Wednesday 20 April 2011

පහුගිය දොහේ


අලුත් වෙන්න කාලෙ හරි. ලියන්න උදව් කරපු අයටත්, පහුගියටිකේ හොයලා බලපු අයටත් බොහොම පිං. පැත්තකට වෙලා ඉන්නකොට තමයි දැනෙන්නෙ අපි හම්බකරගත්තු යාළුවන්ගෙ අගේ. යාළුවො කියලා හිතාගෙන හිටපු මාළුවන්ගෙ කොරල පේන්නෙත් එතකොට.

  පහුගිය ටිකේම ගෙවල් හෙව්වා. අන්තිමේ හිතටයි, සාක්කුවටයි දෙකටම හරියන එකක් ලැබුණා. අවිචාර සමයක් වගේ. සතියක් විතර අන්තර්ජාලෙත් නැතුව හිටියා. කොටින්ම ලෝකෙම බලපු ක්‍රිකට් තරඟෙත් බලන්න බැරි උනා කියන්න ලැජ්ජාවෙ බැහැ.

ගෙවල් හොයනවා කියලා ආරංචි උනගමන් ඩීන් අයියා දුන්නු ඔත්තු වලටත් ගොඩක් පිං. දැන් නම් ටිකක් අතපය දිග හැරලා නිදහසේ ඉන්නවා. ඉස්සර අපි හිටියෙ දැං ඉන්නවට වඩා ඉඩකඩ ගොඩක් අඩු තැනක.

ප්‍රියන්ත අයියත් කීප වතාවෙ ඇහුවා මොකෝ හරී නොලියන්නේ කියලා.

 අපරාදෙ කියන්න බැහැ කතන්දර අයියා මට අවුරුද්දට සුභ පතලා තිබුණේ ගෙවල් කුලිය අඩුවේවා, හොඳ පුටු සෙටියක් ලැබේවා කියලා.
හැබැයි ඉතින් මම කලින් කිව්වා වගේ ඒ පාට දෙකේ පුටු නම් අයින් කරන්න උනා. අපේ කෙල්ල වතුර, කෑම පුටු උඩ හැලුවම පිරිසිඳු කරන්න හරි අමාරුයි. ඒ පුටු කවර "රෙදි"  නිසා. ඉතින්  මීට අවුරුද්දකට විතර කලින්ම පරණ සබන් කෑල්ලට යන්න කියන්න උනා.

යාන්තම් අවුරුද්දට කියලා කොකිස්, අතිරස , නාරං කැවුම් ටිකක් හදා ගත්තා. ඔච්චර තමයි ඉතින් හදන්න දන්නෙත්. ඒ අස්සෙ මතක් උනේ බුද්ධි මලයා මෙහෙ තියෙන ගාන වැඩිම සෙන්ට් ජාතියක් හෙව්වා. හාමිනේට තෑගි කරන්න වෙන්ටැ. හම්බ උනාදත් මන්දා, අහන්නත් බැරි උනා.

 තවත් ඔය හොයලා බලන හිතවතෙක් කාලෙකින් මොකුත් ලියලා නැහැ. හොයලා බැලුවම දෙදරු පියෙක් උනාලු. සුභ පැතුම් හොඳේ.

නිතර දෙවේලේ මටම මඩ ගහන කාංචන මලයාටත් මොනවා වෙලාද මන්දා. සමහර විට දොස්තර නෝනා බෙහෙතක් දීලා ඇති. හපොයි මේ මදෑ මඩ.

ඒ අස්සෙ මේ මාරයත් කරන වැඩ. මුං ඇට කිරිබත් මතක් කරලා, ඒ ගමන ආසාවට හදාගෙන කෑවා. හපොයි දෙයියනේ, දවල් වෙනකොටම පටන් ගත්තෙ නැතැයි නාහෙන් වතුර ගලන්නා වගේ. අර කවුද කිව්වා වගේ " හෙම්බිරිස්සාව හැදිලා සනීප උනහම මාර සනීපයක් දැනෙන්නෙ"
ඕං ඔහොමළු උනේ.
හෙව්ව බැලු කට්ටියට අයෙත් පාරක් බොහොම පිං...

14 comments:

  1. හිසට වහලක්, හිතට නිවනක්!!!

    රම්‍ය, සුරම්‍ය, සුභ ලංකාවේ තියාගෙන කුලියට ගත්තු තැනවල ඉන්න එක ගැන ලියන්නකෝ කතාවක්.

    ReplyDelete
  2. ම්.... ඔය ඇවිත් ඉන්නෙ.... අවුරුදු කාලේ මමත් ගල්වෙලා තමා උන්නේ.. ඒක නිසා කාටවත් සුබපතාගන්නවත් බැරි උනා... ඔන්න අදවත්...
    සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  3. ඔන්න එහෙනන් මගෙනුත් සුභ පැතුම්.

