වැඩි විස්තර ලියන්න ඕනි නැහ . පින්තූරෙ සියල්ල ඇතුලත්. හැබයි වැරදි වැටහීමක් ඇති කරගන්න නරකයි. මේ කියන්නෙ විටමින් E ගැන එහෙම නෙමෙයි. ආහාර වලට එක්කෙරෙන දේ. කල්තබා ගැනීමට යොදන දෑ වගේම, වර්ණ ගැන්වීමට සහ රස ගැන්වීමට යොදන ඒවා.
මෙම E අංක ප්‍රමිති ගත කර ඇත්තේ European Food Safety Authority විසින්ලු.
ඇත්තෙන්ම ඔවුන් කියා සිටින්නේ අසුරුම් කරපු ආහාර මිලදී ගන්න කලින් පිටුපස සඳහන් කර තිබෙන අඩංගු ද්‍රව්‍ය ලැයිස්තුව හොඳින් පිරික්සන්න කියලා.
පින්තූරයේ සඳහන් E අංක වලට අමතරව තවත් අංක කිහිපයකින් ම ඇතිවිය හැකි අතුරු ඵල ගැන මුහුණු පොතේ සඳහන් වුණා.
E621, E296 - ගැබිණි මවුවරුන්ට නුසුදුසුයි. කළල විකෘතිතා ඇතිවිය හැකියි.
E951- කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනයට බලපෑම් ඇති කරයි.
E950- රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවේ.
මීට අමතරව E 211, E 104, E110, E 220 වගේ E අංක තියෙන ආහාරත් පරිභෝජනයට නුසුදුසුයි කියලා තැනක දුටුවා.
එතකොට විශේෂයෙන් ඔය චීස් වගේ දේවල්? චීස් කුඩා දරුවන්ට දීමට නුසුදුසුද? කරුණාකර දන්නා කෙනෙක් ඒ ගන සටහනක් තබා යන්න.
මම නම් කරන්නේ චීස් තෝරා ගැනීමේදී අංක අවමයෙන් සඳහන් වර්ගයක් තෝරා ගැනීම. මෙහිදී මා ඉන්නා රටේ නීතියට අනුව අඩංගු සියලු දෑ සඳහන් කිරීම නීතියක් නිසා සැකය අවමයි.
එහෙත් ලංකාවේ? දන්නා තරමින් අවුරුදු තුනට අඩු දරුවන්ට මාගරින් දෙන්න තහනම්. ඒත් මේ නීතිය මිනිසුන් අතරට ගියේ නැති තරම්. අද මේ මොහෙතෙත් ලංකාවෙ අසරණ කුඩා දරුවො කී දෙනෙක් මාගරින් (ලංකාවේ ජනප්‍රිය මාගරින් වර්ගයක් ) එක්ක පාන් කනවා ඇද්ද?
මේ අංක වලින් වන බලපෑම් 100% නිවැරදියි කියා නම් මා දන්නේ නැහැ. නමුත් මේවායින් බලපෑමක් වෙන බව නම් සහතිකයි. ඒ නිසා කල්තබා ගන්නා ආහාර භාවිතය අවම කිරීමයි හොඳම දේ නේද?
E අංකයේ සියලුම තොරතුරු මෙතන අතුලත් කියලා කතන්දර අයියා සොයා දුන් ලින්ක් එක මේ. මේ පාරෙන් ගිහින් දැනුවත් වෙන්න.
මේ පින්තූරය මුහුණු පොතේ බෙදා හැරිය ඇත්තාටත්, ඒ ගැන සටහන් එක් කළ අනෙක් අයටත් අනේක වාරයක් ස්තූතියි
ඇත්තමයි.. ඇස්ට්‍රා කතාවනම් අහලා තියේ.. ඉස්සර නම් ගේනවාමයි ඉතින් ගාන අඩුනෙ බටර් වලට සාපේක්ෂව...
ReplyDeleteදැන්නම් බටර් තමා.. අනේ මන්දා ඒත්..
ස්තූතියි මේ ලිපියට..
