Wednesday 3 March 2010

ගුරුකම් කරපු කාලේ

ප්‍රින්සිපල්ට ගලකින් ගහලා

මේ සිද්ධිය උනේ නිමලව ස්කෝලෙ teacher traning කරන කාලෙ, පත්වීමකුත් නෙමෙයි, ඒත් පත්වීමක් වගෙත් තමයි.
නිමලව කියන්නෙ කණිශ්ඨ පාසලක්, තියෙන්නෙ හැම ශ්‍රේණියකින් ම එක පන්තිය ගානෙ, අපිට අලුත් උනාට මෙහෙම training යවන එක නිමලව ළමයින්ටයි, ගුරුවරුන්ටයි හොදට පුරුදුයි.
අපිත් ඉතින් ගිහින් වැඩ බාර ගත්තා, එහෙට යන්න කලින් නිමලව ඉස්කෝලෙ ගැන දන්න කීප දෙනෙක් ම කියල තිබුනා එහෙ ඉන්න ඇට්ටර ළමයි එක්ක ටිකක් අමාරුයිත් කියලා.ඒත් බෝඩින් වෙන් නැතුව, වෙද සීයලගෙ ගෙදර ඉදන් යන්න පුලුවන් විදිහට අමාරුවෙන් හද ගත්තු ඉස්කෝලෙ.

ටික වෙලවකින් දැක්කා, ලොකු සර් ඒ කියන්නෙ principal sir පොඩි ළමයෙකුට වේවැලෙන්ම හොදට බෙදනවා,
අපි ලග හිටිය ලමයෙක් ගෙන් අහුව ඒ මොකද කියලා,,,,
ලැබුනු උත්තරේ තමයි,,
තිසාර ප්‍රින්සිපල්ට ගලකින් ගහලා !!!!!!!!!!!!!!

අම්මෝ මේ ළමයි ප්‍රින්සිපල්ට ගල් වලින් ගහනවා නම් අපිට මොනව නොකරයි ද? අපිට හීන් දඩිය දැම්මා,,
ඒත් එතන හිටපු අනිත් ළමයි මහ හයියෙන් හිනාවෙලා අපේ ප්‍රශ්නෙ විසදුවා,

බලනකොට ප්‍රින්සිපල් කියන්නෙ 5 විභගෙ පේල් වෙලා , ඒ පන්තියෙනුත් පේල් වෙලා, අවුරුදු 3ක් තිස්සෙ 5 පන්තියෙ ඉන්න ළමයෙකුට !!
!පන්තියෙන් ම ඉන්න ලොකුම ලමය නිසා එයට ප්‍රින්සිපල් කියල නම දාල අනිත් ලමයි,, කොහොමද වැඩේ????

4 comments:

  1. පිස්සු හැදෙනවනෙ ... හික්ස්

    ReplyDelete
  2. අපේ lecturer කෙනෙක් කිව්වා මේ ජාතියේම කතාවක්.

    සර්ලා කැම්පස් එද්දිත් කැම්පස් එකෙන් යද්දිත් exam repeat කර කර හිටිය කොල්ලෙක්ට දාල තිබ්බ කාඩ් එක VC .

    ReplyDelete
  3. මේක නම් සිරා..... මෙහෙම ස්ටෝරියක් ඇහුවමයි....

    ReplyDelete
  4. අදමයි මේ පැත්තෙ ආවෙ.... මේක පරණ පෝස්ට් එකක් උනාට කමෙන්ට් එකක් දාල නොයාම බෑ කියල හිතුනා....
    කාලයක් අපේ අම්ම උගන්නපු ඉස්කෝලෙට මං දවසක් ගියා අම්මත් එක්ක... මට වාඩිවෙන්න උනේ 6 පන්තියේ.... අම්මෝ... ඒ පන්තියේ ඉස්සරහින්ම වාඩිකරවලා හිටියෙ යෝදයෙක් වගේ විසාල ළමයෙක්.... මං අම්මගෙන් ඇහුවම බලනකොට හතර පස් පාරක්ම පොර ෆේල් වෙවී ඒ පන්තියෙම ඉන්නවලු.... ඒකා ඇති ඉස්කෝලෙ ආව කියල මට හිතුන.... හොඳම වැඩේ කියන්නෙ ඔය කාලෙ අපේ රටේ ළමයි දිග කලිසම් ඇන්දෙ ඒ ලෙවල් කරනකොට හින්දා අර ළමය ඇන්දෙ කොට කලිසම.... ආපෝ.... මයිල් බූටෑවකුත් එක්ක හරිම කැතයි... තාත්ත කෙනෙක් ඉස්කෝලෙ ඇවිල්ල වගේ.....

    ReplyDelete