හොඳටම බය වෙලා කියලා පේනවා නේද? එයාට දැනෙන්න ඇතිනෙ සනුහරේ කට්ටියගෙ ජීවන සුවඳ. හැබැයි අපි මෙයාව මෙතනට ගෙන්නුවෙ පරලෝකෙ යවන්න නෙමේ. ජීවිතේ බේර ගන්න.
මස් මාළු කන අපි මොන තරම් පව්කාරයොද කියලා හිතෙන්නෙ මේවගේ තැනකට ගියහම තමයි. ඒ හැම ප්‍රාණියෙකුටමත් ඇතිනෙ හිතක්. උන් ට ඒ ලේ සුවඳ ආපු මොහොතෙ පටන් මැරෙන කම්ම, කී වතාවක් උන් හිතෙන් මැරෙනවා ඇද්ද?
අපි මෙයාගෙ අයිතිකාරයට සල්ලි දීල ගෙදර ගෙනාවා. එහෙ ඉඳන් අපේ ගෙදරට ටිකක් දුර නිසා ලොරියක පටවලා ගේන්න උනා. එයාගෙ අයිතිකාරයටම අපි කිව්ව ලොරියට පටවලා දෙන්න කියලා. අනේ ඒ කෙනා ගිහින් කඹේ ඇල්ලුවා විතරයි මෙයාට මළ, මුත්‍රා දෙකම පිට උනා.
( ඒ සිද්ධියෙ වීඩියෝ එකක් නං තියෙනවා,, මේකට දාන්න බැහැ නෙ :( )
ඔය දෙවෙනි පින්තූරෙ තියෙන්නෙ ගමනට ලෑස්ති කරපු හැටි. ආ මෙයා වැස්සි පැටියෙක් හොඳේ. ලොරියට නග්ගගෙන අපි එන්න හදනකොටයි ඇඟ සීතල වෙන කතාව අහන්න ලැබුණෙ
. " මෙයා දෙපාරක් ම මස් කඩේට ඇවිදින් ආපහු ගියා මහත්තයා, ඒ දෙපාරෙම මස් වැඩියි කියලා මෙයා මරණෙන් බේරිච්චි එකෙක්",,, .
මගේ ජීවිතේට මේවගේ පින්කමක් කරපු පළමු වතාව මේක නෙමේ. මේ අපි නිදහස් කරපු හතරවෙනි එළදෙන. මුල් දෙවතාවෙම මේ අලුත්ගම මස් කඩය ආසන්නයෙදිත්, තෙවෙනි වතාව කළුතර බෝධිය මගින් කෙරෙන් පින්කමකදිත් මට, අපේ පවුලෙ අයට වාසනාව ලැබුණා ජීවිත හතරක් බේර ගන්න.
ඉහත ආත්මෙක කරපු පිනකට මේවගේ දන් පින්කරන්න හිතක් ලැබුණ එක මොන තරම් වාසනාවක්ද? ඒත් ඉතින් කරපු කරුම්වල මහත කියන්නෙ මටත් තවම බැරි උනා මාළු සහ කිකිළියො මම වෙනුවෙන් මැරෙන එක නවත්තන්න. ..
එක වතාවකදි හරකා වෙනුවෙන් මුදල් ගෙවන්න අපිට සිද්ධ උනා ඔවුන්ගෙ රාජකාරි අහවර වෙනකම් බලන් ඉන්න. පැය භාගයක් ඇතුලත හරකුන් දොළොස් දෙනෙකු පමණම පරලොව යවන්න තරම් ඔවුන් කාර්‍ය ශූර උනා. මම නම් වහනේට වෙලාම හිටියා, අපේ මහත්තයා ගියා චණ්ඩියා වගේ බලන්න, මෙන්න ටික වෙලාවකින් එයත් වාහනේට නැග්ගා. සත්තුන්ගෙ කුර, වල්ගා එහෙම වෙන වෙනම ගොඩ ගහලා කොහෙදෝ අරන් ගියා...
කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් කෙරෙන ගවයන්ට අභය දානය දීමේ පිංකම පැවැත්වෙන්නෙ කලෙකට ඉස්සර " ගව ඝාතකාගාරය " තිබුණු තැනලු. එහෙන් නිදහස් කෙරෙන ගවයින්ව තන්තිරිමලේ ට යවනවා. එහෙ ඉන්න කිරි ගොවීන්ට උන්ව බෙදාදෙනවා. අවශ්‍යතාවයක් තියෙනවා නම් පස්සෙ කාලෙක උනත් අපි නිදහස් කරපු ගවයා ගැන හොයා බලන්න පුළුවන්.