දැං ලංකාවෙ බඩු මිල එක්ක බලනකොට ළමයින්ට බටර් අරන් දෙන්න පුලුවන් එහෙමත් දෙමාපියන්ට විතරයි නේද?
Deleteමමනම් මුකුත්ම බලන්නේ නැතුව ගන්නේ :o
ReplyDeleteඅම්මෝ අද ඉඳං ඔව්වා බලන්න ඕනි..
දැනුවත් කිරීම ගැන ස්තුතිය
මමත් ඉස්සර මේ E කතන්දරේ නං දැනං හිටියෙ නැහැ.
Deleteහරිම ප්‍රයෝජනවත්..ස්තුතියි..
ReplyDeleteඑක්කෙනෙක් හරි දැනුවත් උනානෙ කියලා සතුටක් දැනුණා
DeleteReference please.
ReplyDeleteමූලාශ්‍ර මොනවාද? ෆේස් බුක් එක මූලාශ්‍රයක් නොවේ.
ඇත්තටම මම මූලාශ්‍ර හෙව්වෙ නැහැ. මේ වගේ ලිපියක් දානකොට ඒක වැදගත් දෙයක් තමා. ස්තූතියි මතක් කෙරුවට ඒ බව. අනෙක් විස්තර හොයා දුන්නාටත් ස්තූතියි. ඒ ලින්ක් එක මුල් ලිපියට ඇතුලත් කරා මම.
Deleteඇයි මේකෙ පැහැදිලිවම යටින් ලියල තියෙන්නෙ මේ අත් පත්‍රිකාව නිකුත් කරපු ආයතනය මොකක්ද කියලා..තව මොන මූලාශ්‍රයක් හොයනවද ...
Deleteඔව් , ඒ ආයතනයෙ නම පැහැදිලිව දුටුව නිසා තමයි බය නැතුව මමත් මේක පෝස්ට් කරේ. හැබැයි මේ E ගැන වැඩි විස්තර හෙව්වෙ නැහැ මම.
DeleteAll E-numbers explained.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/E_number
ඇත්තම කිව්වොත් අපේ රටේ භාවිතා කරන ඔය E අකුරු තියෙන ඒවා සමහර රට වල තහනම්.
ReplyDeleteඅපේ රටේ භාවිතා කරන කෑම වලට යොදා ගන්න වර්ණක හුගක් රට වල තහනම්. සර්ච් කරලා බලන්න E numbers කියලා ගොඩක් විස්තර ඒවි.
සහතික අත්ත නිසුපා, අනිත් රටවල නීතියෙන් තහනම් ඒවා අපේ රටේ ලාබෙටම දෙනවා.
Deleteඇත්තටම හොයල බලලා නෙවෙයි මමත් ගන්නේ, හැබැයි පිනි පලසේ මේක දැක්කට පස්සේ මම ගිහින් ශීතකරණ ඇතුලේ තියෙන , බටර් එකයි, තව කම ජාති දෙක තුනක් අරන් බැලුව අව්ලක් නෑ. ඇත්තටම මම ඉන්න රටේ හැටියටත් මිනිස්සුන්ට තෝරලා කැමති හරි දේ ගන්න වගේම / ගන්න දේ ඇතුලේ අඩංගු දේවල් දශමෙට සදහන් කරල තියෙනවා. එත් ලංකාවේ එහෙම නෙවෙයි කියල මම හිතන්නේ ..
ReplyDeleteඇත්තටම මේක දනගත්තු වෙලාවෙ මමත් මුලින්ම කරේ දුවලා ගිහින් ෆ්‍රිජ් එක ඇරලා බලපු එක. මේ කල්තබා ගන්නා කෑම වැඩි හරියක් පාවිච්චි කරන්නෙ හැබැයි පිටරටවල ඉන්න අය තමා. උදාහරණයක් හැටියට මෙහෙ පාන් ජාතිම කීයක් තියෙනවද? ළඟදි එක වර්ගයක් හඳුන්වා දුන්නා , ඒ පාන් ගෙඩිය සති දෙකක් කල් තබා ගන්න පුලුවන් නරක් නොවී. බලනකොට ඔය එපාම කියපු E ජාති ගොඩක්ම අඩංගුයි ඒකෙ.
