Sunday 30 May 2010

චණ්ඩි

දවසක් ඉස්කෝලෙ පටන් ගන්න කලින් මට පැමිනිල්ලක් ආවා. පැමිනිලිකාරයා ගුටිත්කාලා.හේතුව අහලා බැලුවම විත්තිකාරයා එයාගෙ රුපියල් විස්සක් ගත්තලු, හේතුව එයාගෙ වතුර බෝතලෙන් ටිකක් බීලා,,
ඒකට හිලව් වෙන්න මේ චන්ඩියා සල්ලි අරන්.
.ඒ කාලෙ පුන්චි වතුර බෝතලයක් ම රුපියල් විස්සයි.
මම සැර දාලා, ඉල්ලුවත් දුන්නෙම නෑ සල්ලි.
අන්තිමට මම තර්කයක් දැම්මා, රුපියල් විස්සට හරියන්න ඉතුරු වතුර ඔක්කොම බොන්න දෙන්න ඕනා කියලා,,,
ඔන්න ඒකට නම් චන්ඩියා බයවෙලා සල්ලි ටික දෙන්න කැමති උනා,,
මම සල්ලි මගේ භාරයට ගත්තා,,
ඒ පන්තිභාර ගුරුතුමීගෙ අතටම දෙන්න,,එහෙම කරලා නඩුව ගෙනාව කොලූගෙ වැඩි ආරක්ෂාව ගැන හිතලා දගයට කීවා කොරිඩෝවට වෙලා ඉන්න කියලා,, ඒ ගුරුතුමී එනකම්,,,,,
ටිකකින් මම පාසලේ අනිත් කොනේ තිබුනු මගෙ පන්තිය බලන්න ගියා,,ළමයි පන්සිල් ගන්න අතරවාරෙ අර පන්තියෙ ගුරුතුමී මාව හොයන් ආවා. නඩුවක්!!! මම එලියෙ තියපු කොලුවා,, මම කියනකම් පන්තියට එන්න බෑ කියනවලු,,
අපි දෙන්නටම හේතුව නම් තේරුනා, මට බයකට නෙමේ,, පන්සිල්ගැනීමෙන් (දඩුවමින්) බේරෙන්න,,

හොදම හරිය මේකයි,, මේ පුන්චි චන්ඩියා හිටියෙ 1 ශ්‍රේනියෙ,,,,,:D

2 comments:

  1. ආහ්හ්හ්හ්හ්හ්හ්හ් ... 1 වසරෙ මේ වගේ එවුන් ඉන්නවද ... මූ 10 වසරෙදි ප්‍රින්සිපල්ගෙනුත් කප්පම් ගනී එහෙනම් :P ...

    ReplyDelete
  2. හැදෙන කොල්ලා දෙපැත්තෙන් තුන් පැත්තෙන් හතර පැත්තෙන් තේරෙනවා කියන්නේ මේවාට තමා. හොඳ වෙලාවට වැඩේ අහු වුණේ එතකොට දැන්ම පිළියම් කරන්න පුලුවන් නේ :)

    ReplyDelete