Thursday 12 August 2010

දැරියකගේ දිනපොත

"1994 පෙබරවාරි 26 සෙනසුරාදා

 ස්ලැටා ෆිලිපොවික් බොස්නියානු දැරියක්. වයස 13යි.යුද්ධයේ ලේ සුවඳ පිරුණු බොස්නියානු අගනුවර  සරයේවෝ හි ජීවත් වුණු ඈ 1991 සිට දිනපොතක සටහන් තැබුවා. 
දෙවෙනි ලෝක යුද සමයේ නාසි හමුදාවෙන් වසන්ව සිටිමින් ඈන් ෆ්‍රෑන්ක් දැරිය ලියූ සුප්‍රකට දිනපොත මෙන්ම පිවිතුරු , නැවුම් උණුසුම් ළමා හැඟීමෙන් යුද්ධයේ අත්දැකීම් සටහන් වුණු  ස්ලැටාගේ දිනපොත මේ සතියේ ඉංග්‍රීසි බසින් අමරිකාවේදී පළවීමට නියමිතයි.

 " ඔන්න මම තීරණයක් ගත්තා  " මිමී " හොඳයි. මම ඔයාට මිමී කියලා  නම දානවා,
 එහෙනම් හරි     අපි පටන් ගනිමු .
 දයාබර මිමී, "
ස්ලැටා දිනපොත අමතන්නේ දයාවෙන්.   දිනපොතකට එච්චර සමීප වෙන්න පුළුවන බව දන්නෙ කලක් දිනපොතක් ලියූ කෙනෙකුම පමණයි."

මම මේ සටහන් මුලින් දැක්කෙ මම 7 හෝ 8 ශ්‍රේණියක ඉගෙන ගන්නා කාලෙ. විදුසර පත්තරෙන්, "අසඩක් ගේ දිනපොත " කියන තීරු ලිපියෙන්,, ඒකාලෙ නම් කවුරුත් වගේ ආසාවෙන් කියවපු තීරු ලිපියක්. ඔය තීරු ලිපිය ලිව්වෙ අසෝක ඩයස්  මහතා. පසු කලෙක තෝරාගත් සටහන් කිහිපයක් පමණක් ඇතුලත් කරලා එය "අසඩක්ගේ දිනපොත" නමින්ම පොතක් හැටියටත් පළවුනා  1995 මාර්තු මාසෙ. මම දන්න විදිහට 1990 ජනවාරි ඉඳලා 1995 ජනවාරි වෙනකම් අවුරුදු 5ක් ඔහු මේ තීරු ලිපිය ලිව්වා. ඒකාල ඉඳලා මට හරි ආසා හිතුනා මේ පොත් දෙක කියවන්න, ඒත් අවාසනාවට එකක් වත් ලැබුණෙ නැහැ.

මේ පොත් වල සිංහල පරිවර්තන තියෙනවා කියලා කවුරු හරි දන්නවාද? 

සති දෙක තුනකට උඩදි පොත් සාප්පුවකදි එක පොතක් මට හම්බ උනා.අවුරුදු පහළොවකට පස්සෙ,  අර කාවද දැක්කා වගේ තමයි සතුට. මට හම්බ උනේ ඔය කියපු පොත් දෙකින් මුලින් ලියවෙච්චි එක.
.




Anne Frank's    THE   DIARY  OF  A  YOUNG GIRL..
..






මේ පොත එක්ක බැලුවම හිතෙනවා අනිත් පොත ලියලා තියෙන්නෙ මුල් පොතේ ආභාෂය අරන් කියලා.

ඈන් ෆ්‍රෑන්ක්( Anne Frank ) එයගෙ දිනපොත ලියන්නෙ 1942, දෙවෙනි ලෝක යුද්ධ සමයෙ. ඒත් අනිත් දැරිය දිනපොතේ සටහන් ලියන්නෙ 1991 ඉඳන්.  කතා දෙකක් නැහැ සැලිටා කියවල  තියෙන්න ඇති ඈන්  ලියපු පොත. ඒ ඉතින් මේ දෙන්නම විඳලා තියෙන්නෙ දරුණු අත්දැකීමක්.

