අපේ මහත්තයා නොරටේ ගිහින් අවුරුදු අටකට පස්සෙ මටත් සිද්ධ උනානේ එහේ ගිහිං පදිංචි වෙන්න. සිද්ධ උනා කිව්වේ මම එහේ ගියේ නොගිහින් බැරිකමට හින්දාමයි.
ගිය අලුත අපිට ඕනා උනා ගෙදරට පුටු සැටියක් ගන්න. කීප වතාවේ ගිහින් කඩ දෙක තුනකම බැලුවා. අපේ ගානට හරියන, අපි කැමති විදිහේ එකක් හොයා ගන්න දවස් කීපයක්ම රස්තියාදු වෙන්න උනා.
අපි ඉතින් සාප්පු සවාරි යන්නෙ ගොඩක් වෙලාවට රාත්‍රි කාලයේදි තමයි. ඔන්න දවසක් එක කඩේක අපිට උවමනා ජාතියේ පුටු තිබුණා.....
කඩේ අයිති කාරයා වෙන අරාබි රටක කෙනෙක් වගේ. ඕං එතකොට තමයි සංනිවේදන අවශ්‍යතා මතු උනේ. අපි හිතුවෙ ඔය ඉරාන, පලස්තීන වගේ දිහාවක වෙන්න ඇති.
අවුරුදු ගානක් එහේ හිටියත් අපේ ගෙදර එක්කෙනාට හරියට එහේ බාසාව කතා බහ කරන්න බැහැ. මලබාරියො වැලි ගානට ඉන්න දිහාවක් වෙලත් අපේ එක්කෙනාට ඒ බාසාවත් බැහැ. දන්නෙ ඉතාම සුළුවෙන් පාරක් තොටක් අහගන්න වගේ යමක් විතරයි.
එයා වැඩ කරන්නෙ අරාබීන් ගේ කොම්පැනියක උනාට එහෙ වැඩකටයුතු කෙරෙන්නෙ ඉංග්‍රීසියෙන් වීම මේ ගැටළුවට හේතුවක් මගේ හිතේ...
ඔය ඉතින් පුරුෂ පක්ශෙ කට්ටිය අකමැතිම දෙයක්නේ නොදන්නා බවපෙන්වීම. තමන්ගේ නෝනා අහල පහල ඉන්නවා නම් මේ ගතිය වැඩි. එහෙ ඉන්න කඩ කාරයින්ටත් ඉංග්‍රීසි මෙලෝහසරක් බැරි උනාට හින්දි නං ටිකක් පුළුවන්.
ඔන්න ඉතින් අපේ එක්කෙනා ගනන් ඇහුවා හින්දියෙන්. දැන් ඉතින් ඒගොල්ලොත් හිතන්න ඇති අපි ඉන්දියාවෙන් කියලම. මම නම් ඉතින් යාන්තම් වචනෙක්ට , දෙකකට වැඩිය දැනගෙන හිටියෙම නෑ.
සංවාදය කෙරුනෙ තනිකරම හින්දියෙන් !!!
එතන තිබුණෙ එක පුටුවයි. අපිට ඕනෙ දෙකක්..
" තව පුටු තියෙනවා ගබඩාවෙ. ඔක්කොම මේ පාට තමයි. පුටුවල සයිස් එක නං පොඩ්ඩ පොඩ්ඩ වෙනස්. අද සල්ලි ගෙවලා ගියහම හෙට පුටු දෙකම ගෙදරටම ගෙනත් දෙන්නම්. අදම ගෙනත් දෙන්න බැරි කඩේ ලොරිය අද නගරයෙන් පිට ගිහින් තියෙන නිසා. ගෙදරට පාර හොයා ගන්න හවසට අපි මහත්තයාට කෝල් එකක් දෙන්නම්"
ඔන්න ඔය ටික තමයි කඩේ ගොයියා කියලා තියෙන්නෙ. මහා බරපතල හින්දි වචන ඔය විදිහට ඉතාම සරලව මට ඉදිරිපත් කරේ අපේ මහත්තයා...