    ඔන්න මමත් හෙට අනිද්දා දිහාවට ගෙවල් මාරු කරන්න තමයි ඉන්නෙ. අවුරුදු හයක්ම හිටිය ෆ්ලැට් එක දාලා යන්න දුකයි කියලා ගම හාමිනේනම් නහයෙන් අඬනවා. ඒත් දැන් අපි තෙදරු මව්පියන් නිසා ඉඩ කඩ ප්‍රශ්නය තදින්ම බල පානවා. මේ දවස්වල ලංකාවෙ බඩු මිල වැඩිවන වැඩිවිල්ලට ප්‍රථිලෝමව මෙහෙ ගෙවල් වල රෙන්ට් එක අඩු වෙන නිසා ඒකෙ වාසිය ගන්නත් එක්ක ඔන්න ඔහේ මාරුවෙන්න හිතුවා.

    පිණි පලස කොහේටද ෂිෆ්ට් උනේ ?

    ReplyDelete
  4. කාලෙකින් හරි ලියන්න ගත් එක නම් හොඳයි. ඔන්න ප්‍රමාද උනත් කමක් නෑ.
    සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!

    ReplyDelete
  5. @ kathandara

    මතක් කළ එකත් හොඳා. ලියන්ට තිබේ බොහොදේටැංකි මාළු වගේ ඉන්න වෙලා තියෙන්නෙ පවට මිසක් වෙන මොකටද?

    ReplyDelete
  6. @ charmi

    ම්... ඔහෙත් ඔය ඇවිත් ඉන්නෙ. ඉතින් තාමත් අධික වැඩෙයි? එසේම වේවා එහෙනම් :D

    ReplyDelete
  7. @ දුමී අයියා,
    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ. අපිත් මාරු කලේ අවුරුදු 3ක් හිටපු තැන. ඔහෙ වගේ නෙමෙයි මෙහෙ ගෙවල් ටිකක් ගනන්. අපි one bedroom එකක් ගත්තෙ 45k ට. අර දුකා අයියා ඉන්න කැලෑවට ගොඩාක් මෙහා අපි ඉන්නෙ.Mussfah. ගෙවල් මාරු කරන්න උනේ 2km ක් විතර දුරකට.
    දිලුම් වෙනුවෙන් පැදුරු පාටියකදි හමුවෙමු.
    පුංචි සුරංගනාවිට නිදුක් නිරෝගී සුව!

    ReplyDelete
  8. @ priyantha,
    එසේම වේවා!!! කලිනුත් සුභ පැතුව නේ..
    ඉඳලා ඉඳලා ආපු දවසෙත් කරදර කෙරුව නේ. එහෙම තමයි අපි වගේ යාළු මාළුවො ඉන්නෙම කරදර කරන්න. ස්තූතියි හොඳේ

    ReplyDelete
  9. ඕං ප්‍රමාද වෙලා සුභ අලුත් අවුරුද්දක් වේවා! කිව්වා.

    කාලෙකට පසුව පොස්ට් එක්ක දකින්නත් සන්තෝසයි. ගෙවල් මාරුකරන කාර්යය ලේසි නැහැ, වැඩකටයුතු එහෙම පිලිවෙලක් කරන් ලියන්න.

    ReplyDelete
  10. @ coral
    බොහොම ස්තූතියි ඩීන් අයියේ. ඔබ වැනි මිතුරන් සදා වාසනා මට!!!

    ReplyDelete
  11. ඉඳල හිටලා හරි ඔය හිසේ එකතු වෙලා තියෙන රොඩු බොඩු ගහලා යන්ටත් එක්ක නරක් වෙලා තියෙයි එහෙම ඖෂධීය වටිනාකමක් ඇති කෑමක් බීමක් හදා ගත්තාම..

    හැබැයි ඉතිං අක්කණ්ඩී තව තියේ හොඳ හොද කෑම ජාති...
    ඇට්ටමුරා ඇඹුල වගේම ජාපාල පුඩිම වගේ දේවල්..හෙහ් හෙහ්...
    හොඳා හොඳා..අළුත් ගෙදර ඉඳ ගෙනවත් තව ටිකක් වැඩි පුර ලියන්ට බලමුකෝ...

    ReplyDelete
  12. අනේ,, මාර මල්ලි මතක් කල එකත් හොඳා. ජාපාල පුඩිං හදලා මල්ලිට එන්න කියන්නම් කෝ මෙහෙ වෙලාවක. අනිත් ජාතිය නම් අහලත් නෑ. දවසක් මකරා කිව්වා පාතීනියම් මැල්ලුමත් හොඳා කියලා. මල්ලි මේ පැත්තෙ ආවමයි මගෙ හිතේ. ඉතින් නොසළකා කොහොමයි :D

    ReplyDelete
  13. දැන් ඉතින් ඔක්කොම ඔක්කොම එකලස් වෙලා තියෙන එකේ පටන් ගමු නේද අක්කේ එහෙමනම් බ්ලොග් ලියන්න.

    ReplyDelete
  14. ස්තූතියි හසිත මල්ලි, මල්ලිත් වරද්දන්නෙ නැතුව මට දිරිදෙන කෙනෙක් තමා

    ReplyDelete