ඈන්  කියන්නෙ යුදෙව් පවුලක දැරියක්. ඒ නිසාම විවිධ තාඩන පීඩන එක්ක තමයි ඇය හැදී වැඩෙන්නෙ. දෙවෙනි ලෝක යුද්ධෙ කාලෙ යුදෙව්වන්ට තිබුණු තැන කවුරුත් දන්නවා ඇතිනෙ. ඈන් ඉපදුණෙ 1929 ජුනි 12 වෙනිදා, සම වයසේ අනිත් දැරියන්ට වඩා තරමක් වෙනස් ගතිගුණ ඈන්ට තිබුණෙ. ඇය තමගේ දිනපොත ලිවීම ආරම්භ කරන්නෙ 1942 ජුනි  12 වෙනිදා ඉඳන්, ඒ කියන්නෙ  හරියටම ඇගේ දහතුන්වෙනි උපන්දිනය දවසෙ ඉඳන්.





"මම පටන් ගන්නම් ඔය මට ලැබුණු මොහොතෙ ඉඳන්ම, මං ඔයාව දැක්ක මුල්ම වතාවෙ ඔයා වැතිරිලා හිටියා මගේ උපන්දින තෑගි ගොඩ මැද්දට වෙල,,,
 එදා ජුනි 12 වෙනිදා, සිකුරාදා. මං නැගිට්ටෙ උදෙ හයට. පුදුම වෙන්න දෙයක් නෑ, එදානෙ මගේ උපන්දිනය. මට මේ වෙලාවට නැගිටින්න අවසර නැති හින්දා මං ඉවසගෙන හිටියා හතට කාලක් වෙනකම්. තවත්නං බලා ඉන්න බැරි හින්දා මං නැගිටලා සාලෙය යනකොට මගේ පූසා තමයි මාව මුලින්ම පිළිගත්තෙ.


හතත් ටිකක් පහුවෙනකම් ඉඳලා තමයි මම අම්මයි, තාත්තයි ළඟට ගියේ. ඊට පස්සෙ කෙලින්ම මගේ තෑගි ටික බලන්න. ඔයාව තමයි මම මුලින්ම දැක්කෙ. තව මං ආසා කරන රෝසමල් කූඩයක්, පියොනීස් මල්පැළයක් එහෙමත් එතන තිබුණා. අම්මලාගෙන් මට ලැබුණෙ නිල පාට හැට්ටයක්, ක්‍රීඩාවක්, මිදි යුශ බෝතලයක් , ප්‍රහේළිකා කාඩ් එකක්, ක්‍රීම් බෝතලයක්. ආ,, තව මට කැමති පොත් දෙකක ගන්න ටෝකන් එකකුත් අම්මලා දුන්නා. මට හම්ම්බවෙච්චි එක පොතක් මාගට් ගාව තිබුණු නිසා මං ඒක පස්සෙ වෙන වෙන දේවල් වලට මාරු කර ගත්තා. තව පැණි රස කෑම ජාති ගොඩාරියක් අම්මලා දීලා තිබුනා. වැඩේ කියන්නෙ හරියටම ඒ වෙලාවට  ආච්චි අම්මා ලියුමකුත් එවලා තිබුණනෙ."..





ඈන් දිනපොත ලියන්න පටන් ගන්නෙ ඒ විදිහට. දවස් දෙක තුනක් ලියලා ඈන් දිනපොතට නමක් දානවා. ඒ තමයි කිටී. ඊට පස්සෙ ලිය වෙච්චි හැම දවසකම ඈන් ලියන්න පටන් අරන් තියෙන්නෙ ආදරණීය කිටී කියලා. බොහොම කෙළෙ දෙලෙන් හිටපු ඈන් ට අවාසනාව අතවනනවා ඉක්මනින්ම. ඊළඟ ජුලි මාසෙ 9 වෙනිදා වෙනකොට ඈන් ඇතුලු මුලු පවුලටම හැන්ගෙන්න සිද්ධ වෙනවා ජීවිත බේරා ගන්න. ඈන්ගෙ පියාට අයිතිවෙලා තිබුණු සේවස්ථානයෙ තමයි ඔවුන් සැඟවෙන්නෙ.  ඈන්ගෙ පියාගේ සේවකයින් කිහිප දෙනෙක් පමණයි මේ ගැන දැනගෙන හිටියෙ. කොටින්ම   වසර දෙකක්ම මෙයාලා දකින පිටස්තර මනුස්ස ප්‍රාණියො වෙන්නෙ ඒ අයම තමයි.  මොනවා උනත් කිටීව ඒ කියන්නෙ දිනපොත අරන් යන්න නම් ඈන් අමතක කළේ නැහැ.

