අපේ ගෙදරින් වාර්ශිකව දානයක් දෙනවා ප්‍රදේශයේ තියෙන වැඩිහිටි නිවාසයකට,,
ඒකෙ ඉන්නෙ ආච්චිඅම්මලා. කළුතර මහ බෝධි භාරකාර මණ්ඩලය මගිනුයි පාලනය වෙන්නෙ.
ඉන්නෙ ආච්චි අම්මලා විසි පහක් විතර, ලස්සනට පිරිසිඳුවට, පිළිවෙලට තියෙන තැනක්. අපි දානේ අරගෙන ගියහම හැන්ඳෑවෙ ඔවුන් එක්ක බුදුන් වඳින්න , අපිවත් එකතු කරගන්නවා, දැන් ගිහිල්ලම තැනත් අපිට ටිකක් පුරුදුයි, ආච්චිලගෙ අහිංසක මුහුණු ටිකත් හොඳට මතකයි. අපි දෙන්නෙ රාත්‍රී ආහාර වේල.
මීට අවුරුදු තුන හතරකට උඩදි අපි එහෙ ගිය වෙලාවෙ අලුත් මුහුණක් තිබුනා. ටිකක් විතර වෙනස් නිසා අපි කවුරු කවුරුත් ඇයට නොදැනෙන්න ඈ දිහා බැලුවා. ආච්චි අම්මා කෙනෙක් කිව්වට ඇය නම් වයස නැති බවක් පෙනුනෙ, අවුරුදු පනහක්, හැටක් කියන්න පුළුවන් කෙනෙක්, අපේ තාත්තලාගෙ වයස් වල වගේ.
අමුතුයි කිව්වෙ ඇය කොන්ඩෙ කොටටම කපලා හිටියෙ, වැඩි කතා බහක් තිබුනෙත් නැහැ, කොටින්ම අනිත් ආච්චි අම්මලා උස් හඬින් ගාථා කියනකොට ඈ නිහඬව වැඳගෙන හිටියා. ඇස් පියාගෙන හිටියට බුදුන් වැඳීම කෙසේ වෙතත් ඇය මොනවාදෝ කල්පනා කරා. මහළු නිවාසයකට එන්න වෙන කෙනෙකුට කල්පනා කරන්න මොන තරම් දේවල් ඇද්ද ,එතන ඉන්න සමහර වැඩිහිටියො අපේ ගමේම අය,,ඒ කියන්නෙ කාගෙ කවුද කියලා අපි දන්න කියන අය.මෙයා නම් අලුත්ම අලුත්.බැලුවම එයා වගේම එදා අපි කවුරුවත් හරියට බුදුන් වැඳලා නැහැ. හැමෝම බලලා තියෙන්නෙ අලුත් සාමාජිකාව දිහා...
එදා දවසෙ පන්සිල් අරන් ඉවර වෙලා දානේ බෙදන වෙලාවෙ අර ආච්චි අම්මා කෑමට ආවෙ ටිකක් පරක්කුවෙලා. ඇය ඒ ගැන අපෙන් සමාව ඉල්ලුවා, තමන්ට දියවැඩියා රෝගය තියෙන නිසා, ඉන්සියුලින් එන්නත් කර ගන්න ගිය නිසා පමා උනා කිව්වා. ආහාර වගේම අපි අපිට පුළුවන් හැටියට පිරිකරකුත් හැමදාමත් දෙනවා .,අපි දෙන්නෙ සුළු දෙයක් උනාට ඒ වගේ තැනක ඉන්න අයට හුඟාක් වටිනවා වෙන්න පුළුවන්. දානේ ඉවර වෙලා හැමදාමත් අපි ඒ අය එක්ක කතා කර කර ටික වේලාවක් ඉන්නවා. අපි දීපු දේවල් අරගෙන පුංචි ළමයි වගේ සතුටුවෙන ඒ අසරණයො දකින එක අපේ ඇස් වලට නම් රසඳුනක්...
එදත් පුරුදු විදිහට අපි ඉන්නකොට අර අලුත් ආච්චි අම්මා අපේ තාත්තා ළඟට ඇවිත් කතා කරා..
