පෙරෙ එක් භවෙක අපි මිනිසුන් වී උපන
යන මං නොදැන බුදු බණ නෑසූ බැවින
තිරිසන් ලෙසෙන් උපනෙමු අයෙම මෙලෙස
එනිසයි මිනිසුනේ නුඹ බිම මම ඉහළ
වතුසුදු , පිච්ච මල් සුවඳින් පලක් නැති
ඕළු, නෙළුම් මල් අපෙ කුස ගිනි නිවති
කිරි පිඬු පිදුම මහ කුසලක් එක්කෙරෙති
ඉල්ලනු කෙලෙස අපෙ සිතිවිලි නොපෑහෙති
බුදු හිමියනේ යලි මෙදියත උපන මැනේ
මීවද සොයමි පීරාලා පුරා වනේ
බුදුවන දිනේ මීවද මම පුදමි අනේ
ඒ පින් මටත් පලදේවිද සසර කොනේ
මිනිසුන් කියන්නේ බුදු ගුණ බැව් දනිමි
දවසට සියවරක් නිරතුරුවම අසමි
කෙලෙසින් කොහොම මුත් වානර කුලේ හිමි
මම හැමදාම මලසුන මත්තෙම රැඳෙමි
පින්තූරය ගත්තෙ මම, කතරගම කිරි වෙහෙර ළඟදි.
කවි ටික රසයි.. මම හිතුවේ රුවන් වැලි සෑය ළඟ කියලා. ඕළු නෙළුම් මල් වලත් රේණු කොටස විතරයි කන්නේ.
ReplyDeleteස්තූතියි මාතලන් අයියෙ, ඔව් මම බලාගෙන පෙති කඩල මැද කොටස හොයනව
Deleteඒක පට්ට රහයි ඈ . . මම හෙනම ආසයි
Deleteඑතකොට කිරි බත්? මෙහෙදිමද කෑවෙ ඕනයාත්? :D
Deleteලස්සන සීන් එකක් ලස්සන කවි ටිකකුත් එක්ක....
ReplyDeleteස්තූතියි :)
Deleteලස්සනා.....යි. සිද්ධිය ඇත්තටම දැකලද නැත්තං පිංතූරෙ දැකලද එහෙමත් නැත්තං නිකංම හිතට ආව අදහසක්ද?
ReplyDeleteස්තූතියි, ඔය පින්තූරෙ ගත්තෙ මම. ඒ වෙලාවෙත් පව් කියල හිතුනා. හැබැයි කිරි බත් පූජා කරන අයට නම් තරහත් ඇති. පූජා කරපු ගමන් මෙයාලා දුවගෙන එන්නෙ,ඉල්ලගෙන කන්නයැ නේද? ආයෙ පින්තූරෙ දකිද්දි කවියක් ලියන්න හිතුනා.
Deleteමලක් වෙලා බුදුන් වෙනුවෙන් මලසුනක පිදෙන්ට මටත් හරි ආසයි. :)
ReplyDeleteලස්සන කවි.
ස්තූතියි පොකු. ඒ පැතුම එලෙසිම ඉටුවේවා!!! මලක් වෙලා ඔබ පිපෙන්න,, (ඉතිරි ටික මතක නෑ )
Deleteස්තූතියි පොකු. ඒ පැතුම එලෙසිම ඉටුවේවා!!! මලක් වෙලා ඔබ පිපෙන්න,, (ඉතිරි ටික මතක නෑ )
ReplyDeleteලස්සන කවි ටික....පින්තූරෙත්..
ReplyDeleteස්තූතියි තරූ !
Deleteකලින් පොස්ටුවක සඳහන් වූ පූජා බිමක සතුන් ගැන විස්තරයත් මතක් වුනා. ඉංදියාවේ හයිදරාබාද් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශවල පිහිටි දේවාල, දේවස්තාන අසල පවා මෙවැනි දර්ශණ සුලබයි. හරි නංගිගේ පදපෙල කියවූ විට මුලින්ම මතක් වුනේ වානර කුලයේ ඇත්තන් පවා වටාපිටාව අනුව ගුරුබුහුමන් දක්වන්න නැඹුරුව ඇති අපූරුව.
ReplyDeleteනැෂනල් ජියෝග්රැෆි චැනලයේ වානරයින් ගැන හොඳ අධ්‍යයනයක් ඉදිරිපත් කරා. ඉන් එකක විශේෂයෙන් පූජා බිම් ආශ්‍රිතව ජීවත් වෙන ඔවුන්ගේ චරියාව හා (කරදරකාරී) පුරුදු ගැන ගෙනහැර දැක්වූවා. ලින්ක් එක හොයාගන්න පුලුවන් වුනොත් ලැබෙන්න සලස්වන්නම්.
නැෂනල් ජියෝග්රැෆි චැනලයේ වානරයින් ගැන හොඳ අධ්‍යයනයක් ඉදිරිපත් කරා. ඉන් එකක විශේෂයෙන් පූජා බිම් ආශ්‍රිතව ජීවත් වෙන ඔවුන්ගේ චරියාව හා (කරදරකාරී) පුරුදු ගැන ගෙනහැර දැක්වූවා. ලින්ක් එක හොයාගන්න පුලුවන් වුනොත් ලැබෙන්න සලස්වන්නම්.
