Friday 3 December 2010

අනං මනං,,,,

ටොක්,,, ටොක්,, ටොක්,, ටොක්,,,,,,,, 

ඕක ඉතිං බයවෙන්න ඕනෙ සද්දෙකුත් නෙමෙයි නෙ. අම්මෝ ඒත් මට අමුත්තක් දැනුනා. ගෙදර කවුරුවත් නෑ. කෙල්ල නිදි. ඒ වෙලාවට තමයි නිදහසේ අන්තර්ජාලෙ ඉන්නෙ. 

අපේ අල්ලපු ගෙදර පාළුවට ගිහින් දැන් අවුරුදු ගනණාවක ඉඳන්. සීයයි, ආච්චියි මියගියාට පස්සෙ කාලයක් කුලියටත් දීල තිබ්බා. දැන් නං කවුරුවත්ම පදිංචි නෑ. බලන්නත් බයයි ඒ පැත්ත. කැලෑවටම ගිහින්. සද්දෙ එන්නෙ එහෙන් නෙ. ටිකකට කලින් කතා කරෙත් මළ ගෙදරක් ගැන. 

හොල්මන්ද? ඒත් මේ මහ දවල්? 
හොල්මන් වලට රෑ දවල් වෙනසක් නැතුව ඇති නේ? 

තිබ්බ ඔක්කෝම දහිරිය හිතටම අරන් බැලුව විපරමක් දාල, ම්හ්, නෑ පේන්න දෙයක්,සද්දෙ එහෙම්මමයි,,,,, අර කවුද කියන්නාවගෙ ඔන්න ඔහෙ ඕන එකක් කියල මිදුලටම බැහැලා විපරම් කරා. 
 
හයියෝ,වෙලා තියෙන දෙයක්. පිළිහුඬුරාලට කක්කුට්ටෙක් අහුවලා. හයිය නිසාද කොහෙද පරණ තරහක් පිරිමහන්න වගේ තියාගෙන ගහනවා අඹ අත්තට,,,,,,,,, 

දෙයියනේ මං බයවෙච්චි තරමක්,

16 comments:

  1. කතාවේ මැද වෙද්දි මම හිතුවා මෙ බයවෙලා තියෙන්නේ කොට්ටෝරුවෙකුට කියලා.

    ReplyDelete
  2. කොට්ටෝරු රාලට පින්සිදුවෙන්න පිණි පළස හිද අකුරු මතුවුණා කාලෙකට පසුව. පුංචි රචනය ලස්සනයි. දන්නේම නැතිව ලස්සන කුරුළු හඬැති ගම්පලාතට අරන් ගියා, ස්තුතියි නංගී.

    (මෙහේ නම් ඊයේ දිනට යෙදුන ජාතික දිනය සැමරුම නිමිත්තෙන් තොරතෝංචියක් නැතිව නලා හඬ, වාහන හඬ හැම තැනම්)

    ReplyDelete
  3. ගල්මල් අඩවියෙන් මේපැත්තට එනවා යනවා. කතාව ගොඩාක් හිත්ගත්තා. ඒනිසා අද සටහනක් තියලම යන්න ඕනේ කියලා හිතුවා.

    ReplyDelete
  4. @ සිතිවිලි මණ්ඩිය,
    ඔව් නෙ කොට්ටෝරුවත් වෙලාවකට හොල්මන් වැඩ කරනවා,

    @ ගල්මල්- coral,
    ස්තූතියි අයියේ, බලනකොට පහුගිය මාසෙටම මොකුත් ලියල නැහැ තමා,,වැඩ වැඩියි මේ දවස් වල


    @ නෙල්ලි,
    ස්තූතියි ආ බව සටහන් කළාට

    ReplyDelete
  5. පරාණ බය නම් අම්මපා...........

    ReplyDelete
  6. හූ.... හොඳ වැඩේ

    ReplyDelete
  7. අපොයි අසරණ කක්කුට්ටා... :(

    ReplyDelete
  8. හික් හික් ඔහොම බය වෙලා නම් බෑ නගේ

    ReplyDelete
  9. @ බුද්ධි,, අහුවෙයංකො උඹ, !!!
    @ කාංචන, හ්ම් ඒක තමයි, කලින් දවසක් පිළිහුඬුවට නරක විහිළුවක් කරාලු, ඒ තරහට පළිගත්තය කියලයි කියන්නෙ !!!
    @ දුකා අයියා, කෙල්ලව ඇහැරවන්නත් හිතුනා, එයානම් කාටවත් බය නෑ :D

    ReplyDelete
  10. එදා ඉස්කෝලෙදි අර අම්මණ්ඩිට ටෝක්ස් කරපු හරී අක්කමද මේ???

    ReplyDelete
  11. ඉතින් මේ හොල්මන් නෙ මෙයා,,,

    ReplyDelete
  12. හික්ස්.... ඒකනේ දිනූක...
    ඔය පරණ කේස් මෙතන අදින්ඩ ගත්තෙ....

    ReplyDelete
  13. මදැයි පිළිහුඩුවෙක් කළ වැඩක්. අන්තිමට පොස්ට් එකකුත් ලියන්න පිළිහුඩුවා උදව් කරල තියෙන්නේ...
    ඔය සද්දේ උකුස්සෙක් එහෙම කළානම් ෂුවර් බයට දුවනවා....

    ReplyDelete
  14. මොනවා උනත් මෙහෙම ප්‍රසිද්ධියේ කියන එක හරි නැහැනේ ප්‍රියන්ත අයියේ,,,:D

    ReplyDelete
  15. අප්පේ අප්පේ අපේ ඉස්කෝලේ හාමිනේ ඕවාට බයද ?

    ReplyDelete