Tuesday 16 August 2011

මල් රේණු නටලා



අපේ දෝණියැන්දැට කවි හොයන්න ගිහින් අපූරු ගීතයක් හමු උනා. ළමා ගීයක් නම් නෙමේ, ඒත් සංගීතය අපූරුයි. සිංහල ගීයක් උනාට මේක පැරණි ඉංග්‍රීසි චිත්‍රපටි( The sounds of Music )  ගීයක  සංගීතයෙන් හැඩ වෙලා තියෙන්නෙ. මකරන්ද බ්ලොගය ලියන පොත්ගුල්ලා මේ ගැන හරබර සංවාදයකුත් කරා පහුගිය දවස වල. මොකක්දෝ අපූරු හැඟීමක් එනවා හිතට. ආයෙ ආයෙ අහන්නමයි හිත. කැමති නම් අහලා බලන්න. මෙන්න පද පෙළ,,

           මල් රේණු නටලා
           වැහි බිංදු වැටිලා
           මල් රේණු නටලා
           වැහි බිංදු වැටිලා
           මල් මල් හිනා මල් ලොවේ පීදුනා
           සමනල්ළු රොන් බීල මත් වී ගියා,,,,,

           දිය සේල ඇඳලා
           වැහිමාල දමලා
           හැඩ වෙන්න හැඩ වෙන්න
           රස ආරයේ
           කොවුලන් ගැයූ ගීත නව තාලයේ,,,,,,,,,,
         

           මල් රේණු නටලා
           වැහි බිංදු වැටිලා
           මල් රේණු නටලා
           වැහි බිංදු වැටිලා
           මල් මල් හිනා මල් ලොවේ පීදුනා
           සමනල්ළු රොන් බීල මත් වී ගියා
          ඇල්හේනෙ ගැමි ගීත
          පිනවන්නෙ මා
          මඳ පවනට නිති නැළවෙන ගොයමද සාරයි,,,,,,,,,,,,,,

         මල් රේණු නටලා
          වැහි බිංදු වැටිලා,,,,,,



මුල් ගීය මෙන්න මේක




ගායකයා; සුසිල් ප්‍රේමරත්න මහතා, පද රචනය කලේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මහතා

පද පෙල නිවැරදි කළ  පොත් ගුල්ල අයියාටත්, ගායකයා කවුදැයි සොයන්නට උදව් කල තිස්ස අයියාටත් පිං



21 comments:

  1. මොකද්දෝ අමුතු ගතියක් තියෙනවා ඒකෙ. ලස්සනයි.

    ReplyDelete
  2. ලස්සන ගීතයක් නේ. පිණිබිඳු කිව්වත් වගේ සිංදුවේ අමුතුම ගතියක් තියෙනවා.
    අම්මෝ හරි අක්කා කාලයකට පස්සේ නේ ලියන්න අරන් තියෙන්නේ. එහෙම හරි ලියන්න මතක් වෙච්ච එක ලොකු දෙයක්.

    ReplyDelete
  3. ළමා ගී සඳහා තිල්ස් නංගි බ්ලොග් එකක් කලා, මං හිතන්නේ කාලෙකින් අප්ඩේට් වුනේ නැහැ. පහත සබැඳිය ඔස්සේ ගිහින් බලන්න:

    http://sinhalalamagee.blogspot.com/

    තවත් ළමා ගීත් එකතුවක්, download කරන්නත් පුලුවන්:
    http://www.elakiri.com/forum/showthread.php?t=312152

    (දී ඇති ගීත අහන්නත්, සටහනක් ලියන්නත් පසුව එනවා)

    ReplyDelete
  4. අවශ්‍ය නම් නන්දා මාලිනියන් ගයන මේ රට මගේ රට සින්දුව (mp3)මෙතැනින් download කරගන්න පුලුවන්:

    http://www.mediafire.com/?ym33bdmqtra

    ReplyDelete
  5. කලින් ඕක අහල තිබ්බට මේ සම්බන්ධෙ දන්නේ අදයි. . හා පැටික්කි නගා අන්න ළමා කවි එකතු කරනවා . ගිහින් බලන්න . පොඩ්ඩි ට ප්‍රයෝජනවත් වෙයි . මන් තව හොඳ ලින්ක් ටිකක් කෙල්ලන්ගෙන් අහල ඔයාට දෙන්නම් .

    ReplyDelete
  6. මං ආසම සිංදුවක්..
    මට මතක හැටියට දේවානන්ද වෛද්‍යසේකරගේ එකක්

    ReplyDelete
  7. ගායකයා සුසිල් ප්‍රේමරත්න.
    ඔයා ලියපු පද වැල පොඩ්ඩක් වැරදිලා වගේ.
    "කෝලම් ගැයුම් ගීත" නෙමෙයි "කොවුලන් ගැයූ ගීත" ලෙස නිවැරදි වෙන්න ඕනෙ.

