මට මුලින් හිතුනේ අකුරු නොදන්න කම නිසා මේක වෙනවා කියලා. සතියෙන් සතිය පන්තියේ පේළි මාරු වෙලා ටෙක්ලා ඉස්සරහ පේළියට ආපුදාට ඉක්මනට ලියලා පෙනනවා. එදාට වැඩත් හොඳයි. ඒත් මට හැමදාමත් ටෙක්ලව ඉස්සරහ පේළියේ තියන්න බැහැනේ.දවසක් ලoවෙලා ටෙක්ලගෙන් මම ඇහුවා ,
"මොකද ඉස්සරහ ඉන්නකොට විතරක් වැඩ කරන්නේ, ඔයා පිටිපස්සෙ පේළිවල ඉන්න කැමති නැත්ද? " කියලා. ටෙක්ලා දීපු උත්තරේ තමයි,,
"නෑ මිස් පිටිපස්සෙ ඉන්නකොට මට කළු ලෑල්ල හරියට පේන්නෙ නෑ".
දන් ඉතින් මොකද කරන්නෙ, පන්තියෙ තිබුනු ඉඩ ප්‍රමාණය අනුව ටෙක්ලාට විතරක් ඉස්සරහ ඉන්න ඩෙස්ක් එකක් තියන්න ඉඩ තිබුනෙ නෑ. 7 වසරේ ඉන්නේ පුoචි ළමයි. හරියට දුර පේන්නෙ නෑ කියල පැමිණිලි කරන තමන්ගෙ පන්තියේ සොයරියට තමන්ගෙ ඉඩ පුජා කරන්න තරම් ඔවුන් දැනුම් තෙරුම් මඳි. කොටින්ම කියනවා නම් පොඩි එවුන් කාටත් ඕනේ ඉස්සරහ ඉන්න. ඉතින් එදා ඉඳලා මම කරේ ටෙක්ලට පේන්නෙ නෑ කියන කොටස් ළඟට අරන් කියලා දෙන එක.මේ අතර දවසක් අපේ විද්‍යාපීඨයෙන් ගුරු පුහුණුවට අපේ කනිශ්ඨ ළමයි ආවා. එතකොට අපි අපේ කාලච්චේදත් ඔවුන්ට භාර දෙන්න ඕනා. කොටින්ම අපිට පොඩි නිවාඩුවක්. පහුවෙනිදා උදෙන්ම අපිට පැමිණිල්ලක් ටෙක්ලා
ගෙන්.
"අනේ මිස් අර මිස්ලා බිත්තියේ එල්ලන බෝඩ් මට හරියට පේන්නෙ නෑ"
අපිට එතකොටයි අපි කරපු වැරැද්ද මතක් උනේ. අපිට කරන්න තිබුනේ විද්‍යාපීඨෙන් ආපු ළමයින් ට මෙයාලගෙ තියෙන අඩුපාඩු කම් කියලා ඔවුන් දැනුවත් කරන්න .අපි කිව්වේ මා සමඟ නිමලව පුහුනුවට ගිය සොයුරිය චන්දි ට.
මේ අතර වාරෙ සිසුන්ගේ ඇස් පෙනීම පරීක්ශා කරන්න ප්‍රදේශයේ P.H.I මහතා ආවා. ටෙක්ල කිව්ව හරි, ඒ අකුරු බෝඩ් එකේ පේළි කීපයයි ඇයට කියවන්න පුලුවන් උනෙ. P.H.I. මහතා ඇගේ කාඩ් එකේ රතු පාටින්ම සටහනක් දැම්මා ඊළඟ සෙනසුරාදම වැඩිහිටියෙක් එක්ක රෝහලේ අක්ශි සායනයට එන්න කියලා.
"ගිය අවුරුද්දෙත් ඇස් බලපු වෙලාවෙ ටෙක්ලට කණ්නාඩි ගන්න කිව්ව, ඒත් ටෙක්ල ගත්තෙ නෑ මිස්," පන්තියේ ළමයි අපිට කිව්ව.
ඊළඟ සඳුදා උදේම අපි ටෙක්ලගෙන් ඇහුවෙ සායනයෙදි මොනවද කිව්වෙ කියලා,
"ගියෙ නෑ මිස්.........තාත්තට වැඩ තියෙනවා කිව්වා. "
"ඉතින් ළමයො අම්මා එක්ක යන්න තිබුනනේ? " අපි ඇහුවා.
උත්තර නෑ, පුoචි ඇස් දෙකට කඳුළු ආවා. එදා වේල හම්බකරන් කන දුප්පත් මිනිස්සු. ඒ තාත්තට එක දරුවෙක්ගෙ දුර පෙනීමට වඩා අනිත් හැම දරුවෙක්ගෙම කුසගිනි නිවන්න ඇතිනෙ. අපි වෙන මුකුත් අහන්න ගියේ නැහැ.
