මොකක්ද මේ මාතෘකාව පැණියි හොදියි වගේ නේ, ගැලපෙනවා වගේ පේනවද නිකමටවත්
සමහරවෙලාවට මං හරිම ප්‍රිය කරන දෙයක් තමයි පැරණි වේදිකා නාට්‍ය ගීත රස විඳින එක, නිස්කලංකව ඇස් දෙක පියාගෙන ඒ ගී අහන්න මං හරි ආසයි. හැබැයි ඒ සිංහබාහු, මනමේ, කුවේණි, හුනු වටයේ කථාව, දෙපානෝ, මූදු පුත්තු, කුණ්ඩල කේශී වගේ පැරණි ඒව තමයි.
මෑත කාලයේ බිහිවෙච්චි නාට්‍ය ගැන කථාකරන්න ඒ ගැන හරි දැනීමක් මට නෑ..මං සජීවීව ශාලාවක නරඹපු අන්තිම වේදිකා නාට්‍යය තමයි ජයලත් මනෝරත්න මහත්මයාගේ ගුරුතරුව, කතා දෙකක් නෑ මනෝරත්න මහතා දක්ශ ශිල්පියෙක්, අපේ සිංහල සාහිත්‍යය ඉතාම ලස්සනට, රසවත් ලෙස භාවිතා කරලා ඔහු මේ නිර්මාණය ඉදිරිපත් කරලා තියෙන්නේ.
ගුරුතරුව සජීවීව නරඹන කෙනෙක්ගේ ඇහැට කඳුළක් නාවොත් ඒකත් පුදුමයක්, ඔහු මේ නාට්‍යය නිශ්පාදනය කළේ අදින් වසර පහළවකට විතර කලින් වෙන්න ඕනා, අපේ පාසල් සිසුන්ගේ පෙළ පොත් වලින් සාහිත්‍යය ඊටත් වඩා අඩු වෙලා, අනේ මංදා අනාගත පරපුරේ රසවිඳනේට මොනවා වෙයිද කියලා...ගී හොයන්න you tube සැරිසැරුව වෙලාවක අහම්බෙන් හමු උනේ, අනේ ඒ ඇතුළු කළ ඇත්තාට ගොඩක් පිං සිද්ධ වෙන්න ඕනෙ.
එතකොට වැලිතලප,,
ගුරු තරුවයි වැලිතලපයි එකට යාවෙන්නෙ මෙතනදි, ඔන්න වැලිතලප හදන හැටි, තියෙන්නෙ කවියෙන්.
බලන්න ගුරුතරුවෙ සංගීත ශිල්පියා වැලිතලප රස කරල තියෙන අපූරුව....
කැකුළු හාල් පිටියෙන්ද
වටකර ඔලු ඇට මෙන්ද
තම්බා කඩ පිම්මෙන්ද
සුරැකිව තබා යෙහෙන්
කිතුල් හකුරු පැණියෙන්ද
මඳක් සීනි සමඟින් ද
හැඳි ගා කකාරමින් ද
ලණු වැටෙනා පදමින්
තිවග දෙදුරු සමඟින්ද
එක එක පමණ යසින්ද
බැද සුන්කර ගනිමින්ද
එකතුව සෑම දෙයින්
බඳුනක ලා සතොසින්ද
සමකර යස විලසින්ද
එදවස පසුව ගොසින්ද
ගනිමින් නැවත තොසින්
කැබලිව සැතින්කපා ම
රඹ කැන් සමඟ කදීම
ලොව සත හට සොඳ කෑම
අසනුය නැණැති සියල්
උදය උදය සැමදාම
වළඳා උණු පැන් බීම
සත සිත් වෙර පිනවාම
මියුරු දෙයකි සුවිපුල්
වැලිතලපය යන නාම
පැවැසුව පෙරැදුරු සෑම
වාපිත් සමන කිරීම
කදිමට වේ නිරවුල්
මේ පද පෙළේ රචකයා ඔතාරිස් ගබන් ගුරුන්නාන්සෙ කියලා මනෝරත්න මහත්මයා ගුරු තරුවෙදි කියනවා. ජුලියට් ප්‍රනාන්දු මහත්මිය විසින් රචිත ගුණසේන සූප ශාස්ත්‍රය පොතෙත් මේ පැදි ටික මෙලෙසම අඩංගුයි, හැබැයි එතන රචකයාගේ නම සඳහන් නැහැ.
කැකුළු හාල් පිටි වලින් ඉතා සිහින් ඕළු ඇට ආකාරයට පිට්ටු සාදා ගන්න කියලයි කියන්නෙ, කිතුල් හකුරු වලට සීනි ටිකකුත් එකතු කරලා කකාරවා ගන්න කියනවා, හැන්දෙන් වත්කළහම නූලක් වගේ බේරෙන පදමට ආපුවහම.
ඊට පස්සෙ රස කාරක යොදන හැටි, සූදුරු , මහදුරු, එනසාල්, කරාබු නැටි, කුරුඳු මේවා බැද කුඩු කරගෙන මිශ්‍ර කරන්නළු.
දවසක් තබා පහුවෙනිදට තමයි හදන්න කියන්නෙ. එතකොට පිටිවලට හොඳින් පැණි උරාගන්නව වෙන්න ඕනෙ.
කටට කෙළත් උනනවනෙ, වැලිතලප කන්නළු කෙසෙල් එක්ක.
උදේට උදේට වැලිතලප කෑල්ලක් කාලා උණු වතුර බිව්වම වා,පිත් දොස් සමනය වෙනවයි කියන්නෙ...
