අපි
සංසාරයේ පතා ආ අය වෙමුය
එනිසාද
අනෙකගේ සිත් තැවුල
අප දවන්නේ මෙතරම්
පෙර කුමන කල්පයේ
මුණ ගැසුණාද අපි
එකල්හි
මිතුරෝද , සතුරෝද
නුඹ මා
අප එක්ව පෙමින් බැඳුනාද
වෛරයෙන් දැවුනාද
මේ තරම් දහසකුත් ප්‍රාණීන් මැද
මිතු දමින් බැඳුනේ එනිසාද?
දුක සැප දෙකෙහි
ළඟ රැඳුන
උණුසුම සිතට සවියක්ය,
යන මං නොදත්දා
නුඹ පහන් තරුවක්ය,
ජීවිතේ වාරුවට
එකම අත්වැළ නුඹය
ගිනි ගත් සිත නිවූ
අමා පැන් දහරක්ය,
නොසිතීමි එකළ මම
සදාකාලික ප්‍රේමයක් ගැන
"අඳුරන්නෙ නෑ අපි තවම"
මලක් කීවේ නටුවකට,,,,,
අදුනන්නේ නැතුව කොහොමද පිණි අක්කා ප්‍රේම කරන්නේ. ආහ්... හිතින් ආදරේ කරන්න පුලුවන් නේ. ලස්සනයි අක්කගේ මේ සිතුවිල්ල.
ReplyDeleteඇත්තටම මල දන්නේ නැද්ද එයා ලඟින්ම ඉන්න නටුව ?
මේ තරම් දහසකුත් ප්‍රාණීන් මැද
ReplyDeleteමිතු දමින් බැඳුනේ එනිසාද?
දෛවය හැර වෙන කුමක්ද.
අඩුම තරමේ
ReplyDeleteඑකම පාරක
ඇවිද යන්නැති
ඇඟේ හැපි හැපි ...
බින්දි හරි බින්දි.....
ReplyDeleteඔහොම යං, ඔහොම යං...ඉතිරි ටිකත් කියයි එතකොට
ලස්සන අදහසක්..
ReplyDeleteමලට ජීවය දෙන්නේ නටුව...මල සුවඳ පතුරන්නෙ නටුව මත හිඳගෙන...නටුව මත තියන මල නටුවෙන් ගිලිහුන මල් වලට වඩා ආකර්ෂණීයයි. නටුව නැති මල මිලින වෙන්නෙ හරිම ඉක්මනට...ඒ වගේම මල අහිමි වුන නටුවකිනුත් කිසිම ප්‍රයෝජනයක් නැහැ...
(ඔය හොරෙන් රොන් අරගන්න එන සමණල්ලු , බඹරු ගැන කියන්න ගියොත් වැඩේ කොට උඩ යනවා...අනිත් එක ඔය මල් කඩන කට්ටිය මීට පස්සෙ නටුවත් එක්කම කඩන්න හොඳේ..):D
මේ කියන්නේ දැන් 'සදාකාලික ප්‍රේමය ' අඳුනනවා කියන එකද?...:D
ReplyDeleteඅස්ගිරියෙ මල්වත්ත පැත්තෙ ගිය වෙලාවක උද්‍යාන පාලක aka ගාර්ඩ්නර් කෙනෙක් ගෙන් අහලම මේ ගැන විස්තර ඉගෙන ගන්න වෙනව මට
ReplyDeleteලස්සන අදහසක්, හිතන හැම පැත්තකින්ම එකිනෙකට වෙනස් අදහසක් ඇතිකරන්නේ - ඒ නිර්මාණයේ සාර්ථකත්වය.
ReplyDeleteකිහිප වරක් කියෙවූවෙමි මතකයට එන්නේම kaleidoscope (මධුර කියන්නේ බහුරූපදර්ශකය කියලයි). ඒ කියන්නේ පොඩි කාලේ වීදුරු තීරු තුනක් ත්‍රිකෝණයක් හැඩේට වෙළලා මල් රේණු වගේ චූටි දෙයක් ඒ තුල දාල හරවා හරවා බලද්දි දකින අප්‍රමාණ විවිධ රූප මවන දෙයක්.
බොහොම ස්තූතියි හැමෝගෙම දිරි ගැන්වීමට, ඒ වගේම පින්,
ReplyDeleteපහුගිය දවසක අහපු දැකපු දේකින් උපන් සිතිවිල්ලක්,
" අපි තවම අපි ගැන දන්නෙ නැහැ නෙ"
ලකී අයියා කියන්නා වගේ නටුව මත තමයි මලක පැවැත්ම තියෙන්නෙ, එහෙව් එකේ මලට යුතුද මේ වගේ කතාවක් කියන්න,
ඩීන් අයියාගේ ඇගැයුමට තුති, ඒත් එය මට බර වැඩි.
අනෙක් හැමෝටමත් ආයෙත් වරක් තුති,
මට නම් මේ කවිය කියවපු වෙලාවෙ හිතුනෙ මේ කියන්නෙ දෙදෙනෙක් අතරෙ ඇතිවෙන ප්‍රේමයක් ගැන නෙවෙයි කියලයි...මොකද එතැනදි මල නටුව කියන උපමාවෙ යම් නොගැලපීමක් මට පෙනුනා....
ReplyDeleteහුදී ජනයාගෙ පහන් සංවේගය උදෙසා මේකෙ නිධාන කතාව පැහැදිලි කරන්න බැරිද ?
තරුණයා - නිබඳ බැදී ආ සබඳ කමක් ඇත - ඈත සංසාරේ
ReplyDeleteතරුණිය - හමුවීමක් මිස සබඳ කමක් නැත - ඈත සංසාරේ
ලස්සන සිතුවිල්ලක්. ජීවිතයෙදි හමුවෙන සමහර අයත් එක්ක අපි අනික් අයට වඩා කිට්ටුවෙන් බැඳෙන්නෙ සසර පුරුද්දක් හින්දත් වෙන්නැති. මලයි නටුවයි වගෙ බැඳෙන අයත් ඒ අතර ඇති, දෙවිදිහක් වුණාට. :D
ReplyDelete@ නලිනි, පොත් ගුල්ලා
ReplyDeleteස්තූතියි..ලස්සන් ගීතයක් නේ, මම ළඟදි කියෙව්වා සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ කර්ම අත්පොත !
@ ලකී, අනේබුදු අයියේ ඒව නං අහන්න එපා ඔන්න :ඩී ඉතින් හිතන්නකො මම මේ ඔයාට කියන එකක්ය කියලා
( පාඩුවෙ ඉන්නැතුව කවියක් ලියල මමත්,, මේගොල්ලො එනව අග මුල හොයන්න,, අපි නං කියයි )
ම්හු..... නටුව අඳුරන්නැති මල් වැඩක් නෑ.
ReplyDelete@ හා,
ReplyDeleteඒකනේ අනේ කියන්නෙ
මල් නැතුව නටුත් නැත
ReplyDeleteනටු නැතුව මලුත් නැත
නටුවෙන් මල ගිලිහුනාම
මලුත් නැත නටුත් නැත
අන්තිමට එනකල්ම හිතා ගන්න බැරි උනානේ මොකක් ගැනද මේ කියන්නේ කියලා....
ReplyDelete@ කස්සා, ප්‍රියන්ත ස්තූතියි දෙපළටම
ReplyDeleteබිනරමළී එක්ක ගියා ගියාමයි....මොකද උනේ?
ReplyDelete