අපි ඉතින් සල්ලි ගෙවලා ගෙදර ආවා. පහුවදා වාහනෙත් හෝදගෙන, ලී බඩු කඩේටත් ගිහින් එන්නම් කියලා අපේ එක්කෙනා හවස ගියා. ඔන්න තව පැයකින් විතර පුටු දෙකයි, අපේ එක්කෙනයි ගෙදර ආවා. ආවෙ බිම බලාගෙන. මොකක්ද අවුල කියලා මට තේරුණේ නැති උනාට ගැටළුවක් තියෙන බව පෙනුනා.
" හරි වැඩේ නෙ වෙලා තියෙන්නෙ. පුටු දෙකේ පාට ටිකක් වෙනස්."
" ඉතිං ඔයා මේක ගෙදරට ගේන්න කලින් බැලුවෙ නැද්ද?" යාන්තම් ගොරවන ගමන් මම ඇහුවා.
" බැලුවා. මේ මිනිහ කියනවා එදා මට ඒක කිවාලු"..
." එදා කිව්වෙ සයිස් එක පොඩ්ඩක් වෙනස් කියලනේ"
" මිනිහා කියලා තියෙන්නෙ පාට පොඩ්ඩක් වෙනස් කියලනේ"
බොහොම හෙමින් තමයි ඒ අන්තිම වගන්තිය මට ඇහුනෙ. ඔන්න ඔහොම තමයි අපේ මහත්තයා නොදන්නා හින්දියට ගිහින් වරිගෙ නහ ගත්තෙ. ඒ පාටදෙකේ පුටු දෙක අවුරුදු දෙකක්ම අපේ ගෙදර තිබුණා..
කවුරුත් වගේ උපන්දිනේට යමක් ලියන හින්දා ඔන්න මමත් ලිව්වා. අවුරුද්දකට ලිපි හතලිහක් කියන්නෙ ඉතාමත් ටිකයි. ගෙදර දොරේ වැඩත් එක්ක මෙච්චරත් මදැයි නේද?
බොහොම නිදහසේ රස්සාවක් කරගෙන හිටපු මම අරාබියේ ගෙදරක තනි උනහම මට දැනුනෙම මම ටැංකි මාළුවෙක් වගේ. හිතේ හිරවෙච්චි දේවල් කියාගන්න , ලියාගන්න විදිහක් නැතුව ඉන්නකොට අහම්බෙන් අඳුරාගත්තු අක්කණ්ඩි කියදුන්නා සිංහල අකුරු ලියන විදිහ. බ්ලොග් පිටුව බෙදා ගැනීම පවා කියාදෙමින් කියන්න බැරිතරම් උදව් කරේ කතන්දර අයියා...
තව බොහොමයි එදා මෙදාතුර මෙහෙ ඇවිත් සටහන් තබාගිය හැමට පිං. අඩුපාඩු කියාදී මඟ පෙන්වන අය අතර ගල්මල් අයියා, මගේ මතක ලියන ප්‍රියන්ත විශේෂයි. අනෙක් හැමදෙනාටත් මෙන්න මගේ ආචාරය සහ ස්තූතිය.. .

අද ලියාපු සටහන මඩක් වගේ පෙනුනට මම මේක ලිව්වෙ තමන්ගෙ දහසකුත් වැඩ අතර මට ලියන්න උදව් කරපු ඉහත කී දෙදෙනාට උපහාරයක් පිණිස. ඒ තමයි සයිබරයේ මම මුලින්ම අඳුරාගත්තු යහපත් මිනිසුන් දෙදෙනා.
පාට දෙකෙන් උනත් මොකෝ කකුලක් දෙකක් අඩු වෙන්නැතුව පුටුව ගෙනාවා. අවුරුද්දෙ උපන්දිනේට සුභ පැතුම් මගෙන්.
ReplyDeleteඅපෙන් සුභ පැතුම්!
