රසිකා කාමරේ ඇඳ දිහා බැලුවෙ පුදුම සතුටකින්. දේශන ඔක්කොම හමාර වෙලා එනකොට පුදුම මහන්සියක්. ඒ මදිවට නිකන් ඉන්න බැරුවට හවස නෙට්බෝල් ගහන්නත් ගියා. ඒත් ඒ සතුට දිය වෙලා යන්න ගියේ එකම එක මොහොතයි. කාමරේ ළඟින් මතු උනේ පහළ නේවාසිකාගාරෙ නංගි කෙනෙක්.
"අක්කෙ වරුණි ලෙඩ වෙලා"
" ආ,,,,,,,,,,,, ඒ මොකද? "
" ෆෝන් බොක්ස් එක ළඟදි කලන්තෙ දාලා වැටිලා "
වරුණිටත් නිකන් ඉන්න බැරුවට ඉන්නෙම ෆෝන් බොක්ස් එක ළඟ. නොකා නොබී ඔතන වේලෙනකොට කලන්තෙ නොදා හිටියොත් තමයි පුදුම..
" හා,, හා,,,,,,,යමු බලන්න "
එක ගමේ කෙල්ලෙක් වෙච්චි කොට අසනීපයක් කිව්වම නොබලා කොහොමද, රසිකා ඉස්සර උනා.
" අක්ක දන්නවද වෙලා තියෙන දේ ? " පණිවිඩේ ගෙනාපු නංගි කේලමක් කියන්නයි හදන්නෙ
" නෑ මොකක්ක්ද වෙලා තියෙන්නෙ ? "
" වරුණි ගෙ බොයි ෆ්‍රෙන්ඩ් ඇක්සිඩන්ට් වෙලා"
ආහ්,,,, රසිකට මතක් උනා පහුගිය ටිකේම යන එනකොට වරුණි කියෙව්වෙම මේ කොල්ලා ගැන වෙන්නැති කියලා.
" ඉතින් අමාරුයිලුද? "
" ඔව් ඉන්නෙ ඉන්ටෙන්සිව් කෙයාර් එකේ ලු"
අනේ දෙයියනේ,,,, කවුරු උනත් ජීවිතයක් නේ. රසිකා ඒ පිරිමි ළමයා ගැන වැඩි විස්තර දැනගෙන හිටියෙ නෑ.
ඒත් පහුගිය ටිකේම තමා එක්ක ඕනාවටත් වඩා මේ ගැන වරුණි කියෙව්වා නේද කියලා නම් මතක් උනා.රසිකට නම් හිතුනෙ ඉඳල ඉඳල යාළු වෙච්චි නිසා අගේ වැඩි ඇති කියලා.
කාමරේ කෙල්ලො ටික වට කරගෙන. වරුණි ඇඳේ අනිත් පැත්තට හැරිලා අඬනවා. රසිකා ළඟට ගියේ නැහැ. දුක තුනී වෙනකම් ඔහේ අඬපුවාවෙ.
" මොකක්ද දිලුනි උනේ ? "
" මෙයා ට දවස් ගානක් චින්තක කතා කරේ නැහැ ලු. ඒ නිසා බරිම තැන ගෙදරට කෝල් කළා අද,, එතකොට තමයි විස්තරේ දැනගෙන තියෙන්නෙ. චින්තකගෙ අම්මාලු ෆෝන් එකට ආන්ස්වර් කරේ. විස්තරේ කියලා ඉවර වෙලා මෙයාල හොඳටම බැනලත් එක්ක,,,එතකොටම තමයි මෙයා සිහිය නැතුව වැටුනෙ, අපි උස්සගෙන ආවෙ. කාමරේට ආවටත් පස්සෙ සිහිය ආවෙ."
දිලුනිගෙ සද්දෙට වරුණිට රසිකා දිහා බැලුණා. පටන් ගත්තෙ නැතැයි ආයෙත් මුල ඉඳලා අඬන්න.
