Saturday, 10 September 2011

සුලෙයිමාන්, අශාඩ් සහ අපි


අප්පු ගිහින්.
අප්පු එයාගෙ රටට ගිහින්.
 අප්පු කිව්වෙ අපේ නිවාස සංකීර්ණයෙ හිටපු මුර කරුට. ඉන්දියානුවෙක්, මලයෙක්. අප්පු කියලා මලයොත් ඉන්නවද?  ඒකත් අපූරු වැඩේ. ළමයින්ට කවා ගන්න අපි දහසකුත් දේ කරනවනෙ. මෙහාට ආපු අළුත, වදෙන් පොරෙන් දරුවට බත් කව කවා ඉන්නකොට විදුලි බිලක් දීල යන්න අප්පු ආවා.
" ඔයා බත් කන්නෙ නැති බව දැනගෙන අංකල් ඇවිත් තිබුණෙ" එහෙම කිව්වම කෙල්ලට ටිකක් කවා ගන්න පුළුවන් උනා.


ගමේදි අපේ ගෙදරට පත්තර ගෙනාවෙ අප්පුහාමි සීයා. කිළුටු පාට කමිසයක් ඇඳගෙන, කබල් සෙරෙප්පු ජෝඩුවක් දාගෙන පත්තර මිටිය උස්සගෙන දෙකට නැමීගෙන එන අප්පුහාමි සීයාට අපේ අනූ බයයි. හැමදාමත් වගේ ආවට , හලෝ චූටි බබා කිව්වට ඒ බය නං ගියෙම නෑ.

සුලෙයිමාන්, අප්පු උනේ එහෙමයි. බත් කවන කවන වාරයක් ගානෙ අනූට තරවටු කරන්න සුලෙයිමා............න් කියලා කෑ ගහන්න මට බෑනෙ. ඒ මනුස්සයාට ඇහුනොත් දුවගෙන ඇවිත් අහයි මොකෝ කියලා.
අන්තිමේ අපේ ගෙදර අයට විතරක් සුලෙයිමාන් , අප්පු උනා.
අප්පු මෙහෙ මුරකාරයා කිව්වට නිදි මරාගෙන, ආරක්ශාවට අවි ආයුධ තියාගෙන මුරකරන්න කියල නැහැනෙ. 

මෙතන තියෙන එකම සැලැස්මේ නිවාස හයේ පිරිසිඳු කිරීම් කරන එක විතරයි ඔහුගෙ රාජකාරිය.  තෙමහල් නිවාස හයක්. එහෙම කිව්වට ඉතින් අතුපතුගාලා,මොප් කරන්න තියෙන්නෙ කොරිඩෝ ටික විතරයි. එක ගෙයක් මොප් කරන්නෙ සතියට එක දවසයි. මං හිතන්නෙ සිකුරාදා නිවාඩු. 
වත්තෙ තණකොළ පිට්ටනියට වතුර දාන්නත් තියෙනවා. වර්ග මීටර දෙදාස් පන්සීයක් විතර( 50*50 ) ඕකත් ඉතින් මහ වැඩක්යැ. පිට්ටනිය පුරාම වතුර බට හයි කරලයි තියෙන්නෙ. අප්පුට තියෙන්නෙ කරාමෙ අරින වහන එක තමයි. විසිරිලා යන වතුර බිංදු දිහා බලාගෙන අප්පු අනන්තය සොයනව මම අනන්තවත් දැකල තියෙනව.


මේ නිවාස සංකීර්ණය හැදුවෙ අලුත. එතකොට අපිත් මේ හරියෙ මුල් පදිංචිකාරයො තමා. ටික දවසකින් එහා බිල්ඩිමේ ඉන්න කුමාර අයියාට අප්පු කියලා තිබුණා එයා වාහනේ හෝදලා දෙන්නම් මාසෙකට දිරාම් සීයක් දෙන්න කියලා. සතියට දවස් තුනක්ම හෝදන්න. වාහනේ එහෙම හෝදනව නම් කාටත් ලේසියි. නැත්නම් සති අන්තෙන් වරුවක්ම යන්නෙ ඒ වැඩේට. කිහිප දවසකින් අප්පුට ගනුදෙනුකාරයො සෑහෙන්න හමුවෙලා. මම හිතන්නෙ  දහ පහළොස් දෙනෙක්ම අප්පුට කියලා වාහනේ හෝදවා ගන්න කැමති වෙලා තිබුණා.

