Thursday 10 June 2010

තවත් ටියුබ් ලයිට් කතාවක්,,,,,,,,,,

මම නාවල තියෙන විවෘත විශ්වවිද්‍යාලෙ පාඨමාලාවක් කලානෙ,,,මේ සිද්ධිය උනේ ඒ කාලෙ,,
අපිත් එක්ක ඒ course  එක කරපු ළමයෙක් කටුනායක තියෙන TTI  පාඨමාලාවත් කලා,,, ඒ කාලෙ නම් රැග් එක එහෙ තිබිලා තියනවා( මේක බලන අය මට බනින්න එපෝ, මම කියන්නෙ ඒ ළමය කියපු දේ ) නාවලත් ඉතින් සොඳුරු කරදර නොතිබ්බම නෙමෙයි,,හිරිහර ටිකක් වැඩිවෙනකොට මේ සහෝදරයාට ටිකක් කේන්ති ගිහින්,,
අපි එක්ක ඒව විස්තර කරේ මෙහෙම,,
"පිට්ටනියෙ තනි කකුලෙන් හිටගෙන ඉන්නත් ඕනෙ,ඒ මදිවට උඩින් plane  යන යන ගානෙ ඒ වට වඳින්නත් ඕනෙ,,
මේ විස්තර කිරීම කොයි තරම් උද්වේගජනක උනාද කියනවා නම් මෙයා කියනවා
"ඒවත් මෙහෙ යන ප්ලෙන් නෙමේ බන් මාර ලොකුයි" කියලා,,,,

ටියුබ් ලයිට් කට්ටියට තේරෙන්න ටිකක් වෙලා යයි හොඳේ

2 comments:

  1. හික්ස් :) ඕන් ඔහොමලු වුණේ :)

    ReplyDelete
  2. කටුනායක පැත්තෙ ප්ලේන් යන්නේ පහලින් නිසා වෙන්න ඕනා. හික්ස්. එල කොල්ලෙක් නේ

    ReplyDelete