" හරි හරි ඔයා අඬන්නෙ නැතුව ඉන්නකො,, එහෙ විස්තර අපි කෝල් කරලා අහගන්නද? "
" අනේ ඒක විතරක් කරන්න එපා,,,,,,,,ආයෙත් මට බනී,,, එහෙ අම්මා හරිම සැරයි. ඔයලා කෝල් කරපුවහම ඒ මම කියලා හිතයි,,,,,,,,,,,, "
වරුණි හිටියෙ හරි කල්පනාවකින් නෙමෙයි කියලා කාටත් හිතුනා. කාමරේ ඉන්න යාළුවො බත් එක අනලා කවන්න තරම් කරුණාවන්ත උනා. ඒත් පහුවදාත් සුපුරුදු වෙලාවට ෆෝන් බොක්ස් එක ළඟට ගියා.
" අපි කතා කරලා විස්තර අහන්නද? " මේ වගේ වෙලාවට දිලුනිගෙ හිත නම් බටර් වගේ වෙනවා. ඒත් වරුණිගෙ හිත හයියයි.. කාටදෝ කතා කරලා චින්තකගේ විස්තර අහගෙන තිබුණා. අනතුර වෙච්චි හැටි, චින්තකගෙ තත්ත්වය, අම්මා වරුණිට බනින හැටි ඒ යාළුවා ඔක්කොම වරුණිට කියලා තිබුණා.
මූණ බැලුවම දුකේ බෑ. වරුණි ඒ ටිකේම කන්න ඩයනින්ග් හෝල් ගියෙත් නෑ. කවුරු හරි කාමරේ කෙනෙක් බත් එක බෙදාගෙන ඇවිත් දෙනවා.
සතියකට විතර පස්සෙ රසිකව හොයාගෙන ආවෙ දිලුනි.
" මට චුට්ටක් කතාකරන්න ඕනි "
රසිකා දිලුනිව ඇදගෙන ගිහින් බුදු මැදුරෙ පඩි පෙළ ළඟින් වාඩි උනා.
" ඉතින් කියහන්"
" මට නම් මේ විකාර බලන්න ඉන්න බෑ බං,,,,,,,,,"
" මොන විකාරද? "
" අරය අඬනවා මිසක් කන්නෙ බොන්නෙත් නෑ, කන්නෙ බොන්නෙ නෑ කිව්වට බත් ගෙනත් දුන්නම කනවා,"
ඒකට නම් රසිකට නිකන්ම හිනා ගියා,,,
" ඉතින් "
" මේ වැලපිල්ලෙ තේරුමක් තියෙන්න ඕනි නේ,,,මෙයාට හොස්පිටල් ගිහින් බලන්න පුළුවන් නේ, ඕනා කමක් තියේනම්, මෙයාට යන්න ඕන කමකුත් නැහැනේ." දිලුනි දිගටම කියාගෙන ගියා ,,,,,
"මේ සමහර හැසිරීම අපිට සැකයි බං,,,,,,,, ඔය චින්තකයි මෙයායි කරා කියන කම්පියුටර් කෝස් එක කරපු මෙයාගෙ යාළුවා තමයි ගිහානි කියන්නෙ,"
" ආ,,, ගිහානිව මම දන්නවා, මමත් ඔතන කාලයක් ඉගෙන ගත්තා ",,
" මෙයා නාන්න ගිය වෙලාවක මෙයාගෙ දින පොතක් පෙරළලා ගිහානි ගෙ ෆෝන් නම්බර් එක හොයා ගත්තා මම,,, අනේ රසිකා මම එහෙම කරේ මේ ප්‍රශ්නෙට විසඳුමක් ගේන්න මිසක් වෙන අදහසකින් නම් නෙමෙයි "
" හ්ම් හ්ම් ඉතින් " රසිකා හූමිටි තිබ්බා
" මම පස්සෙ ගිහානිට ෆෝන් කරලා චින්තකගෙ තත්ත්වය ගැන ඇහුවා,,
එහෙම කියලා දිලුනි, රසිකගෙ ඇස් දෙක දිහා කෙලින්ම බැලුවා.