ReplyDeleteමේ රටේ ඉන්න ඉන්දියන් නොවන බොහෝ අයත් හොඳට හින්දි කතා කරන නිසා අරාබි වගේම හින්දි බහුලව පාවිච්චි වෙනවා. බොහෝ වෙලාවට අපිව ද ඉන්දියන්කාරයින් හැටියට වැරදියට හඳුනාගෙන කඩකාරයින් හින්දියෙන් කතාකරනවා. හැබැයි "මලයාලියා" (මලයාලි කාරයෙක්ද) කියලා කේරල උන්දැලා ඔවුන්ගේ බාසාවෙන් අහන වෙලාවට තමයි ඒ වේල්ලේ උඩටම උතුරලා සොරොව් දෙරවල් ඇරෙන්න දැඟලන්නේ.
ටැංකියකියේ තරංගා ඇති කරමින් හැඩට පීනුවත් මාලූන්ගේ අසරණකම දකින විට හිතෙන් දඬුවම් විඳින වාර අනන්තයි... අප්‍රමාණයි.
සිංහල බ්ලොග් අවකාශය අපිට අපේ බසින් අපේකම දකින්න සලස්වන වටිනා කවුළුවක්, එය ලස්සන කරන්න අපි එකිනෙකාට උපකාර කරන එක අපේ යුතුකමක් නංගී. ඔබේ විශේෂ සටහනට සටහනට ස්තුතියි.
සුභ උපන්දියක් වේවා....!!
ReplyDeleteකොමෙන්ට් දැම්මේ නැති වුනාට මම කියවනවා...
ජය වේවා...!!
නොදන්න හින්දියට ගිහින් පුටුව කඩා ගන්ණව කියන්නේ මෙහෙම වැඩවලට වෙන්න ඇති.
ReplyDeleteඇනිවසරි එකට මගේ සුභ පැතුම්!
ඉතින් පාට දෙක වුණාට මොකෝ ඉඳගන්න පුළුවන්නම්
ReplyDelete"ඒ පාටදෙකේ පුටු දෙක අවුරුදු දෙකක්ම අපේ ගෙදර තිබුණා.."
ReplyDeleteහී හී, ඊට පස්සෙ මොකෝ වුණේ ඒවට. අනුන්ගෙ ගෙදරකට ගියාද ?
හැම දේටම කලින් අවුරුද්දට සුභ පතල ඉන්නම්. මටත් මතක නෑ කොහොමද මේ බ්ලොග් එක කියවන්න ගත්තේ කියල. ඒත් ඉතින් හැම පොස්ට් එකම කියවලාතියනවා.
ReplyDeleteමේකේ මඩක් පේන්න නෑ. එහෙම තියනවනම් මහත්තයාටනේ. ඒ කියන්නේ නොනටත් ඒකෙන් ටිකක් වදිනවා......
@ පිණිබිඳු බොහොම ස්තූතියි
ReplyDeleteඒකත් ඇත්ත තමයි
@ ගල්මල්
බොහොම ස්තූතියි අයියේ
@ සෝරෝ
බොහොම ස්තූතියි මල්ලී
@ කතන්දර
ඔන්න කියමන !
බොහොම ස්තූතියි අයියේ
@ මකරා
අපේ දෝණියන්දැ ඒ පුටු දෙකේ නිතරම කෑම ජාති, වතුර එහෙම හලන්න ගත්තට පස්සෙ පරන සබන් කෑල්ලට යන්න කියලා පිරිසිඳු කරන්න ලේසි පුටු දෙකක් ගෙනාවා.
@ ප්‍රියන්ත
බොහොම ස්තූතියි අයියේ
"ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට" !!
ආ මඩ ගැහුවේ අපේ හබීටනේ අනේ
සුභ පැතුම්.
ReplyDeleteමගෙනුත් සුබ පැතුම්, හරී
ReplyDelete@ රවි අයියා, ඔබ්සවර් අයියා
ReplyDeleteබොහොම ස්තූතියි :)
සුභ පැතුම්..රයිටර්ගෙ ලෙඩේ නොසෑදේවා..!