පින්තූර සොයා ගත්තෙ ගූගල් වලින්, අද ගූගල් ගෙ උපන්දිනේලු. ඔන්න සුභ පැතුම් වැලිතලප සමඟින් ~
මටත් මතකයි මීට අවුරුදු 12-15 කලින් ගුරුතරුව බැලුවා වගේ..
ReplyDeleteදැං වගේ නෙවෙයි ඉස්සර එන එන හැම වේදිකා නාට්‍යක්ම වගේ බලනවා අපි.. අම්මලාගේ ඉස්කෝලෙට එනවා නාට්‍ය ගෙන්නවන අය ටිකට් විකුණනන්න.. ඉතිං අම්ම එක්ක අපි යනවා මේවා බලන්න.. හැබැයි දඅං ළමයින්ට මෙහෙම අත්දැකීමක් ලබන්න කාලයක් නෑ.. හෝඩියේ ඉඳලම ටියුෂන් නේ..
මට මතක හැටියට මම මේක බැලුවේ 8 වසරෙ හරි 9 වසරෙ හරි ද කොහේද.. දැන් නම් මතක නෑ හැබැයි නාට්‍යෙය් තිබුනේ මොනවද කියලා.. හැබැයි අපි ඒ ළමා කාලේ වින්දා අද ළමයින්ට බැරි වුනාට...
අනේ මන්දා ටීචර්, මම් ගුරු තරුව බලලා නෑ. ජයලත් මනොරත්න මහත්තයාගේ 'බූරුවා මහත්තයා ' නාට්ටිය තමයි මම් අන්තීමට බැලුවේ. ඒකත් වල සතියේ තමා බැලුවේ. දැන් කොහෙද අප්පා එහෙම වාසනාවක්.
ReplyDeleteවැලි තලප කියන්නේ මම් ආසම කෑමක්. දකින කොට කටට කෙලත් උනනවා.
තව ඩිංගෙන් අමතක වෙනවා ගූගල් ගේ උපන්දිනේට සුබ පැතුම්. ගූගල් හන්දනේ ටීචරුයි අපියි මේ බ්ලොග් ලෝකේ සැරිසරන්නේ. මේල් චෙක් කරන්නේ. තව වැඩ ගොඩයි.
නාට්‍ය මට සෑහෙන්න මග ඇරෙන දෙයක්. නමුත් ගුරු තරුව ටැලිවිසන් එකෙන් බැලුව කියල මතකයි. ඒ දවස්වල ඇම්මට බැලුවට තේරුණේ නම් නෑ.... :-(
ReplyDeleteහරබර පොස්ට් එකක් නංගී. වෙනස් පද ගනනාවක් යොදාගෙන ඇති ලස්සන වගේම රසවත් කවිපෙලක්. බොහෝම ස්තුතියි මේවා සොයා බෙදා ගත්තාට.
ReplyDeleteරත්තරන් මනුස්සයෙක්. ශ්‍රේෂ්ඨ නළුවෙක්. රස කෑමක්..
ReplyDeleteඅර පහල තියෙන ජීපි එක විකුනන්න දාපු එකක්ද..?
උණු උණු වැලිතලප කෑල්ලක් කාලා කහට උගුරක් බොන්න හිතුනා...
ReplyDeleteවැලි තලප, ගුරු තරුව සමග පිණි පළස...හරි අපූරු ගැලපීමක් නේ
ReplyDeleteමම නම් ශාලාවාකට ගිහින් බලලා තියෙන්නෙ අතේ ඇඟිලි ගනනටත් වඩා අඩු නාට්‍ය සංඛ්‍යාවක්. බලලා තියන ඒවා වැඩි හරියක් බැලුවෙ රූපවාහිනියෙන්. ඉස්සර රූපවාහිනියෙ ගියා සතියකට වරක් වේදිකා නාට්‍යයක්. මට මතක විදියට ඒ වැඩසටහනේ නම ජාතික රංග පීඨය. මම නොවරදවාම බැලුව වැඩසටහනක්. ඒත් ඉතින් ඒවායින් වේදිකා නාට්‍ය වලට හානියක් මිසක් සෙතක් නම් වුනේ නැහැ. අපි ඉතින් ඒ දවස් වල ඇප කැප වෙලා වැඩ කෙරුවෙ චිත්‍රපටි කර්මාන්තය නගා සිටවන්නනෙ. ශාලාවකට ගිහින් හොඳ වේදිකා නාට්‍යයක් බලන්න තරම් නුවණක් ඒ දවස් වල නොතිබීම ගැන දැන් නම් ඇත්තටම දුකයි.
පරණ වේදිකා නාට්‍ය වල ගීත ගැන කියනවනම් ඔය හරී දාලා තියන ලිස්ට් එක හරියටම හරි. මම ගොඩක් ආසම ගීතයක් තමයි " මූදු පතුල යට ඉඳලා " ගීතය. ඒත් මෑත කාලයේ ඒ වගේ මතක හිටින තරම් ගීත වේදිකා නාට්‍යකින් ඇහුනද කියල නම් සැක සහිතයි.
හරී , අලුත් ඇඳුම ලස්සනයි. ඒ ප්‍රීතිය වෙනුවෙන් වැලි තලප හැදුවොත් අපටත් කියන්න.:D
පින්තුර ගත්තේ මෙතැනින් .තමයි විද්‍යාත්මක නම .