" ඒ කොල්ලට මොන අමාරුවක් වත් නැහැලු බං,"
" ඒ කිව්වෙ,,,,,,"
" ඌ ඇක්සිඩන්ට් වෙලා නෑ, දෙයියන්නෙ පිහිටෙන් යහතින් ඉන්නවා "
" එතකොට කවුද වරුණිට බොරු කිව්වෙ, අම්මද? නැත්නම් මෙයා මඟ අරින්න චින්තක කරපු වැඩක්ද? අනේ මන්දා දිලුනි මේවා අහනකොට පිස්සු හැඩෙනවනෙ "
" හිටින් ඔක්කොම කියනකං ,,මඟ අරින්න එයා මෙයා එක්ක යෑළු වෙලා හිටියෙත් නැහැලු,,,,,,,,,,,"
" මො න වා,,,
" ඔව්, බං,, ඒ කොල්ල මෙයාට වැඩිය බාලයිලු, චින්තක වරුණිට කතාකරන්නෙත් අක්කා කියලාමලු. මෙයාගෙ මේ මනෝ විකාර. "
" එතකොට සිහිය නැතුව වැටුණෙ???? "
" ඔක්කොම බොරු කරළා තියෙන්නෙ,,, දන්නවනෙ අපේ කාමරේ අනිත් උං,,, උං, මේක දන්නවා නම් කවනවා නෙමෙයි ගහනවා අල්ලගෙන,,,,,,,,,,, මම හින්දම හොඳයි,,"
" ඒක නම් සහතික ඇත්ත,""
" තව පුංචි වැඩයි කරන්න තියෙන්නෙ,, අනේ රසිකා ඒකත් කරලා බලමු "
" ඒ මොකක්ද ? "
" ගිහානි දුන්න චින්තකගේ ෆෝන් නම්බර් එක එනවද කතා කරන්න යන්න "
" බොක්ස් එකට දුවන්න බෑ,, මෙන්න මගේ ෆෝන් එකෙන් ඔයාම කතා කරන්න,,,,,"
මේ චින්තක ගේ කතාවයි,,,
" අනේ අක්කේ ,,රසිකා අක්කත්, දිලුනි අක්කත් ගැන මට වරුණි අක්කා කියලා තියෙනවා. මම මගේ අක්කෙක් වගේ හිතලා තමයි ගිහානි අක්කව, වරුණි අක්කව එක්ක ආශ්‍රෙ කරේ. ඒ ත් මේ ළඟදි ඉඳන් වරුණි අක්කා වෙන මොකක්ද අදහසක් හිතේ තියාගෙන මා එක්ක කතාවට එනවා, කොටින්ම මට පාඩමක් කරගන්නවත් වෙලාවක් නෑ, නිතරම කෝල් කරලා කරදර කරනවා,, බැරිම තැන මේ ළඟදි දවසක් මම හොඳටම බැන්නා.එයා ආයෙත් නම් මට කරදර කරන එකක් නැහැ.."
මෙවන් වූ චරිත දහසකුත් අප අතර සිටී, අප කළ යුත්තේ ඔවුනට සිනහසීම නොව අනුකම්පා කිරීමයි. මානසික ගැටළුවකින් පෙළෙන අයෙකුට වෙදකම් මෙන්ම හෙදකම්ද ඇවැසිවේ.
කිසිවෙකුට අපහාසයක් සිදු කිරීමට මෙය නොලීවෙමි,, මෙහි චින්තකගේ තත්ත්වයට පත්වූ සොයුරෙක් කියූ කතාවක් නිසා මෙය ප්‍රබන්ධ කළෙමි,,,,,,,,,
.