තමන්ගේ අම්මා තාත්තා එක්ක උනත් අඳුරු කුටියක  ජීවත් වෙනවා කියන්නෙ මොන තරම් දුකක්ද? ඒත් මේ පුංචි කෙල්ල තමයි මානසිකව අසරණවෙලා ඉන්න අම්මාගෙයි, අක්කගෙයි  හිත් වලටත්  ශක්තිය දෙන්නෙ. ඒ කුටිය ගෙදරක් කරන්න වැඩිපුරම මහන්සිවෙන්නෙ ඈන්. ඒත් හිත හඬා වැටිලා අසරණ වෙන වෙලාවට කිටී ට ඒ දුක කියලා හිත හදා ගන්නත් ඈන්ට ශක්තිය තිබුණා.පුංචි කෙල්ලක් විදිහට සැඟවෙච්චි ඈන් යුවතියක් වෙන්නෙත් ඒ  රහසිගත කුටියෙදිම තමයි..

A person who’s happy, will make others happy.
Anne Frank.

1944 අගෝස්තු 1 වෙනිදා තමයි ඈන් අවසාන සටහන ලියා තිබෙන්නෙ. මේ පුංචි දැරිය මුලින් ආසාවට ලියන්න පටන් ගත්තාට පස්සෙ දිනපොතෙ තැන් කිහිපයකම නිවැරදි කිරීම් කරල තියෙනවා පස්සෙ කාලෙක පොතක් විදිහට මුද්‍රණය කරන්න හිතාගෙන. එදිනෙදා සටහන් පමණක් නෙවෙයි, ඇය කතන්දර පවා ලියන්න ගත්තා.ගත් කතුවරියක් හෝ පුවත්පත් කලාවේදිනියක් වෙන්න සිහින මව්වාට ඈන්ට හැකි උනේ නැහැ තමන්ගේ සිහින සැබෑ කර ගන්න. දාසය වෙනි උපන්දිනයට මාස තුනකට විතර පස්සෙ ඈන් ට, ඇගේ සහෝදරියට සිද්ධවෙනවා යුදෙව්වන් වී උපන් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්න. යුදෙව්වො තුන්දහසක් පමණ එදා ඈන් ලට  එකතු උනා.



නමුත් ඈන්ගේ ආදරණීය තාත්තා මේ අවාසනාවන්ත ඉරණමෙන් ගැල උනා.  තමන්ගේ බිරිඳ, දියණියන් දෙදෙනා සෙවූ ඔට්ටෝ ෆ්‍රෑන්ක්(Otto Frank)ට හමු උනේ කිටී ව විතරයි.  ඈන් ඇතුළු පිරිස  හිට්ලර්ගේ අත් අඩංගුවට  පත්වීමෙන් පස්සෙ එතනට ගිය ඔට්ටෝ ගේ ලඝුලේඛිකාව වශයෙන් හිටපු සේවිකාවට හමුවෙනවා ඈන්ගේ දිනපොත. ඇය ඉතාමත් ප්‍රවේසමෙන් ඒක සුරකිනවා ඈන්ට එය දෙන්න. නමුත් ඔට්ටො ෆ්‍රෑන්ක් ගෙනාපු දුක්බර ආරංචියෙන් පස්සෙ ඇය දිනපොත දෙනවා ඔට්ටො ෆ්‍රෑන්ක්ට.


"this is your daughter's  legacy".

ඒ   සේවිකාවගේ   වචන .

තාත්තා  ඈන්ගෙ සිහිනය සැබෑ කරා.  1947 ජුනි මාසෙ මේ කඳුළු කතාව පොතක් උනා.
1958 වෙනකොට මේ කතාව වේදිකා නාට්‍යයක් විතරක් නෙමෙයි  ජනප්‍රිය චිත්‍රපටයක් බවටත් පත් වෙලා හමාරයි.

 අද වෙනකොට ඈන් සැඟවෙලා හිටපු නිවස කෞතුකාගාරයක්.


ලොව පුරා ඉන්න ඈන්ට ආදරේ කරන පිරිසක් මුහුණු පොතෙනුත් එක වෙලා ඉන්නවා...

 ඉඩක් තියෙන වෙලාවක මේ කතාව ඔබත් කියවලා බලන්න..

20 comments:

  1. මම පොත නම් කියවලා තියෙනවා..:(....ස්තුතියි තොරතුරුවලට.....

    ReplyDelete
  2. බටහිර රටවල් වල පාසල් ඉතිහාස පාඩමේ අනිවාර්යයෙන් ඇතුළත් වන අංගයක් මේ පොත. ළමයිනුත් හරිම ආසයි.