අප්පු වාහන හෝදන්නෙ ගොඩක් වෙලාවට රාත්‍රියට නැත්නම් පාන්දරට. සමහරවිට වාහන හේදීමෙන් තමන්ගෙ වැටුපට වඩා හම්බකරන්නත් ඇති.


"රාමසාන් නිවාඩුවත් එක්කම මම ඉන්දියාවට යනවා , මාස දෙකක නිවාඩුවකට, පිරිසිඳු කිරීම් කම්පැණියෙන් කරයි".
 මාසෙ මැදම අපේ ගෙදර ආපු අප්පු කිව්වා. වාහනේ හෝදන මුදලත්, තව සංතෝසම් මුදලකුත් අපි අප්පුට දුන්නා.
මේක බලන් හිටපු අනූට කිව්වෙ නං " ඔයා බත් නොකන නිසා අප්පු අංකල් ආවෙ, ඔන්න තාත්තා සල්ලි ගොඩක් දීල තමයි යැව්වෙ" කියලා.


අප්පු ගියාට පස්සෙ මාසෙ අන්තිමේ විදුලි බිල අරන් ආවෙ අලුත් කෙනෙක්. එදාම රෑ අපි එළියට යනකොට ඒ කෙනා ආවා.
" සර් මම තමයි මෙහෙ අලුත් නාතුර්. මගෙ නම අශාඩ්. සුලෙයිමාන් හිටපු කාමරේ මම ඉන්නෙ"
" සුලෙයිමාන් ආපහු එන්නෙ නැහැළු සර්"
" ගිය හේතුව නම් දන්නෙ නෑ. සර්ට මගේ ෆෝන් නොම්මරේ දෙන්නම් උවමනා උනොත්"

අපි වාහනේට නැග්ගට පස්සෙ  අශාඩ් ආයෙත් ඇවිත් වීදුරුවට තට්ටු කරා.
" සර් මම වාහන හෝදනව" 
-------------------------------------------------------------------------------------------------------------

" අර කාරෙක දැක්කද , කළු එක?"
" කෝ කොයිකද?"
"අර සුලෙයිමාන්ගෙ කාමරේ ඉස්සරහ නවත්තලා තියෙන එක"
" ආ ඔව් ඉතිං? "
" ඔයා දන්නවද? ඒක අශාඩ්ගෙ"
" අශාඩ්ගෙ??? අර කාර් එක අශාඩ්ගෙ?" 
"ඒක අළුත් එකක් නේද?"
"ඔව් ටොයොටා කොරොල්ලා එකක්, විසිපන් දාහක් විතර වෙනවා ඕකක්" 
"ඔච්චර කාර් එකක් තියෙන මිනිහා මොකටද අනුන්ගෙ කාර් හෝදන්නෙ??"
" කාර් එක කම්පැණියෙ ඒකක් වෙන්නත් පුළුවන්. හැබැයි අශාඩ් ඕක පාවිච්චි කරනව මම දැකල තියෙනව, මේකයි වැඩේ මෙහෙ ලයිශන් තියෙන මිනිහෙකුට මීට වඩා වැඩි පඩි ලැබෙන රස්සාවල් ඕන තරම් තියෙන එකනෙ"



35 comments:

  1. ඔය පොඩි ඈයොන්ට කවන එක තරම් අමාරු වැඩක් නෑ කිඅලා කාලයකට උඩදි නදී අක්කත් කියලා තිබ්බා.
    පවු අර අහිංසක අප්පු.

