Sunday 20 June 2010

වැඩි හොඳට,,

දවසක් මම 7 පන්තියේ ඉන්නකොට ළමයෙකුට පණිවුඩයක් කියන්න ක්‍රීඩා ගුරුතුමා පන්තියට ආවා. 7 පන්තියේ දොරවල් දෙක පිහිටලා තිබුනෙ ඉදිරි පසින් වමෙන් සහ දකුණින්. ක්‍රීඩා ගුරුතුමා මට අතින් සන් කරලා අර ළමයා ළඟට ගිහින් පණිවිඩේ කියනවා මම බලාගෙන. ළමයා වාඩිවෙලා, සර් නැගිටලා, මට කියන්න බැරි තරම් තරහක් ආවා. අනික සර් කෙනෙක් පන්තියට ආවත් නැගිටලා ආචාර කරේ ළමයි කීපදෙනයි,, එදා කරේ කණ්ඩායම් ක්‍රියාකාරකමක්, පන්තියේ පිරිමි ළමයින්ට පැහැදිලි කිරීමක් කරමින් මම හිටියේ, ඒ නිසා අර ගුරුවරයා පන්තියට ආපු බව පිරිමි ළමයි ටික දැක්කෙ නැහැ.ගුරුවරයා පන්තියෙන් පිටවෙනකම් හිටපු මම ගිහින් අර ගැහැණු ළමයගෙ කනෙනුත් අල්ලන ගමන් දොස්කිව්වා,

මොකද මම හැමදාමත් කියනවා පන්තියට ගුරුවරයෙක් ආපු ගමන් නැගිටලා ආචාර කරන්න කියලා. පුරුද්දක් හැටියට හැම ළමයෙක්ම නැගිටලා ආයුබෝවන් කියන්න සූදානම් නැත්නම් මම ආයුබෝවන් කියන්නෙ නැහැ.පිරිමි ළමයින් මේ දෝශාරෝපණයෙන් බේරුනා, ඒ එයාලා මා එක්ක පඩමේ වැඩ කරමින් හිටපු නිසා ඔවුන් අර ගුරුතුමා නොදැක්ක බව මට සහතිකයි. ඉතින් පිරිමි ළමයිට හරි ආඩම්බරයි. මේ අතර හිටපු කටකාරයෙක් අන්තිමට කියනවා මෙහෙම,, "අපි නම් ටීච ඒකනායක අයියා ආවත් නැගිටිනවා",,,,,,,


ඒකනායක කියන්නෙ පාසලේ පියන්, මට තනියම හිනාගියා, ළමයි පුදුමෙන් වගේ බලන් ඉන්නවා මම තනියම හිනාවෙනකොට..

මගෙ උපදෙස් දීමේ මොකක්දෝ අඩුපාඩුවක් වෙලා කියලා මට තේරුනේ එතකොට තමයි,,ගුරුවන්ට විතරක් ආචාර කලාම ඇති කියලා මම කිව්වා,, මොකද ඒ වැඩෙන් ඒකනායක උනත් අපහසුවකට පත්වෙන්න පුලුවන් කියලා මට හිතුනු නිසා......................

10 comments:

  1. මට ඉස්කෝලෙ කාලෙ මතක් වුණා.

    ReplyDelete
  2. හි, හි,,, ඕගොල්ලොත් පියන් පන්තියට එනකොට නැගිට්ටද?

    ReplyDelete
  3. අපේ ඉස්කෝලේ නම් පන්තියේදී විතරක් නෙමෙයි පංතියෙන් පිටදී වුණත් තමන්ට උගන්වන ගුරුවරයෙක් හරි උගන්වපු ගුරුවරයෙක් හම්බුණොත් ආයුබෝවන් කියන සිරිතක් තියෙනවා :)

    ReplyDelete
  4. මම දන්න විදිහට කොයි ඉස්කෝලෙත් උගන්නන්නේ අවස්ථානුකූලව ගුරුවරුන්ට ආචාර කරන්න තමයි මල්ලි,,, good morning,, good afternoon වගේ

    ReplyDelete
  5. ඔය කිව්වට පොඩි කාලෙ නම් නැගිටින්නේ බයටම. පස්සෙ තමයි ආචාර කරන්න් නැගිටින්නේ.

    ReplyDelete
  6. හි හි අමූලික ඇත්ත,,,, උගන්නන්න කලින් නේ අපි ඉගෙන ගන්න ඉස්කෝලෙ ගියෙ..
    මම නම් හිතන්නෙ නැගිට්ටෙන්නෙ බයට වඩා පුරුද්දට !!!!!!!!

    ReplyDelete
  7. අපේ ඉස්කෝලෙ හිටපු පියන්ව අපි හැඳින්නුවෙ 'vice Principal' කියල. මොකද මිනිහ ඒ තරමටම හිතට අරන් හිටියෙ.

    ReplyDelete
    Replies
    1. අපේ එකාට කිව්වෙත් ඔහොමයි...ඔය හේතුවටම....

      Delete
  8. මං දන්න එක යුනිවසිටි එකක පියෙන් කෙනෙක්ව හැඳින්නුවේ පොෆා කියලයි.

    ReplyDelete
  9. ඒකනායක කියන්නෙ නම් හැමෝම කැමති, හරිම හොඳ, හරි සරල , අහිoසක මනුස්සයෙක්, ගැමියෙක්,
    කුඹුරු වැඩ කරන කාලෙට නිවාඩු ගොඩක් දාලා, ප්‍රින්සිපල් මැඩම් ගෙන් බැනුම් නම් අහනවා..

    ReplyDelete