Thursday 13 January 2011

බිඳුණු පෙම

නු පූදා මිය ඇදුණ
ළදල්ලකි සෙනේහය 
ඒ නමුදු මුදු සුවඳ 
හිත පුරා ගලා යන...

ගව් ගනන් දුර ඇදෙන
අතීතෙක නොවන මුදු 
දෑත දිගු නැති ඉමේ 
සරා සඳ එළිය නුඹ...

 අමාවක අහසකට
හීන් තරු එළි කුමට
විඩෙන් විඩ එළිය දෙන
කදෝපැණි එළිය නුඹ ...

දෑත දිගුකර යළිත් 
ඈතටම පිය මනින
සුමුදු රළ පෙළ නුඹය 
සිතිජයේ සැඟව යන...

හිතක නැති උණුහුමට
තවත් ගී වැල් කුමට
යළිත් දුටුවොත් දිනෙක
සිනාසෙනවා මිසක... !!!

12 comments:

  1. බිඳුනු දා සෙනෙහස...
    තවත් දුක් වෙනු කුමට..
    ලබා උපන් හැටි මෙයද..
    කියන්නද මෙය කාට...

    ReplyDelete
  2. හිතක නැති උණුහුමට
    තවත් ගී වැල් කුමට?
    වෙහෙස වෙන්නේ කුමට
    විරහ ගී ලිවීමට..!

    ReplyDelete
  3. අපමණ සයුරේ ඈතට නොගිහින්
    සිතැති වෙරළ දකින්නට අවුදින්
    හැප්පී හිත්පිත් නැති ගල්පරතරින්
    සුන්වී යන්නේ කිරිපෙන විලසින්

    ලස්සනයි පදපෙල. ගොඩාක් රසවින්ඳා නංගී.

    ReplyDelete
  4. @ ප්‍රියන්ත අයියා, කලිකාල, ගල්මල් අයියා
    බොහොම ස්තූතියි සහයෝගයට

    ReplyDelete
  5. හැමෝම කවි වලින්ම කමෙන්ට් දාලා ගිහින්... මට කවි එන් නෑලූ:(...
    ඒ මොනව වුනත් හරි අක්කගේ කවි ටික සිරාවටම ලස්සනයිලු... ආ.. කදෝ පැණි එලිය කියන්නේ මොකක්ද...

    ReplyDelete
  6. ආ,,, ඒ කියන්නෙ අර පස්ස පැත්තෙ ලයිට් එකක් තියෙන සතා නෙ පුතේ :D
    කවි එයි යැ පුතා බිසී වෙලා තියෙන තරමට, මොකක් හරි ලියපියෝ .... :D

    ReplyDelete
  7. අපි අපිට අහිමි වන
    නමුදු මා ප්‍රිය සොඳුර
    ආදරෙයි මම තාම
    සාගරය විලසින්ම

    ReplyDelete
  8. තැන්කූ හරි අක්කේ වචනෙ තේරුම කිව්වට... මට ඕක ගොඩක් කාලයක් ඉඳන් හොයාගන්ට ඕන වෙලා තිබුන වචනයක්... මේ දවස් ටිකේම සෑහෙන බිසී වෙලා තිබුනේ අක්කේ... අදත් වැඩ... වැඩවලට වඩා හිත බිසී වෙලා තියෙන්නේ... ලංකාවට යන්ටත් ලඟයිනේ... අක්කා තවම ලංකාවෙද... ආපහු ආවද....

    ReplyDelete
  9. කදෝපැණියා (fire fly) කියන සතා/කෘමියාට කළාමැදිරියා, කණාමැදිරියා කියලත් කියනවා නේද?

    ReplyDelete
  10. පහන්ටැඹ වෙරළ ඉම,
    නුඹෙ එළිය දකිමි මම,
    ගනඳුරේ සැඟව යන,
    යලි නො එන ඔරුව මම,

    ReplyDelete
  11. ලස්සනයි අක්කේ....කවි ලියන්න ගලපන්න අපිට හුරු නෑ නෙවැ...නැත්නම් අපිටත් කවියක් කුරුටු ගා යන්න තිබුනා.

    ReplyDelete