මගේ බ්ලොගයට ගොඩ වෙලා පුරුදු අය නම් දන්නවා ඇති මම teacher training ගිය ඉස්කෝලෙ. අන්න එහෙදි මේ උනෙ.
ඔන්න ඉතින් පාට සාරියක් ඇඳගෙන ඉස්කොලෙට ගියා උදේ පාන්දරම වැඩ භාර ගන්න. වැඩ කිව්වට training හොඳේ. විදුහල්පතිතුමාගේ අතට පත්වීමේ ලිපිය දුන්නා විතරයි උන්නැහේ ගේ මුහුණ වැහුන කළුම කළු වළාකුළකින්. ඒ මොකෝ දෙයියනේ. මට නම් හිතා ගන්නවත් බැරි උනා..
"ආ ඔහේද අලුත් ගණන් මිස්" ( ඔහේ කිව්වෙ නම් තරහට වෙන්න බෑ, ඒ දකුණු පළාතෙ කතා විලාශය )
" ඔව් සර්"
"මට විද්‍යාපීඨෙන් මේ පාර ඉල්ලුවෙ පිරිමි ගුරුවරු,,, අපේ ඉස්කෝලෙට පිරිමි ගුරුවරු මදි,,, ආ කමක් නෑ කමක් නෑ විද්‍යාවට සර් කෙනෙක් එවලා ඇති".
හප්පොච්චියේ,, විද්‍යාවට දාලා තියෙන්නෙ චන්දිව නේ. ඒ මදිවට චන්දි තවම ඇවිල්ලත් නැහැ. පිරිමි දෙන්නෙක් ඉල්ලපු ඉස්කෝලෙට ගැහැණු දෙන්නෙක් එව්වම ඉතින් හිතා ගන්න පුළුවන්නේ. ඉතින් කොහොමද විදුහල්පතිතුමාගේ උදව් නැතුව අපි අවුරුද්දක් මෙහෙ රාජකාරි කරන්නෙ. අනික එහෙ ළමයි ටිකක් ආංබාං කරන්න අමාරුයි කියලා එහෙ ගැන දන්න කිහිප දෙනෙක්මත් කිව්වා. කාල වරෙන්කො. වෙන කොහෙටද දාපු එකක් අවලංගු කරගෙන මම මෙහෙට ආවෙත්.
ටිකකින් මගේ හිතට යාන්තම් සහනයක් අරන් චන්දි ආවා. ටිකක් විතර කළු උනාට සුදු දත් ටික පෙන්නගෙන හිනාවේගන , චන්දි එයාගෙ පත්වීමේ ලියුමත් සර් අතට දුන්නා. වැඩේ දන්න හින්ද මට නම් ඉබේටම බිම බැලුන.
"ආ,,, විද්‍යාවටත් මිස් කෙනෙක්ද? මේ වැඩේ කරන්න බැහැනේ. ඉල්ලන ගුරුවරු දෙන්න බැරිනම් ලබන පාර මෙහෙට කවුරුවත් එවන්න එපා කියනව මම",
ඔහොම තමයි අපිව එහෙන් පිළිගත්තෙ. ටික වෙලාවකින් එතනට ආපු එහෙ ගණිත ගුරුවරයා - ජයසිරි සර් හිනාවෙලා අපිත් එක්ක කතා කරා. එතකම් මට නම් හිතුනෙම විද්‍යාපීඨයට ගිහින් කියන්න . ජයසිරි සර්ට නම් හිනා. බලනකොට අපේ පත්වීම් වල පාසලට එන කොපියෙ අපේ නම් තියෙන්නෙ හ.******** සහ ච.******** කියලා. ලියුම් ටයිප් කරපු ක්ලාක් නෝනාගේ හොඳකම නිසා මයා/මිය කියන ඒක් දාලත් නැහැ. ඉතින් විදුහල්පතිතුමා හිතලා මේ ගමන නම් තමන්ගේ ඉල්ලීමට සළකළා පිරිමි ගුරුවරු එව්වා කියලා. එයාගෙ බලාපොරොත්තු කඩවීමෙන් හිතට ආපු ආවේගෙ තමයි ඒ.
සාමාන්‍යයෙන් පාසලේ ඉන්න විශය භාර ගුරුතුමා/තුමීගේ අධීක්ශණය යටතෙ අපි ඉන්න ඕනෙ. ඇත්තටම් එදා ඒ මොහොතෙ ඉඳන් ජයසිරි සර් ගෙනුත් කළ්‍යානි මිස් ගෙනුත් අපිට ලැබුණු සහයෝගය නම් බොහොම වටිනවා. ඇත්තටම මම ඔවුන්ට ණය ගැතියි. ඒ උපදෙස්, සහයෝගය රටක් වටිනවා.
