Wednesday 16 June 2010

හොඳම තෑග්ග

ඉස්සර වගේ නෙමෙයි දැන් ,, , මුලින්ම කියන්න වෙනවා මම ලියන්නෙ මම අත්දැකපු දේවල් කියලා,,ඉතින් සමහර විට රස නැතුව ඇති,,(කාල බැලුවොත් )
 ගුරු ජීවිතේ අත්දැකීම් හුඟක් තියෙනවා,, ඇම්ඩන් වගේ ළමයි මුණගැහිලා නැතුවාමත් නෙමෙයි,, බ්ලොග් එකකට ලියන්න පුලුවන් ජාතියෙ කතා වෙන්නත් එපැයි,,,,අනික මම මේ ලියන්නෙ වැඩිපුරම හිතේ සතුට වෙනුවෙන්.

දවසක් 8 පන්තියෙ ඉන්නකොට ඒ ළමයි කීවා ටීච අපි හෙට එන්නෙ නෑ කියලා,, නාට්‍යයක් බලන්න යනවලු මුළු ඉස්කෝලෙන්ම, ටිකක් ඈත තියෙන පාසලක තමයි මේ නාට්‍යය පෙන්නනව කීවෙ, බලන්න නොයන ළමයි කවුද ඇහුවම පිරිමි ළමයි කීප දෙනෙක් අත් ඉස්සුවා. මේ බලන්න යන්න හදන්නෙ සරත්චන්ද්‍ර මහත්තයගෙ සි0හභාහු,


මම දෙවනුව 6 පන්තියට ගියහම 6 ළමයිනුත් ඒ කතාවම කීවා, පොඩි ළමයි ආසයි නාට්‍යයක් බලනවට වඩා ටිකක් දුරක ට්‍රිප් එකක් වගේ කොහෙ හරි ගිහින් එන්න ,ඔක්කොම යනවද? මම ඇහුවා


"මයුමි විතරක් යන්නෙ නෑ"  කටකාර ළමයෙක් කෑ ගැහුවා

"ඇයි? "   
මනෝ විද්‍යාව ඉගෙන ගත්තට ප්‍රායෝගික වෙන්නෙ කලාතුරකින්,, පු0චි හිත් තීරුම් ගන්න බරි මගේ කට ඉස්සර උනා,
මයුමිගෙ ඇස් දෙකේ කඳුළු,

"අම්මා ළඟ සල්ලි නෑ කීවා ටීච"
ළමයි කුඩා ප්‍රමානයක් හිටපු පාසලක් නිසා මට ඉක්මනින් ම මයුමිගේ තත්ත්වය මතක් උනා,,
මයුමියි, අයියයි ජීවත් උනේ අම්මා එක්ක, අම්මා සේවය කලේ ප්‍රදේශයේ තිබුනු ළමා නිවාසෙක සේවිකාවක් විදිහට.මේ ළමා නිවාසය පවත්වාගෙන ගියේ පන්සලකින්, ඒ නිසා සේවකයින්ට ලොකු වැටුප් නැහැ, පන්සලේ නායක ස්වාමීන්වහන්සෙගෙ අනුකම්පාව නිසා මයුමිලගෙ අම්මට තමන්ගෙ දරු දෙන්නත් එක්ක ළමා නිවාසෙම ජීවත්වෙන්න ඉඩදීල තියෙනවා,,මේගොල්ලන්ගෙ හුඟක් අඩුපාඩුකම් විසඳුනෙ ළමා නිවාසය හරහා ම තමයි. සි0හභාහු නාට්‍යය 6,7,8 වගේ වසර වල ළමයින්ට බර වැඩියි, ඒත් මේ පොඩි ළමයි කට්ටිය එක්ක ඇවිදින්න යන්න ආසයි. 8 පන්තියෙ නම් ළමයි කීපදෙනෙක්ම යන්නෙ නෑ කීවා. ඒත් 6 න් නොයන්නෙ මයුමි විතරයි, මේක පොඩි හිතකට දරාගන්න අමාරු ඇති,, මට හුඟක් ම දුක හිතුනා,,මුළු පන්තියක් ඉස්සරහ මම කරපු වැරද්දට මම ම දොස් කියාගත්තා,,
 පන්තියෙ ඉන්න යමක් කමක් තෙරෙන ළමයෙක් ව පැත්තකට අඬගහලා,,,,,,,,"මයුමිගෙ ගාස්තුව මම ගෙවන්නම්,, ඔයාල එයාව එක්කන් යන්න"  මම කිව්වා.


