"අව්වෙ හිටගෙන ඉඳලම ඔලුවත් රිදෙනවා. යමුද ටිකක් වාඩි වෙන්න."ප්‍රසාදි මාවත් ඇදන් ගියා පැවිලියන් එකට.
ක්‍රීඩා මාණ්ඩලික තරඟ. අද මුල් දවස. වැඩ වැඩි. හවස් වෙනකම්ම තරඟ තියෙයි. එහෙම දාට ළමයි එක්ක ඉස්කෝලෙන් එවන පිරිසක් ඉන්නවා. අපේ ලොකු තැනගෙ තේරීමට අනුව. අවිවාහක කට්ටිය සහ බෝඩිම් ජීවිත ගෙවන අපි වගේ කට්ටිය. ඒ කට්ටිය ටිකක් පරක්කු වෙලා ගියාට කමක් නෑ කියන්නෙ. කන්තෝරු ඇරෙන වෙලාවට පාරෙ බස් වල යන්න තියෙන අමාරුව මැඩම් දන්න නැහැ නෙ.
අපේ ස්ටාෆ් එකෙ රසිකා කියනවා " මෙන්න මේ වගේ වෙලාවට තමයි ඉක්මනටම කසාදයක් බැඳගන්න හිතෙන්නෙ". ඉස්කෝලෙ ඉන්න වයසක පහේ කට්ටියට නම් මේ සර්කිට් මීට් එකෙ මුල් දවස් දෙක පේන්න බෑ.ඇයි ඉතින් ඔක්කොම තරඟවල මූලික එව්ව ඉවර කරනකොට හවස හතරත් වෙනව. අපිට ඉතින් එදාට බෝඩිමේ ඇන්ටිගෙ මෙලෝ රහක් නැති බත් එකවත් නෑ.
එහෙම හවස් වෙනදාට, අමතර පංතියක් කරනදාට බත් එකක් බැඳල දෙන එක වගේ නරක පුරුදු අපේ බෝඩිමේ ඇන්ටිට නම් තිබුණෙම නෑ. දුක් වෙලා මොකටද කියලා අපි නං කරන්නෙ ඔන්න ඔහෙ තියෙන දෙයක් කාලා, අතේ තියෙන කීයකින් හරි ළමයිටත් අයිස් පැකට් වගේ ඒවා අරන්දීලා හවහට ගෙදර යන එක තමා. කොහේ හරි ඉස්කෝලෙන් පිට වැඩකට යවනවා නම් යවන්නෙ අපි දෙන්නවම. හවසට එකට යන්න පුළුවන්නෙ.
මමයි ප්‍රසාදියි කෑවෙ එකම බෝඩිම් බත. ඒ අතින් අපේ ලොකු තැන සෑහෙන්න අපි ගැන හිතුව.
මේ ගමන එව්වෙ අපි දෙන්නවයි, රසිකයි, අරුණ සර්වයි, ගුණරත්න සර්වයි. අරුණ සරුත් අපි වගේ බෝඩිං ජීවිතේ. ගුණරත්න සර්ත් මැඩම්ගෙ නිර්ණායක අනුව අපේ කුලකෙම තමා.ආ තව ක්‍රීඩා ගුරු චන්දනයි.
ඉස්කෝලෙදි නං මොනවට ගහ මරා ගත්තත් පිටට ආවහම අපි සෑහෙන්න එකමුතුයි. ඔය වෙලාවටනෙ අපි ඔය ලොකු ලොකු ඇත්තන්ගෙ කැරැක්ටර් සර්ටිෆිකේට් ගැන එහෙම හොයල බලන්නෙත්. ..
" 6 පංතියෙ සඳුනි ඊයෙ මට කියනව, මසං ගහ යට ඉන්නකොට ඉශාන් එයාට *කා, *කා කිව්වළු, "පන්තිය ඉස්සරහ හිනාවෙන්නත් බෑ. මම නඩුවත් එක්කම විත්තියයි ,පැමිණිල්ලයි දෙන්නම යැව්වා ඉන්දු ටීච ළඟට."
ළමයි තරඟවල. අපිට් හිනා වැලයි.
" සර්ල ටීචල මෙහෙට වෙලා හොඳට ඉන්නව. අරෙහෙ අපේ ළමයින්ට අසාධාරනේ. එකොළහෙන් පහළට ඉන්න අපේ ළමයව දුර පැන්නුවෙ දෙපාරයි. ඇයි සර් සර් වයිස් ප්‍රින්සිපල් වෙලත් කිසිම වගකීමක් නැහැනෙ.."