    ReplyDelete
  2. නාතුර් (මුරකරුවා) නොකනරන එකම වැඩේ ගොඩනැගිල්ල මුර කිරීම විතරයි, මෙහේ තියෙන වෙනස ඒකයි. මලයෝ (මලයාලි) හෝ බංගාලිලා (බංගාලිදේශ්) ඉන්න එක තරමක් දුරට හොඳයි, නාතුර් ඊජිප්තුවෙක් නම් හැරෙන හැරෙන පැත්තට මුදල් නෝට්ටු දික් කරන්න වෙනවා.

    බිල්ඩිමක ඉන්න නාතුර්ලා පදිංචි අයගේ අනුකම්පාව ලබා ගත්තද එතැන පදිංචි කරුවන්ගෙන් යමක් අතමිට ඇති කෙනා නාතුර්ම පමණයි.

    අප්පු වචනය ලංකාවේ වතුවල වැඩකරන ජනයා සඳහන් කරන්නේ ගරුසරු ඇතිව.

    ReplyDelete
  3. අපිටත් ඉන්නෙ බංගලි නාතුර් කෙනෙක්. කියන්න තරම් නරකක් නැහැ. හැබැයි ඉතින් හැමදේම මුදලට තමයි. ඒක ඉතින් වරදකුත් නෙවෙයිනෙ. කීයක් හරි වැඩියෙන් හොයාගන්නනෙ බලන්නෙ. හැබැයි ඔය ගොඩක් නාතුර්ලා අනික් රට වලට අයට වඩා ශ්‍රී ලාංකිකයින්ට හිතවත්.

    ඒක නෙවෙයි හරී...ඔය කැම කන්න බැහැ කියලා දරුවා අඬනකොට සැර වැර කරන එක අසාධාරණයි නේද ? ඇයි දෙයියනේ පුංචි දරුවොත් ආසයිනෙ රසට කන්න...:D

    ReplyDelete
  4. @ගල්මල්-Coral,

    //අප්පු වචනය ලංකාවේ වතුවල වැඩකරන ජනයා සඳහන් කරන්නේ ගරුසරු ඇතිව.//

    මෙතන තේරුනේ නෑ. මේ කියන්නේ 'අප්පු' ගැනද? නැත්නම් 'අප්පෝ' ගැනද?

    කරදරයක් නම් සමාවෙන්ට ඉතින්...:D

    @Luckey,

    //ඒක නෙවෙයි හරී...ඔය කැම කන්න බැහැ කියලා දරුවා අඬනකොට සැර වැර කරන එක අසාධාරණයි නේද ? ඇයි දෙයියනේ පුංචි දරුවොත් ආසයිනෙ රසට කන්න..//

    ලකිත් ඉඳලා, ඉඳලා, ඇත්ත කතාවක් කියලා තියෙන්නේ...:D

    ReplyDelete
  5. අපොයි කවන වැඩේ නම් මතක් කරන්න එපා . තවම බත් ටික හරියට කන්න බැහැ අපේ දෙන්නට . අනිත් කෑම නම් දැන් එච්චර අමාරුවක් නැහැ . ලකිල දන්නවය ඕව නේද හරී..තාත්තල නම් කියයි ඔය කන්න ආස දෙයක් දෙන්න ළමයට කරදර නොකර කියල . ඒ වුනාට හරියට කෑවේ නැත්නම් අම්මලට තමයි නින්ද නොයන්නේ .
    අපිත් පොඩි කාලේ බය වෙන එක එක දේවල් තිබුන නේද . අපේ මල්ලිව බය කරන්නේ දත් දිග ගොය්ය එනවා කියල . මන් හරී බයයි විරිඳු කාරයින්ට . අශාඩ් නම් අප්පු තරම් හොඳට වැඩ කරයිද දන්නේ නැහැ නේද . ඔය රටෙත් හොරු හෙම ඉන්නවද මුර කාරයෝ ඕනද .

