Wednesday 19 May 2010

ටියුබ් ලයිට්

මේ සිද්ධිය උනෙ නොරටෙදි.
කථා නායිකාව මම වගේම රස්සාවට ආයුබෝවන් කියපු කෙනෙක්, ටිකක් විතර, බැලුවම ටිකක් නෙමෙයි හුගක් ම ටියුබ් ලයිට්.

අපි දවසක් ගියා මුහුදෙ නාන්න, විදෙශිකයෙක් තමන්ගෙ හුරතලා එක්ක ඇවිදින්න ඇවිත්,,ලස්සන බලු පැට්ටෙක්, දම් වැලක් දාලත් නැහැ, තමන්ගෙ ස්වාමියා එක්ක නිදහසේ ඇවිදිනවා,,

මේක ටිකක් විරල දසුනක්, මොකද මේ රටේ හුරතලේ ට ඇති කරන්නෙ අපිට ටිකක් හුරු නැති සත්තූ, රාජාලි, උකුස්සො, නයි,,,ඉතින් මේ දසුන දැක්ක ,,,,,,,,ගෙ කට නිකම්ම ඇරුනා,, අර ඒ බලුපැටියගෙ අයිතිකාරයා වෙන්න ඇති නේද? තමන් ගෙ නෝනා ටියුබ් ලයිට් කියලා දන්න මහත්තයාට ඉබේම අපේ පැත්ත බැලුනා,
මට ටිකක් ඔය වගේ වෙලවට කට වහගෙන ඉන්න අමාරුයි
නෑ ඒ බල්ලා අද ඇවිත් තියෙන්නෙ අල්ලපු ගෙදර අන්කල් එක්ක. මගෙ කටින් පිට උනේ ඒ වචන,, !!

2 comments:

  1. හරි වැඩේ :) :) :)

    Word Verification අයින් කළොත් හොඳයි නේද ?

    ReplyDelete