
නිසල නිල් දියක තනිවුණ
සරන දස අතම මින් කැළ
ඉසුරු ඇති නමුත් සපිරුණ
හිතක නැති සතුට කුමකට?
ඇළක ගංදියක සුව මිස
මැවෙන නව ලොවක කොහිවෙද?
පාට හැඩ ලබා ඉපදුන
පවම මිස අනෙක් කවරෙද?
දහස් ගවු ගනන් සැරුවද
යලිත් එකම තැන තනිවෙන
මසුන් නොකියනා වදනක
අසන් මිනිසුනේ ඇති හර
ඇළක උඩු අතට පිහිනන
සතුට දෙව් මිනිස් සැප මෙන !!!
කොතෙක් හැඩ රුවට තිබුණද
පියුම් සමුදුරේ පිපුණෙද??