Tuesday 29 June 2010

සසර වසන තුරු

මට මේක මතක් උනේ අර කතන්දර අයියගේ පොලීසිය දැකලා දුවපු කොල්ලා හින්ඳා. උගන්නපු කාලෙ නෙමෙයි , ඉගෙනගත්තු කාලෙ වෙච්චි දෙයක්,

දවසක් භෞතික විද්‍යා පාඩමක් වෙලාවෙ මට එහා පැත්තෙ හිටපු පිරිමි ළමයා ( මම ගියේ මිශ්‍ර පාසලකට ) පාඩම අහගෙන ඉන්නෙ නැතුව වෙන වැඩක්. සර් එදා කියාදුන්නෙ තුශාරාoකය ගැන. ටිකකින් සර් දැක්කා අර ළමයා පාඩම අහගෙන ඉන්නෙ නැතිබව. සර් ඇහුවා ප්‍රශ්නයක් ,උත්තරේ තාපාoකය අර ළමයා පාඩම ගැන අවධානයකින් නොහිටිය නිසා කළු ලෑල්ල දිහා බලලා ඒකෙ ලියලා තිබුනු මාතෘකාව, ඒ කියන්නෙ තුශාරාකය කියලා කිව්වා. මුළු පoතියටම හිනා,

සර් ට හොඳටම කේන්ති ගියා කළු ලෑල්ල පැත්තට හැරිලා මෙහෙම කිව්වා,, " අර ,,,,,,,,, ආච්චිගේ රෙද්ද කියන්නෙ,,,, ආන්න ඒක !!!!"

ළමයි ටික ආයෙත් හිනාවෙන්න ගත්තා,

මගේ පැත්තට හැරිලා අර ළමයා කියනවා " අම්මගෙ රෙද්ද කියලා කිව්වා නම් ඉවරෙනේ කියලා"
ඇහනකොට අසභ්‍යයි වගේ නේද? මට නම් එහෙම දැනුනේ නැහැ,ඒකට හේතුව තමයි අර මම කියපු ළමයගේ ( චමිල ධනුශ්ක විජේරත්න ) මාමා තමයි අපේ සර්, ඒ කියන්නෙ චමිලගේ මවගේ බාල සොහොයුරා, ඉතින් චමිලගේ ආච්චි කියන්නෙ සර් ගෙම අම්මා.

මම කියපු මේ සොයුරා අද ජීවතුන් අතර නෑ, හරියටම තමන්ගේ රැකියාවට( ඔහු වෘත්තියෙන් ඉජිනේරුවෙක් ) අවුරුදු 3ක් පිරෙන දවසේ කාර්යාල සේවා වාහනය පදවපු රියදුරාගෙ නොසැලකිල්ල හින්ඳා මෙලොවින් සමුගත්තා.

අවුරුදු ගනනාවක් දයාබර යහලුවෙක් වෙලා හිටපු ඔහු වෙනුවෙනුයි මේ සටහන,
දයාබර සොයුර ඔබට නැවත සසරේ කෙදිනකවත් මෙවන් අකල් මරණයක් හිමි නොවේවා !!!!!!!!!!

7 comments:

  1. මේ කතාව ඇහුවා මට මතක් වුනේ අපිත් එක්ක හිටපු කොල්ලෙක්ව.....අටේ පන්තියෙ ඉන්දෙදි මේ යකාට හැමදම නම ලකුණු කරද්දී උත්තර දෙන්න අමතක වෙනවා.....ඌට එච්චරට ම සිහියක් පතක් නෑ......අන්තිමට නම් ලැයිස්තුව නිවැරදි කොරලම එපා වෙලා ගුරුතුමා මූට දඬුවමක් දුන්න......ඒක තමයි හැමදාම නම් ලකුනු කෙරලා ඉවර වෙනතුරු හිටගෙන් හිඳීමයි.....විශ්වාස කෙරනවද මූට හිටගෙන ඉද්දිත් අමතක වුනානෙ........ජීවිතෙයෙ හැටි කියන්නේ අන්තිමට මෙ කොල්ලට මොකක්දො මානසික ප්‍රශ්නයක් වෙලා සම්පුර්ණ අධ්‍යාපනයම කඩාකප්පල් කෙරගත්ත....දැන් නම් කිසිම ආරංචියක් නෑ...මනුස්ස ජීවිතයක හැටි.......

    ReplyDelete
  2. මට ඔය ගැන කියනකොට කතා ගොඩක් මතක් වෙනවා ගොඩක් ඒව හරි පිලිකුල් සහගතයි...සමහර ගුරුවරු ලමය්ට බනිනකොට ඒ අයගෙ සමහර ඕනි නැති දේවලුත් අදිනව...

    ReplyDelete
  3. ඔබ දෙපලටම ස්තූතියි අදහස් වලට<<<<<<

    ReplyDelete
  4. රෝගීන්ට, ආභාධිතයින්ට හිනාවීම, අකටයුතු කම් කීරිමට නං අපි හරිම දක්‍ෂයි.

    ReplyDelete
  5. @ කතන්දරකාරයා,
    කරුණාකර ඔබ අදහස් කර ඇති දේ තව ටිකක් පැහැදිලි කරන්න.

    ReplyDelete
  6. My comment was about what Sahdow wrote in his comment:

    පැහැදිලි කිරීමඃ
    1.
    පොඩි ළමයින්ට පාඩම් මතක නොහිටින්නේ, දඟක කටන්ණ හිතෙන්නේ වැනි රෝගාබාධ නිසයි. ඒවා නොදන්නා කම නිසා ඒ වගේ ළමයි කොච්චර ගුරුවරුන් ගෙන් ගුටිකාලා ඇද්ද?

    2.
    වපරයා, සොත්තියා, බකලයා, කොරා, බඩා යනාදී ශරීරාංග ගැන මිනිස්සුන්ට අපහාස කරනවා අසා නැද්ද? මිනිසුන්ව හඳුන්වන්නේ "අර කළු කොට වපරෙයක් තියෙන කෙනා" ආදී වශයෙන්.

    ReplyDelete
  7. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට,,,,,,,,,

    ReplyDelete