Thursday 18 February 2010

ටැංකි මාළුවා ගේ දුක් ගීය


නිසල නිල් දියක තනිවුණ
සරන දස අතම මින් කැළ
ඉසුරු ඇති නමුත් සපිරුණ
හිතක නැති සතුට කුමකට?
ඇළක ගංදියක සුව මිස
මැවෙන නව ලොවක කොහිවෙද?
පාට හැඩ ලබා ඉපදුන
පවම මිස අනෙක් කවරෙද?
දහස් ගවු ගනන් සැරුවද
යලිත් එකම තැන තනිවෙන
මසුන් නොකියනා වදනක
අසන් මිනිසුනේ ඇති හර
ඇළක උඩු අතට පිහිනන
සතුට දෙව් මිනිස් සැප මෙන !!!
කොතෙක් හැඩ රුවට තිබුණද
පියුම් සමුදුරේ පිපුණෙද??

3 comments:

  1. හ්ම්ම්ම්........ 1998 නොවැම්බර් 18 විදුසර තැපෑල. "ටැංකි මාළුවා ගේ දුක් ගීය" මේක කවි පෙළ මට මතකයි. තිබුනේ පත්තරේ පිටුවේ පහලම මැද.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි. හරිම හොඳ මතකයක් නේ, අනික් හැම එකක්මත් මම විදුසරට ගොඩක් කලින් ලියපු ඒවම තමයි,,

    ReplyDelete
  3. ඇත්තම කියමුකෝ. පිටුටවෙ පහල කිව්වේ මතකෙන් නෙමේ. මම පත්තරේ පෙරලුවා. එතකොට මේ කවිය මම එදා ඒක කියවපු විදිහ මට අද වගේ මතක් වුනා. ඔබතුමියගේ නම නම් මට හොඳට හුරුයි වගේ.

    ReplyDelete