Saturday 19 June 2010

කළ හොඳ


කලින් ලියපු සටහනට සමගාමීව මේකත් ඉක්මනට ලිව්වොත් හොඳයි කියලා මට හිතුනා. මේකත් මයුමි ගැන,,,







කලින් සිද්ධියෙන් ටිකක් කාලෙකට පස්සෙ ඉස්කෝලෙ නිවාසාන්තර ක්‍රීඩා තරඟයක් තිබ්බා. ඒකෙ එක ඉසව්වක් විදිහට තිබුනු මැරතන් තරඟයට මයුමිත් දිව්වා, මැරතන් තරඟයකට පොඩි ලමයි ගත්තෙ ඇයි කියල මම දන්නෙ නැහැ, සමහර විට ළමයි ප්‍රමානය මඳි කියලා ක්‍රීඩා ගුරුතුමා හිතන්න ඇති. මම දන්න විදිහට අවශ්‍ය කරන ප්‍රථමාධාර එහෙම ලහැස්ති කරලමයි වැඩේ පටන් ගත්තෙ.
ටිකකින් ආරන්චි උනා මයුමි මඟ වැටිලා ආපහු පාසලට ගෙනාවා කියලා, මමත් මගේ යහළු ගුරුතුමීත් ඉක්මනට එතනට ගියා. මයුමි වටේ සෙනඟ පිරිලා. එක් ගුරුතුමියක් මයුමිගෙන් විස්තර අහනවා,,



"උදේට කාල ආවෙ මොනවද?


"මුකුත් නෑ ටීච"


ලොකූ නිශ්ශබ්දතාවයක් කාමරේ පුරාම,,,,,,,,,මඳක් වෙලා නිහඬව හිටපු අර ගුරුතුමී නිහඬතාවය බින්දා,,



"උදේ කිරි එක බිව්වට පස්සෙ මුකුත් ම කෑවෙ නැද්ද?


"නෑ ටීච ,,,,,,,,,මම උදේ කිරි එක බිව්වෙත් නෑ"


වහාම ක්‍රියාත්මක උනු ඇය වැඩිමහල් සිසුවියකට අණ කලා ගෘහ විද්‍යාගාරයෙන් තේකක් හදන් එන්න කියලා,, තවදුරටත් එතන රැඳී ඉන්න අපි දෙන්නටම හිතුනෙ නෑ. අදට අවශ්‍ය ප්‍රතිකාර නම් කෙරෙයි,, ඒත් හෙටත් මයුමි එන්නෙ කිරි බොන්නෙ නැතුව. ළමා නිවාසෙන් දෙන උදේ කෑම වේල අරන් ඇවිත් පාසල් විවේකෙදි අනිත් ලමයි එක්ක කනවා ඇති.
ගුරු වැටුප ගැන ගොඩක් අය දන්නවා ඇතිනෙ, ඒත් අපි දෙන්නා කථා උනා මේකට පුලුවන් හැටියට මොනවාහරි කරන්න, ඒ ළමයි දෙන්නගෙ ( මයුමි ගෙයි, එයාගෙ අයියා ගෙයි ) කුස පුරවන්න අපි දෙන්න තීරනය කරා. පහුවදා මම ඉස්කෝලෙට ගියෙ ඇන්කර් සහ නෙස්ටමෝල්ට් පැකට් දෙකක් ඇතුව, කතා උනු විදිහට ඊළඟ සතිදෙකේ මගේ යහළු ගුරුතුමී කිරිපිටි පැකට් අරන් දෙනවා.
මයුමිව ගුරු කාමරේට කැඳවපු මම , පාර්සලේ මයුමි ට දුන්නා,
" පුතේ යාලුවන්ටවත් කියන්න එපා, අම්මට ගෙනිහින් දෙන්න.",, මයුමි මට දන ගහල වැන්ඳා. ස්තූතියි ටීච කියලත් කිව්වා.



මහා ලොකු පින්කමක් අවසානයේ දැනෙන සතුට මට දැනුනා.
 