"අපි යන්නෙ හෙටනෙ ටීච මයුමිගෙ අම්ම එයාව එවයිද දන්නෙ නෑ"

"කොහොමහරි කියලා එක්කන් යන්න හැබැයි සල්ලි දුන්නෙ මම කියල කියන්න එපා"
( මේ ළමයා මේ ගමන නොගියොත් ඒ ක මට ලොකු දුකක් වෙයි මට එහෙම හිතුනා )
පහුවදා උදේ ඉස්කෝලෙ ගේට්ටුව ළඟ ළමයි පොදි කනවා නාට්‍ය්ය බලන්න යන බස් එකට නගින්න, කීප දෙනෙක් (6 ළමයි ) මගෙ ළඟට ආවා,, මේ අතර මයුමිත් ඉන්නවා,, මගේ සතුටට වචනමදි,,ඒ වෙලාවෙ මයුමි මම දිහා බලපු කෘතගුණ බැල්ම මට කවදාවත්ම අමතක වෙන එකක් නෑ. මයුමි හිටියෙ රටක් දිනුවා තරම් සතුටින්.කියන්න එපා කිව්වට යාලුවො ටික විස්තරේ කියලා,, මගේ දිහා අර විදිහට බලන්න හේතුව මට තේරුනා.
සති අන්තෙන් පස්සෙ සඳුදා උදේම මයුමි මාව හොයාගෙන ආවා. මගේ ළඟට ඇවිත් ලොකු සිලි සිලි මල්ලක් මගේ අතේ තිබ්බා,
 
 "ස්තූතියි පුතේ"


මොනවද ඇතුලෙ කියලා වත් අහන්න මට හිතුනෙ නෑ,, ඒ මෙයාගෙ නැතිබැරි කම් හොඳින් ම දන්න නිසයි..

මයුමි කිරිල්ලියෙක් වගේ දිව්වා,,සිලි සිලි මල්ල පුරවල තිබ්බෙ ජැම්සන් ගෙඩි වලින්,, රතු පාට පොඩි ගෙඩි ජාතියක්,, ඉදුනත් ඇඹුලයි,, ගොඩක් හරිය අමුයි,, ඒත් මෙයා මට ගෙනත් තියෙන්නෙ එයාට ගේන්න පුලුවන් හොඳම දේ කියලා මට තේරුනා


ජීවිතේ ලැබුනු හොඳම තෑගිවලින් එකක් තමයි ඒ, වෙනදට නොකෑවට මම එදා ජම්සන් කෑවා,,එදා මට අඹුල තේරුනේ නැහැ,මම කාටත් බෙදාහදාගෙන කන්න තෑග්ග ගුරු මේසෙ උඩින් තිබ්බා,, කවුරුත් මූණු ඇඹුල් කරගෙන ඉන්නකොට විදුහල්පතිතුමී මෙතනට ආවා,,


"කවුද මේව ගෙනාවෙ?"

"හරී",,, කවුදෝ කිව්වා

"ආනේ ඔයාට අඹුල් ජාති කන්න හිතිලද?"

"අපෝ නෑ මැඩම්",, මම කතාව කිව්වා,,,,,

ඕනවට වඩා ස0වේදි වෙන්න එපා,,මට ඒ කතාව තීරුම් ගන්න හුඟාක් කල් ගියා,,,,,,,,,,,,,,,

14 comments:

  1. ඔනවට වඩා සන්වෙදී විම කෙසෙවත්......

