හා හාපුරා කියා කුලී නිවසක ජීවත්වීමට සිදුවූයේ මීට හරියටම තෙවසරකට කලිනි. ඒ රැකියාවට ආයුබෝවන් කියා වැලි කතරට පැමිනීමෙන් පසුය. අපි ජීවත් වූ නිවසේ ඉහත මාලයේ ගෙවල් හතරකුත්, පහත මාලයේ ගෙවල් හතරකුත් වෙයි. ඉන් දෙකක් පමනක් විශාලත්වයෙන් වැඩි අතර අනෙක්වා සම ප්‍රමානය. මේ ඒ පිළිබඳ සටහනයි.
පිවිසෙන තැනම වූ නිවසේ වූයේ ශ්‍රී ලාංකික යුවලකි. එකළ අපේ සුරතලිය වූයේ ඔවුන්ගේ දයාබර දියනිය නෙතු ය. ඈ එවකට අවුරුදු තුනහාමාරක් පමන වයසේ , වචනයේ පරිසමාර්ථයෙන්ම දඟකාරියකි.
නෙතූ දඟ වැඩ කරේ තනිවම නොවේ. යාබද අනෙක් නිවසේ ඉන්දියානු දරුවා සමඟය. ඔහු නමින් මොහොමඩ්ය. වයස අවුරුදු දෙකහාමාරකි.
විශේශත්වය වන්නේ මේ කුඩා දරුවාට තනිවම "you tube " හසුරුවා තමා කැමති කාටූන බලා ගැනීමට හපනෙකු වීමයි. ඔහු එවකට ඉංග්‍රීසි හෝඩිය තබා ඔහුගේ මව් බස වන මලයාලම් හෝඩියවත් නොදත් බවට මට සහතිකය. ඔහු " tom & jerry, pingu, bugs bunny "යන කාටුන් නම් වල වචන සංකේතාත්මකව මතක තබාගෙන ඉන්නට ඇත.
නෙතු වාගේම මොහොමඩ්ද දවසින් අඩකටත් වඩා ගත කළේ අප නිවසේය. එකල මගේ ප්‍රියතම විනෝදාංශය වූයේ මේ දෙදෙනා සෙල්ලම් කරන අයුරු බලා සිටීමය. සෙල්ලම් කරන අතර වාරයේ මොහොමඩ් නෙතුගෙන් කිහිපවාරක්ම ගුටි කෑම අනිවාර්‍යයෙන්ම සිදුවන දෙයකි. ඒ ඔහු කියන දේ නොකරන නිසාමය. කියන දේ නොකරන්නේ දඟ නිසා නොව, නෙතු ඉංග්‍රීසියෙන් කියනාදේ ඔහුට නොවැටහෙන නිසාය. you stay here, නෙතු වෙන වැඩකට යයි. කාට තේරෙනවද ඕවා. නෙතු ආපහු එනවිට මොහොමඩ් එතන නැත. ඉතින් හොඳවායින් පාරක් දෙකක් වදී. වැඩිහිටියෙකු අසල සිටීනම් එය කොලුවාගේ වාසනාවකි.
ටික දිනකින්ම නෙතූ අමුතුම භාශාවක් කතා කිරීමට පටන් ගත්තාය. ඒ ඇගේ විනෝදයටය. ඈට මොහොමඩ්ගේ මලයාලම් වාගේ කතා කිරීමට ඇවැසි වන්නට ඇත.
"මෙයා කොහෙන්ද ඉතාලි භාශාව ඉගෙන ගත්තෙ? ඔයා කියා දුන්නාද?" දිනක් මොහොමඩ්ගේ අම්මා, නෙතූගේ අම්මාගෙන් අසා තිබුණි.
"නෑ එයා ඉතාලි භාශාව දන්නෙ නෑ."
" එහෙනම් ඔය කතා කරන්නෙ. ඒ ඔයාලගෙ රටේ භාශාව නෙමෙයි නේද? මම නෙතූගෙන් ඇහුවම ඔය භාශාව මොකක්ද කියලා එයා කිව්වනෙ ඉතාලි කියලා."
නෙතූගේ දඟ වැඩ එතරම්ම ආදරණීයය...
අපි සිටි නිවසේ දිනක් කිසිවෙකු විසින් මල් පැල රාශියක් හිටවා තිබිණි. එක එක ප්‍රමානයේ විවිධාකාර මල් පැළ කොහෙන් ගෙන ආවාදැයි පුදුමය. ගෙනා තැනැත්තාට සාහෙන වියදමක් යන්නට ඇත.