Deleteමම නම් ඔය අකුරු ඔක්කොම දිහා බලලා තමයි ගන්නේ. නැත්නම් කාලා මොන ලෙඩ හදාගන්නවද කියලා දන්නේ නෑනේ.
ReplyDeleteමම නම් ඔය අකුරු ඔක්කොම දිහා බලලා තමයි ගන්නේ. නැත්නම් කාලා මොන ලෙඩ හදාගන්නවද කියලා දන්නේ නෑනේ.
ReplyDeleteඕ මෙන්න හොඳ ළමයෙක්, එහෙම තමයි ඉන්න ඕනි
Deleteමට මතක විදියට නවම් මාවත මේ ගැන ලිවුව සෑහෙන කාලෙකට කලිං
ReplyDeleteඇත්තටම මම දැනං හිටියෙ නැහැ. ඒ ලිපිය බලපු අය නම් දැනුවත් වෙලා ඉන්න ඇති නේද? ඒක නෙමෙයි මාළු කෑම වලත් තියෙනවද E ?
Deleteඇස්ට්‍රා කතාව නම් කාලයක් අන්තර්ජාලේ හුඟාක් තැන්වල තිබෙනවා නම් දැක්කා. ඒත් අදාළ තැන්වලට කුට්ටි හම්බුණු නිසාදෝ අධිකරණ නියෝගය යටතේ ක්‍රියාකරන්න කියලා තිබුණු දේවල් නම් ක්‍රියාත්මක වුණේ නැහැ
ReplyDeleteඅනුරාධපුරේ පැත්තෙ පොඩි ළමයෙක් මිය ගියාලු නේද? එහෙ විනිසුරුවෙක් තමයිලු ඔය නීතිය ගෙනාවෙ. අපේ අවාසනාවට ඒක අන්තර්ජාලෙම හිරවුණා. මිනිස්සු බටර් වලට වඩා මාගරින් වර්ග ගන්නවා මිල අඩු නිසා
Deletehabai kanda gaththama owa penne na. kala iwara unama thama oowa mathak wenne
ReplyDeleteමීට පස්සෙ ටිඅක් මතක් කරලා කන්න කලින් බලමු නේද? විශේෂයෙන් දරුවන්ට දෙනකොටවත්.
Deleteබොහෝම වැදගත් මතක් කිරීමක්. රසකාරක, ආහාර කල්තබාගන්න පාවිච්චි කරන ද්‍රව්‍ය හැටියට මෙවැනි දෑ කෑම බීම වලට එකතු කරනවා. තවද එදිනෙදා ගෙදර දොර පාවිච්චියට ගන්න සබන්, ෂැම්පූ වගේ දේවලත් මෙවැනි අකුරු කාණ්ඩ සඳහන් වෙනවා.
ReplyDeleteZero Trans Fat හැටියට සඳහන් මාගරින් තෝරාගන්න කියලයි වෛද්‍ය උපදෙස.
ඇත්තමයි කියනකොට මතක් උනේ ඔය සමහර ශැම්පු, සබන් මෙහෙ තහනම් කරා නේද කාලෙකට ඉස්සර. අනික ඔය කේ.එෆ්. සී වල තියෙන බීම අවුරුදු පහළවට අඩු ළමයින්ට දෙන්න හොඳ නෑ කියලත් අහලා තියෙනවා. අපි කඩේ ගන්න බෝතලේක, කෑන් එකක තියෙන බීම වලට වඩා ඒ බීම එකේ රස ටිකක් වැඩියිනේ. පවුඩර් එකක් කෙළින්ම අයිස් වලට මිශ්‍ර කරනවාලු, ඒකක වැඩ කරන කෙනෙක්මයි කියලා තියෙන්නෙ,
Deleteමාගරි හොඳ ඇති වැඩිහිටියන්ට බටර් වලට වඩා. ඒත් මේ එපා කියන්නේ අවුරුදු තුනට අඩු පොඩිහිටියන්ටනෙ :D
මෙහෙත් ප්‍රමිතිය ගැන එච්චර විස්වාසයක් නැති නිසාත් පහසුවෙන් චීන කෑම එන්නට හැකි නිසාත් මමත් ටිකක් ඕවා බලනවා . MSG පාවිච්චියත් වැඩියි මෙයාල . චීස් ගනිද්දී ස්වභාවික චීස් ගන්න බලන්න . රස ටිකක් අඩුයි . ඒත් හොඳයි . ගාන නම් සැරයි. අනේ දෙය්යනේ කන්න ගියහම කියක් බලන්නද .