    ReplyDelete
  6. @ මධුරංග, ඔය මැසිවිල්ල නොකියන අම්ම කෙනෙක් නැහැ මං හිතන්නේ

    @ ගල්මල්,
    සුලෙයිමාන්ගෙ ෆෝමනුත් හැදුවෙ මාස් පතා නිකම්ම මුදලක් එයාට අපි ලවා දෙන්න. වියදම අඩු සරල ජීවිතනෙ, හැබැයි මෙයා එහෙම මුදල් අපෙන් බලා පොරොත්තු උනේ නැහැ. කාර් හෝදනවට ගෙවන එක නම් සාධාරණයි නෙ.
    අප්පුහාමි කියලා අපේ ගම්පළාත් වල ඉස්සර නම් දාලා තිබුණෙත් ගරු සරු ඇතිව තමා. හැබැයි අර පොඩ්ඩි අහලා තියෙන විදිහට අප්පො කියන වචනෙ මාත් අහලා තියෙනවා. ඔය අඹයාළුවෝ පොතෙත් හිටියෙ අප්පොලා. වතු සේවකයින් අතරින් වතු බංගලා භාරව හිටියෙ අප්පුලාද? ( හපොයි මම හරිද මන්දා )

    @ ලකී, අයියා කියන කතාවත් ඇත්තද මන්දා, අපේ නාතුර් මලයෙක් නිසා එයා එයාලගෙ කට්ටියට කොහොමත් හිතවත් ඇති. අනෙක් ජාතීන් අතරන් අපිට හිතවත් කියලා අපිටත් දැනිලා තියෙනවා. කෑම ගැන කියනව නං ඒකත් ඇත්ත , පොඩි ළමයි චොකලට් කන්න ආසා ඒකනේ නේද? බත් නැතුව තුන් වේලටම දුන්නත් කයි.

    @ පොඩ්ඩි, ඩීන් අයියා වෙලාවක් ආවම උත්තර දෙයි. අනිත් කතාවට නං මුකුත් අහන්නෙ නෑ පොඩ්ඩි ගෙන් බත් වේලක් කනකං.

    ReplyDelete
  7. ළමයින් ට බලෙන් කවන්න එපා!

    පිඟානකට බෙඳලා දීලා කනවනං කන්න කියන්න. දවසකින් දෙකකින් හොඳට කයි.

    -තාත්තා කෙනෙක්

    ReplyDelete
  8. පොඩ්ඩි:
    ඒ වචනය අප්පෝ වෙන්න ඕනේ. වතු අයිතිකරුවන් හා පරිපාලකයින් හඳුන්වන්න යෙදූ වචනයක් මං හිතන්නේ. එය ඉන්දියාවෙන් ආ වචනයක් වෙන්නත් බැහැ, එහේ පොදුවේ කියන්නේ දාදා, අයියාර්, නාට්ටාම, පෙරියවර් වගේ වචන.

    ලංකාවේ නාට්ටාම කියන්නෙ නගරවල බඩුපටවන (පෝටර්) අයට වුව ද දකුණු ඉන්දියාවේ ගොවිතැන් කරන හෝ ගොවිපල හිමිකරු කියන (අපේ යෙදුමේ ගමරාල වගේ) ගරුබුහුමන් ලබන පිරිසක්.

    ReplyDelete
  9. අප්පු කෙනෙක් සම්බන්ධ පෝස්ට් එකක් පිස්සා ඊයේ පෙරේදා ලියල තිබුනා..

    කතන්දරගේ කමෙන්ට් එක දැක්කම යන්තමට වගේ තිබුනු මතකයක් අලුත් වුනා.. මං හිතන්නේ මටත් ඔය කතන්දරගේ උපදේෂය ක්‍රියාත්මක වුනාද කොහෙද.. ක්‍රියාත්මක කරොත්නම් සාර්ථක ප්‍රථිඵල ලැබෙයි හරි අක්කේ... :)

    ReplyDelete
  10. අප්පු කියන්නෙ ගෙවල් වල සේවකයන්ට. ඒත් සිංහල රජ කාලෙ අප්පු කිව්වෙ වැදගත් නිළධාරීන්ට. අප්පු හාමි කෙටි වෙලා තමයි කොළඹ සහ වලව්වල අප්පුල හැදුනෙ.