මීට වසර පහකට පෙර අපි නිදහස් කරපු පළමු සතා නම් දැන් මවක්. අපි දන්න කියන කෙනෙකුට තමයි දුන්නෙ හදාවඩා ගන්න. දෙවනි එක්කෙනත් දුන්නෙ කිරි ගොවියෙකුට. එයත් හොඳ සනීපෙන් ඉන්නවා. තුන් වෙනියා ගියේ තන්තිරිමලේ නේ. එයා නම් බලන්න යන්න බැරි උනා. මේ තමයි හතර වෙනියා. .
ඔය ඉන්නෙ ගෙදරට ආවට පස්සෙ .
මෙයව බලාගන්න දෙන්න කෙනෙක්ව හොයනකොට අපේ වඩු බාස් උන්නැහැ කිව්ව එයාගෙ ගෝලයට දෙන්න කියලා. ඔය ඉන්නෙ ඒ කෙනා තමයි. එයාගෙ ගෙදරටත් ටිකක් දුර නිසා අපේ කලූට ආයෙත් ලොරියක යන්න උනා. හිතන්න ඇති මේ වතාවෙ නං මස් කඩේටම තමා කියලා.
මේ බලන්න ගෙනියන්න හදනකොට අනේ මට නං බෑ කියලා බෙල්ල පොළවටම තියා ගත්තු හැටි.
මම කලින් වතාවක මස් කඩේ ළඟ ඉන්නකොට දැක්කා මරන්න හදන්කොට ඉන්නෙත් මෙහෙම තමයි. බලන් හිටපු අපි කාටත් අනේ,,, කියලා කියවුනා. ඒත් ඉතින් මේ ගෙනියන්නෙ හොඳට බලා ගන්නනේ. මරන්න නෙමෙයිනේ....
මෙයාව ලොරියට පටව ගන්න සෑහෙන වෙහෙසක් ගන්න උනා. අර විදිහටම සෑහෙන වෙලා බෙල්ල පොළවෙ තියා ගෙනයි හිටියෙ..
එයා නං හොඳින් ඉඳියි. ඒත් අනිත් සත්තු.
" මිස් සතෙක් නං ඉන්නවා, හැබැයි කළු පාටයි" ,නිදහස් කරන්න සතෙක් හොයන වෙලාවෙ උදව් කරපු කෙනා කිව්වා.
" ඉතින් ඇයි? "
" මිස් ,, සාමාන්‍යයෙන් නිදහස් කරන්න ගන්නෙ දුඹුරු පාට සත්තු" " කමක් නෑ... පාට මොක උනහම මොකෝ" මට නං හිතුනෙ එහෙම...
" මිස් මෙයා නොගත්තනං ඉස්සරහට එන උත්සව කාලෙ නිසා හෙට අනිද්දට අනිවාර්‍යයෙන් මෙයා කොක්කෙ!!! " අපි සල්ලිත් ගෙවලා පිටත් වෙන්න හදනකොට කෙනෙක් කිව්වා....
පුළුවන් කමක් තියෙනව නම් මහාචාර්‍ය නන්දසේන රත්නපාලයන් විසින් රචිත,
" මේ ජීවිතයේ දීම පලදෙන කර්මය " පොත හොයගෙන කියවලා බලන්න!!!
.
නං ගී
ReplyDeleteලෝ වැඩ සඟරාවේ තියෙනවා මෙහෙම
පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා
ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා
හිස සිදනේන ගිය සතෙකුගේ ජීවිතය බේරූ ඔබට එම පිනෙන් සසර වසන තුරු අකල් මරණයක් හිමි නොවේවා යි පතමි.
මේ වැඩ කරන මිනිස්සුන්ට මේ ජීවිතයේදීම පලදෙන හැටි මමත් අද්දැකලා තියනව . එක මනුස්සයෙක් හිටියා හරක් මස් වෙලඳාමෙන් ජීවත් වුන, මිනිහා කාගේදෝ පිහි ඇණුමකින් මිය ගියා. ඔහුගේ පියා සහ මවගෙන් තමයි මේ රැකියාව ඔහුට උරුම වෙලා තියෙන්නෙ අපේ තාත්තලගෙ මහගෙවල් ආසන්නයේ තමයි ඔය පවුල ඉඳල තියෙන්නෙ.