පහුවදා උදේ මාව මුණ ගැහෙන්න මයුමිගෙ අම්මා ඇවිත්. එයා අනිත් අම්මලාට වඩා සරල විදිහටයි මට පෙනුනෙ. වැඩි විච්චූරන නෑ. මුලින්ම තමන්ගෙ දරු දෙන්නගෙ අධ්‍යාපන කටයුතු ගන තමයි එයා ඇහුවෙ. මම මගේ විශය පිළිබඳව කිව්වා. ඊලගට එයා මයුමිට දොස් කියන්න ගත්තා. උදේ ට කොච්චර වදකරත් කිරි එක බොන්න මයුමි කැමති නැහැලු. මට ඇය කියපු හැමදේම තේරුනා. මට දැනුනු විදිහට කොච්චර නැති බැරි උනත් අපි කිරිපිටි අරන් දෙන එකට ඇගේ තියෙන අසතුට තමයි නොකියා කීවෙ
.ඉතින් එතනින් එහාට අපි කොහොමද මයුමිට උදව් කරන්නෙ, කවුද ඇත්ත කියන්නෙ, මයුමිද? අම්මද? අම්ම අකමැතිව අපි කොහොමද ඒ දරුවන් ගෙ කුසගින්න ගැන හිතන්නෙ, ඊට පස්සෙ ඒක ගන හිතලා දුක් වෙන එක ඇරෙන්න අපිට කරන්න මොකවත්ම තිබුනෙ නෑ....



කළින් සටහනේදි විදුහල්පතිතුමී කියපු දේ ගැන හිතනකොට ඒක හරිද කියල හිතෙන්න ඇතිනේ,
තමන්ගෙ මුලු ගුරු ජීවිතේම ඒ පාසලේම සේවය කරපු ඇය, සිසුන් ගැන වගේම දෙමව්පියන් ගැනත් හොඳට දන්නවා ඇති. ඇය අපිට කීවෙ ස0වේදී වෙන්න එපා කියලා නෙමෙයි, ,,,,,,,,,,
 
ඒ මගේ ගුරු ජීවිතේ තවත් එක අත්දැකීමක් විතරයි,,,,,,,,,,

5 comments:

  1. කොයිතරම් අග-හිඟ, නැති බැරි කම් තිබුනත්, ලෝකයා ඒවා දැනගන්නවට තියෙන අකමැත්ත සාමාන්‍ය මනුෂ්‍ය ගතියක්. අනුන්ට උදව් කිරීමත් බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක්...
    (තව එකක්.... ඇයි මේ බිංදුව වෙනුවට '0' ඉලක්කම පාවිච්චි කරන්නෙ? බිංදුව තියෙන්නෙ යතුරු පුවරුවෙ 'x' අකුරෙ)

    ReplyDelete
  2. දුප්පත්කම උඩින් ආත්මාභිමානය කියන එක තියෙන අයත් ඉන්නවා.........

    ReplyDelete
  3. @ පාඨකයා, බොහොම ස්තූතියි,, ඒත් මට තවම හොයාගන්න බැරි උනානේ. තව ටිකක් උදව් කරන්න,,,,,,,,,,
    @ හසිත,,,,සමහර දුප්පත්කම් දැක්කම ඇහැට ඉබේම කඳුළු එනවා.

    ReplyDelete
  4. හපොයි!! ‍ඇත්තටම හොයාගන්න බැරි වුනාද??? 'X' තියෙන්නෙ, 'Z' අකුරයි 'C' අකුරයි මැද්දෙ! මිට වඩා නං කියන්න තේරෙන්නෙ නෑ! :D
    අනික ටීච, ඔය Word verification අයින් කරානං හොඳා. ඒක ටිකක් කරදරයි.

    ReplyDelete
  5. ඇත්තටම මගේ යතුරු පුවරුවේ x අකුර ට බින්දුව වදින්නෙ නෑ. :( ඒ ක මගේ වරදක්ද එහෙම නත්නම් යතුරු පුවරුවෙද?

    ReplyDelete