    ලයිසන් තියන් ගෙවල් මුරකරනවද නැත්තං මිනිහ සයිඩ් එකේ වෙන බිස්නස් එකක් කරනවද?

    ReplyDelete
  11. ළමයි බඩගිනි උනාම බෙදාගෙනම කනවා...... මං නම් දන්නේ පුංචිගේ දුව වැඩියෙන් කැමති අපේ ගෙදර ඉන්න. කන්න කන්න පස්සෙන් පන්නන් නැහැ. බඩගිනි උනාම බඩගිනි කියනවා. ඒ වෙලේට බඩ පිරෙන්න කනවා..... :) අනික අක්කා බය කරන එක ළමා මනසට එච්චර උචිත දෙයක් නෙමේ කියලයි මං අහලා තියෙන්නේ..........

    කතන්දර ආතා හරි....... :)

    ReplyDelete
  12. @ කතන්දර සහ හා පැටික්කි

    දෙන්නම අත්දැකීම් නැති අය. අපි ඔව්වට නොසැලේ .

    ReplyDelete
  13. අපොයි ඉස්සර මට කවන්න අම්මල දීපු ගේම... තාම තියෙනව ෆොටෝ... ගස් උඩයිඔ... කෝච්චි පෙන්නනයි... හපොයි...

    ReplyDelete
  14. @ බින්දි, අපෝ මේ ගොල්ලො නං කියයි නේද? මේලෝකෙම ඉන්න තාත්තලා ගෙන් ඇහුවත් ඔච්චර තමයි,, ඇයි පුතා, එයත් එහෙමනෙ නේද? විලා වලට බොහෝ විට නාතුර්ලා නැහැ. මෙතන එක ළඟ විලා 6ක් නිසා වෙන්න ඇති. පිරිසිඳු කිරීම් කරන්න ඉන්නෙ. ලංකාවෙ තරම් නම් හොරු නැද්ද කොහෙද?

    ReplyDelete
  15. @ කතන්දර,
    ඔහොම කරන්න පුළුවන් තව ටිකක් ලොකු උනහම නං. තාම පුංචියි නේ අයියේ , එයා නොකා අපි කන්නෙ කොහොමද කියලා හිතෙනවා

    ReplyDelete
  16. @ පුතා, මල්ලිට කවපු හැටි මතක තියෙන්නෙ ඔය ක්‍රමය මල්ලිට යොදවලා තියෙන්නෙ ටිකක් ලොකු උනහම වෙන්න ඕනෙ. බලන්නකො දරු මල්ලො ලැබිච්චිදාට


    @ හා පැටී, ළමයි සමහර වෙලාවට ගෙදරින් නැතුව පිටට ගියහම කන්නෙ ජීවිතේට කාලා නෑ වගේ. අපි දන්න තැනකත් පුංචි පුතෙක් දවසක් වෙන ගෙදරකටැ ගිහින් කිව්වළු අනේ මං පෘට් සැලඩ් කාලම නෑ කියලා, ඒ දරුවගෙ අම්මා කියනවා ලැජ්ජාවෙ පණ ගියා කියලා. (ඔන්න දැං ලකී අයියගේ මූණේ හිනාවක් ඇඳෙනවා පේනවා මට).බය කරනවා කියලා මහ බය කිරිල්ලක් කරන්නෙ නෑ නංගි. සමහර පිරිමි කට්ටියට එයා කොහොමත් බයයි. සුදුවට සුදුවෙ ඉන්න ඩීන් අයියටත් බය උනා.