ReplyDeleteමටත් වැඩිය වේදිකා නාට්‍ය බලන්න ලැබිල නැහැ . එකක් හුඟක් දර්ශන රෑට තිබුනේ . අනික ඕව බලන්න වෙලාව තියෙන කාලේ සල්ලි නැහැ . සල්ලි හොයන කොට වෙලාව නැහැ . වෙන වෙන වැඩ වැඩි වුනා . ළමා වේදිකා නාට්‍ය තමයි බලන්න ලැබුනේ . සෝමලතා සුබසිංහ මහත්මියගේ ළමා නාට්‍ය ටික බැලුවා . ඊට පස්සේ රූපවාහිනියෙන් බලපු එකක් තමයි.
කතා දෙකක් නැහැ මනෝ කියන්නේ තරුවක් .
වැලිතලප ...මේ ඕන්නැති එව්වා මතක් කරනවනේ . මගේ ආසම ආසම කෑමක් . හදා ගන්න දන්නෙත් නැති කෑමක් . ට්‍රයල් එකක් වත් හරි ගියේ නැහැ .
මේ පොස්ට් එක අනර්ගයි හරී ...
හප්පොච්චියේ.....කටට කෙළත් ඉනුවා..ඕන් නැති වැඩනෙ ඕවා....
ReplyDeleteකමක් නෑ කමක් නෑ...මේ සතුයෙදි හදන්නවත් ට්‍රයි කොරාන්ට ඕනේ......
මනෝ...... මනෝ කියන්නෙ ඉතින් සුපිරි ම තමයි....මනෝගේ නාට්‍ය කීපයක් බලලා තියෙනවා... කියලා වැඩක් නැත...මම ආසයි මනෝගෙ දෙබස් උච්චාරණයට....
වටිනම පෝස්ට් එකක්...
ReplyDeleteජය නගේ...!
බෝම අගෙයි. දෙපාත්තක තියෙන දෙජාතියක් හර බර විදිහට එකතු කරලා තියෙන විදිහ. අම්මපා හොඳ කිතුල් හකුරු ටිකක් හොයාගන්ඩ තිබ්බනං...
ReplyDeleteඅන්තිමට සජීවී නාට්‍යයක් බැලුවෙ සෑහෙන්න කාලෙකට ඉස්සෙල්ල, නම මට විධියට "ගජමන් පුවත" සමහර කවි නං තාමත් මතකය් යන්තමට වගෙ.
ReplyDeleteජයලත් මනෝරත්න නං ලොකු පොඩි තිර වලින් ඇරෙන්න දැකලම නැහැ.
අන්තිමට සජීවී නාට්‍යයක් බැලුවෙ සෑහෙන්න කාලෙකට ඉස්සෙල්ල, නම මට විධියට "ගජමන් පුවත" සමහර කවි නං තාමත් මතකය් යන්තමට වගෙ.
ReplyDeleteජයලත් මනෝරත්න නං ලොකු පොඩි තිර වලින් ඇරෙන්න දැකලම නැහැ.
අන්තිමට සජීවී නාට්‍යයක් බැලුවෙ සෑහෙන්න කාලෙකට ඉස්සෙල්ල, නම මට විධියට "ගජමන් පුවත" සමහර කවි නං තාමත් මතකය් යන්තමට වගෙ.
ReplyDeleteජයලත් මනෝරත්න නං ලොකු පොඩි තිර වලින් ඇරෙන්න දැකලම නැහැ.
ගුරු තරුවට අවුරුදු 15 කටත් වැඩිද මන්ද. මමත් අවුරුදු 15 කට කලින් ඕක බැලුව. ඒ කාලෙ නම් ඉතින් නාට්ටි වල ගුණ අගුණ කියන්න තරම් තේරුමක් තිබුණෙ නෑ. "වැඩි හරියක් සාහිත්‍ය නිර්මාණ කරල තියෙන්නෙ කවුද" කියල සර් අහනකොට කොල්ලෙක් කියනව "අඥාතය" කියල. ඒක නම් මතකයි.
ReplyDeleteඒත් ලඟදි බලපු "හොරු සමඟ හෙලුවෙන්" "බල්ලොත් එක්ක බෑ" වගේ ඒව නම් හොඳට මතකයි. හොරු සමඟ හෙලුවෙන් එකේ ජයලත් මනෝරත්න මුලු නාට්ටිය පුරාම නිර්වස්ත්‍රයෙන් කුණු බක්කියක් ඇතුලට වෙලා ඉන්න ගමන් දෙන දෙබස් ටික නම් පට්ටයි.
