අවාරෙට මල් පිපුණ
සල් ගහක් යට වැතිර
නුඹ බවුන් වඩන්නෙද
ජීවිතයෙ දුක අතැර............
බෝ මළුවෙ සිලි සිලිය
සිහිල් මුත් මුදු සිතට
හැර යන්න සසර දුක
කවුද කිව්වේ නුඹට ....................
දුව පැන්න ඉපනැල්ල
සිනාසී අත වනයි
පන්සලේ පිං සුවඳ
පොඩි සිතට ආදරෙයි................
රැඳෙනවිට සිහිනයේ
හැමතැනෙක නුඹ ඇතී
පුතු පිදූ මේ පිනම
කල්පෙකට මට ඇතී............
බණ පොතේ නොම රැඳෙන
නෙත කඳුළු නැත රැඳී
නුඹත් රාහුල පුතෙකි
මට තවත් හිමි නැතී.............................................!!!
පිංතූරය සොයාදුන් ප්‍රියන්ත ගල්ගේපිටිය ( මගේ මතක බ්ලොගය ) සොයුරාට හද පිරි ප්‍රණාමය පුදමි,,,,,,,,,,,,,,,,,
සසර දුක අතැර යාම කෙසේවෙතත් හුරතල් දරුවෙක්.
ReplyDeleteහරිද වැරැදිද දන්නෙ නෑ. මටනම් දැනෙන්නෙ දුකක්.
පිංතූරයට ගැලපෙන්න ලියපු කවි පෙළක්ද? නැත්නම් පිංතූරේ කවි පෙළට ගැලපෙනවාද?
ReplyDeleteපුතු පිදූ මේ පිනම
ReplyDeleteකල්පෙකට මට ඇතී
බොහෝ දේ කියවුන පදපෙලක්.
@ outsider,,මටත් දැනෙන්නෙ දුකක්, හුරතල් ළමා කාලයනෙ, ඒත් පන්සල්වල් කොච්චර නම් ඉන්නවද මේ තරම් කුඩා සාමනේරවරු.. රාහුල කුමාරයා නම් ගියේ තාත්තා ළඟටනෙ.
ReplyDelete@ priyantha
ReplyDeleteකවිය ලියලා තමයි පින්තූරයක් සෙව්වේ. බොහොම පිං උදව් කරාට
@ coral,.
ReplyDeleteබොහොම ස්තූතියි ගල්මල් අයියේ, දහසකුත් වැඩ අතරේ මෙහෙටත් ගොඩවෙනවාට
මේ පින්තූරය දකිද්දි මටත් දැනෙන්නෙ පුදුම දුකක් හරී. සමාවෙන්න. මට අනුව මේක ළමා අපයෝජනයක්.
ReplyDeleteඒක ඇත්ත charmi මේ හුරතල් වයසෙ පොඩි එකෙක්ව මොන හිතකින් පිටමං කරන්නද?
ReplyDeleteLassana nirmaanayak !
ReplyDeletethank you,,,,muthu paba
ReplyDelete