නොබෝ දිනකින්ම මල් පැළ වල අයිතිකාරයා හමුවිණි. ඔහු ඉහළ මාලයේ නිවසක වෙසෙන අරාබි ජාතිකයෙකි. ඒ ඔහුම බව අප දැන ගත්තේ ඔහු වතුර දමමින් සාත්තු කරනවා සියැසින්ම දුටු නිසාය.
අපි මල් පැළ වවනවාට වඩා වෙනසක් ඇත. ඔහු දිනපතා වතුර දමන්නේ දහවල් දොළහත්, දෙකත් අතර කාලයේය.
ටික කලකට පසු දිනක් අපේ පොඩ්ඩී හදිසියේ අසනීප වී අප නගරයේ තිබුණු රෝහලට ගොස් මද්‍යම රාත්‍රියේ ආපසු එමින් සිටියෙමු. අප විසූ නිවසත මඳ දුරකින් පිහිටියේ එමීරයේ විශාලම පාසලකි. එහි මල් වැට අද්දර කිසිවෙකු මල් පැළ සිටුවයි.
"කවුද මේ මහ රෑ මල් පැළ හිටවන්නේ.?" අපි වාහනයේ වේගය මඳක් බාල කලෙමු. ඒ අපේ මල් පැල ගොවියාය.
"මේ අර සරදියෙල් වගේ පොරක්නෙ". අපේ මහත්තයා ඔහුට උසස්ම නම්බු නාමයක් එවෙලේම දුන්නේය.
තියෙන තැන් වලින් හොරෙන් අරන් නැති අයට දෙනවා. තමන්ගෙ ලාබෙකට නෙවෙයි. සමාජ සේවෙට.
මා මෙහි ජීවත්වූ කාලයේ හමුවු චරිත අතරින් කිපයකි ඒ.
ආ... මං ඔය මෑන්ව දන්නවා හරී.... මගෙ හොඳ යාළුවා.... ඔය සීන් එක ගැන නං මං එක්ක කිව්වෙ මෙහෙම හැබැයි....
ReplyDelete"කියන්නෙ බං... කුලියට උන්නත් ඉන්න තැනක පිළිවෙලට ඉන්ඩ දැනගන්ඩ එපායැ.... ඉතිං බලං ඉඳලා බැරිම තැන......
උඹට කියන්ඩ මෙහෙමත් ගෑණු...."
හම්බවෙච්චාවෙකො ඕකව මට :D
ReplyDeleteසරදියෙල් පට්ටම නම් මරු.
ReplyDeleteකේරළ (මලයාලි)උදවිය බසා අල්ල ගන්න හරි දස්සයෝ.
මේ සරදියෙල් මලයෙක් නෙවෙයි අයියේ, ඉරාන, ඉරාක වගේ අරාබි රටක කෙනෙක්.ADNEC එකේ driver කෙනෙක්. දවාලට කෑමට ගෙදර ඇවිදින්ද කොහෙද වතුර දාන්නෙ. එතන තිබූ ගෙවල් 16 ටම හිටිය එකම මලයාලම් පවුල තමයි මොහොමඩ්ලා. හරිම හොඳ මිනිස්සු. ඒකටත් එක්ක දැං ඉන්න තැන. කේරළේ ඉන්නවා වගේ.
ReplyDeleteසරදියෙල් ගොයියා සොබාව දර්මෙට අම්බානකට කැමති එකෙක් වෙන්න ඇති . ..
ReplyDeleteලොකු තන් වලින් හොරෙන් ගලෝලා නැති තැන් වල පැල කරන්නේ . .
හික්ස්
පොඩි එවුන්ගේ දඟ කාරකම් කියවන කොට මගේ පොඩි එවුන් කරන දඟ වැඩ ඔක්කොම එක පෙලට මතක් උනා. උන්ගේ ලෝකවල් කොච්චර අහිංසකද ?
ReplyDeleteනංගි කිව්ව වගේ ඇත්තටම හරිම හොඳ මලයෝ ඉන්නවා. මගේ බොසුත් මලයෙක්. හැබැයි මගේ වුරුදු 14 ක සේවා කාලෙදි මට ලැබුනු හොඳම බොස් තමයි මේ. ඒ වගේම මගේ ටීම් එකේ බාගයකටත් වැඩිය ඉන්නෙ මලයෝ. හැබැයි උන් ටික කේරලේ ඉන්න ඩීසන්ම මලයෝ ටිකද කොහෙද.
දැන්නම් මිනිහා මුළු ඩුබායිම මල්වලින් වහල ඇති නේද?