දෝස් මුර සේරටම ගුණරත්න සර්ට. අපි මේ හිනාවෙන අස්සට හෙන ගහන්නා වගේ කඩං පාත් උනේ. බලනකොට එකොළහෙන් පහළ ළමයෙක්ගෙ අම්මෙක්. චුට්ටක් විතර කටසැර වැඩි කෙනෙක්. අපි මේ හිනාවෙන අස්සෙ එකොළහේ පහළ දුර පැනීම් පටන් අරන්. එනවුන්ස් කරාට අපිට ඇහිලත් නැහැනෙ. ඔන්න ඔහෙ බැන්නත් මොකෝ. බනින්නෙ ගුනේ සර්ටනෙ.
චට පට ගාලා බැනල බැනල ඒ අම්ම ගියා. වැස්සක් වැහැළ පෑව්ව්ව වගේ. අපිව එව්වෙ එක එක්කෙනාට ළමයි වයස් සීමා අනුව බෙදා දීල.
"කාටද එකොළහෙන් පහළ භාර දුන්නෙ?"
"මට" ප්‍රසාදි හරිම අහිංසක විදිහට කිව්ව..

අනේ....
ReplyDeleteහිකිස්... :) එහෙනම් හරි අක්ක ආපහු ලියන්ට පටන් අරන්... ජයවේවා...
ReplyDeleteඅයියෝ.... ළමයිට දෙයියන්ගෙම පිහිටයි වගේ.... ;)
ReplyDeleteඔය කටු කෑමට සුදුසු අය තෝරන නිර්නායකනම් හැම තැනකම එකයි වගේ.
ReplyDeleteඅර කා කා කතාවටනම් :D මගේ යාලුවොත් කියන්නෙ මම ගහක් යටින් යනකොට උඩ ඉන්න කාක්කො පොර කනවලු ඉඩම් කෑල්ලක් වෙන් කර ගන්න.
මේ ටීචරුත් කරන්නේ පුදුම වැඩ තමා.
ReplyDeleteඒකට කමක් නෑ... වි.වි ටීචර්ලත් අනික් වැඩ වලින් අයින් වෙලානේ ඉන්නේ..
ReplyDeleteමම දැන්නේ දැක්කේ. මේ පාර නම් කලින් ලියනවාට වඩා හොඳින් ලියල තියනවා. ආයෙම ලියන එකත් සතුටක්. තව ගොඩක් කතා ඇති නේද ලියන්න..
ReplyDelete@ තාරක, අනේ පවු නේද ගුණේ සර්
ReplyDelete@පුතා, හාආආආආආ නේ පුතා දැක්ක..ක........ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්. මොකෝ පුතේ උනේ. තාමත් ගෙදර නේ? හම්බකරගත්තු තුට්ටු දෙක ඉවර වෙන්න කලින් පිළිවෙලක් උනොත් නරකෙයි? කෝ අප්පා අර වට්ටක්ක කතා?
@ කොට ජීවිතේ
ReplyDeleteඔව් අනේ .ඊට ටික කාළෙකට පස්සෙ ළමයි ගැන දෙයියෝම බැලුව. සමහර අය නම් දන්නවා ඒ කොහොමද කියලා.
@ නලිනි
අයියෝ. දොස්තර නෝනා ටියුබ් ලයිට් නේ. ඒ *කා, *කා කියලා කිව්වෙ ඔයාගෙ වගේ කපුටු කොණ්ඩයක් තිබිච්චි හින්ද නෙවෙ. ඉශාන් පොඩිකමට කුණු හරුපයක් කියල. සඳුනි හුරතල් හඬින් ,නලව නලවා පතිය ඉස්සරහ ඒක, ඒ විදිහටම මා එක්ක කිව්වනෙ
@ මධුරංග, හ්ම් හ්ම් එහෙම හිතමුකෝ. හැබැයි මට නෙමේ එකොළහෙන් පහළ භාර දුන්නෙ. මට භාරදීල තිබ්බෙ පහළවෙන් පහළ. ලොකු පන්ති භාරගත්තම හරි ලේසි. පුතාලා උනන්දුවෙන් දූලව බලාගන්නවනෙ. අපිට වැඩ නෑ.
ReplyDelete@ මාතලන්, අනේ මට තේරුනේ නැහැ නේ. වි. වි කිව්වෙ විශ්ව විද්‍යාල කියන එකද?
@ ප්‍රියන්ත අයියා
බොහොම ස්තූතියි අයියේ. ඉඩක් ලැබුණම ලියනවා. දැං ඉතින් අවුරුද්දකට වඩා ලියලා සතතභ්‍යාසයෙන් දියුණු වෙලා. ( ශහ් කාටද ආඩම්බර )
හෆොයි අක්කා.
ReplyDeleteඅපේ සර්ත් ඔය කෙරුවාවට වැඩි කැමැත්තක් නෑ.