@ සෝරෝ,
ReplyDeleteඅද ළමයින්ගෙ ළමා කාළෙ ගැන නං ආයෙ කථා කරල මොකටද? තව ඉස්සරහට මේ තියෙන ටිකත් නැතිවේවි. කාගෙනුත් කරන ඉල්ලීමක් ඔය ලින්ක් එකෙන් ගිහින් ගුරුතරුව රස විඳින්න කියලා
@ මධුරංග,
ඔය තියෙන්නෙ ගුරුතරුවට යන පාර, ගිහින් බලන්න මල්ලී, මනෝරත්න මහත්මයාගෙ ඊට පස්සෙ එකම නාට්‍යයක් වත් මට බලන්න ලැබිල නෑ. අවාසනාව තමයි :(
@ hare ,
ReplyDeleteමම නම් ආසම වේදිකා නාට්‍ය බලන්න, කොහෙද ඉතින් අඩුවෙන්ම බලන්න ලැබෙන්නෙත් ඒවමනේ
@ ගල්මල්,
ස්තූතියි අයියේ, ඇත්තටම පිං පෙත් දෙන්න ඕනෙ මනෝරත්න මහතාටත්, you tube එකට මේක එකතු කරපු ඇත්තාටත්
@ මාතලන්,,
ReplyDeleteඅයියා කියන එක සහතික ඇත්ත ( මනෝරත්න මහතා ගැන ). පින්තූරේ ගැන කියනවා නං ඒ හිටියෙ අපේ මහත්තයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්, මම පින්තූරෙ වෙනස් කළ, ගොඩවෙලා බලන්නකො, දැං ඉන්නෙ අපේ මහත්තයාගෙ අනිත් වයිෆ්, හැබැයි ටික දවසකට උඩදි මෙයාවත් වෙන කෙනෙක්ට දීලා සල්ලි ගත්තා, වැඩ ඇරිලා ගෙදර ආවෙලේ ඉඳන් කරන්නෙ අන්තර්ජාලෙන් තව ඔය විදිහෙ නෝන කෙනෙක් හොයන එක තමයි
@ වෙනී, ඔව් ඔව් බොන්න,, වා, පිත් දොස් සමනය වෙනවයි කියනවනෙ
ReplyDelete@ ලකී,
ReplyDeleteමට වේදිකා නාට්‍ය බලන්න පුරුදු කරේ අපේ තාත්තා, ශාලාවෙ ඉඳන් කුවේණි බලනවා යාන්තමට මතකයි, මම කැමතියි කරදිය නාට්‍යය ටත්, ඔය කියන ජාතික රංග පීඨෙන් මමත් සෑහෙන නාට්‍ය බැළුවා, මේ තියෙන්නෙත් එහෙම විකාශනය වෙච්චි එකක්ද කොහෙද. දැං ඉතින් රටෙනුත් ඈත්වෙලා ඉන්න අපිට නාට්‍ය රස විඳින්න වෙන්නෙ මෙහෙම තමයි.
අළුත් ඇඳුම ගැන කියනව නං මට වෙලා තියෙන ජංජාලේ ඔයාලා දන්නෙ නැහැනෙ. දැං ටික දවසක ඉඳන් සමහර වෙලාවට මගේ බ්ලොග් එකේ මටම කමෙන්ට් දාන්න බැහැ. අනිත් අය දාන ඒවා එනවා. මට විතරයි බැරි. විශ්වාස කරන්නත් බැහැ නේද? ඉහළින් තාක්ෂණික උපදෙසුත් ගත්තා. හරි ගියෙ නෑ. අන්තිමේ ඇඳුම වෙනස් කළ ගමන් හරිගියා. පහුගිය ටිකේ එක එක විකාර වගේ ඒවත් ඇඳං ඉන්න උනේ ඒ නිසා. මම හිතුවෙ අදත් ඒ සෙතේ කියලා, ඔන්න අද නං තවම උනේ නැහැ. මටමයි වෙන්නෙ :'(
@ බින්දි, ස්තූතියි කිව්වට. ඔන්න ගත්තු තැන් ගැන කියන හොඳ පුරුද්ද මට කවදාවත් තිබුණෙ නැහැනෙ. ගූගල්ගෙ උපන්දිනේ නිසයි ඔහොමවත් කියන්න මතක් උනේ, මීට පස්සෙ වගකීමෙන් වැඩ කරන්න ඕනි.
ReplyDeleteඔන්න කිව්වම මොකෝ මමත් උත්සාහ කරලවත් නැති දෙයක් තමා. බයයි පදමට එන එකක් නැහැ කියලා. හරි පදම නාවොත් කෑලි කපන්න බැහැ මගෙ හිතේ. වැලිතලප රසට හදන්න පුළුවන් එහෙමත් කෙනෙකුට තමයි නේද?
"අපිට කොයින්ද පූසො මාළු" නේද බින්දි ? :D
@ දිල්, ඔන්න නඟේ ඔයා වැලිතලප හැදුවම මටයි ,ඔය තව කෙළ ගිලින කට්ටියටයි එවන්න හොඳේ, මමත් මනෝට ඉතා ප්‍රිය කරමි.
ReplyDelete@ තිස්ස,
බොහොම ස්තූතියි, ආපු එකේ ඔය තියෙන වැලිතලප, කෙසෙල් ටිකක් කාළම ගියානං තමයි හොඳ, තේ නං නැත.
@ චාමි, ස්තූතියි . අද කාලෙ හොඳ කිතුල් හකුරු ඕනෙ නං ඉතින් ගෙදර වත්තෙ කිතුල් ගහක් වවලා, මල් හැදුනම මැද ගන්නම වෙනවා. කඩවල් වල තියෙන්නෙම සීනි හකුරුනෙ, පොළවෙ ගැහුවත් කැඩෙන්නෙ නෑ. සවි ශක්තිය අතින් ඉස්තරම් ඕං
@ ඔබ්සවර්, ගජමන් පුවත??? ඔය කියන වයසත් හරිද මන්දා? මමත් කැමති ගජමන් පුවතෙ සමහර කවි, මම නං බැළුවෙ අයි. ටී. එන් එකෙන්. ඇලපාත මුදලිගෙයි, ගජමන් නෝනාගෙයි සංවාද කවි බොහොම රසවත්. දෙනිපිටියෙ නුග රුක ගැනත් තිබුනද ඒකෙ, මතක නෑ මට නම්
ReplyDelete@ එනිමි,
අනේ ඔයා මනෝගෙ අළුත් නාට්‍ය බැලුවද? ඉරිසියාවෙ බෑ. ගුරුතරුව ආයෙත් බලන්නකො ,කොටස් අඩු නැතුව තියෙනවා ඔතන
ඔන්න ඉතින් වැලි තලප කන්නම හිතෙන්න පෝස්ට එකක් දාල තියනවා. අපේ අම්මනම් වැලි තලප හදන්න අති දකෂයි. ඒ නිසා මට නම් රසම රස වැලි තලප කන්න පුළුවන්. අදම අම්මට කියන්න ඕනි සති අන්තයේ හදන්නකියා....:D
ReplyDeleteඊයේ කියවලා ගියාට මොනා හරි නොතේරුන නිසා ආයේ අදත් ආවා.