ReplyDelete@ දුකා,
ReplyDeleteවෙන්න ඇති නේද අයියේ
@ දුමී අයියා,
ReplyDeleteනෙතූලා එහෙ හිටියෙ මාස තුනයි, එයාගෙ තාත්තාට උසස්වීමක් ලැබිලා ඩුබායි ගියා. තව හිටිය නම් පොතක් ලියන්න තරම් තියෙයි. දැං මේ අපේ ගෙදර ඉන්න කෙල්ලත් අර "හරි පුදුම ඉස්කෝලෙ" පොතේ "ටොට්ටෝ චං " ට දෙවෙනි නෑ.
@ ප්‍රියන්ත
ReplyDeleteනෑ අයියේ. මිනිහා ටික දවසකින් වැඩේ අල්ලලා දැම්මා. දවල් දොලහට වතුර දාලා කොහේ පැළ වවන්නද මේ අරාබියෙ. අන්තිමේ මල් පැළ ඉස්කෝලෙටත් නෑ, අපිටත් නෑ :D
සෙල්ලම්ද ඉතින් වැලි කතරක ඉන්න මනුස්සයෙක්ට මල් වවන්න හිතුණා කියපුවාම, ඒ වගේම මම බොහොමා පැහැදිලිව වගකීමෙන් කියනවා ඒ මනුස්සයාගේ මල් පැළ වැඩේ හබක් කළේ ඔයාලා කියලා.
ReplyDeleteඅසල්වැසියෝ හැටියට ඔයාලා මීට වඩා සහයෝගයක් දෙන්න තිබ්බා එයාට..........
@ Hasitha,
ReplyDeleteමෙහෙ කට්ටියගෙ ගස් වැවිල්ල ඉතින් ඇවිල්ලම බලන්න ඕනෙ. ලංකාවෙ ඉන්න කෙනෙක් කිව්වට පිළිගන්න එකක් නෑ. ඉබේ නොවැවෙන නිසා වෙන්න ඇති , මේ ගොල්ලො ගස් වවන්නෙ පුදුම උනන්දුයි.
කොහේ උදව් කරන්නද අනේ, සරදියෙල් වගා කරන්නෙ යක්කු ගස් නගින වෙලාවටනේ :(
මම අදයි මේක කියවන්න ආවෙ...අයෙත් එන්නම්කෝ....
ReplyDeleteඅ හරි හරි හරී,, ආයෙත් එන්නකෝ :)
ReplyDeleteමලයාලම් කාරයෝ සාමාන්‍යයෙන් හරිම හිතවත්(friendly people),කේරල කට්ටියත් නරකම නැහැ, එපා කොරපුම එවුන් තමා පන්ජාබියො. උඩින් හෙනට හිතවත් බව පෙන්නගෙන හිටියට කේලන් කියන්න, ගිණිගෙඩි දෙන්න, දිය යටින් ගින්දර ගෙනියන්ඩ හරිම දක්ෂ කොට්ටාශයක්. වැඩේ තියෙන්නේ උන් උන් අතරත් බෙලි කැපිලි ඉවරයක් නැහැ.
ReplyDeleteහරිම ආදරනීයයි, මේ සටහන. පුංචි අයගෙ ලෝකෙ කොච්චර සුන්දරද? මොන ජාතියෙ උනත් හොද ගතිගුණ තියෙන මිනිසුන් ඉන්නවා මල්ලි. අපි කාලයක් අප්‍රිකාවෙ හිටියා. ඒ අය බැලුවම පේන්නෙ අපිට හරිම ගොරහැඩි වස මිනිස්සු වගේ. නමුත් මට හෑම වෙලාවෙම හිතෙනවා අපේ දැන් ඉන්න සමහර අයට වඩා මනුස්ස කම දන්න සංවේදී අය එහේ හිටියෙ කියල.
ReplyDeleteඈ ඔබ්සවර් අංකල්, මම මේ ටිකේම කල්පනා කරේ මලයො ඉන්නෙ කේරළයෙ නෙවෙයිද කියලනෙ.. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට හොඳේ
ReplyDeleteබොහොම ස්තූතියි චන්දි අක්කෙ, මම මල්ලි නෙවේ නංගි
ReplyDeleteපවූ අර අරාබි සරදියෙල්. ඒ මනුස්සයට ගහකොළින් පිරුණු රටක ජීවත් වෙන්නට ලැබේවා.
ReplyDelete@ නලිනි,
ReplyDeleteනිවාඩුවකට අබුඩාබි එන්න. මෙහෙ තියෙන ගහ කොළ දැක්කම ඔයාට පුදුමත් හිතෙයි.