"
මට මේ මහත්තයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?,,
තාත්තා පිළිතුරු දුන්නෙ සිනහවකින්
ඇයට ඒ ප්‍රතිචාරය ප්‍රමාණවත්, ඇය නැවත දොඩමළු උනා
"
මම මෙහෙට අළුතින් ආවෙ"
" ඔව් අපි ගිය සැරේ එනකොට මේ අම්මා හිටියෙ නැහැනේ"
"මට මේ මහත්තයාගෙන් යමක් දැන්ගන්න ඕනෙ..මහත්තයා ගුරුවරයෙක් කිව්ව නිසයි අහන්නෙ,, මට මාස කිහිපයකින් පෙන්ශන් එක ගන්න යන්න බැරි උනා. මම අසනීපෙන් හිටියා. දැන් නම් මට සුවයි. මම වැඩ කරේ **** මහරෝහලේ සිස්ට කෙනෙක් විදිහට. කොහොමද මම මගේ පෙන්ශන් එක ආයෙත් හදා ගන්නෙ?"
ඇය හිතාගෙන ඉඳලා තියෙන්නෙ තමන්ගෙ විශ්‍රාම වැටුප අවලංගු කරලා කියලා, තාත්තා දන්න විදිහට ඇය දැනුවත් කරා. ලැබුණු තොරතුරු හින්දා ඇය ඉතාමත් සතුටට පත් උනා කියලා අපිට දැනුනා..ඒත් අපි කවුරුවත් ඇහුවෙ නෑ ඇගේ පෞද්ගලික තොරතුරු මොකවත්ම.මොකටද කාගෙවත් තුවාල හාරන්නෙ,,.ඒ වෙලාවෙ එතන හිටියෙ අපි කිහිප දෙනෙක් විතරයි
. ඒ
නිසා වෙන්න ඇති ඇය නැවතත් දොඩමළු වෙන්න ගත්තා. සියුමැලි නොවූ කට හඬකින් අය අගේ කතාව අපිත් එක්ක කියන්න පටන් ගත්තා.
"
මම මෙහෙට ඇවිත් දැන් මාස දෙකක් වෙනවා. ඇත්තටම මෙච්චර කල් මෙහෙට දානෙ ගෙනාපු කා එක්ක වත් මම කතා කරලා නැහැ. ඕ ගොල්ලො එක්ක මෙහෙම කතා කරන්න හිතුනෙ ඇයි දන්නෙ නැහැ.
මම අන්තිමට වැඩකරේ **** මහ ඉස්පිරිතාලෙ. සිස්ට කෙනෙක් විදිහට. මම රස්සාවට ඕනාවටත් වඩා ජීවිතය කැප කරපු කෙනෙක්. ඒ කාලෙ මම මගේ ගෙදර අයට වඩා හිතුවෙ මගේ වාට්ටුවේ ඉන්න ලෙඩ්ඩු ගැන. මට දුවෙකුයි, පුතෙකුයි හිටියා. ඒත් මම දරුවො ගැන හිතුවට වඩා මගෙන් වෙන්න ඕනෙ සේවය ගැනයි හිතුවෙ.මගේ මහත්තයා වැඩ කරේ ******* දෙපාර්තමේන්තුවේ.
ටික කාලයක් යනකොට අපේ ගෙදර රණ්ඩු දබර පටන් ගත්තා. හේතුව මම රැයක් දවාලක් නැතුව කාලය ඉස්පිරිතාලෙටම ගතකරපු නිසා. අන්තිමට අපි වෙන් උනා. මම දරුවො දෙන්නව හදාගෙන හිටියා. කාලයක් ගතවෙලා මම විශ්‍රාම ගන්න ගත්තා. මේ වෙනකොට මගේ මහත්තයා මිය පරලොව ගිහින්. පුතා තමයි වැඩිමල්. එයා ඕස්ට්‍රෙලියාවෙ පදිංචියට ගියා. මේ අතර දුව නර්සින් වලට තේරුනා. ඒ නිසා එයත් ගෙදරින් ඈත් උනා. මහ විශාල ගෙදරක මම විතරක් තනි උනා..