ReplyDeleteනාට්‍ය කියන්නේ මගේත් ආසම ඒත් මට අඩුවෙන්ම බලන්න ලැබෙන දෙයක්. මේ රටවල් වලදි අපිට මිස් වෙන ලංකාවේ දේවල් කොයි තරම්ද?.
මට තාම හිතාගන්න බෑ නේ මේකයි අර වැලිතලප කතාවයි අතර සම්බන්දේ. සමහරවිට මගේ වැලිතලප ආසාව වෙන්න ඕනේ. පොඩි කාලේ ඉඳන්ම පැනි රස නොකන මම වැලිතලප කිව්වොත් නම් ඕනේ ජරාවක් කයි.
ඕං පිණි පළස පෙන් වූ පාර දිගේ ගිහින් ඊයේ හවස YouTube ක්ලිප් එක දෙපාරක්ම බැලුවා. බොහෝමත්ම ස්තුතියි නංගී.
ReplyDeleteදෙබස් ටික නම් මසුරන්, මනෝරත්න මුද්‍රාව නොවැ.
@ ප්‍රියන්ත,
ReplyDeleteඒකෙනෙ සති අන්තෙ මෙහෙටත් එවන්නකො වැලිතලප
@ Il mondo di una povera pazza,මම හිතන්නේ කාට හරි නොතේරුණා නම් ඒක මගෙ අඩුපාඩුවක්, දාපු ලින්ක් එකත් සමහර අයට පැහැදිලි වෙලා නැහැ වගේ. නාට්‍ය ගී හොයපු වෙලවකයි ඕක හමු උනේ. වැලිතලප හදන හැටි සරලව තියෙනවනේ. පද ටික තවත් අලංකාරවෙලා තියෙනව සංගීතයෙන්. අපේ සාහිත්‍යයේ සැඟවෙච්චි මේවගේ අලංකාර තැන් බොහොම රසවත්ව උලුප්පලා දක්වලා තියෙනව ගුරුතරුවෙ. අර සැලළිහිණියෙ තියෙන " ලප නොමවන් සඳමෙන් සොමි ගුණ ගිහිණි" වගේ කවි සිත්ගන්නා තාලයකට ඇතුල් කරලා තියෙනවා. අපි වෙන තැනකදි මේ කවි ටික දැක්කනං රසවිඳීමක් නැහැනෙ මෙච්චර. ඔය මම දක්වලා තියෙන්නෙ නාට්‍යයෙ 8 වෙනි කොටස, කොටස් සියල්ලම අඩංගුයි. නිවාඩු පාඩුවෙ බැළුවට පාඩුවක් නෑ. බොහොම ස්තූතියි ආවට.
@ ගල්මල්,
ඉඩ තියෙන වෙලාවක ඔක්කොම බලන්නකො අයියා, මටනම් කොච්චර බැළුවත් එපා වෙන්නෙ නැති එකක්
වැලි තලප වල වැලි නැත.
ReplyDeleteමාළුපාං වල මාළු නැත.
ගල් බනිස් වල ගල් නැත.
අපට ලේන් පූසොත් නැත!
අනේ නාට්ටියක් බලපු කාලයක් මතක නෑ නෙ. ඉස්කෝලෙ යන කාලෙ එල්ෆින්ස්ටන් එකට ගිහින් නරි බෑනා එකේ ටිකක් බලලා ආවා. පොලොන්නරුවෙ ඉන්න කාලෙ තාරාවෝ ඉගිලෙති බැලුවා.එච්චර තමා..:(((
ReplyDeleteමං වේදිකා නාට්‍යයක් බලලම නැද්ද කොහෙද........ හැබැයි මාත් බොහොම ආසයි වේදිකා නාට්‍ය ගී වලට නම්..........
ReplyDeleteමට නිකම් කමෙන්ට් කියවද්දි මාවත් අමතක උනා වගේ...........
මට මතක් උනේ අපේ පුංචිගේ දෝණි පැංචි පළවෙනිම දවසේ වැලි තලප කනවද ඇහුවම ඒවත් වැලි කෝම්පිට්ටු වගේද අහපුඑක...... යාන්තම් දන්න ජාති දමලා පළවෙනි කට කැව්වා.....! දැන් නම් මටත් වඩා කටර් එක මං 1ක් කද්දි එයා 2ක් කන තරමට..... හික්ස්......
ගූගල්ටත් ඊයේට හැපි උපන්දිනයක් වේවා.....!
පොඩිත්තා ඔස්සේ ඔන්න මෙහෙටත් ගොඩ උනා. හරි රසවත් බ්ලොග් පෝස්ට් එකක් . මමත් බොහොම කැමති වේදිකා නාට්‍යය බලන්න. ගුරු තරුව බැලුවෙ පාසල් යන කාලෙදි ,මට අද වගේ මතකයි එහි අන්තිම දර්ශනයට අපි හැමෝම කදුළු හෙලූ හැටි.
ReplyDeleteගජමන් පුවත බැලුවේ 70 ගණන් වල මැද හරියෙ. ඊට පස්සෙත් සජීවී නාටයක් දෙකක් බැලුව වාගේ යන්තමට මතකය්, එච්චර හොඳ ඒවා නෙමේ වෙන්නැති අඩු ගානේ නම් වත් මතක නැත්තෙ
ReplyDeleteගජමන් පුවත පුංචි තිරයේ ගියේ ඔරිජිනල් එක නෙමේ, හුඟාක් මොඩිෆය් කරපු වර්ෂන් එකක්.