ඔන්න ඉතින් උගන්නන කියලා පංතිවලට ගියා කියමුකො. අර එහෙ ගැන දන්න කට්ටිය කියලා තියෙන්නෙ ඇත්තම ඇත්තනේ. අපිට ලැබුනෙ 7, 8 පංති. විශය භාර ගුරුවරු නිවාඩු ගිය දවසට මුළු පංති ඔක්කොම අපිට. පොඩියි කියලා නැහැ. කියන දේ අහන්නෙම නැති එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවාමයි.
" ටිකක් සැරට ඉන්න"
ජයසිරි සර් ගෙන්, කළ්‍යානි මිස් ගෙන් ලැබුණු පළමු උපදේශය. සැරට හිටියට වැඩක් උනේ නැහැ. ඒ ළමයි දන්නවා අපි එහෙ ඉන්නෙ ඒ අවුරුද්ද විතරයි කියලා.
" පාඩම් බලන්න ලොකු සර්ලා ආපුවෙලාවට අපි දැඟළුවොත් මිස්ලාට ළකුණු නැහැ.."
එක ළමයෙක් එහෙමත් කිව්වා. ඒ කියන්නේ මිස්ලා ඉන්න ඕනේ ළමයි කියන හැටියට. හපොයි දෙයියනේ. මේ මොකක්ද මේ අපිට උනේ, එහෙන් ප්‍රින්සිපල් සර්. එයා නම් තවම තරහයි කලිසම් අඳින කට්ටියව නේව්ව එකට. ඔක්කොටම හපන් 8 පංතිය. උගන්නලා ඉවර වෙනකොට මට නම් හති කෑ ගහලම.
යාන්තම් සති දෙකක් ගෙවා ගත්තා . ඒ සිකුරාදා දවසක්.ගිය සතියෙත් ඉස්කෝලෙ ඇරිලම ගෙදර යන්න ගිහින් රෑ උනා. ඉස්කෝලෙ ඇරිච්චි ගමන් ගෙදර යන්න හිතාගෙන කද මලුත් බැඳගෙනම තමයි ඉස්කෝලෙට එදා ගියෙ. ටිකාක් විතර කලින් යන්න තිබුණා නම් හොඳයි. 2ට එහෙන් ආවොත් ගාල්ල ට එන්න 3 විතර වෙනවා. ගෙදර එන්න තවත් පැය 4ක් විතර යනවා. ඒත් ඉතින් ප්‍රින්සිපල් සර් ගෙන් අහන්නෙ කොහොමද? ආවට පස්සෙ තවම අපේ මුහුණ බලලා කතා කරේවත් නැහැනෙ...
අපි දෙන්නා සර් ගෙන් අහන්න විදිහක් නැතුව ඔෆිස් එකට වෙලා බොරුවට අත්සන් පොත පෙරළ පෙරළා හිටිය. සර්ට වැඩේ දැනිලද මන්දා සර් බැස්සා මිදුලට. ගියේ විනාඩි දෙකයි. 8 පන්තියේ කොලුවෙක් දුවගෙන ආවෙ නැතැයි ඔෆිස් එක ඇතුලටම.
.
" අනේ සර් මාව බේර ගන්න,,, .........ගේ අම්මා මට අනින්න පිහියක් අරන් එනවා"
මොකක්ද වෙන්නෙ කියලා හිතා ගන්න වත් වෙලාවක් තිබුණෙ නැහැ. පාර දිහා බලනකොට සාය හැට්ටයක් ඇඳ ගත්තු, පන් මල්ලක් අතට ගත්තු තැනැත්තියක් මිදුලෙ..
විදුහල්පතිතුමා ළඟ නතර වෙච්චි ඇය මහා සද්දෙන් බනින්න ගත්තා. මල්ලෙන් එළියට ගත්තු ඉරිච්චි කමිසයකුත් පෙන්නුවා. මට දැන් ඇගේ වචන අමතකයි. ඒත් ඇගේ දෝශාරෝපණය විදුහල්පතිතුමාට. අර හැංගිච්චි කොලුවා ඇගේ පුතාට හැමදාමත් කරදර කරනවලු, ඇඳුම් ඉරනවලු. ගොඩාක් වෙලාවට මේ රණ්ඩු වෙන්නෙ පාසල් වේලාවෙන් පිටතදීලු.