ReplyDeleteමිය ගිය කෙනාගෙ පියා ගවයින් ගස් බැඳල මරනකොට ඔහුගේ මවත් ඒවට ෆුල් සපෝට් එකලු ඒ මිනිහට නොදෙවෙනිලු ඒ ගැහැණියත් ඊටත් වඩා පුදුමෙ කියන්නෙ ඔය මැරුම් කාපු කෙනා සහ ඔහුගේ සහෝදරයිනුත් වැඩේට ෆුල් සපෝට්. තාත්තල පොඩි කාලෙ මෙයාල කරපු ගෝ ඝාතන අනන්තවත් දැකල තියනවලු. ඒ මිනිහ හරකගෙ මොළය පවා අනුභව කරනවලු. ඇට කටු පොහොර කරල ගේ එලිපත්තෙ ගොඩගහල තිබුනලු ඒවත් විකුණන්න ගෙනියන්න.
ඔහොම ඉන්නකොට මේ මනුස්සය(මිය ගිය කෙනාගෙ පියා) එක දවසක් කටින් ලේ දාගෙන වැටිල මැරිල(නන්දසේන රත්නපාල මහතාගෙ පොතෙත් තියන විදියට මීට ආසන්න ආකාරයට තමයි මේ අය මියගිහින් තියෙන්නෙ). ඊට පස්සෙ ඒ ගෑනු කෙනත් උමතුවෙන් වගේ ඉඳල ආගිය අතක් නැතිවෙලා. මැරුණු කෙනාගෙ සහෝදරයෙක් කොහේදෝ පලාතකදි වෙන කෙනෙක්ට තියපු වෙඩි පහරක් වැදිල මාස ගාණක් කකුලෙ බරපතල තුවාල එක්ක විඳවල විඳවල ඉඳල මැරිල ගිහිල්ල.
දැන් තමයි කතාවේ පුදුමෙනුත් පුදුම සහගත සිදුවීම!!!
ඉතුරුවෙලා ඉඳපු එක සහෝදරයෙකුගෙ පුතෙක් ඒ කියන්නේ ආරම්භක ගෝ ඝාතකගෙ මුනුපුරෙක් පාසල් අධ්‍යාපනය සාර්ථකව නිමකරල විශ්ව විද්‍යාල සුදුසුකම් ලබාගෙන අවුරුද්දක්වත් විශ්ව විද්‍යාලයට යන්න ලැබුනෙ නෑ ඔහුගේ ඇස් දෙකම නොපෙනී ගියා!!! මෙය ඇසීමෙන් මට ඇතිවුන කම්පනය මෙතෙකැයි කියල කියන්න බැහැ. තාමත් ඔහු එම ලෙඩේට ප්‍රතිකාර ගන්නව.
දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් කොහොමද මුකුත් නොදන්න මුණුපුරාට එහෙම උනේ කියල. ඔහු විසින් එම ඝාතනයන්ට අනුබල නොදුන්නත් ඇස් අන්ධ ඊමට තරම් බලවත් පෙර කරන ලද අකුසල් ඇති එම පුද්ගලයා ගෝ ඝාතනයට අනුබල දුන් ඔහුගේ පියාට දාව උපදින්නට ඇති එවිට ඔහුගේ අකුසල් පලදී ඇස් අන්ධවීම නිසා ගෝ ඝාතනයන්ට සම්බන්ද ඔහුගේ පියා ජීවත් වන හැම තත්පරයකම විඳවනවා නොවෙද මැරි මැරී උපදිනවා නොවෙද!!! ඒක නිසා තමා කරන අකුසල් තමා පසුපස එන බව අයෙකුට ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ කරගැනීමට මෙය කදිම නිදසුනක්.
මේක සත්‍යම සත්‍ය කතාවක් අදාල ප්‍රදේශයේ අය මේ සිද්ධිය හොඳට දන්නවා.
කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිණිසේ...
ඔවුන් කල අකුසල් ඔවුන් පසුපස ගියාක් සේ
ReplyDeleteඔබ කරගත් මේ කුසල කර්මයන්ගේ සැප විපාක ඔබ පසුපස ඒවි!!!
