දෙසැම්බර් මාසෙ ආවහම තමයි තේරෙන්නෙ කාලය කොච්චර ඉක්මනින් ගෙවිල ගිහින්ද කියලා. අලුත් අවුරුද්ද කියලා සිංහල අපි පිළිගන්නෙ බක් මහේ එන අළුත් අවුරුද්ද උනත්, ජනවාරි පළමුවෙනිදත් අපිට අලුත් අවුරුද්දක් තමයි. මතක තියෙන කාලෙ ඉඳන්ම දෙසැම්බර් තිස් එක් වෙනිදාට ඇහැරගෙන ඉන්නවා රෑ දොළහට අනිත් අයට සුභ පතන්න. ඒකාලෙ නම් රූපවාහිනී නාලිකාවල එක එක ජාතියෙ වැඩ සටහන් තිබුණා එදාට රෑ තිස්සෙ බලන්න. පාන්දර එක ,දෙක වෙනකම් ඕවා බලලා ජනවාරි පළවෙනිදා ඒ කියන්නෙ අවුරුද්දෙ මුල්ම දවසෙ මහ දවල් වෙනකම් නිදාගන්න එක ඉතින් වෙනම දෙයක්. ඒ උනාට මොකෝ අපි රෑ දොළහට ඇහැරගෙන හිටියනෙ නේද?
කොහොමින් කොහොම හරි යාන්තම් මේ ගමන තිස් එක් වෙනිදා අපි කට්ටියම එක වහලක් යට හිටියා.
ඔන්න ඊළඟට වැලන්ටයින් එනවලු. අවුරුදු විසි එකක් වෙනකම්ම මට වලන්ටයින් ගැන වගක් තිබුණෙ නැහැ. කා එක්ක සමරන්නද, එතකම් මට ප්‍රේමවන්තයෙක් හිටියෙ නැහ නෙ. පස්සෙන් පහු එහෙම එක්කෙනෙක් හමු උනාට මොකද මන්දා අපි ඒ දිනේ සැමරුවෙ නැහැ. අවුරුද්දෙ පළමු දවස, සිංහල අලුත් අවුරුද්ද, දුරකථන කතා බහෙන් ඔබ්බට අපි හමුවෙච්චි පළමු දවස, එයාගෙ, මගෙ උපන්දින.... ඔන්න ඕව්වා තමයි අපි සැමරුවෙ. ආ. වෙසක් කාඩ් නම් යව්වා හැබැයි.
ඒත් පස්සෙ පෙබරවාරි 14 වෙනිදත් මතක් හිටින දවසක් උනා. කැමැත්තෙන් හරි ,අකැමත්තෙන් හරි ගිය ගුරු පුහුණුව පටන් ගත්තෙ වැලන්ටයින් දවසක නිසා.
මගේ ලිපි කියවපු අය දන්නවනෙ මම බොහොම කෙටි කාලෙකට ගුරුකමේ යෙදිච්චි බව. අකමැත්තෙන් පටන් ගත්තට පස්සෙ මම බොහොම ආසාවෙන් කරපු , මගේ එකම රැකියාව. මේ දවස් වල මුහුණු පොතෙන් එක දිගට මගේ මිතුරු ගොඩ වැඩි වෙනවා.
ඒ හැමෝම මගේ ගෝලයො. " ටීච දැන් කොහෙද ඉන්නෙ? මොනවද කරන්නෙ? අපි මෙන්න මෙහෙ ඉන්නෙ, මේවා ඉගෙන ගන්නවා...." ඔන්න ඔහොම වචන හුවමාරු වෙනකොට කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා. පන්තියෙදි ගණන් හදන්නෙ නැතුව බැනුම් අහපු, කන මිරිකන කොට ඌයි ටීච ගාපු කොලු පැටව් හිතාගන්න බැරි තරම් දුර ගිහින්, එක්කෙනෙක් කොමර්ෂල් බැංකුවෙ,තව කෙනෙක් ලංකා බැංකුවෙ, තව කෙනෙක් විදුලි බල මණ්ඩලයෙ. ගැහැනු ළමයි දෙන්නෙක් විශ්ව විද්‍යාලෙ, දෙන්නෙක් ගුරු පුහුණුවෙ, ඊයෙ පෙරේදා හමුවෙච්චි එක කොළුවෙක් එංගලන්නෙ ගිහින් මැනේජ්මන්ට් කෝස් එකක් කරනවලු. මේ දවස්වල මුහුණු පොතේ ඉඳන් වැඩිපුර කරන්නෙ ඒ දරුවො එක්ක කතා බහ කරන එක තමා.