එක මොහොතකින් මුළු පාසලේම ළමයි එතන. ප්‍රින්සිපල් සර් ට කට අරින්නවත් ඉඩක් දෙන්නෙ නැහැ අර අම්මා. ඒ වෙලාවෙ පාසලය ඇවිත් හිටියෙ එක් ගුරුතුමියක් සහ ගුරුතුමෙක් විතරයි. එයාලත් ළමයිගෙ පිරිසිඳු කිරීම බලන්න ගිහින් හිටියෙ. සද්දෙ වැඩිම නිසා අපි දෙන්න දොරකඩට ගියා. අර ඇවිත් හිටපු ගුරු මණ්ඩලේ දෙපළ පන්ති කාමරයක් අස්සෙන් හොරෙන් බලන් ඉන්නවා අපි හොඳින්ම දැක්කා. ඒ දෙන්නටම රැවුලයි, කැඳයි දෙකම ඕනා ඇති. නමුත් විදුහල්පතිතුමාට බැහැ අර අම්මාගේ කට නවත්තන්න. ඒ අම්ම කියන්වා ළමයි බලා ගන්න බැරි නම් අස්වෙලා යන්නලු..
තවත් බලන් ඉන්නෙ කොහොමද, අපි දෙන්නා ඉස්සරහට ගියේ ඉබේටම. එදා ගෙදර යන ගමන් නිසා මගේ ළඟ ජංගම දුකත් තිබුනා. ඒ කාලෙ ඒ හරියට සිග්නල් තියා එස්.ආර් වත් නැහැ. ගත්තා ජංගම දුකත් අතට, කිව්වා මේ දැන්නම් පොලීසියට කතා කරනවා කියලා, පාසලට ඇවිත් විදුහල්පතිතුමාගේ රාජකාරියට බාධා කරනවා කියලා. ඒ වෙලාවෙ කොහෙන් කටට ඒ තරම් සද්දයක් ආවද මන්දා අපි දෙන්නත් කතා කරා අර අම්මාගේ සද්දෙට නොදෙවැනි වෙන්න. ඒ ගමන් අපි හඬ බාල නොකරම තේරුම් කරා එයා කරපු දේ තියෙන බරපතලකම.
ඒ අම්මා එදා පාසලට ඇවිත් තියෙන්නෙ වත්තක කුලී වැඩට යන ගමන්. ඒ නිසා පිහියක් තියෙන්න ඇති මල්ලේ. තමන්ගෙ පුතාට හැමදාමත් ගුටිකන්න වෙන එක නවත්තන්න පිහිය පෙන්නලා බය කරන්න ඇති.
ගත උනේ විනාඩියයි, අර චන්ඩි අම්මා අඬන්න පටන් ගත්තෙ නැතැයි. පොලීසි ගෙනියයි කියලා බය වෙලා. මෙච්චර කල් අපිට පාට් දාපු කොල්ලො, කුරුට්ටො කටවල් ඇරගෙන. ඔන්න එතකොට දුවගෙන ආපි අර හැංගිච්චි දෙපොළත්. දැන් ඉතින් ඕන විදිහකට නඩුව බේරා ගන්න කියලා අපි දෙන්න පැත්තකට උනා.
එදා නියමිත වෙලාවට පාසල ආරම්භ කරන්න උනෙත් නැහැ මගෙ හිතේ. ටිකකින් අර අම්මා අපි දෙන්න ළඟටත් ඇවිත් සමාව ගත්තා. අපිත් ඉතින් මහ පන්ඩිතයො වගේ අවවාද, අනුශාශනා කලා ආයෙත් මේ වගේ වැඩ කරන්න එපා කියලා.
ඕන්න එදායින් පස්සෙ අපිත් එක්ක හැමෝම යාළුයි..අවුරුද්දක් පුරා කිසිම කරදරයක් කළේ නැහැ ළමයි. හොඳ පුතාලා කියන්නේ මේ ගොල්ලො අපිව අධීක්ෂණය කරන්න එන දවසට වෙනදාටත් වැඩියෙන් හොඳට හිටියා..විදුහල්පතිතුමා එදාම එයාගෙ තරහ මරහා අමතක කළා.
ප/ලි
විදුහල්පතිතුමා එදා උදේම අපිට කිව්වනෙ " ඔහේලට ගෙදර යන්න රෑ වෙන නිසා 12.30 ට ගියාට කමක් නැහැ කියලා".
ප/ලි
විදුහල්පතිතුමා එදා උදේම අපිට කිව්වනෙ " ඔහේලට ගෙදර යන්න රෑ වෙන නිසා 12.30 ට ගියාට කමක් නැහැ කියලා".