    ReplyDelete
  17. @ උප ශාන්ත, මටත් තියෙන ප්‍රශ්නේ මෙයා කම්මැළි කමට මෙහෙම රස්සාවක් කරනවද කියන එක. සුලෙයිමාන් ආපහු එන්නෑ කිව්වට සුලෙයිමාන් ගිහින් තියෙන්නෙ නම් එයාගෙ පාපැදිය අපි ඉන්න විලා එකේ තරප්පු පෙළේ අත්වැලට තියලා දම් වැලකුත් දාලා.
    මේ අශාඩ් මොකෙක්ද මංදා

    ReplyDelete
  18. @ පිස්සා පලාමල්ල,
    ඒවත් අපූරු මතක සටහන් නේද මල්ලී

    ReplyDelete
  19. ඔයා ඔය විදියට ටක්කෙටම හරියන සාස්තර කියන්නෙ කොහොමද හරී...ඔයා මේ බ්ලොග් එක කියවන අයව පෙනෙන විදියට මොකක් හරි ගැජට් එකක් හයි කරල තියනවද ?.....:D

    ඔය හැමෝම තාත්තලා දරුවන්ගෙ කෑම ගැන හිතන විදිය හරිම වැරදි විදියට දකින්නෙ...හරිම අසාධාරණයි..
    ඔය අම්මලට දැන ගන්නයි මම මේ කියන්නෙ..
    මම ගෙදර ඉන්න වෙලාවට අපේ පොඩ්ඩට කෑම කවන්නෙ මම. ඇත්තටම මම ඕකෙ අමාරුව හොඳටම දන්නවා..දරුවා මව්කිරි බොනකම් බෝලයක් වගේ ඉන්නවා..ඉන් පස්සෙ ඝන ආහාර වලට හුරු වෙන්න පටන් ගත්තාම කෙට්ටු වෙන්න ගන්නවා...අනේ ඉතින් කන්නෙ නැත්තම් කොටලා පොවන්නද ? මහත නැති වුනත් අඩුබර අවදානමක් නැතිව නිරෝගිව ඉන්නව කියල හිතහදා ගන්නවා. හැබැයි ඉතින් කන්නෙම නැති දවසට පොඩි පහේ තර්ජනයක් කරලා බත් කටවල් දෙක තුනක් කවලා ඊට පස්සෙ එයා කැමති දෙයක් කන්න දෙනවා.( බිස්කට් තමයි )..නැත්නම් අපිට කන්න හිතෙන්නෙත් නැහැනෙ.කොහොම වුනත් ක.ශු.ගෙ තියරි එක ගැනත් සළකලා බලන්න ඕන.
    අපේ ගෙදරට පිට කවුරු හරි එනවනම් අපේ නෝනා ඉස්සරවෙලාම කරන්නෙ පොඩ්ඩ ෂර්ට් එකක් ඇඳලද කියල බලන එක ..නැත්නම් එයාගෙ ෆිට් ඇඟ දැකලා ගෙදරට එන මනුස්සය දෙන අවවාද අනුශාසනා අහල අපිට වහ කන්න වෙනවා...:

    ReplyDelete
  20. ලොකු කාලේ නෙවෙයි හරි අක්කේ.. පොඩි කාලේ.. :) මම අවුරුදු හතරේ ඉඳලම හිටියේ ගෙදරින් පිට.. ඒ හින්දද මන්දා පුංචි කාලේ වුන ගොඩක් දේවල් තවමත් හොඳට මතකයි..
    ආය බොරුවට අඬන වෙලාවට අපේ අම්ම කරන්නේ හා එහෙනම් ඇති වෙනකම් අඬන්ට කියලා බලන් ඉන්න එක... ඔය වැඩේ දවස් දෙක තුනක් වෙද්දි මටම අඬන එක එපා වුනා.. :)
    හැබැයි ඔය උපක්‍රම අළුත් පරම්පරාවේ ළමයින්ට සෙට් වෙන්නේ නැතිවෙයි කියලා මටත් හිතෙනවා.. :)

    ReplyDelete
  21. @ ලකී, ඒවා ඇවිල්ලා අයියේ දේව ( බ්ලොග් ) රහස්. කාටවත් කියන්න හොඳ නෑ. :D
    අර කෑම කවන කතාවට නං මසුරන් දාන්න ඕන කටේ. පළවෙනි දරුවනං කොහොමත් අපි වද කරල කවනව, දෙවෙනිය තුන්වෙනිය වෙද්දි නං අපිත් ඕකට හැඩ ගැහෙයි මගෙ හිතේ.