මම කියාගෙන ආවෙ දවස් ගැන නෙ. ඔය ඉස්සෙල්ල කියපු දින වලට අමතරව මේ වෙද්දි, විවාහය රෙජිස්ටර් කර්පු දවස, විවාහ උත්සවය ගත්තු දවස වගේම දරුවගේ උපන් දිනෙත් ඔය ගොඩට එකතු වෙලා.
ඔය ඔක්කොම වගේම අදත් මතක හිටින දවසක්.
ඒ රටෙන් මේ රටට ඇවිල්ලා ඔහේ හිතෙන් තනිවෙලා ඉන්නකොට, කොහොමද පටන් ගන්නෙ කියලා නොදැන ලියන්න ආසාවෙන් හිටපු බ්ලොග් ලෝකෙට එකතු වෙන්න පාර කියා දුන්නෙ අක්කණ්ඩි සහ කතන්දර අයියා. කොහොමද මුල අමතක කරන්නෙ, ලිවීමෙන් මගේ හිත සැහැල්ලු වෙන නිසා, මට ඒ සමාධියට පාර කියාදුන්නු ඒ දෙන්නට පිං.
අද වෙද්දි බ්ලොග් නිසා අඳුර ගත්තු පිරිස බොහොමයි. ඒ අතරිනුත් හිත කඩාගෙන වැටිච්චි වෙලාවට නැගිටින්න උදව් කරපු ( කරන ) ඩීන් අයියා, බින්දි අක්කා විශේෂයි.
වෙලාවකට කිසිම තේරුමක් නැතුව ලියවෙන මගේ ලිපි බලලා, කමෙන්ට් වලින් දිරි දෙන ( දෑවුරුද්දක් තිස්සෙ )හැමෝටමත් බොහොම ස්තූතියි
ගම රට බලා ගිය හින්දා බ්ලොග් පිටුව පාලුවට යනකොට මොකද උනේ කියලා හොයලා බලපු ඔබා මාමා, උපශාන්ත සහ රංගි අක්කා ඇතුළු හැමෝටමත් ආයෙ පාරක් ස්තූතියි.
මේ මල්මිට ඔය හැමදෙනාටම~~~~~~~~~~~~

ඔං මල්මිටන් එක මලක් මං ගත්තා ඇ.....
ReplyDeleteගමේ ගිහින් ආවම නෙවෑ කථා තියෙන්නේ...
ReplyDeleteලියමු එහෙමනම්
අහල පහලක ගැවෙසෙන්නේ නැත්නම් [ජාලයේ වුනත්] සොයා බලන එකනම් අපේ මිනිසුන්ගේ හොඳම ගුණයක්
හෝ හෝ.. එකයි මේ සද්ද බද්ද නැතුව තිබුනේ..
ReplyDeleteඔබා නම් නියම මිත්‍රයෙක් තමයි.. (වල් කතා ලිවුවට..) කවදාවත් හමුනොවුණු මමත් ගමේ ගිහින් සද්ද නැතුව ඉන්නකොට ටෙලිෆෝන් කරලා බැලුවා මලාද කියල..
ජීවිතේ උපරිමයෙන් බිසි වෙලා. කෝ ඉතින් මට කාලයක් කියවන්න ඉස්සර වගේ?