ෂා..... අක්කට මාර හැකියාවක්නේ තියෙන්නේ මිනිස්සුන්ව හැන්ඩ්ල් කරගන්න. (අක්කත් යන යන තැන මොකක්හරි කරලා ගොඩදාගන්නව නේද?)
ReplyDeleteමට නම් හිතෙන්නෙ ඉක්මනටම ගෙදර යන්න ඕනෙ නිසා චූටි ටීචර්ල දෙන්න ප්ලෑන් කරල දීපු ගේමක් . . . !
ReplyDeleteහනේ මේ චූටි ටීචර්ලත් ප්‍රින්සිබල්ගෙන් 1 දා ගන්න කරන දේවල්.
ReplyDeleteඅපිට එක පාරක් ඔය වගෙ චූටි සර් කෙනෙක් ආව මාසෙකට වගේ චූටි කාලෙකට. අපි එයාට අපේ නම් කිවුවෙ මාරු කරලා. ඒ කිවුවෙ එයා අමල්ව දන්නෙ කමල් කියල, කමල්ව දන්නෙ අමල් කියල etc..
එයා යනකොට දීල ගිය රිපෝට් එක දැකල අපෙ පන්තිභාර මැඩම්ට පිස්සු වගේ. ඒ සර්ගෙ රිපෝට් එකේ හැටියට පන්තියෙ හොඳම ළමයි මහ එපා කරපු අය වෙලා. නරකම ළමයි හොඳ වෙලා.
( මාවත් හොඳ ළමයින්ගෙ ගොඩට දාල තිබ්බෙ )
චූටි ටීචර්ලාගේ මොළේ තමා මොළේ. ඔහොම තමා තැනේ හැටියට ඇණේ ගහගෙන ඉන්න අය :)
ReplyDelete@ කාංචන, ස්තුතියි මලේ, නොකිව්වට මොකෝ අනා ගත්තු ඒවා තමයි වැඩි
ReplyDelete@ දුමී, අය්යට තමයි වැඩේ තේරුනේ නේද?
ReplyDelete@ චානක, මකරෙක්ව හොඳ ළමයි ගොඩට දාලා තිබ්බා නම් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ
ReplyDelete@ හසිත,, හ්ම් හ්ම්,, සෙලාන් ටිකිරි මොළේ,
ReplyDeleteඅක්කේ හොදට පැලෑන් කරල වැඩේ දුන්නානේ.කීයක් දුන්නද ඒ මනුස්සයට හීක් හික්
ReplyDeleteඕං ඉතින් ගනන් අහන්න ගත්තා
ReplyDeleteකොහොම හරි වැඩේ ගොඩදාගෙන තියෙනවා නේද? අපටත් හදිස්සියකට ප්ලෑන් එකක් ඉල්ල ගන්න පුළුවන් වෙයිද?
ReplyDeleteබුලට් එකට හරියන බුලට්ම තියෙන්න එපැයි. ගෑණු උදවිය කට ඇරියම ඒක වහන්න පුඵවන් ගෑණු කෙනෙක්ටම තමයි.
ReplyDeleteහැබැයි ඉතින් ප්ලෑන් කරල කරපු දෙයක් නම් ඉතින් අනේ මන්ද....
@ ප්‍රියන්ත, හා හා බලමු බලමු
ReplyDelete@ outsider,,හ්ම් හ්ම් ,, ස්තූතියි
ReplyDeleteමරු මරු...
ReplyDelete:)
ස්තූතියි Ansh !!!
ReplyDeleteපොස්ට් එක කියෙව්වම කමෙන්ට් එකක් නොදා යන්න හිතුනේ නැ,
ReplyDeleteචූටි ටිචර් ලා ගැන මයියා ට තියෙන්නේත් සුන්දර මතකයක්, පොඩි කාලේ ගනන් වලට ප0ති ගියෙ නැති මයියා ට පන්තියට අලුතින් ආපු චූටි ටිචර් කෙනෙක්ගෙන් හොදට ගනන් ඉගෙන ගන්න ලැබුනා..එත් ඒ ටීච‍්ර ගියාට පස්සෙ මයියා ට ආයෙත් කෙල උනා,,ඒ උනාට පස්සේ කාලෙක නම් මයියා ගනන් කුප්පි දැමු බව කියන්න ඔනේ..
පිණිපලසේ ලිවීමේ රටාවට මයියා හරි කැමතියි, චුටි ටිචර් ට ජය
@ a_a_a , මයියාට ස්තූතියි, හැකි නම් පරණ ලිපිත් කියවා බලන්න.
ReplyDelete