පිණි බිඳිති කොයින්ද මේ මල් මතට
සිනාවට සිනාසෙන ළාදළු අගට
සමන්ගිර වඳින්නට හැමදාම මල් නෙළන
සුරන්ගනාවිගෙ මාලෙ මුතු ඇටද?
රාත්‍රිය ඇවිත් හිරුත් සඟවලා
සඳ එළිය ලොව සීතල කළා
එතෙක් කොහෙදෝ සැඟව සිටවුත්
තුෂාරය යළි හිනැහුනා
අඳුරත් ගෙවී ප්‍රභාතය වඩින සඳ
ඉතින් යා යුතුය සිටි ඉසව්වට
උදෑසන අකුරු කී දරුවන්ට
රහසේම කියාවී තුෂාරය
හිරු එළියෙ උණුසුමත් නපුරුයිදුම් කැටි වළා බොහොමයි
රාත්‍රිය හොඳයි නිසලයි
නපුරු ලොව නිදිගත් විලස
එන්නම් හෙටත් දාහය නිවන්නට,,,,,,,,
එන්න එන්න, එනකම් අපි බලන් ඉන්නේ :)
ReplyDeleteමුල් කාලෙ මම කමෙන්ට් වලට පිළිතුරු ලියන්න දන්නෙ නෑ. මල්ලි මට බොහොම දිරි දුන්නු කෙනෙක්. ගොඩක් පිං
ReplyDelete