Thursday, 6 January 2011

ලොකු ඉස්කෝලෙ

නිමාලි අත තිබූ ලිපි ගොනුව දෙස කිහිප වරක්ම බැලුවාය. උප්පැන්න, විවාහ සහතික, ඡන්ද ලැයිස්තු, ලයිට් බිල්, දහසකුත් දේ එහි තිබේ. දරුවා ගේ පාසලේ සම්මුඛ පරීක්ෂණය අද

නිමන්තට ගානක් වත් නැති හැටි. මේ ගොඩේ ඉස්කෝලෙට ළමයව යවන්න හිත හදාගන්නෙ කොහොමද? ජාතික පාසලක් බැරි නම් අඩුගානෙ මහා විද්‍යාලයක් වත් වෙන්න එපැයි. 
 "අපි නං ඕබී එකට බැඳිල ඉන්නෙ. කමල් ගියෙත් ඒ ඉස්කෝලෙට නෙ, සල්ලිත් ටිකක් දුන්න , වැඩේ හරියයි වගේ,,,," 

එහා ගෙදර රසිකගෙ ආඩම්බර මූණෙ හැටි,මතක් වෙනකොටත් තරහෙ බෑ. එයා හිතන් ඇත්තෙ අපිට ඕව කරන්න බෑ කියල. කොහෙද මේ අපේ එක්කෙනා ගෙ නැහැ නෙ කිසි උනන්දුවක්. 

අනේ මේ හොර ඇඩ්‍රස් හදල මට නං බෑ හිරේ යන්න. මෙන්න මේ ළඟ තියෙන ඉස්කෝලෙට දාලා ,පස්සෙ පහේ විභාගෙන් වෙන එකකට දාමු, නිමන්තගෙ කටේම තියෙන්නෙ ඔය බණේ.
මට නං අහලත් ඇති වෙලා. ඇයි අනේ ඒකෙන් ළමය පේල් උනොත් එහෙම,,, ඔච්චර පොඩි කාලෙ විභාග වලට මරවන්න මට නං බෑ. 

අපේ පුතා පහේ විභාගෙන් පාස් වෙයි,, 
ඒත් අනේ ටිකක් උනන්දු උනා නං මේ වැඩේ අපිට බැරි වෙන්නෙ නැහැනෙ..
හපෝ මට නං බෑ. හිරෙත් යන්න පුළුවන් වැඩ ඕව නං.. 


නිමාලි පිටව යන දෙමාපියන් දෙස විමසිල්ලෙන් බැලුවාය. ඔවුන්ගේ මුහුණු විවිධාකාරය. ඇතුලේදී අසන්නේ කුමන ප්‍රශ්ණදැයි අසන්නටවත් කෙනෙක් නැත. ඉදිරිපත් කරේ වෙනත් ලිපිනයක් නිසා නිමන්ත එකහෙළාම කීවේ එන්නට බැරි බවය.

වරදින එකක් නෑ සෝමරත්න මහත්තයා අහළ පහළ අයගෙ විස්තරත් කිව්වනෙ.
අනික සෝමරත්න මහත්තයාගෙ මස්සිනා මේ ඉස්කෝලෙ සර් කෙනෙක්ලුනෙ. එයාගෙ ගෙවලුත් ඒ අහළ පහළයි කිව්වෙ..