ReplyDeleteබොහොම ස්තූතියි.. ඔබටත් එසේම වේවා!!!
ReplyDeleteපොඩි කෝචොක් කතාවක් වුනාට හොද උපදේසෙකුත් ගැබ් වෙලා තියෙනවා - වගේම අපට මේ වාගේ නුපුරුදු තැනක බඩුවක් ගන්න ගියත් ඔය ටිකම තමයි
ReplyDeleteඒ වගේම සුභ පැතුම් මගෙනුත්
හනේ මගේ තත්වේ ඔයිටත් අන්තයි...
ReplyDeleteසිංහල ඇරුනහම අනෙක් බාසා දන්නා නොදන්නා ගානයි...
හින්දි මලයාලි නං අණ්ඩර දෙමලම තමා...
ඒකටත් එක්ක ලොකු කොලුවා දෙමලත් එක්ක බාසා තුනහතරක්ම ඉගෙන ගන්නවා...
ගල්මල් අයියා කියන්න තිබූ ඔක්කොම කියා තිබුණා..
හෙහ් හෙහ් හෙහ්...
@ සිංහල පද්‍ය රටා, තිස්ස අයියා
ReplyDeleteබොහොම ස්තූතියි
මට පේන්නෙ තිස්ස අයියත් අක්කගෙන් බැනුම් අහලා තියෙනව වගේ :D :D
හප්පා... බෝම ප්‍රමාද වෙලා එන්න උනේ.
ReplyDeleteඇනිවසරි එකට සුබපැතුම්!!!!!
දැං එතකොට තිස් අටයි+හතරයි හතළිහද?
(සමහරවිට අර කොට්ටෝරුවයි තව ඒ ජාතියේ එකකුයි අඩුකරල කියන්න ඇති නේ? :D )
මේකට එද්දි මට තවමත් මතක් වෙන්නෙ 'රසවතිය'.
හම්මේ,, අපි හිතුවා අතුරු දහන් කියලා. බොහොම ස්තූතියි. හතලිහ කිව්වෙ ආසන්න දහයේ සංඛ්‍යවට වැටයීමෙන් :D
ReplyDeleteහප්පච්චියේ..... මම සෑහෙන්න පරක්කුයි නොවැ... ඇනිවසරිය පහුවෙලා ගොඩක් කල් නොවැ.. :( ප්‍රමාද වෙලා වුනත් හද පත්ලෙන්ම සුබ පැතුම්... :)
ReplyDeleteඔන්න ඉතිං යාලුවෝ...
ReplyDeleteමං කිව්වෙ. කොල්ලා වෙනස්වෙලා.
@ කාංචන
ReplyDeleteස්තූතියි, හැබෑට මොකෝ උනෙ? පොලිස් අංකල් ලයිසොම දුන්නෙ නැතෙයි?
@ චාමි,
හ්ම් , මට පේන්නෙ දොස්තර නෝනා එයාගෙ ලෙඩ්ඩුන්ට දෙන බෙහෙත් මෙයාටත් දීලා වගේ :D :D :D
@හරී අක්කා
ReplyDeleteලැයිසොම නම් ගත්තා. පහුගිය ටිකේම ඇවිද්ද එක තමයි කරේ.. ඒ අස්සේ කරදර ගොඩක් එක පිට එක ආවා. ඉතින් ඉඩලැබුන වෙලාවට ෆේස්බුකියෙන් එහාට ගියේ නැති තරම්.
@චාමි අයියා
බ්ලොග් කියවීමෙන් නම් ටිකක් ඈත් වෙලා තමයි. මේ කාලේ වෙලාව ගතවෙනව දැනෙනවා අඩුයි ටිකක්. එකක් කරදර අනික දන්නවනේ ඉතින්. ;)
සුබ පැතුම් අක්කේ. මම හිතුවේ සයිස් දෙකක් කියපුවාම ලොකු පුටුවකුයි පොඩි පුටුවකුයි ගේන්න ඇති කියලා
ReplyDeletethank you hasitha malli
ReplyDeleteලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ReplyDeleteලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා