මගේ පොත් එකතුවෙ තියෙන පොත් වලින් ටිකක් විතර මගේ අතේ වැඩිපුර ගැවසෙන පොතක් තියෙනවා. ඒ තමයි සිබිල් වෙත්තසිංහ මහත්මියගේ, රසවතී පොත. අපේ සමාජයේ තියෙන සියුම් තැන් බොහොම අපූරුවට හාස්‍ය රසයෙන් ඉස්මතු කරලා පෙන්නනවා. මට නම් කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නැහැ..
නිකන් ඉන්නවට මට හිතුනා අද එක කතාවක් පොස්ට් කරන්න. මේ තියෙන්නෙ එතුමියගෙ වචන වලින් ම තමයි.
හරි වැඩක් නේ මට වුණේ.බස් පඩියෙන් බිමට වැටුණා. කවදාවත් වුණේ නැති වැඩක්. ගෙදර ළඟම නිසා හොඳට ගියා. වේදනාවක් ටිකක දැනුණා. ඒත් ගණන් නොගෙන ගෙදර ආවා ඇවිත් වැටුනා පුටුව උඩ. එළෝළු මල්ල බිම.
"මොකෝ නෝනො?" කියාගෙන ගිමාරා ඇවිත් ඇහුවා.
" වැටුණා මං බස් පඩියෙං බිමට" මම කිව්වා. ගිමාරා වේලක් බස් කාරයින්ට දොස් තිබ්බා, ඊට පසුවයි මගේ කකුල ගැන බැලුවෙ. කකුල ඉදිමිලා.
"මං දන්නවා ඕකට හොඳ බේතක්" කියාගෙන ගිමාරා වැටෙන් පැනලා දිව්වා. එදා අපේ නැන්දම්මා ඇවිල්ලා. නැන්දම්මා කුස්සියේ උයනවා ආසාවට.
"මං දුවේ කුරිඤ්ඤං කොළ ගෙනාවා මලවන්න. පුතා ආසයිනේ කොළ ජාති මැල්ලුං කන්න" නැන්දම්මා කුස්සියෙන් එළියට එබිලා කිව්වා.
"අම්මා අද ආ එකත් හොඳයි" මම කිව්වා.
"මේ මගේ කකුලත් උළුක්කු වෙලානේ"
" ඒක නේන්නං මේ හිතක් පපුවක් නැති බස් කාරයෝ නිසා කොපමණ වද හිංසා විඳින්න වෙලාද" නැන්දම්මා කිව්වා.
ගිමාරා ආවා. තණ කොළ පොට්ටනියක් අරගෙන . ටිකකට පසුව ගිමාරා වංගෙඩිය කොටනවා ඇහුණා. "බේත හැදුවා නෝනෝ ටිකක් නිවෙන්න ඕන. එතකං තේ ටිකක් බොමු." ගිමාරා කිව්වා.
"අනේ ගිමාරෝ මට අඩිය බිම තියන්න බෑ. මොකෝ කරන්නේ?" ගිමාරා මාව වාරු කරගෙන ගෙට ගියා. මං ඇඳට වැටුණා.
ටික ටික කකුලේ වේදනාව වැඩි වුණා ඉවසන්න බැරි තරම්. ගිමාරා බේත් මැල්ලුම ගෙනත් කකුලෙ තිබ්බා. බුලත් කොළේකින් වැහුවා. හොඳට එතුවා. මම ඉතිං භාවනා කළා. නින්ද ගියා.
රෑ කෑම වෙලාවෙ මට ඇහැ ඇරුණා. කෑම කාමරේ මහා ගෝට්ටියයි. නැන්දම්මගෙ කට හඬයි තදින් ඇහුණේ.
" මොකෝ මං මීට කලිං මැල්ලුං හදලා නැතෙයි? අද ඉගෙන ගන්න හැදුවයි? "
ඒ කියන අතරේ ගෙදර උදවිය උගුර කාරනවා පාදනවා ඇහුණා.
" මොනවද මේකට දැම්මේ?,
දූ අහනවා ඇහුණා.
" දැං කාලෙ කෙල්ලෝ දන්නවාද වැඩ. මොකෝ පොඩි දුවේ මට වඩා හොඳට මැල්ලුං හදන්න දන්නවයි ඔහොම කියන්නේ?
"නෑ අත්තම්මෙ......මම නං මෙහෙම මැල්ලුමක් කවදාවත් කාලා නෑ."
ඒ එක්කම ඇහුණා ගලක හැපුණු පිඟන් සද්දයක්. අපේ එක්කෙනා මැල්ලුං පීරිසිය මිදුලට වීසි කරලා.
රෑ නිදා ගන්න ගිහිල්ලා මට ඇහුණා ගිමාරා රහසෙන් අහනවා නැන්දම්මා ගෙන්
" ඈ ලොකු හාමිනේ බැලතණ වහද?"
"අමුකහ වහද? "
" තලතෙල් නං වහ නෙවෙයි නේද?"
"මොකෝ යෝදියේ උඹ ඔහොම අහන්නේ ? කියාපං. නැන්දම්මා සැර වුණා.
" හෙමිං කතා කරා නං ලොකු හාමිනේ..." ගිමාරා ආයෙත් රහසෙන් කියනවා ඇහුණා.
" මොකෝ හෙමින් කියන්නේ කාටෙයි බය . කියාපං" නැන්දම්මා කෑ ගැහුවා.
" හාමිනේ,,, ගිමාරා ආයෙත් ආයෙත් කෙඳිරුවා
" හාමිනේ මං,,,
" මොනවද ගෑනියේ ගිල ගිල ඉන්නෙ නැතුව කියාපං " නැන්දම්මා ගෙරෙව්වා. ගිමාරා රහසෙං ආයෙත් කිව්වා,,
" මට බැරිවෙලා කුරිඤ්ඤං මල්ලුම නෝනාගේ කකුලේ බැන්දා"
" මොනවා!!!! හත් දෙයියනේ මේසෙට තිබ්බේ බැලතණ මැල්ලුමද? "
නැන්දම්මා ගොර නාද කළා.
රාත්‍රිය දෙබෑ කරමින් ගිමාරා කෑ ගහලා අඬා ගත්තා.
දූයි අපේ එකෙනයි නැගිටගෙන ගිහිල්ලා මල ඉඳලා දිව මැද මැද කට සේදුවා.".
හපෝයි මාර බෙහෙතක කතාවක්නේ. කකුල හොඳ වෙලාද ඔය බෙහෙතට.
ReplyDeleteබැලතන කැවුනට අවුලක් නතුව ඇති හරක් කන්නේ... හේ .
ReplyDeleteනියම පොස්ට් එක.
හිකිස්... කොළ ජාති නම් මොනව කෑවත් අවුලක් නැතුව ඇති නේද...
ReplyDeleteආ... මොනවද කරිඤ්ඤං කොල කියන්නේ හරි අක්කේ.. අහල නෑනේ එහෙම පලා ජාතියක්...
@ ප්‍රියන්ත, හොඳ වෙලාද දන්නෙ නැහැ, සිබිල් වෙත්තසිංහ මහත්මියගෙන් තමයි අහන්න ඕනෙ.
ReplyDelete@ ඉලංදාරියා, බැලතණ කෙසේ වෙතත් ඔය තියෙන විදිහට කෑවම කොහොමද දන්න නැහැ නේද? අමු කහ එහෙම දාලා,
ReplyDelete@ පුතා,
ReplyDeleteහපොයි හරියට කියවහං පුතේ, කරිඤ්ඤං නෙමෙයි, කුරිඤ්ඤං,,,,,,, කරිඤ්ඤං කියන්නෙ අර මොනවද ජාතියක් නේද? අපේ පැති වල නම් ඒ කොළ ජාති තියෙනවා, මෙහෙ ස්පිනිස් එකටත් ඉඳ හිටලා ඒ කොළ එනවා. කොළ මිටියක් ආයෙ ලැබුණු වෙලාවක මැල්ලුමක් හදලා එවන්නම්,,,
හෙ හෙ හෙ... සෝයි පොතක් වගෙ... හොයා ගන්න ඕනෙ... පබ්ලිසර් කවුද කියල කියනවද?
ReplyDeleteඋලුක්කු වලට බැලතණ බෙහෙත හරියනවා. මමත් පොඩි කාලෙ මොකක්දෝ දඟ වැඩක් කරලා බැලතණ පොට්ටනියක් බැඳගෙන හිටියා. ආ පූසොත් බැලතණ කනවා බඩේ අමාරුව හැදුනම.