    මගේ ලිපියට දීපු ප්‍රචාරයටත් ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  8. මේක කියන්නේ අපාතරින් වියෝවූ සුසිල් ප්‍රේමරත්නයක්....
    මම කැමතිම කැමතිම ගීයක්...
    එතුමාගේ "the Golden Oldies - සුසිල් ප්‍රේමරත්න" සීඩී එකේ මේ ඔක්කෝම සින්දු තියනවා...
    හොඳ පැරණි මියුසික්ම තියන සී ඩී එකක්...

    ReplyDelete
  9. ආ තිස්ස අයියා හරි..මට ඔය දෙන්නව ටැපලෙනවා

    ReplyDelete
  10. බටහිර ගීත තනුවලට හදපු මේ වගේ සිංහල සින්දු රාශියක් තියෙනවා.
    මෙන්න තව කීපයක්.
    1. කොඩි ගහ යට මම උපන්නේ
    2. කාලෙකට මම ඔබ දකින්නට එන්නේ නෑ
    3. පෙම් ලෝකේ පුරා
    4. ඇල දොල ගංගා යාවි ගලා

    ReplyDelete
  11. ලස්සන ගීතයක්, බින්දිටත් ස්තූතියි. මේවගේ ගීත අද බිහි නොවන්නේ අපේ අවාසනාවට. වැඩි විස්තර් සැපයූ හැමට තුති.!

    ReplyDelete
  12. සිංදුව හරිම ලස්සනයි, අහලා පුරුදු ගීතයක් වුනත් තවමත් තියෙන්නේ අලුත් ගතියක්. බොහෝම ස්තුතියි ඒ රසය නැවතත් බෙදා දුන්නාට.

    සිංහල ගීතවල තනුව අනුකරනය කරලා හදපු දකුණු ඉන්දීය ගීත බොහෝමයක් තියෙනවා, විශේෂයෙන් අපිට අහන්න අවස්ථාවක් නැති මලයාලම් ගීත අතර. ඒ ඇත්තන් ඒ බව පිලිගන්නේ නැහැ, ඒ සිංහල ගීත බොහෝමයක් අනුකරන ගීතවලට වඩා අවුරුදු දහයකටත් වඩා පැරණියි. අපේ අලුත් ගීත බොහෝමයක් ඉන්දීය ආභාශය අරන් නිසා වාද කරනවාට වඩා නිස්සබ්දව ඉන්නයි වෙන්නේ.

    ReplyDelete
  13. කොපි සින්දු තමා එත් ඒවා අහපු අතීතයේ මිහිරියාවත් එක්ක යාවෙලා හින්දා ආපහු අහන්න ආසයි..

    ReplyDelete
  14. @ හැමට,
    ආගිය වග කියූ ඔබ හැමට තුති.

    ReplyDelete
  15. ගායකයා; සුසිල් ප්‍රේමරත්න මහතා, පද රචනය කලේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මහතා

    පද පෙල නිවැරදි කළ පොත් ගුල්ල අයියාටත්, ගායකයා කවුදැයි සොයන්නට උදව් කල තිස්ස අයියාටත් පිං

    ReplyDelete
  16. කියවා, අසා රස විඳින්න පාර පෙන්නුවාට ගොඩක් ස්තූතියි. අපිටත් මේවා අහන්න ලැබෙන්නේ දැන් සයිබර් එකෙන්ම විතරනේ.

    ReplyDelete
  17. ලස්සන සිංදුවක් .....

    ReplyDelete
  18. පුංචි දෝණිට කියා දෙන්න තවත් ළමා ගී ටිකක් මමත් ඔයාට දෙන්නම්කෝ. අදටත් හෙටටත් මේ වගේ දේවල් ගොඩක් වටිනවා මම හිතන්නේ.

    ReplyDelete
  19. කතන්දරත් එක්ක ගිය ඊ මේල් සංවාදෙක ප්‍රතිඵලයක් විදියට තමා මෙතනට ආවෙ . . . .

    මේ සිංදු කොපි උනත් ඒවයෙ ගතිය අපේ ඇඟට දැනෙනව . . . . හැබැයි මෑතකදිනං කිසිම කෙනෙකුට බැරි උනා ඔය විදියට හරි හමං කොපියක් කරගන්න . . . . උදාහරනයක් විදියට . . . අනුරාධා ශ්‍රීරාම් ගායනා කරපු සිංහල සිංදු සෙට් එක . . . ."එපික් ෆේල්" එකක්

    ReplyDelete
  20. @ ඕනයා, කොහොමින් කොහොම හරි මේ පැත්තෙ ඇවිත් සටහනක් තබුවාට ස්තූතියි. අනේ ඇත්තම කියනවා නං මම ඔය එපික් ෆේල් ගැන දන්නෙ නෑ. මටත් හිතෙනවා ඉස්සර කොපි සිංදු දැං කොපි වලට වඩා උසස් බව ,,,

    ReplyDelete