    @ පුතා,
    ඒක තමයි බොල මං කිව්වෙ. අපේ කෙල්ලට තාම අවුරුදු තුනක් වත් නෑනෙ. :D

    ReplyDelete
  22. අනේ මාත් යන්තං දන්න කාලේ ඉඳලම දෙන දෙයක් අනාගෙන කෑවා..හැබැයි ඉතිං ඉස්කෝලේ යන කාලෙදිත් තාත්තා බත් කවනවා හවසට ගෙදර ආවම..ඒ ඉතිං වැඩි සැප.. නැත්තං ඔහේ බෙදාගෙන කනවා.

    ඔය බත් කවන්න අමාරු ළමයි ඉන්න අය මාව ගන්න දරුකමට හදාගන්න..ආයේ ඉතිං කිසි කරදරයක් නැහැ.. බත් කවන්න දගලන්නම ඕන නැහැ..බත් නැත්තං උයාගෙන හරි කනවා..:D:D:D

    @Luckey...

    අනේ ඇත්තටම මාත් එදා අහන්න හැදුවේ පුත්තරයගෙන්.. "අනේ පුතේ තාත්තා ඔයාට කන්න දෙන්නෙම නැද්ද..?" කියලා..:D ඒ තරමට කොල්ලා පුෂ්ටිමත්...
    (කොල්ලනං මොකද මහ උන්දැත් ඉතිං මහ ලොකු ඇඟක් තියෙන එකෙක්යෑ..?)

    ReplyDelete
  23. @ මාරයා,
    අන්න වැඩේ. එන්නකො අපේ දිහා. ඔයාගෙ අර රසමසවුළු අපට උයා දෙන්න, අපි කවන්නං. ( ඕං ලකී අයියගෙ කට ඇද වෙනෝ.......... )

    ReplyDelete
  24. @ marayaa..
    //අනේ මාත් යන්තං දන්න කාලේ ඉඳලම දෙන දෙයක් අනාගෙන කෑවා..//

    ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්ද......

    ReplyDelete
  25. ඔය මාරයගෙ මඩනෙ හරී......ඔයා දැක්කනෙ අපේ පුත්තරයගෙ පින්තූර...අනිත් එක කොල්ලගෙ අම්මයි තාත්තයි දෙන්නම පොඩි කාලෙ කෙට්ටුයි..එහෙම එකේ පොඩි එකා පුශ්ටිමත් වෙන්න නම් ඉතින් අර බ්‍රොයිලර් කුකුලන්ට දෙන බෙහෙතක් දෙන්න වෙයි..

    (චික්..මීට පස්සෙ මාරයා හම්බ වෙන්න යනකොට කොල්ලට හොඳට ඇඟ වැහෙන ඇඳුමක් අන්දගන යන්න ඕන...)

    ReplyDelete
  26. බබ්බුන්ගෙ කටවල් ඇරෙන පච කතා කියන්න ඕනෙ කවනකොට

    ReplyDelete
  27. @ ලකී,
    ඔන්න තාත්තයි පුතයි දෙන්නම මීට පස්සෙ එහෙ යනකොට ටී ශර්ට් දෙක බැගින් ඇඳගෙන යන්න.
    @ චානක,
    ඒකනෙ, ටිකක් ලොකු උනා නං ඔයාගෙ බ්ලොග් එක වත් පෙන්නන්න තිබ්බා. :P

    ReplyDelete
  28. මාත් කාලයකට ඉස්සර ඔය රටේ හිටියා .. ජොලි කාලයක් තමයි එත් මට මතක තියෙන්නේ පටාන් කාරයෝ එලවන ටැක්සි වල ඇතුලේ තියෙන ගඳ !!