එතකොට තමයි මට පහුගිය දේවල් මතක් වෙන්න ගත්තේ. මගේ අතින් ලෙඩ්ඩුන්ට සේවයක් උනාට, මගේ මහත්තයාට, දරුවන්ට උනේ කොයි තරම් අසාධාරණයක්ද කියලා මට දැනුනෙ එතකොට. මම හිතෙන් හරියට දුක් උනා. අන්තිමට මම ලෙඩ උනා. මට එක එක හීන පේන්න ගත්තා. සද්ද ඇහෙන්න ගත්තා. අන්තිමට මම මොනවද කරේ කියලා මට මතකත් නැහැ. මම මානසික රෝගියෙක් උනා. ඒත් අහිතක් හිතන්නෙ නැතුව ලෙඩ්ඩුන්ට සේවය කරපු නිසාම වෙන්න ඇති මම ටිකෙන් ටික සුව උනා..,ඒත් මම සුව උනාට මගේ දුවට මගේ ළඟ ඉන්න විදිහක් නැහැ. එයා තවම නර්සින් ස්කූල් එකෙන් පිට වෙලා නැහැ.ආයෙත් තනි උනොත් මම ලෙඩ වෙන්න පුළුවන් නිසා දුව මාව මෙහාට ඇරලුවා. පුලුවන් හැම වෙලාවකම දුව එනවා මාව බලන්න,,,
ඒ ඇගේ වදන්. අපි ඇස්පිය නොහෙලා, හුස්ම පහත නොදා අහන් හිටිය අගේ කතාව
.
"මගේ දුව නිළියක් මහත්තයා,,, අහවල් ටෙලිනාට්‍යයෙ, අහවල් චරිතෙ කරන්නෙ මගේ දුව තමයි. අර **** කිරිපිටි දැන්වීමෙත් රඟපානවා".
ඇය කිව්වෙ ඇස් අග මතු වෙච්චි සතුටු කඳුළු එක්ක..
තවත් ටික වේලාවක් අපිත් එක්ක කතා බහ කරපු ඇය අපෙන් සමු ගත්තා. අනෙක් ආච්චි අම්මලා හමුවෙන්න ඔවුන්ගේ කුටියට යනකොට අපි දැක්කෙ කිසිම වෙනසක් නැතුව අනිත් අයත් එක්ක දොඩමළු වෙලා ඉන්න මේ අළුත් සාමාජිකාව. අනේ මම මෙහෙම ඉන්න ඕනා කෙනෙක් නෙමෙයි, මට ලොකු ගෙයක් තියෙනවා, මම හිටපු සිස්ට කෙනෙක්,, ඔය වගේ ලොකු කම් මුකුත්ම ඇගේ මුහුණෙන් පෙනුනෙ නැහැ...
"
ඉස්සර නම් අපි ටී.වී බැලුවෙ නැහැ. දැන් මේ ***** අම්මගෙ දූ ඉන්න ඒවා අපි බලනවා." එක් ආච්චි අම්මා කෙනෙක් අපිත් එක්ක කිව්වා.
ගෙදර එන ගමනුත්, ආවායින් පසුවත් අපි හුඟාක් වෙලා කතා කරේ ඒ ආච්චි අම්මා ගැන.
මම දන්න විදිහට ඊට ටික කාලෙකට පස්සෙ ඇගේ දුව ඇයව නැවතත් එක්කන් ගිහින් තිබුනා.විස්තර කියද්දි ඇය අපිට ඇගේ නිවස තිබෙන තැන පවා කීවා. ඇත්තටම මට වෙලාවකට ඒ ගෙදරට ගිහින් බලන්න තරම් හිතෙනවා. ඇගේ දුව නම් දැන් කොහේ හෝ සේවය කරනවා ඇති. ඇය දැනුත් ටෙලි නාට්‍ය කිහිපයක රඟපානවා.
කවුරු නමුත්
අසරණ මිනිස්සු වෙනුවෙන් වෙහෙසපු දෑතක් නිසා මම ඇයට නිදුක් නිරෝගී සුව පතනවා,,,,,.