ReplyDeleteඒත් විනාඩියකට හරි දුවලා අවිත් යමක් කියවන්න ඉඩ හදලා දෙනවා නම් මම බොහෝ කැමතියි...
මං මේ ඊයේ පෙරේදත් කල්පනා කළා බ්ලොග් ලිවිල්ල අත්ඇරියවත්ද කියල
ReplyDeleteඔන්න මමත් ගත්තා...
ReplyDeleteවසර දෙකක් පුරා බ්ලොග් අවකාශයට අරුත්බර අදහස් එකතු කල පිණිපලසට ජයෙන් ජයම පතමි.
ReplyDeleteමල් මිටෙන් මලක් මමත් ගන්නවා.තව පොකුරක් තියන්න වෙයි. නැත්නම් ඉස්සරහට එන කට්ටියට මල් නැතිවෙයි.
මාත් මල් දෙකක්ම ගත්තා !!
ReplyDeleteආයේ තින් අපේ අක්කා නෙව මල් දෙන්නේ. :)
ඔය මල් නං එපා.....වෙන මල් නං හා....
ReplyDeleteතුෂර පිරි, දයාවෙන් සුවඳවත් වූ මල් මිටෙන් එකක් අරගත්තා.
ReplyDeleteහරබර නැවුම් අදහස් වලින් පිණි පළස හැමදා දිළේවා!
මං ඒත් බැලුව මොකෑ උනේ කියල! හොඳයි එහෙනම් ආයිත් පට්ටාං ගමු. ඔන්න නම ගහලම තිබ්බ නිසා මාත් මලක් ගත්ත.
ReplyDeleteමම ඒත් හිතුවේ පිනිපලස නවත්තලාද කියල.. ඇත්තෙන්ම සතුටුයි ආයෙම ලියන එක ගැන.
ReplyDelete@ පසන්, ස්තූතියි මල්ලි
ReplyDelete@ තිස්ස අයියා, ස්තූතියි අයියෙ. ගියහම විතරක් නම් මදැයි, ආ ගමනුත් උනා නෙව ලියන්න දේවල්
@ ලංකාප්‍රිය, බොහොම ස්තූති. බලුවම ඔබා මාමා හැමෝගෙම හොඳ හිතවතෙක් නේද?
@ රංගි අක්කා, ස්තූතියි. ඔයත් ඉස්සර වගේ ලියනව නම් අපි කැමති.
@ඔබ්සවර්, අනේ කොහොම අතහරින්නද? වෙලාවක් නැති එකම තමයි ගැටලුව.
@තරු, ස්තුතියි, ගන්න නෙවැ දුන්නෙ
@ලකී සිරී, ස්තූතියි, හරබර මන්ද අසැබි නම් නොලිව්ව වග සහතිකයි
@මධුරංග, ස්තූතියි මල්ලි. දෙකක්ම ගත්තෙ ළඟ එන වැලන්ටයින් දිනේට අහවලාට දෙන්න වෙන්නැ?
@ඔබ නොදුටු ලොවක්, ස්තූතියි ආවට. වෙන මල් කිව්වෙ? ඕලු, නෙලුම් , මානෙල් වගේ එව්වද?
@ගල්මල්, බොහොම ස්තූතියි අයියෙ පැතුමට
@උපශාන්ත, ස්තූතියි, නම ගැහුවෙ කළගුණ සළකන්න නෙව.
@ ක්සැන්ඩර්, බොහොම ස්තූතියි මල්ලී, මලක් ගත්තනෙ?
බ්ලොග් ලෝකයේ ගමනට මගෙනුත් සුභ පැතුම්!
ReplyDeleteෂා හරිම සතුටුයි . නැති වෙලා උන්න දෙන්නෙක්ම මේ සතියේ හම්බ වුනා . මට මුණු පොත නැති හින්ද සේරම ඈත් වුනා වගේ . ඔන්න ඉතින් පරණ විදියට ලියමු නේද ආයේ .
ReplyDelete