අභය දානය, අගනා කුසල කර්මයක්. හරිම ඉහළයි නංගී.
ReplyDeleteඇත්තටම මේ වගේ දේවල් දකින්න අපත් පින් කරලා තියෙනවා වගේ. මමත් ප්‍රාර්ථනා කරනවා මේ කරගත්තා වූ කුසලකර්මයෙන් ඔබලාගේ අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා....
ReplyDeleteloku pinak... nawa wasara obata jayam patanawa...
ReplyDeleteඔන්න මමත් අනුමෝදන් වුනා.. මේ කළාවූ කුසල කර්මයෙන් උපදින භවයක් භවයක් පාසා අකල් මරණ සිදු නොවේවා.........
ReplyDelete@ කතන්දර අයියා, කණිෂ්ක, ගල්මල් අයියා, බුද්ධි,ඉන්දික සහ කාංචන
ReplyDeleteඔබ සියළුදෙනාට බොහොමත්ම ස්තූතියි,,,,
පිං කරන්න හිත තිබුණට බර පැන දරන්නෙ අපේ මහත්තයා, ඒ නිසා එයාටත් ගොඩාක් පිං !!!
මේ හොඳ වැඩේ ඇත්තටම ගොඩක් අගයකරනවා. හොඳ දේවල් ගොඩක් කරන්න ඕනෙ කියල හිත හිතා ඉන්න මට වඩා නම් ඔයාලා ගොඩක් ඉස්සරහින්.
ReplyDeleteසුබපැතුම්...!
මොනා උනත් ඔයවගේ වැඩ කරන එක නම් අනුමත කරන්න බෑ. ඕනෙම සතෙක් ජීවත් වෙන්න කැමතියි.
ReplyDeleteසතෙක්ගේ ජිවිතය බේර ගන්නවා කියන්නේ ලොකු පුන්‍ය කර්මයක් !!!
රත්නපාල මහත්තයගෙ පොතනම් කියවල තියෙනව.
ReplyDeleteඒත් ඉතින් මේ වැඩ කරන මිනිස්සුන්ට ඒව නතර කරන්න බෑ.
කියන්න බොහොදේ සිතුනත් පොස්ට් එකයි ෆොටෝ ටිකයි දැක්කම ලොකු කතාවක් කියවුනා. අපි දැක හෝ නොදැක දවසකට සතුන් කීයක් මේ ගමන යනවා ඇත්ද. ඒ සියල්ල අපට බේර ගන්න බෑ තමා. ඒත් අපි මේ මස් කන එක නැවත් වන්න බැරිනම් මේ සතුන්ගේ ජීවිත නැතිවීම වලක්වන්න බැරි වෙයි.
ReplyDeleteනන්දසේන රත්නපාලගේ පොත මමත් කියවලා තියෙනවා. තමන් කරන දේ තමා හැමෝම අරන් යන්නේ. කාටවත් කරදරයක් නොවී ඉන්න පුලුවන් තරම් උත්සහ කරන එක තමා අපි කරන්න ඕනේ.
ReplyDeleteඅක්කයි අයියයි කරගෙන යන මේ සත් කාර්යය මීටත් වඩා හොඳට සාර්ථකව කරගෙන යන්න හැකිවෙන්න කියලා පතනවා :)
අදහස් තබා ගිය ඔබ සැමට පිං ,,,,,
ReplyDeleteඔන්න අද තමා ඉස්සෙල්ලම මම මේ පැත්තට ආවේ, එනකොටම දැක්කේ අගයකලයුතු වටිනා වැඩක්.
ReplyDeleteමේ වගේ වැඩක් කරනකොට ලැබෙන ආත්මතෘප්තිය ගැන විස්තර කරන්න වචන නැතිව ඇති ඔබ දෙපලට, මෙවැනි දෙයක් අප සමග බෙදාගැනීමෙන්, අප සිත් තුලත් මෙවන් ක්‍රියාවකට යොමුවන්නට සිතුවිල්ලක් පහලවූවානම් එයත් ඔබේ ජයග්‍රහණයකි.
මෙවැනි දේවල් තවතවත් කරන්න හැකිවේවා කියලා ම්ම ප්‍රාර්ථනා කරනවා.