    ReplyDelete
  3. තොරතුරු වල්ට ස්තුතියි...ජයවේවා........

    ReplyDelete
  4. "අසඩක් ගේ දිනපොත" මාත් ආසාවෙන් කියවපු එකක් මේ පොතත් ඇරන් වෙලාවක කියවන්න ඕන. හොඳ තොරතුරු ටිකක් නොදැන හිටපු අපට.

    ReplyDelete
  5. මම පොඩි කාලේ ඉස්සෙල්ලාම ඈන් ගේ දින පොතේ විස්තර කියෙව්වේ මුතුහර සඟරාවෙන්.. එදා ඉඳලා මමත් මේ පොත කියවන්න ආසාවෙන් හිටියා.. ඒත් බැරි උනා..මේ සටහන කියවලා දැන් ආයෙත් ඒ උවමනාව ඇති උනා..

    ReplyDelete
  6. මමත් මේ පොත කියවා ඇත.
    අපූරු පොතක් සහ ශාකුන්තල කිව්වා වගේ බටහිර රටවල් වල විශය ධාරාවේ අනිවාර්‍යයෙන් ඇතුලත් අංගයක් මේ පොත.

    ReplyDelete
  7. ඈන් ෆ්‍රෑන්ක්ගෙ ජීවිත කතාව කියවල තියනවා.. ඇගෙ ජීවිත කතාව ගැන තියන Anne Frank-The whole story නම් මේ චිත්‍රපටියත් පුලුවන් නම් බලන්න .. ඇඬෙනවා!
    http://www.youtube.com/watch?v=XH2HxdnUdWE

    ReplyDelete
  8. @ shadow, ස්තූතියි මේ පැත්තේ ආවාට,,

    ReplyDelete
  9. @ ශාකුන්තල, අහ් ඇත්තද? ලස්සන පොතක්නේ ඒ නිසා ළමයි ආසා ඇති,

    ReplyDelete
  10. @ ඉලංදාරියා, ඔබටත් ස්තූතියි ආවග සටහන් කළාට,,,

    ReplyDelete
  11. @ ප්‍රියන්ත, ස්තූතියි!! අසඩක් දැන් සිරසෙද කොහෙද වැඩ කරන්නෙ,, අපරාදෙ හොඳ ලේඛකයො

    ReplyDelete
  12. @ ෆා, ලස්සන පොතක් නංගි ,හොයාගෙන කියවන්න

    ReplyDelete
  13. @ Ansh, ස්තූතියි ඔබටත් ආවග සටහන් කළාට

    ReplyDelete
  14. @ ඔස්කා, තොරතුරු හොයන වෙලේ මමත් දැක්කා ඔය චිත්‍රපටිය ගැන, ඉඩක් ලැබුණු වෙලාවක බලන්න ඕනි. පොත බලනකොට මෙච්චර දුක නම් කතාව බලන්න කොහොමත් අමාරු ඇති, බොහොම ස්තූතියි ඔත්තුවට,,,

    ReplyDelete
  15. සෑහෙන කාලෙකට ඉස්සෙල්ලා කියෙව්වා වගෙ මතකයි ඔය වගෙ එකක්.... ෂුවර් නෑ මේකමද කියලා.. ඒ මොනව වුනත් ආපහු හොයාගෙන කියවන්න හිතුනා විස්තරෙ දැකලා... තැන්කූ කිව්වා විස්තර ටිකට හරි අක්කේ...

    ReplyDelete
  16. හරි හරි,, වෙල්කම්! වෙල්කම්! කොහෙද පුතේ ගිහින් හිටියේ?

    ReplyDelete
  17. මම ඈන්ගෙ දිනපොත නම් කියලවල තියෙනව, අසඩක්ගෙ දිනපොතත් පත්තරේ සැරින් සැරේ දැක්ක වගෙ මතකයි.. ඒත් ස්ලැටා කියන ගැහැනු ලමය ලියපු පොත නම් කියවල නෑ...

    ReplyDelete
  18. මම හිතන්නෙ ස්ලැටාට අත්වෙලා නැහැ ඈන් තරම් දුක්බර ඉරණමක්, ඒ පොතත් හොයාගෙන බලමු නේද?

    ReplyDelete
  19. පොත නම් කියවල නැහැ මීට කලින්...
    විස්තර සටහන දැක්කහම කියවන්න ආසාවක් ඇතිවුණා...
    අපූරු සටහනක් !

    ReplyDelete
  20. ස්තූතියි ආවග සටහන් කළාට

    ReplyDelete