    ReplyDelete
  29. අපේ අම්ම ඉන්න කාලෙත් කිව්ව දෙයක්ම තමා, ළමයින්ගෙ අම්මත් කියන්නෙ. මට කවාගන්න කිසි අමාරුවක් නැහැ කියල. මාව දැකල තියෙන අයට නං හිතාගත්තැකි....

    ReplyDelete
  30. @ සරත්,
    වාසනාවකට පටානි ටැක්සියක එකම දවසයි ගියෙ. අයියගෙ කතාව සහතික ඇත්ත :)

    @ ඔබ්සවර්,
    ළමයින්ගෙ අම්ම කියනවනං මොකද ඇත්තම වෙන්න ඇති ඇති. :D

    ReplyDelete
  31. පොඩි ළමයින්ට කෑම ටිකක් කවාගන්න අම්මලා දාන සෙල්ලම් :))

    ReplyDelete
  32. කොච්චර පම ඖනත් මල්ලි මෙහෙට නොවැරදී ගොඩවෙලා යන එකට ස්තූතිවන්ත වෙන්නම ඕනෙ. අර මනුස්සයාගෙ ජීවන රටාවේ තියෙන නොගැලපීමයි මම මෙතනදි ඉස්මතු කරන්න උත්සාහ ගත්තෙ. වැඩේ දෙල් වෙලාද මන්දා ?? :D

    ReplyDelete
  33. හපොයි පොඩි එවුන්ට බත් කවන්න හාමිනේ දාන දහිරිය මම දැකල තියෙනව. ඒ අස්සේ මාත් බැනුම් අහනව පොඩි උන් හැදෙන්නෙත් තාත්ත වගේමයි කියල. අහක ඉන්න මම.
    කතාවෙ එන නාතුර් අප්පුල නම් හරිම වැදගත් කට්ටිය. මොකද ඕනම දේකට කතාකරන්න වෙන්නේ එයාටනේ. මටත් ඉන්නව අපූරු නාතුර් කෙනෙක්. මිනිහ බංගලාදේශෙන්, නම ජහංගීර්. ආපු මුල්ම දවසේ දුන්න කරන අමතර සේවාවන්. සතියකට දවස් 3ක් වාහනේ හෝදන එක, වතුර ගෙදරටම ගෙනැත් දෙන එකවගේ ඒව. අපරාදෙ කියන්න බෑ මිනිහ වාහනේ හෝදනව මම ලංකාවට ගියාමත් අර සතියට දවස් 3. මට වඩා වාහනේ පිරිසිඳුව හිතන්නේ ඒ මනුස්සයා.
    කස්ටර්මර්ස්ල 10ක් විතර හොයාගත්තම සැලකිය යුතු ගානක් ලැබිල මාසෙට. සමහරවිට ඒක මාසෙ පඩියට ආසන්න ගානක්.

    ReplyDelete
  34. @ read my eye,හයියෝ,,, අනේ පවු ,මොනා උනත් මිනිහ අවංක කෙනෙක් වෙන්න ඕනා. දන්නවද මේ ඊයෙ පෙරේදා අපේ ඔය අලුත් නාතුර් ලයිට් බිල දෙන ගමන් කියනවා " සර් මේ බිල්ඩින් ක්ලීන් කරනවට අනිත් ගෙවල් වලින් නම් මට දිරාම් විස්ස ගානෙ දෙනව" කියලා. ඔලුව කස කසා කිව් හැටියට දුක හිතුනා කියලා අපේ උන්දැත් ඒක දීල යැව්වා. ඩීන් අයියා කියන්නා වගේම අපිට වඩා සල්ලි ඇති.

    ReplyDelete