ReplyDeleteගජමන් පුවත බැලුවේ 70 දශකයේ අග හරියෙ. පස්සෙ පුංචි තිරයෙ ගියේ ඔරිජිනල් එක නෙමේ
ReplyDeleteදාන කොමෙන්ට් අතුරුදහන් වෙනවා
ReplyDelete@ ඔබ්සවර්,
ReplyDeleteඔන්න අතුරුදහන් වෙච්චි කමෙන්ට් ඔක්කොම මම හොයා ගත්තා, :D බොහොම ස්තූතියි, දයානන්ද ගුණවර්ධන මහතාගෙ ගජමන් පුවත් මමත් බැළුවා රූපවාහිනියෙන්, හැබයි ඔබතුමා බැලුවට අවුරුදු විස්සකට විතර පස්සෙදි.
@ රෝස කුමාරි,
ReplyDeleteරසවත් නේන්නං, කිතුල් පැණියෙන් හදාපු වැලිතලපනෙ :) බොහොම ස්තූතියි මෙහෙට ගොඩ උනාට
@හා පැටී,
අනේ හා පැටියො, මම කියනවට මේ නාට්‍යය බලන්නකො,
@ නිසුපා,
මොකෝ නරි බෑනා එකේ ටිකක් බැළුවෙ? මමත් දැං සෑහෙන කාලෙකින් වේදිකා නාට්‍යයක් බලල නෑ :(
@ උපශාන්ත,
ඔය ජාති තුනම තියෙන්නෙ ලංකාවෙ විතරයි නේද? පූසො නං ඉන්නවා කිව්ව නේද ගේ ඉස්සරහ පාර්ක් එකේ, දුක තමා රංජනී :(
හය්යෝ මොකද මේ ඔබතුමා, කෑල්ලක්? අන්කල්, අය්ය, ඔබා, ඔබ්සර්වර්, ඕන එකක් ඔට්ටුය් "තුමා" කෑල්ල නැතුව ප්ලීස්.
ReplyDelete(මේකත් අතුරුදහන් වුනොත් ආයෙ කොටන්නෙ නැහැ, ඔහොම්ම තියෙන්න ඇරල බලනව පස්සෙ මතුවෙය්ද කියල. නැත්තං අර ඉස්සෙල්ල වතාවක වගේ එකම කොමෙන්ට් එක හතර වතාවක් වැටෙය්)
මං දවසක් ගියා පැපිලියානේ මනෝ ගේ ගෙදරට, උන්නැහේව ඉන්ටර්වීව් කරන්න. පොත් ගොඩක් දුන්නා මට. හොඳම එක බණ්ඩාර ඇහැලියගොඩ සංස්කරණය කරපු මනෝ සමරුව.
ReplyDeleteපස්සේ මං ගොඩගේ එකෙන්ද කොහෙද ගත්තා ගුරු තරුව පිටපතකුත්.
හොඳ පොරක්!
ඔන්න බලන්ඩ, මම මේ සැරෙත් ප්‍රමාදයි. පුංචිත්ත හදන්ඩ ඔට්ටු වෙච්චි හින්ද යාලුවන්ගේ පෝස්ට් කියවන්න එන්නත් බැරි උනා, මගේ පෝස්ට් වල දාපු කමෙන්ටු වලට තාම උත්තර දී ගන්නත් බැරි උනා. ඒ නිසා යාළුවො මගේ ප්‍රමාදය ගැන අමනාප නොවෙයි කියල හිතනවා.
ReplyDeleteකමෙන්ට් කරපු අය වගේ නෙමේ, ලියපු හරී වගේ මමත් වේදිකා නාට්‍ය ලෝලියෙක්. "ගුරු තරුව", මනෝ ගේ නාට්‍ය අතර මගෙත් favourite. "සාහිත්‍යය" විෂය ධාරාවෙන් අතුරුදහන් වන කලෙක සාහිත්‍යයේ වගේම සාහිත්‍ය ගුරුවරයාගේ අගය පැහැදිලි කරපු හරිම සංවේදී නාට්‍යයක්. මම මේ නාට්‍යය වේදිකාවේම දෙවරක් බලල තියෙනවා. රූපවාහිනියෙනුත් බැලුව. නමුත් සජීවීව නාට්‍ය ශාලාවේ බලනකොට ලබපු රසය එහිදී ලැබුනෙ නැහැ. අපූරුම අවස්ථාව තමා අර කොන්ස්තන්තීන් පව්ස්තොව්ස්කි ගේ රන් රෝස කෘතියෙන් හැඩ වූ අවසාන ජවනිකාව. ඔය නාට්ටිය බැලුවට පස්සේ මම පව්ස්තොව්ස්කිගේ පොත හොයාගෙන කියෙව්වා. එරික් ඉලයප්ආරච්චි විසින් පරිවර්තනය කරල තියෙන්නෙ. සාහිත්‍ය කරණයේ යෙදෙන්ට අදහස් කරන කෙනෙකුට අනගි මිණක්. ළමා කතාවක් උනත් ලියන්නෙ කොහොමද කියන එක ගැන ඒ කෘතියෙන් අදහසක් ගන්ට පුළුවන්. මම කාට හෝ ඒ පොත කියවන්ඩ දුන්න. ඉන් පස්සෙ ඇහැට දැක්කෙ නෑ.