ReplyDeleteසිබිල් ආච්චිගෙ කතා වලටත් වඩා මමනම් කැමති බෝල බෝල මිනිස්සු ඉන්න චිත්‍ර වලට
==============
@ පුතා
"කොළ ජාති නම් මොනව කෑවත් අවුලක් නැතුව ඇති නේද"
ඇලිගේටර් (කිඹුල්වැන්න ) කියලා ජාතියක් තියෙනවා. ආයේ පාතීනියම් කියල ජාතියකුත් තියෙනවා. ඒවා කාල බලල අවුලක් නැත්තන් කියන්නකො
හප්පච්චියේ......:)))
ReplyDeleteහහ් හහ් හහ් නියම ඉස්ටෝරිය... නිදිමතත් අහක ගියා... බැලතණ මී ඇට කැඩුම් බිඳුම් වෙදකමට අනිවා නේ...? ඒ අස්සේ සීනි කරිඤ්ඤං ගැනත් අහනවා කව්ද... හෙහ් හෙහ් හෙහ්..
ReplyDelete@මකරා: යකෝ අර කොල්ලව මරන්නද හදන්නේ...?
ලිව්වෙ සිබිල් වෙත්තසිංහ මහත්මිය, තරංජි ප්‍රින්ටර්ස් මුද්‍රණය,, මම ගත්තෙ නම් නුගේගොඩ සරසවි එකෙන්,,
ReplyDelete@ චානක, උළුක්කු වලට ඒ බෙහෙත හරි ඇති, ඒත් ගිමාරා කකුලෙ බැඳලා තියෙන්නෙ කුරිඤ්ඤං නේ.
ReplyDeleteහපොයි මේ මකරා කරල තියෙන වැඩේ, හොඳ වෙලාවට මෙහෙ ඔය පලා ජාති නැහැ.
@ පුතා, ඕං පුතේ මම නම් නැහැ ඕවට
@ shadow, හේමලයට හප්පච්චියේ කිය වුනේ මකරා කරලා තියෙන වැඩේට නේද? :D
ReplyDelete@ තිස්ස අයියා, කතාවට වඩා හිනා යන්නෙ පුතාගෙයි, මකරාගෙයි කමෙන්ට් වලට නේද?
ReplyDeleteමේ වගේ තව මකරෙක් හිටියා නම් ඉතින් විනාසයි.
@හරි
ReplyDeleteහපොයි... දරුණු ප්‍රින්ටින් මිස්ටේක් එකක් වෙලානේ... කුරිඤ්ඤං නේන්නම්... හරි අක්කා හදන කුරිඤ්ඤං මැල්ලුම් කන්ටනම් කාලාන්තරයක් බලාගෙන ඉන්ට වෙයි නේ...
@මකරා...
පාතීනියම් නම් රස ඇති නේද මචං... :) ලස්සන නමක්නේ.... ඇලිගේටර කිව්වමනම් නිකන් ගැට ගැට ඇති කියල හිතෙනවා... (ඔය ගැට කිඹුල්ද මැටි කිඹුල්ද..)
@තිස්ස අයියා..
කයන්නට දාපු කොම්බුව හැලිලද කොහෙද කමෙන්ට් එක පෝස්ට් කරද්දි ඕං..:)
කාලෙකට පසුව ගොඩවෙලා හොඳ මැල්ලුමක රහ බැලුවා. සිබිල් නෝනාගේ කතා කියෙව්වත් ඇගේ චිත්‍ර ශෛලිය කතාවලත් මතුවෙලා පේනවා වගේ.
ReplyDeleteබොහෝම ස්තුතියි නංගී රසවත් කතාවට.
@ ගල්මල් , බොහොම ස්තූතියි අයියේ ඇවිදින් සටහන් තබා ගියාට.
ReplyDelete@ පුතා
, ඉක්මන් කොටයි කොළුවෝ, පෑනෙන් පුළුවන් මිනිස්සු මරන්න
මම මේ කතාව කියෙව්වේ අදමයි. ඇත්තටම ෂෝක්.
ReplyDelete(අපිව බලන්න අඹගහ පැත්තෙ ආවට තැන්කූ. මේ සයිට් එක අපිට මිස් වෙලා. අද ඇඩ් කරන්නම්. කැමති නම් එකතු වෙන්න)
ආරාධනය සතුටින් පිළිගතිමි,, ස්තූතියි
ReplyDelete