ඒ වරුණි මේ ලෝකෙ ඉන්න එකම වරුණිවත්, ඒ චින්තක මේ ලෝකෙ ඉන්න එකම චින්තකවත් නෙවි. මොනව කරන්නද අක්කේ. :)
ReplyDelete"අප කළ යුත්තේ ඔවුනට සිනහසීම නොව අනුකම්පා කිරීමයි"
ReplyDeleteඅපි කාන්තාර වාසීන් වූ මුල් කාලයේ පණිවුඩ හුවමාරුවට තිබුණ එකම ක්‍රමය ලියුම් විතරයි. විනාඩියක දුරකතන සම්බන්ධයට දේශයේ මුදලින් 14ක් වුනා.
ReplyDeleteමේ කතාව කියවා මට මතක් වුනේ ලියුම් නැති කොට කට්ටිය කර වින්නැහි. පමණක් දවස්වල දෙගොඩ යාමේ වෙන තුරු "...සිතින් පතා ඉන්නම්..." අහන්න වුනා, එහෙම නොවෙන්න ඔවුන් වෙනත් විකල්ප වලට තල්ලු වෙන්න තිබුණා.
මෙවන් අවස්ථාවලදී හෙදකම, දයාව හා අනුකම්පාව ඔවුනට අවශ්‍ය වෙනවා.
බොහෝම රසවත්ව ලියපු යහපත් පණිවුඩයක්, ජය.
මට මතක් වුනේ සුළඟ පොතේ ඇවිදින් එකේ අරුණි අක්කව... ලස්සන කතාව හරි අක්කේ...
ReplyDeleteඅර අන්තිමට තද අකුරින් තියෙන ටික නොලියා හිටිය නම් හොඳයි කියලත් හිතුනා... (සමහර විට අක්කට කියන්ට ඕනම වෙලා තිබුනෙත් ඒ ටික වෙන්ට ඇති... :) )
@ කාංචන, මානසික අවුල් තියෙන චින්තකලා නේද වැඩි? කොහොම උනත් මේ තත්ත්ව උග්‍ර වෙනකොට පිළියම් නොකලොත් ජීවිත ගානක් අනතුරේ
ReplyDelete@ පබළු, ස්තූතියි ඇවිත් ගියාට,
ReplyDelete@ ගල්මල්, ස්තූතියි අයියේ, වෙලාවක ලියන්න ඕනෙ මගේ කතාවත්, කාන්තාරයටත් සම්භන්දයි නේ
ReplyDelete@ පුතා, ස්තූතියි මල්ලී,,, මල්ලි කියපු එකක් ඇත්ත, කළු අකුරින් නොදැම්මා නම් හරි, ඒත් බලන අයට මම කියන්න උත්සාහ කළ දේ නොවැටහෙන්න පුළුවන් එතකොට,,
ReplyDeleteඅප කළ යුත්තේ ඔවුන්ට සිනා සීම නොව අනුකම්පා කිරීමයි. ඇත්ත එවැනි අය ගැන අනුකම්පාවෙන් බැලීම අප කාගේත් යුතුකමක් බවයි මගේ අදහසත්.
ReplyDelete@ ප්‍රියන්ත, අනේ මේ රෝගා බාධ වැඩි වෙන්න නම් එපා කියලයි මම නම් පතන්නෙ,,,
ReplyDeleteකොහොමටවත් හිනා යන්නෑ සහො..!මොකද ඒක මානසික ආබාධයක් බව පේනවා..අපි අතර් කොච්චර් අය ඉන්නවද එහෙම .. එයාලා ප්‍රතිකාර වලට යොමු වෙනවා අඩුයි..මිනිස්සු හිනා වෙයි කියලා.. ඒත් විය යුත්තේ ඒක නෙවේ...
ReplyDeleteස්තූතියි ප්‍රාර්ථනා
ReplyDeleteමෙය සමහර විටෙක ඉදිරියේදී ඔබේත් මගේත් කතාව වෙන්න පුලුවන්. ස්තුතියි අක්කේ අපිත් එක්ක බෙදා ගත්තාට..........
ReplyDeleteස්තූතියි හසිත මල්ලී
ReplyDelete