ඔය වැලිතලප කවි වල විරිත, ගජමන් නෝනගේ දෙනිපිටියේ නුග රුක කවි පන්තියේ විරිතට සම්මානයි කියල මට නං වැටහෙන්නෙ.
පිනවන දුටු දන සෑම
ගඟ ළඟ පිහිටි කදීම
තුරු පෙළ අවට සැදීම
යුත් සෙවනැල්
මේ වගේ සුන්දර මතකයන් අලුත් කිරීම ගැන හරී නංගිට ස්තුතියි.
මං හිතන්නේ මනෝ තමයි ඕනෑම චරිතරක් ඇතුලේ නොපෙනී යන්න පුළුවන් එකම ශිල්පියා ජෝ ඇරුනාම. ඔක්කොම පරාදයි වැලි තලප දැක්කාම. කෙල බේරෙනවා.
ReplyDelete@ ඔබා මාමා, මම දන්න තරමින් ඔබතුමා අපේ දෙමවිපියන්ගෙ වයසෙ, ඒ නිසා අයියේ නොකියා මාමා හරි අංකල් හරි කියන්නම්,
ReplyDelete@ පොත් ගුල්ලා,
ReplyDeleteමං මේ බැළුව කෝ කියලා, ඔය කියන පරිවර්තන කෘතිය මම කියවල නැහැ, හොයාගෙන කියවන්න ඕනි. පොත් ගැන කියනව නං ඉතින් මට පේන්න බැරි උදවිය තමයි පොත් ගෙනිහින් ආපහු නොදෙන එවුන්. ඔය නිසාම මගේ මැකී ගිය දඩ මං, සුදු වැද්දා, සුදු ගෝනා වගේ පොතුත් නැති වෙලා. ආයෙම ගන්න ඕනෙ ඉතින් ඒවා.
ගජමන් නෝනාගෙ ඔය කවි පන්තියත් අපි අතරට ගියෙ මෑතකදි හදාපු ටෙලි නාට්‍යයෙන්ද මන්ද, ඔතාරිස් ගුරුන්නාන්සෙයි, ගජමන් නෝනයි සමකාලීනයොද දන්නෙත් නැහැ නේද?
@ කතන්දර, මේ දවස්වල වැඩ වැඩිළු නේද? ආවට ස්තූතියි. මමත් හමුවෙලා තියෙනව මනෝව ඒ කාලෙ ඔහු රාජකාරි කරපු මහවැලි කේන්ද්‍රයෙදි. තව දෙතුන් වාරෙකදිත්, උන්නැහේ අපේ පුංචි අම්මා සහ බාප්පාගේ විශ්ව විද්‍යාලයීය සමකාලීන මිතුරෙක් නිසා.බාප්පාත් සේවය කළේ මහවැලි කේන්ද්‍රයෙ. හැබැයි මට නං පොත් දීලා නැහැ. :(
ReplyDeleteඒ සංදියෙ මං හිච්චි එකීනෙ. ගුරුතරුව පොත මං සෑහෙන්න හොයපු පොතක්. ගොඩගේ සාප්පුවෙත් තිබුණෙ නැහැ එතකොට. ආයෙම හොයලා බලන්න ඕනෙ.
මටත් හිතෙන්නෙ මනෝ හොඳ පොරක් !!!
@ සරත් ලංකාප්‍රිය,නම ලංකාප්‍රිය උනාට වෙසෙන්නෙ පිටරට නේද? :D
ReplyDeleteමට මතක් උනා මනෝරත්න මහතා වරක් පුවත්පතකට කියූ දෙයක්. විශ්ව විද්‍යාලයට ගිය අළුත ඔහු කවි ලියන්න උත්සාහ කෙරුවළු. කවුදෝ මහාචාර්යතුමෙක් වරක් මොවුන් බිත්ති පුවත්පතකට ලියූ කවි විවිචනය කරලා තිබුණළු. ඒකේ මනෝරත්න මහතා ගැන තිබුණේ " මේ කවියන් අතුරින් ජයලත් මනෝරත්න කවියෙකු නොවේ" කියලලු. කලකට ඉස්සර මනෝරත්න මහතා පුවත්පතකට කියූ දෙයක් ඔය, ( ඒ ඉන්ටවිව් එක කරෙ අපේ කතන්දර අයියාද දන්නෙ නැහැ නේද? )
අපෝ අපි නං කයි වැලිතලප
වැඩිය නාකි නැහැ තාම 58 years young (at least in heart )
ReplyDeleteඉතින් ඒක තමයි මාමෙ මං කිව්වෙ අපේ තාත්තත් විශ්‍රාම ගියෙ ළඟදි. මට දාසයයි මාසයයි :D
ReplyDeleteහරී ඔබා අන්කල්ට කොචෝක් කරනවා නේද?
ReplyDelete@ පොත් ගුල්ලා,
ReplyDeleteශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්,,,,,,,,,,,,, මට දාසයයි,, ඔබා මාමට විසි පහයි,, :D
හරීගේ ප්‍රශ්නෙට උත්තර මගේ බ්ලොගේ පලවෙනි සටහනේ ඇති ! කොටි වලිගයක් අල්ලන් පිටරට ඉන්නවා එත් ආත්මය ජීවත් වෙන්නේ මගේ රටේ..