    උවමනාම මොහොතේ සන්වේදී නොවීම නොමිනිස්කමකී....

    ReplyDelete
  2. මට තාමත් මයුමිගෙ ඇස් දෙක මතකයි,,,,,,,,,,

    ReplyDelete
  3. සංවේදි නොවෙන් මිනිසුන් අතරේ ... සංවේදි විමත් ලොකු දෙයක්,, කරලා තියෙන්නේ නම් හුගක් පින් වැඩක්,

    ReplyDelete
  4. ගොඩක් සංවේදී කතාවක් ... simple things do the difference

    ReplyDelete
  5. @ all මගේ ගුරු ජීවිතේ මේ වගේ සිද්ධි හුඟක් තියෙනවා,, ඉඩ ලැබුණු වෙලාවට ලියන්නම්,, ස්තූතියි.

    ReplyDelete
  6. මටත් මාස එකහමාරක ගුරු ජීවිතයක් තියනව. සංවේදී වුණ අවස්ථාවනුත් තියනව. හැබැයි ඔය සමහර ගුරුවරුන්ගෙ බූරු වැඩ දැක්කහම බෙල්ල මිරිකන්න හිතෙනව.....දිගටම ලියන්න.

    ReplyDelete
  7. @ thariya,,,මම හිතන්නෙ මම නම් බූරු වැඩ කලේ නෑ කියලා.. ගුරු ජීවිතේ ඉක්මනින්ම ඉවර උනේ,, පත්වීම ලැබුනු පලාත නිසාද? ප්‍රතිචාරයට ස්තූතියි

    ReplyDelete
  8. ගුරුවරයෙක්ගේ ලක්ෂණයක් විය යුත්තේ සංවේදී වීම හා අනුවේදී වීමයි. ඒ දෙකම අපූරුවට ඔබට පිහිටලා තියෙනවා :)

    ReplyDelete
  9. @ හසිත මල්ලි,, ස්තූතියි,, ඒත් අවාසනාවට මම දැන් ගුරුවරයෙක් නෙමෙයි. ඒ ටික කාලෙට සතුටු වෙන්න පුලුවන් දෙයක් කලා කියලා මම හිතනවා

    ReplyDelete
  10. අපරාදේ ගුරු වෘත්තියේ ඉන්න ඕන අය ගුරු වෘත්තියෙන් අයින් වෙනවා. වෙන වෙන ඒවට හරියන අය ගුරු වෘත්තියට එනවා.................

    ReplyDelete
  11. මාත් කාලයක් ගුරුකං කළා!

    ReplyDelete
  12. ඇත්තට,,,,,,,,,,,, ඇත්තටම කොහෙද කතන්දර අය්යා ඉගැන්නුවේ? කාටද?

    ReplyDelete
  13. සංවේදියි තමා, නමුත් අපිට මේ වගේ දේවල් සිද්දවෙන එක නවත්තන්න බෑ. ඒ වගේම අපිට ඔය වගේ දෙයක් වුනානම් ඇති වෙන වේදනාව නම් කියල වැඩක් නෑ.

    ReplyDelete
  14. කතාව ලස්සනයි

    ගුරුකම නම් කවදාවත් මම ආස කල රස්සවක් නෙවේ . මට ටීචර්ල පෙන්නන්න බෑ අපේ පවුලේ නැසනුහරේම ගුරුවරු.හපොයි මේ අය නිතරම හිතන්නෙ ඒගොල්ල ඔක්කොම දන්නව කියලා .දරුවො හැටියට ඒ අයට , උපදෙසක් දෙන්න අපිට බෑ.එයාලගේ මතේ තමා නිවැරදි මේ ගුරු රස්සාවෙ නරක විපාක .ඒ නිසාම මම අපේ ගෙදර ප්‍රසිද්දියෙ කියන කතාව තමයි පවුලට තවනම් ගුරුවරු එපා කියලා. එතකොට මෙයාලට යකා නගිනවා හී

    ReplyDelete