Monday 7 February 2011

ලෝක විනාසෙ

සුභසිරි වල් පැල නෙලීම මඳකට නවතා මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. 

" ඇත්තද 2012 ලෝක විනාසෙ වෙනවයි කියන්නෙ ?"


සුභසිරි යනු අපේ ගෙවත්තේ වැඩට උදව්ව් වෙන මිනිසෙකි. වයස අවුරුදු හැටක් පමණ වේ. මෝඩයෙකු යැයි කියා හංවඩු ගැසුනද සුභ සිරි විටෙක කියන කතා පිළිබඳව අපට නම් එසේ නොසිතේ.


" අනේ මංදා,, එහෙම තමා ඔය පත්තර වල තියෙන්නෙ " මම කීමි.

" කොහොමද ඒක වෙන්නෙ? ගං වතුර ගලලද? මුහුද ගොඩගලලද? 

ගිනි කන්දක් පුපුරලාද? "

ඔහුට ප්‍රශ්න රැසක් ඇත.. 

 "කොහොම හරි වෙයි" මම කීවෙමි.

" මෙහෙට සුනාමි එන්නෙ නැහැ නෙ" ඔහු එසේ කීවේ කලින් වතාවේ සුනාමියෙන් අපේ ගම්වාසීන්ට කරදරයක් නොවූ නිසා වන්නට ඇත.


" ඉතින් ලෝක විනාසෙට එන සුනාමියක් නම් මෙහෙට නෑවිත් ඉන්න එකක් නැහැ "


"එතකොට අපි මැරෙයිද? "


" ලෝකෙම විනාස වෙනවා නම් අපි විතරක් ඉඳලා මොකටද?"


" කුමාර මහත්තයාට නම් එහෙම වෙන එකක් නැහැ නේද? "


"ඒ මොකද එයා විතරක්? "


" ඔය
කුමාර මහත්තයා තට්ටු ගෙවල් හදන්නෙ අපරාදෙනෙ එහෙනං. එක්කො ඒව ලෝක විනාසෙට කැඩෙන එකක් නැහැ. "

සුභසිරි තමාගේ අවසාන නිගමනයට එළඹියේ එසේය.
.


 රහසින්- කුමාර මහත්තයා ආණ්ඩුවේ ලොක්කෙක් ලු..

10 comments:

  1. රහස හන්ද තමා අග මුල ගලප ගත්තෙ.

    ReplyDelete
  2. එහෙනම් කුමාර මහත්තයාගේ ගේ කැඩෙන එකක් නෑ.
    ලෝක විනාශේ ගැන මමත් ලියල තියනවා. මතකද?

    ReplyDelete
  3. ආණ්ඩුවේ කෙනෙක් නම් ලෝක විනාශයෙන් බලපෑමක් එන්ට විදිහක් නෑනේ... කවුද කියන්නේ සුභසිරි මෝඩයෙක් කියලා....

    ReplyDelete
  4. සුභසිරි අහිංසක කමට එහෙම කිව්වට,සමහරු ගොඩගහන්නේ ලෝකේ විනාශ වුනත් තමන්ට ෆයර් වෝල් තියෙනව කියල හිතාගෙන.

    ReplyDelete
  5. @ පිණිබිඳු
    හොඳ වෙලාවට මං ඒක කිව්වෙ
    @ ප්‍රියන්ත
    මටත් හිතෙන්නෙ එහෙම වෙයි
    @ පුතා
    පුතා දැක්ක කල් .....රහසින් - එයා තමයි ආණ්ඩුවෙ බස් බලා ගන්නෙ :D
    @ ඔබ්සවර්
    නොමැරෙනවයි කියලා හිතාන ඉන්න තව කොච්චර ඇත්තො ඉන්නවද අයියෙ

    ReplyDelete
  6. තට්ටු ගෙවල් හදන්නෙ, කුමාර මහත්තයා ද, සමින්ද මහත්තයා ද?

    ReplyDelete
  7. කුමාර මහත්තයාගෙ ගෙයි තට්ටු වැඩියි කියලා සුභසිරි කියන්නෙ :D

    ReplyDelete
  8. සුභසිරිලාට මේවා පේනවා කියලා කුමාර මහත්තයාලාට හිතෙන්නේ නැති එකයි නේද ප්‍රශ්ණය.

    ReplyDelete
  9. අනේ මන්දා . කියලත් බැහැ. නොකියත් බැහැ. :D

    ReplyDelete
  10. කුමාර මහත්තයාව පොඩ්ඩක් අදුරගත්තා නම් හොඳයි වගේ............

    ReplyDelete