ReplyDeleteඅනේ අයියේ මං විහිළුවට කිව්වේ, පිටරට ජීවත් වෙන ඕනම කෙනෙක් හදවතින්ම කථාකරනව නං කියන්නෙ ඔය කථාව තමයි, මේ මම උනත් "හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑම"
ReplyDeleteඅයියා වගේම මමත් හද ගැහෙන ගැහෙන වාරයක් ගානෙ දුක් වෙන්නෙ රටෙන් ඈත් වෙන්න වෙච්චි එකට
Great Expectations කියන පොතේ සිංහල පරිවර්තන වන "රොමාගේ වාසනාව" නමැති පොත ආශ්‍රයෙන් නිෂ්පාදනය වුන ටෙලි නාට්‍යයක්, දැනට අව්. 7-8 කට ඉස්සෙල්ල බැලුව, ටෙලියෙ නම මතක නැහැ. සෝමලතා සුභසිංහ, මැණිකෙ අත්තනායක, එහෙම රංග පෑව මතකය්. මට සෑහෙන්න විශ්වාසයක් තියෙනවා, එකෙ රොමා ලෙස ජයලත්ගෙ පුතාත්, හිරෙන් පැනල එන පුද්ගලයා ලෙස ජයලත් මනොරත්නත් රංග පෑව කියල. හරී ට හරි වෙන කාටවත් හෝ මතකද ඒ නාට්‍යය? මගේ මතක නිවැරදිද?
ReplyDeleteඔය මතක තියෙන්නෙ හොඳට, භානුක මනෝරත්න, හැබැයි දැං කලාවෙන් අයින් වෙලාද මන්දා, දන්නා තරමින් බැංකු ක්ශේත්‍රයේ රැකියාව, ආර්, ඊ එරත්න මහතා විසින් පරිවර්තනය කරපු රොමාගෙ වාසනාව පොඩි කාළෙ ආසාවෙන් කියවපු පොතක්. ටෙලි නාට්‍යයත් ආසාවෙ බැළුවා කාලෙකට ඉස්සර. දැං කොහෙද ඒ වගේ ටෙලි නාට්‍යය , තියෙන්නෙම බහු බූත
ReplyDeleteඔබ හරි ඔබ්සර්වර් මහත්තයෝ....
ReplyDeleteනාට්ටියේ නමත් "රොමාගේ වාසනාව".....
"කෘතඥ වෙයන් රොමෝ කෘතඥ වෙයන්"... කියන කෑල්ල ඒකේ තමා තිබ්බේ... චාන්දනී සෙනෙවිරත්නත් හිටියා මයේ හිතේ ඔය ඔබ කී කට්ටලයට අමතරව....
ඔබා මාමෙ, ජයලත් මහත්තයා ඒකෙ රඟ පෑවෙ හොරාට නෙමේ, රොමාගෙ මාමා හැටියට
ReplyDeleteතිස්ස අයියේ අර කෘරුතඥවෙයන් කියන්නේ රොමා ට අනික් කට්ටිය කෑම මේසෙදි විහිළු කරනකොට නේද?
ReplyDelete@ Thissa & Haree,
ReplyDelete"කෘතඥ වෙයන් රොමෝ කෘතඥ වෙයන්"....
ආප්ප කන ගමන් රොමාට ඉතුරු නොකර,මගෙ මතකෙ නිවැරදි නං "රොමෝ" කියලත් නෙමේ කියන්නෙ "කොළුවො" කියල
තිස්ස සහ හරී,
ReplyDeleteස්තුතිය්, මතකෙ අලුත් කලාට
ශා.. දැන් නේ මම මෙතනට ආවේ. වැලිතලප වගේම මේ කවි පෙළත් මගේ මතකය අලුත් කලා.. ගුරුතරුව මම බලල නැති උනත් මේ පද පෙළ මම අහල තියනවා. මම හිතන්නේ ටීවී එකේ.
ReplyDeleteබොහොම ස්තූතියි ක්සැන්ඩර් මේ පැත්තෙ ආවාට,, එහෙනම් ඔය වැලි තලප කෑල්ලක් කන්නකො :)
ReplyDeleteගුරු තරුව මම මුලින්ම බැලුවේ රාජකීයයේදි... නවරඟහලේ... ඊට පස්සේ රූපවාහිනියෙත්... මම ගුරු තරුවේ ආසම චරිතය ටික්කා... ඒ "සරත්" ට අදත් මමත් - අපේ ගෙදර හැමෝමත් කියන්නේ "ටික්ක" කියල... කියල වැඩක් නෑ...
ReplyDeleteසෑහෙන කාලෙකින් පෝස්ට් එකක් නෑ නෙව අක්කේ....
ReplyDelete@ නඳුන් උයන
ReplyDeleteස්තූතියි සටහනට මල්ලි
@ පිස්සා පලාමල්ල
පිං මතක් උනාට මල්ලි,, බොහොම කළබල කාලයක් ගෙව්වෙ, නිදහසේ ලියන්න ඕනෙ මොනව හරි. ඒ මදිවාට කියවන්නත් ගොඩ ගහිල අනිත් අයගෙ පරණ පෝස්ට්,
ගුරුතරුව මමත් බැලුවා ඉස්කෝලේ යන කාලේ...
ReplyDeleteඒක බලන ගමන් වැලි තලප කෑල්ලක් කන්න තමයි බැරි උනේ
ඒකනෙ ලොකු පුතේ , දැං මේව කන්න කියන්නත් බෑ ඒතරම් පරණ වෙලා,, මෙහේ ආවට බොහොම ස්තූතියි
ReplyDeleteවැලි තලප, සව් දොදොල් කියන්නේ එකකටම නේද ?? කොහොම නමුත් වැලි තලප කියන්නේ මම ආසම කෑමක්. ඒක කන්න සිරාම විදිහ තමා ෆ්‍රිජ් එකේ දාලා ටිකක් කූල් කරලා :)
ReplyDelete