නු පූදා මිය ඇදුණ
ළදල්ලකි සෙනේහය
ඒ නමුදු මුදු සුවඳ
හිත පුරා ගලා යන...
ගව් ගනන් දුර ඇදෙන
අතීතෙක නොවන මුදු
දෑත දිගු නැති ඉමේ
සරා සඳ එළිය නුඹ...
අමාවක අහසකට
හීන් තරු එළි කුමට
හීන් තරු එළි කුමට
විඩෙන් විඩ එළිය දෙන
කදෝපැණි එළිය නුඹ ...
දෑත දිගුකර යළිත්
ඈතටම පිය මනින
සුමුදු රළ පෙළ නුඹය
සිතිජයේ සැඟව යන...
හිතක නැති උණුහුමට
තවත් ගී වැල් කුමට
යළිත් දුටුවොත් දිනෙක
සිනාසෙනවා මිසක... !!!
බිඳුනු දා සෙනෙහස...
ReplyDeleteතවත් දුක් වෙනු කුමට..
ලබා උපන් හැටි මෙයද..
කියන්නද මෙය කාට...
හිතක නැති උණුහුමට
ReplyDeleteතවත් ගී වැල් කුමට?
වෙහෙස වෙන්නේ කුමට
විරහ ගී ලිවීමට..!
අපමණ සයුරේ ඈතට නොගිහින්
ReplyDeleteසිතැති වෙරළ දකින්නට අවුදින්
හැප්පී හිත්පිත් නැති ගල්පරතරින්
සුන්වී යන්නේ කිරිපෙන විලසින්
ලස්සනයි පදපෙල. ගොඩාක් රසවින්ඳා නංගී.
@ ප්‍රියන්ත අයියා, කලිකාල, ගල්මල් අයියා
ReplyDeleteබොහොම ස්තූතියි සහයෝගයට
හැමෝම කවි වලින්ම කමෙන්ට් දාලා ගිහින්... මට කවි එන් නෑලූ:(...
ReplyDeleteඒ මොනව වුනත් හරි අක්කගේ කවි ටික සිරාවටම ලස්සනයිලු... ආ.. කදෝ පැණි එලිය කියන්නේ මොකක්ද...
ආ,,, ඒ කියන්නෙ අර පස්ස පැත්තෙ ලයිට් එකක් තියෙන සතා නෙ පුතේ :D
ReplyDeleteකවි එයි යැ පුතා බිසී වෙලා තියෙන තරමට, මොකක් හරි ලියපියෝ .... :D
අපි අපිට අහිමි වන
ReplyDeleteනමුදු මා ප්‍රිය සොඳුර
ආදරෙයි මම තාම
සාගරය විලසින්ම
තැන්කූ හරි අක්කේ වචනෙ තේරුම කිව්වට... මට ඕක ගොඩක් කාලයක් ඉඳන් හොයාගන්ට ඕන වෙලා තිබුන වචනයක්... මේ දවස් ටිකේම සෑහෙන බිසී වෙලා තිබුනේ අක්කේ... අදත් වැඩ... වැඩවලට වඩා හිත බිසී වෙලා තියෙන්නේ... ලංකාවට යන්ටත් ලඟයිනේ... අක්කා තවම ලංකාවෙද... ආපහු ආවද....
ReplyDeleteකදෝපැණියා (fire fly) කියන සතා/කෘමියාට කළාමැදිරියා, කණාමැදිරියා කියලත් කියනවා නේද?
ReplyDeleteපහන්ටැඹ වෙරළ ඉම,
ReplyDeleteනුඹෙ එළිය දකිමි මම,
ගනඳුරේ සැඟව යන,
යලි නො එන ඔරුව මම,
ලස්සනයි අක්කේ....කවි ලියන්න ගලපන්න අපිට හුරු නෑ නෙවැ...නැත්නම් අපිටත් කවියක් කුරුටු ගා යන්න තිබුනා.
ReplyDeletethank you all,,, :)
ReplyDelete