ආයෙම ලියන්න අරන් තියෙන්නේ ඉතින්.........
අපොයි ළමයින්ට දෙයියන්ගෙ පිහිටයි ඉතින්.
ReplyDelete@ පිණි,
ReplyDeleteඒක තමයි බොල මම කලිනුත් කිව්වෙ, ළමයි ගැන දෙයියොම බලල, මාව ගෙදර නැවැත්තුව !!! :D
@ හා, ස්තූතියි නඟේ. කවුද සර් හැබෑට?
මෙතන දැං හෙම්බිරිස්සාව හැදෙනව කමෙන්ට් දාන්න ඇවිල්ල. මාරවිදියට පිණි!
ReplyDeleteමෙන්න ගුරුවරු කිව්වාලු. ලොකු තැනත් ඉදලා ඉදලා ඔයාලටමයි කරදරේ කරලා තියෙන්නේ නේද අක්කේ ??? කොහොම වුණත් එතන ගිහිනුත් එච්චර වැඩක් කරලා නැහැනේ :))
ReplyDeleteපණි පලසේ දිළෙනවා දකින්න සන්තෝසයි. පසුගිය පොස්ට් එක කියවලා විතරක් යන්න වුනා.
ReplyDelete@ ඉන්දික අයියා,
ReplyDeleteඉඳල හිටල පිණි පොඩ්ඩක් පෑගුනාට අගුණ වෙන එකක් නෑ. බොහොම ස්තූතියි මෙහාට ගොඩ උනාට.
@ හසිත මල්ලී,
මොනව කියනවද මන්දා, ඔහොම කටු කේස් එපා කිව්වත් එන්නෙ අපිටමයි. "එතන ගිහිනුත්....." කිව්වෙ අනේ ඔහොම කියන්න එපා මල්ලී, පුලුවන් හැම වෙලාවෙම අපි උගන්නන එක නම් කරා දෙමව්පියන්ටත් පවු සිද්ධ නොවෙන්නම.
@ ඩීන් අයියා,
බොහොම ස්තූතියි අයියේ. මම දන්නවා අයියා කමෙන්ට් නොකළ කාරනාව. ඔහොම දිරිදෙන එක හොඳටම ඇති අයියේ.
ළමයි ටික පව් තමා. අද තමයි මේ පැත්තේ ආවේ :) .
ReplyDeleteඅපිව බලාගන්න කවුරුවත් නෑනෙ :( ,,
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට
හැමදාම ආවට කමෙන්ටුවක් දැම්මේ නෑ නංගි. ඔන්න මමත් ආව අදත්. ඩීන් මල්ලිගෙන් තමයි මේ අඩවිය ගැන දැන ගත්තේ. ආසාවෙන් කියෙව්වා. මේ වගේ දේවල් හරියට වෙනව නේ පාසැල් වල. ඔයාට ජයම පතනවා.
ReplyDeleteබොහොම ස්තූතියි Chandi අක්කා. ඩීන් අයියා පුලුවන් හැම වෙලාවෙම මට දිරි දෙන කෙනෙක් තමයි.
ReplyDeleteඅක්කගේ කමෙන්ට් එකට පිළිතුරු දෙනව නම්,( කමෙන්ට් කරපු අනෙක් හැමෝටමත් එක්කම ) මම හිටියෙ පාසල තිබුනු කලාපෙටම සිංහල පාසල් තිබ්බෙ අටයි. අනික්වා ඔක්කොම දෙමළ පාසල්. කොටින්ම කියනවා නම් ඔය සිද්ධිය උනේ අර සාම ගිවිසුමක් තිබ්බ කාලෙ. ඔය කියපු තරඟ පටන් ගත්තෙත් "කොටි " කොඩිය උස්සලා." සිංහ කොඩිය" ඉස්සුවේ දෙවනුව. තනිකරම නිවේදන කටයුතු කරේ එහෙ රාජ්‍ය භාශාවෙන්. ඉතින් අර තරඟෙ තියනවා කියලා නිවේදනය කරපු එක අපිට ඇහෙන්නත් ඇති. එදා හිටිය අයගෙන් එක්කෙනාටයි ඒ භාශාව තේරෙන්නෙ. අපේ වෙලාවට එයාට ඇහිලා නෑ.
පව් අප්පා . . . සර් හොඳ කෙනෙක් වෙන්න ඇති නැත්නම් මෙන්න මෙයාව අල්ලගන්න කියලා කියයිනේ . . එතනත් පුරුෂයාට සාසාධාරණය . . හරි කුරිරුයි අප්පා ලොකේ හික්ස්
ReplyDeleteහෆොයි මෙහෙමත් ටීචර්ලා.... පොඩ්ඩ ඇත්තන් වල බහිනවා.... ෆ්‍රී පීරියඩ් එහෙකදි ළමයි පොඩ්ඩක් කෑ ගැහුවොත් තමයි ඉතින් විජ්ජුම්බරේ.....!
