Tuesday 15 June 2010

වේවැල වටා,,,,

දුකා අයියගෙ ඇම්ඩ්න් කතාවයි, කතන්දර කුමාර අයියගෙ පාඨශාලා පරීක්ෂක ගැන කතාවයි දැකල මට මේක මතක් උනේ,,

 මම හිටපු ඉස්කෝලෙටත් දවසක් ඔය පරීක්ෂකවරු කණ්ඩායමක් ම ආවා. එන්න කලින් ඉදලම අපි දන්න නිසා කට්ටිය සීරුවෙන් හිටියෙ,, ඒ කියන්නෙ ඔය පාඩම් සටහන්, (සාමාන්‍යයෙන් නොලියන,, ඒවාහෙමත් ලියාගෙන,,


උදෙන්ම මුල් ගුරුතුමී ගෙන් උපදෙසක්,,

පන්තිවල තියෙන වේවැල් ටික අයින් කරලා තියන්න

වේවැල කියන්නෙ තහනම් භාණ්ඩයක් උනාට,මේසෙට තට්ටු කරන්න හරි වෙනවා,, නැත්නම් මේ කාලෙ ඉන්න චන්ඩි එක්ක බෑ,,ඉතින් ඔය කියන පරීක්ෂකවරු කණ්ඩායම මුලින්ම ගියෙ එක වසරට,
 පු0චි ළමයින්ගෙ කවි කතා අහන අතරතුර ,මේ කණ්ඩායමේ හිටිය එක මහත්මයෙක් පොඩි කොලු පැ0චෙක් ලඟ පහත් උනා,, පොඩ්ඩගෙ ඔලුව එහෙම අතගාල මෙහෙම ඇහුවා,,


"පුතා ටීච සැරද?"

"ඔව්"

"ටීච ගහනවද?"

"ඔව්"

මෙහෙම කියපු පොඩ්ඩා නතර උනේ නැහැ,, ,,,,,,,,,,,,

"වේවලෙන් ගහලා ආයෙත් අතිනුත් ගහනවා"
 
කතාවෙ සාරා0ශය ගත්තොත්,, පරීක්ශක කණ්ඩායම ගියාට පස්සෙ ටීච අර ළමයට ගැහුවෙ නැහැ හොඳේ,, ඒ මොකද ඒ කතාවට හැමෝටම හොඳටම හිනා ගිය නිසා අර කණ්ඩායමෙන් ටීචට ප්‍රශ්නයක් උනෙත් නෑ..

7 comments:

  1. kawda me katha kana eka melo rahak naa kiyanne.

    ela kathawa yaluwa digatama liyanna :)

    ReplyDelete
  2. guu muttiyai hapooo

    ReplyDelete
  3. හික් හික් .. මරු කතාව තමයි ...

    ReplyDelete
  4. එක වසරේ ළමයින්ටත් වේවැල පාවිච්චි කරනවාද ?

    ReplyDelete
  5. ඇත්තටම ඒ ගුරුතුමී ළමයින්ට ගහනවා මම කවදාවත් දැකලා නැහැ, වේවැල පෙන්නලා බය කරනවා ඇති, නැත්නම් පොඩි තට්ටුවක් දානවා ඇති,

    ReplyDelete
  6. පොඩි එකාගෙ ඇට්ටර කම වෙන්න ඇති....

    ReplyDelete