත් විලස
එන්නම් හෙටත් දාහය නිවන්නට,,,,,,,,
Friday, 4 June 2010
හෙට සැමරෙන පරිසර දිනය වෙනුවෙනි,,
උද්‍යාන වවන්නෝ
පින් රැස් කරති දිවා රැයේ
බණපොතක පිටු අතර
තිබුණාලු නොමැකී එසේ
සිටුවා තව ගසක්
සෙවණ කරලමු ලෝකයක්
එවන්වූ නෙක කියුම්
සමරන්න එක දිනක්
කුමට තව සැමරුම්
වැඩමුළු, බර දෙසුම්
වසරකට එක දිනක්
ඇතිද සලකා යුතුකම්
මීමුතුන් දහදියෙන්
සාරකළ මහපොළොව
ඉරිතලා ගිය අරුම
විමසුමයි කලයුතුම
බොල්වූ දෙරණ මත
නැගුණු යුකැලිප්ටස් මතින්
අමා ඵල ලබන්නට
කාලයයි සූරිය වන්දනාවට,,,
Thursday, 18 February 2010
ටැංකි මාළුවා ගේ දුක් ගීය
නිසල නිල් දියක තනිවුණ
සරන දස අතම මින් කැළ
ඉසුරු ඇති නමුත් සපිරුණ
හිතක නැති සතුට කුමකට?
ඇළක ගංදියක සුව මිස
මැවෙන නව ලොවක කොහිවෙද?
පාට හැඩ ලබා ඉපදුන
පවම මිස අනෙක් කවරෙද?
දහස් ගවු ගනන් සැරුවද
යලිත් එකම තැන තනිවෙන
මසුන් නොකියනා වදනක
අසන් මිනිසුනේ ඇති හර
ඇළක උඩු අතට පිහිනන
සතුට දෙව් මිනිස් සැප මෙන !!!
කොතෙක් හැඩ රුවට තිබුණද
පියුම් සමුදුරේ පිපුණෙද??
Wednesday, 17 February 2010
සුභ උපන්දිනක් ක්ලාක්
විදුර පඬි නැති ලොව
වියත් සඳ, පෑයු අඹරට
විදු සිහින හෙළිකල
සුරත් පන්හිඳ ඔබයි
කවුදෝ තිළිණකල අපට,,,,,
අහස කොන තරුවක
ඔබේ නම බබළත
රිවි කිරණ ඔබමය
නව ලොවක් හෙළිකල,,
විසුල සිය ගව් දුරට
අප නොදුටු අලුත් ලොව
සිහිනෙකින් නොව සැබැවින්ම
ඔබ දකින යුරු අරුමයකි
එදා ඉසිවර වදන්
වැසුන මුත් කාලයෙන්
ඔබේ හස කැන් අස
විඩාපත් ලොව නැවතුනා මිස
දිවෙන නව ලෝකයේ
එතැනමය අප තවත්,,,,
දිනූ සුවිසල් ලොව නැතත්
නැණ පහනයි ඔබ අපට
හදවතේ කුළුණු ගුණ
රඳවාන මුව අගට
නව ලොවක විදු දැනුම
සම සිතින් බෙදන්නට
උදාවන සියවසක්
අරුණළුව දකින්නට
විද්වතාණෙනි
ඔබට දිගාසිරි වේවා!!!!!!!!!!!!!
ආචාර්ය ආතර් චාල්ස් ක්ලාක් මහතාගේ උපන්දිනය වෙනුවෙන් ලියුවකි,,,
විද්වතාණෙනි ඔබට නිවන්සුව !!!!!!!!!!!!!!!
පිණි පළසක් නැත
කඳු වළල්ලෙන් රන් හිරු වැඩියද
පිණි පලසක් නැත සිනා පිපෙන්නට
සඳ තුරුල්ලක් අහිමි තුරු පත්
වියළි සුලඟට දෙරණ සිපගති
Home
Subscribe to:
Posts (Atom)