 නිමාලි ජයසුන්දර,,,, ඒ හඬ ඇහුනෙ හීනෙන් වගේ. මොකට බයවෙනවද? බය බවක් පෙන්නන්න හොඳ නෑ. 


~~~~~~~~~~~~~ කාටත් ඕනෙ මහා විද්‍යාලයකට තමන්ගෙ දරුවන්ව දාගන්න තමයි.

තප්පර කල්ප කෝටියකට විතර පස්සෙ එහෙම කවුදෝ කියනවා නිමාලිට යාන්තම් මතකයි. හිතේ දහිරියට ඇවිදගෙන ආවට ළඟ තිබ්බ පුටු අතටත් වෙර අරන් තමයි වාඩි උනෙත්. මුලින් ඇහපු ප්‍රශ්ණ මොනවද කියලා මතකත් නෑ. නිමාලිට මතක ලිපි ගොනුව අතට ගත්තු කළු , මහත සර් ට හිනා යන බව විතරමයි. 

මේ ගෙයි කොච්චර කලක් හිටියද?
අවුරුදු පහක් සර්. 
මේ අර සෝමරත්න මහත්තයාගෙ ගෙදර නේද?. 
ඔව් සර්,, ඊට පිටිපස්සෙ තමයි අර මේ ඉස්කෝලෙ උගන්නන ලියනගේ සර් ගෙ ගෙවලුත් තියෙන්නෙ.
එතකොට ඔයා මාව අඳුරන්නෙ නැද්ද?
නැහැ සර්..
ලියනගේ සර්ගෙ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නෙ මමනෙ, අපි ඒ ගෙදර පදිංචි උනේ මීට අවුරුදු විස්සකට ඉස්සරනෙ. 


ෆයිල් එක පෙරල පෙරල හිටපු සර්ට නං හිනාව නවත්තගන්නම බැරි උනා.

 දෙයියො වැඩල වගේ නිමන්ත ගේට්ටුව ළඟ. මම හිතුව ඔහොම වැඩක් වෙයි කියල. ඒකමයි මම මෙතනට ඇවිත් හිටියෙ , මදැයි ඔයින් ගියා. 
ඔක්කොමත් ඉවසන්න පුළුවන් නිමන්තගෙ පල් හිනාව,,,,,,,,,,,,,,,,හ්ම්...

10 comments:

  1. අපොයි ඔව් ඔය ලොකු ලොකු ඉස්කෝල වලට දාගන්න හදන උන අපේ පැත්තේ අයටත් තියෙනවා. ගමේ ඉස්කෝලෙ හිටියා නම් හොදට විභාග පාස් වෙලා හොද තැනකට යනවා. ටවුන් වලට ගියාම එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා ළමයි නිස්කාරනේ නාස්ති වෙනවා

    ReplyDelete
  2. තවත් පොදු ලොකු කතාවක් පුංචියට හා ලස්සනට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇත්තෙන්ම අපේ පාසැල් ක්‍රමයේ ඇති ලොකු කඩතොළුවක් නිසා මහජනතාව මේ තත්වයට තල්ලු වෙන්නේ, ඒ නිසාම මිනිසුන්ට දොස් කියන්නත් බැහැ. හිතන්න කරුණු ගොඩාක් ඇති කතාවක් නංගී.

    (මේ ලඟකදී ඇමැතිවරුන් ද ඉල්ලලා තිබුණා ඔවුන්ටත් ප්‍රසිද්ධ පාසැල් වලට ලමුන් ඇතුලත් කරන්න පුලුවන් කෝටා ක්‍රමයක් අවශ්‍ය බව)

    ReplyDelete
  3. අපි ඉස්කෝලේ ගිය කාලේ වගේ නෙවෙයි දැං (මම ඉස්කෝලෙන් අයින් වෙලා වැඩි කල් නෑ හැබැයි)

    ඕකයි අද සමාජේ යන විදිය.. කවුරු කවුරුත් බලන්නේ හොඳ හොඳ ඉස්කෝල.. ඔහොම යන කොට ගම්වල කියෙන ඉස්කෝල වහන්නයි වෙන්නේ..

    කොහේම වුනත් මේක තමා යථාර්තේ....
    ජය වේවා...!!

    ReplyDelete
  4. මට නං ඒ දවස්වලම හිතිල තිබුණු දෙයක් තමයි ඔය ආනන්ද, රෝයල් වගේ ජනප්‍රිය පාසල්වල බ්‍රාන්චස් දාන්න බැරිද කියල හැම ප්‍රදේශයකම?

    ඔන්න දැන් තියෙන ලයිසියම් වගේ ඒව ඒක කරල!

    ReplyDelete
  5. අපේ අයට මොනව කිව්වත් දුවන්නේ නම පස්සෙන් තමා. හොඳ නමක් තියෙන ඉස්කෝලෙකට ගිහින් විභාග ෆේල් උනත් කියන්නේ ගියේ අර ඉස්කොලෙට කියලනේ....

    ReplyDelete
  6. මමත් මගේ දුවව ළඟම තියෙන පුංචි ඉස්කොලෙට දැම්මා. නෝනගෙ මූණ නම් තාම හතරැස්. (නෝනට තියෙන ප්‍රශ්න)
    ෂකේ.... මටත් තිබුනේ ඕන එකකට දාගන්න කියලා ඔය වගේ යවන්න.......

    ReplyDelete
  7. හැමටම ස්තූතියි අදහස් තබා ගියාට, මේ ඇත්ත සිද්ධියක්. අපේ තාත්තා උගන්නන කාලෙ වෙච්චි.

    ReplyDelete
  8. මම හිතුවේ අක්කට වුන දෙයක් කියලා. ඒත් මම කල්පනා කරේ දූ තවම පොඩියි නොවැ කියලා. මේ තියන ඉස්කෝල ක්‍රමය ගැන නම් මගේ කිසිම පැහැදීමක් නෑ. මොනව කරන්නද. විකල්පයක් නැහැනේ.

    ReplyDelete
  9. අන්තිමට දා ගත්ත කියමු. පොඩ්ඩ්ඩ උදේ 5 ට නැගිටල පැයක් දෙකක් වෑන් එකේ. ගෙදර එන්නේ සිස්සත්තෙටත් ටුයුශන් ගිහින් 7 - 8 වෙලා. කෝඉ ඌට ළමා කාලයක් ???

    ReplyDelete
  10. දැන් කාලේ දෙමව්පියන්ගේ ලොකු සිහිනයක් තමා තමන්ගේ දරුවා ජනප්‍රිය ඉස්කෝලෙකට යනවා කියන එක

    ReplyDelete