ReplyDeleteචීන කැම නම් අපිත් කලින් ඉඳලම තෝරලා ගන්නෙ. ස්වභාවික චීස් රසින් අඩු නිසා ළමයි කමති නැහැනෙ , නේද?
Deleteඔය බෙන්ස් කාර් වලත් E සීරියස් එකක් තියනව නේද....ඒක මෙතනට සම්භන්ධ නැද්ද ? :D
ReplyDeleteවටින පොස්ට් එකක්.
ඕ,,,, ඔයාට විතරමනේ ඔය ගැටලුව ආවෙ. මම ඒක අදාළ පුද්ගලයට ඉදිරිපත් කරන්නම්. යථා කාලයේදී තථා අයුරින් පිළිතුරු ලබේවි දුරකථන ඇමතුමක් දුන්නොත්
Deleteමම මේක මූනු පොතින් පිට දැකල තියනව! මාගරින් ගැන කියන කතාව අැත්තයි! අදාල වෘතිකයන්ගෙන් අසා තහවුරු කරගතිමි!
ReplyDeleteවැලි කතරේ නම් ඕනෙම එකක් කටේ ඔබා ගන්න පුළුවන්. ඒත් මෙහෙ? හය්යෝ.. මේ රටවල් පිටරට කොම්පැනි කාරයන්ගේ ටෙස්ට් සයිට්ස් වෙලාද මන්දා මෙහෙම?? වෙන රටවල නම් ලෙඩ්ඩු අඩු කරගන්න බලන්නේ,.ඒත් මෙහෙ? කට්ටියට කොහෙන් ගියත් කොමිස් නිසා අපිට තමයි සොරි වෙන්නේ.
ReplyDeleteඅනේ මන්දා මේ විදියට කන්න දෙයක් ඉතිරි වෙයිද කියලා. ඔය E numbers බැලුවම සමහර ඒවා වර්ණක, සමහර ඒවා, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය. සමහර ලිස්ට් වල හානියක් පෙන්නලා නෑ. අනුමතද නැත්ද කියලා විතරයි තියෙන්නෙ.
ReplyDeleteහරි ඉස්සර කිව්වෙ බටක් කන්න එපා කොලෙස්ටරෝල්, සත්ව මේදය තියෙන නිසා, එළවලු තෙල් තියෙන මාගරීන් කන්න කියලා. දැන් ආයෙම බටර්!!
henryblogwalker the Dude
වටිනා කියන පෝස්ට් එකක්. මම නම් ඉතින් දන්න කාලේ ඉඳන් ඔය කියවන්න තියෙන හැම මගුලක්ම කියවලා කන්නේ. නැත්නම් පෙරේතකමට කෑවා වගේ නෙමෙයි වමනේ දාන්න ගියාම විඳින දුක දන්නේ මමනේ.
ReplyDeleteපින් සිද්ධ වෙච්චාවේ! අහිංසක දරු පවුලක් බේර ගත්ත!
ReplyDeleteසැඟවුණු E ලියලා සැඟවුණේ ඇයි ???
ReplyDeleteඔබේ ඊ-මේල් ගිනුම හැක් වී ඇති හැඩයි.
ReplyDeleteමට ස්පෑම් මේල් එකක් පැමිණ ඇත.