හිරු ඇවිත්
ලොව දකින්නට පෙරාතුව
පහන්තරුවක් විලස
හීනෙන් යළි ඇවිත් තනිවෙන්න,,,,,,,,,,
කළු අඳුර ඉරා
ප්‍රභාතය විත්
මහපොළව සිඹින්නට පෙරාතුව
පිණි බිඳක් ලෙස සමු ගන්න,,,,,,,,,,,,,,,,,,,,
රෑනින් රෑන් යන
සමනළුන් විලසම
සියොතුන් සමඟ විත්
උන් ගයන මියුරු ගී
යළි යළිත් තෙපළන්න,,,,,,,,,,,,,,
මාවතේ රළු බොරළු මිස
විල්ලුද පළස් කොයිබද
ඈත අන්නන්තේ
පෙනී නොපෙනී
හිනැහෙනා ඉසව්වේ
මන්දාකිණිය වී
යළි එකම රාත්‍රියක
මසිත් අහසට පායන්න,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
හඬන්නට නොව සිනාවෙන්නට
පායුග නැගිනු කරගැට මතින්
ලය පිපුණු දහදිය මල් මතින්
ඔබ දුටුව සවිමත් ලෝකයේ
යදම් දෑතම
මවෙත දිගුකරලන්න,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
ලස්සන පද පෙලක්. උදේම හිතට සැනසුමක් ගෙනාවා.
ReplyDeletethank you very much priyantha ayya,,,
ReplyDeleteනියමයි..!
ReplyDeletethank you Ansh !!!!
ReplyDelete