මං හිතන්නේ සිද්ධිය දුටු ගමන් කවි සිත අවධිවෙලා ඇති. පදපෙලින් කරන ප්‍රාර්ථනය බොහෝ ගැඹුරින් දැනුනි.
බුදු හිමියනේ යලි මෙදියත උපන මැනේ...
ස්තූතියි අයියේ, ඔය වැඩසටහන බැලුවා, බැලුවා වගේ යාන්තම් මතකයක් තියෙනවා. ලින්ක් එකක් ලැබුනොත් දෙන්නකෝ.
Deleteමේ ගොල්ලො මෙතන නම් මලි එහෙම පුජා කරනකම් පැත්තකට වෙලා ඉන්නවා, වරක් අනුරාධපුරේදි රුවන් වැලිසෑයකිට්ටුවදි අපේ මල් උදුරගෙන පැන්න. කෑම අහේනියටම දරුණු වෙලා.
කතරගම ගොසින් කිරි වෙහෙරත් වැඳලා
ReplyDeleteරැස් කල පිනක් බ්ලොග් මිතුරන්ටත් බෙදලා
සේයා රූත් ගෙන තව රස කවි ගොතලා
දුන්, නැගණියට පුදනෙමි තුති මල් නෙළලා
පිළිතුරු කවි ලියන්නට මා දන්නේ නැතිය
Deleteකවි ඇගයුමට බොහොමත් ස්තුතිය :D
ලස්සන අදහසක්.
ReplyDeleteස්තූතියි සොයුරිය!
Deleteඅපිත් අනුරාධපුරේ රුවන්වැලි සෑය හෝ වෙනත් දාගැබ් අසලදී මේ දසුන මේ විධියටම දැක්ක.
ReplyDeleteකවි පන්තිය ඔබී බෙහෙවින් අගය කල බව කියන්න කිව්ව.
මගේ අවංක ආදර ස්තූතිය එතුමියට පිරිනැමුවයි කියන්න
Deleteකලකට පෙර අපේ බුදු හිමි මහ වනයේ
ReplyDeleteසිත කලකිරී සඟ ගණ වෙත නෙව සිටියේ
එදිනත් අපියි මාහිමි කුස ගිනි නිවුයේ
නැවතත් එයට කාලය යයි අපි සිතුයේ !
බොහොම ස්තුතියි ඔබ මෙහෙ ආවාට
Deleteඉන් නොනැවති තව කවි බැන්ඳාට
ලස්සනයි
ReplyDeleteස්තූතියි මල්ලි, මොකෝ මේ ගොල්ලො AGM යන්න කියලයැ නේද? :D
Deleteලස්සන අදහසක් . නුවර මාලිගාව ගාවදි අපේ පොඩ්ඩි අතේ තිබුන නෙලුම් මල උදුරන් ගියා . එයාට හරි හිනහයි. පව් ඉතින් කන්න දේවල් නැති නිසානේ . මොකෝ වවාගෙන කන්නය .
ReplyDeleteබොහොම ස්තූතියි. හැබෑට මොකෝ නිස්සද්ද? කෝ නෙළුම් විලේ අලුත් නෙළුම් මල්?
Deleteඔය සත්තුන්ට කතා කරන්න පුළුවනැයි උන්ගේ දුක කියන්න? මොකද ඉල්ලගන කන්නද වවාගෙන කන්නද? ඒ උනාට මේක මිනිස්සු තේරුම් ගන්නේ නැති එක නේ වැඩේ.
ReplyDeleteසමහර වෙලාවට මේ ගොල්ලො හරි හිසරදයකුත් වෙනව මිනිස්සුන්ට. මම හිටපු නැගෙනහිර පලාතේ හොරෙන් ගෙවල් වලටත් පනිනව, අර පොඩි ගෙවල් වල වහලයයි, බිත්තියයි අතර තියෙන ඉඩෙන්. එක අතකට සත්තුත් පව්, මහන්සියෙන් හම්බකරන දුප්පත් මිනිස්සුත් පව්
Deleteකවි ටික ලස්සනයි, අදහසත් ලස්සනයි, පින්තුරෙත් ලස්සනයි !!!
ReplyDeleteස්තූතියි ශානි!!!
Deleteගොඩක් ලස්සනයි.. අපූරු කවිය!
ReplyDeleteඅපිත් රුවන්මැලි සෑයට ගිය දවසක මේ විදිහටම වඳුරෝ හිටියා. අපි බුදු පිළිමයට මල් පූජා කරලා ආව සැණින් එතනට කඩා පැන්න වඳුරෝ ටික මල් ටික හපලා හපලා සුණු විසුණු කරලා දැම්මා. මේ ඔක්කොම වුණේ බුදු පිළිමේ ඉස්සරහාමයි....
ReplyDelete