ReplyDelete:D
ReplyDelete@ දුකා,
ReplyDeleteදැං අයියා කියන්නේ ඒ අම්මා ඇවිත් මට හරි, වෙන ගුරුවරියකට හරි බැන්න නං අපි " නෑ නෑ මට නෙමෙයි ඒ ළමයි භාර දුන්නෙ" කියයි කියලද? පුරුශයාට අසාධාරනේලු.. පුහ්
@ දුමී,
අනේ නිකන් ඉන්න දුමී අයියා. අපි නම් එහෙම නෑ. ළමයි එහෙම කෑගහනකොට අපි එතනට ගිහින් කියනවා "අනේ හොඳ දූලා, පුතාලා තව ටිකාක් හයියෙන්, ( ඒ කියන්නෙ මැඩම්ගෙ ඔෆිස් එකට ඇහෙන තරමට) කෑගහන්න" කියලා.
@ චාමි,
මොකෝ අනේ සයිලන්ස්, ගෙදර වැඩ වැඩිද මේ ටිකේ?
මාණ්ඩලික තරඟ කිවුව්වහම මම අහල තියන පරන කතාවක් මතක් උනා...
ReplyDeleteඔන්න අපේ පැත්තේ ඉස්කොලෙක මාන්ඩලික තරඟ වලට ලමඉ අරන් ගියාලු සර් කෙනෙක්. ..
ඔන්න දැන් 15න් පහල මීටර් 100 දුවල ඉවරයි ලු... එකෙන් ජය මම මෙ කියන ඉස්කෝලෙ ලමයටලු...
දැන් 13න් පහල තරඟෙලු... ඔන්න ඉතින් අර තරඟෙට ඉස්සෙල්ල උප්පැන්න සහතික බලල එහෙම හෙන විකාරයක් කරනවනෙ... දැන් පිටේ ගහන අන්කත් දුන්නලු... එත් සර් එක ලමයට දුන්නෙ නැලු... ලමයටත් හෙන අවුල්.
අනිත් තරඟ කාරයො ඔක්කොම දැන් පිටේ අන්ක එහෙම ගහගෙන වැඩේට ලැස්තියි.. ඔය අතරේ සර් ලමයව එක්කරගෙන ගියාලු ග්ලූකෝස් කවන්න...මෙයාට ග්ලූකෝස් එහෙම කවල... පොඩ්ඩක් එහෙට වෙලා ඉන්න කියල මෙන්න සර් මාරුලු... ..පොඩි එකා සර් ව හොයනවලු දාගෙන... පොඩි ලමයි නෙ... අනික අලුත් ඉස්කොලෙකනෙ.. මෙන්න විනාඩි 15 න් සර් ඇවිත් ලමයව එක්ක ගියාලු අයෙත් පිට්ටනියට... යනකොටම මෙන්න යකඩ කටෙන් කියනවලු... 13න් පහල බාලක... මීටර් 100... ප්‍රථම ස්තානය..... XXXX පාසලේ... XXXX කියල.. මෙන්න මෙයාගෙ නමත් කියුවලු... කොල්ල අන්දුන් කුන්දුන්....
දුවන්නෙ නැතුවම කොහොමද 1 උනේ කියල...
කට්ටියටම තෙරෙනවනෙ වෙලා තියන වැඩේ....
13න් පහල දුවල තියෙන්නේ 15න් පහල දුවපු එක්කෙනාමයි.. ..
කොහොමද සර් ගෙ ටිකිරි මොලේ.....
දැන් තමයි හොඳම හරිය.... කොහොම හරි 15න් පහල දුවපු ලමයගෙ අම්මත් මෙතන ඉඳල..
අන්තිමට මේ අම්ම කියනවලු... 13න් පහල දිවුවෙත් මගෙ පුතා.. එක හන්ද එකේ සහතිකේත් මගෙ පුතාට ඔනෙ කියල... මේ අම්ම මෙතන වන කරල......
අන්තිමට මොකො දන්නවද උනෙ... මෙ ලමයි දෙන්නටම එකම සහතිකයක්වත් නැ... සර් ටත් මාරුවීමක්...
මදැයි අම්මෙක්ගෙ කටක් හන්ද වෙච්ච දේ.....
බොහොම ස්තූතියි "නඳුන් උයන" මේ පැත්තෙ ඇවිත් අදහස් දක්වලා ගියාට... :)
ReplyDelete