චන්දියි මමයි බැලුවා ගෙදර අයට බැරි නම් , සායනයට අරන් යන්න අපිට බැරිද කියලා. ඒත් සායන තියෙන්නෙ සෙනසුරාදා, යනවා නම් උදේ 6 ට වත් යන්න ඕනලු. නොයෙක් ගටළු. මම නැවතිලා හිටියෙ ගාල්ලෙ. ඒ වෙලාවට මට නම් තනියම අකුරැස්සට යන්න බෑ. මේ අතරවාරෙ පොඩි කහ එළියක් දැල්වුනා.
අපෙ අම්මා කිවා අම්මලගෙ ගුරු මැණ්ඩලේ මිස් කෙනෙක් ගේ husband සිoහ සමාජයෙ වැඩ කරන නිසා එහෙන් උදවු ගන්න පුළුවන් කියලා. මදි හරිය අපි දාමු.අපි කතාවුනා.
ඔන්න ඉතින් අපි දෙන්නා දවසක් පාසල් වෙලාවෙන් පස්සෙ අකුරස්සෙ තියෙන පුද්ගලික ඇස්කණ්නාඩි සාප්පුවකට ටෙක්ලත් එක්ක ගියා. එකේ හිටපු පරීක්ශක ටෙක්ලගෙ පෙනීම පරීක්ශා කරන්න පටන් ගත්තා. අපි දෙන්නට ම පුදුමයි, ඒ පෙන්නපු බෝඩ් එක ටෙක්ල කියවගෙන ගියේ එක හුස්මට. අර පරීක්ශක අපෙන් අහනවා
" මිස් මේ ළමයගෙ ඇස් හොඳට පේනවනෙ,, මෙයාට මොකටද කණ්නාඩි?"
ඉතින් මොකටද කණ්නාඩි අපි ගෙදර ආවා. ඒත් සිද්ධ වෙලා තියන දේනම් අපිට තේරුනා. අපි දැන ගත්තු විදිහට ටෙක්ලා කියන්නෙ දූදරුවො කීපදෙනෙක් ඉන්න පවුලක වැඩිමහල්ම දරුවා. ටෙක්ලට ඕනෙ කණ්නාඩි නෙමෙයි, ආදරය, කරුණාව, අවධානය. දෙමව්පියන්ගෙන් නොලබෙන දේ පාසලේදි ලබා ගන්න ටෙක්ලාටත් නොදැනීම එයාගෙ පුoචි මනසින් ආපු ප්‍රයෝගයක් තමයි දුර නොපෙනීම.
අපි අපිට පුළුවන් හැටියට ගුරු මණ්ඩලේ අය මේගැන දැනුවත් කරා. වසර අවසානය වෙනකොට හිටියට වඩා හුඟක් හොඳ ප්‍රගතියක් අපි ටෙක්ලගෙන් දැක්කා. අපි ඒ පාසලේ රැඳුනෙ එක අවුරුද්දයි. ඊට පස්සෙ නම් ටෙක්ලට මොනවා උනාද දන්නෙ නෑ. අපේ පුහුණුවෙ අවසාන දවසෙ ඒ දීප්තිමත් දෑස් අග කඳුළු බින්දු නම් තිබුනා මට හොඳට මතකයි.
මගේ ගුරු ජීවිතේ ඊට පස්සෙ නම් කවදාවත්ම ටෙක්ලලා හමුවෙලා නැහැ.
දෙමව්පියො කවුරුත් දරුවන්ට ආදරෙයි. ඒත් මහමෙරක් තරම් ආදරේ තිබුනත් චුට්ටක් වත් දරුවන්ට දැනෙන්න ඇරියෙ නැත්නම් ඒ ආදරෙන් වැඩක් නැහැ,,,,,,,,,,,,, නේද?
ඇත්තටම ඕවාගෙ වැඩ පුන්චි ඈයො විතරක් නොවෙයි වැඩිහිටි අය පවා කරනවා මම දැකලා තියෙනවා...ඇත්තටම තවත් කෙනෙකුගේ අවධානය සමහර අයට ඉතාමත් වැදගත්.......:)
ReplyDeleteඒක මනුස්ස සොබාවය. අපිටත් ඔහොම තමා. පව් පොඩි කෙල්ල.
ReplyDeleteඔබතුමිය වන් ගුරුමහත්මීන් අපේ රටට තවත් අවැසියි
ReplyDelete@ shadow,
ReplyDeleteආදරය, අවධානය, අපි කාටත් ඕනා කරන දෙයක්. ලොකු , පොඩි කියලා නෑ,
@ පිස්සා පලාමල්ල, ඇත්ත,,,,, මේ පොඩි කෙල්ල මල්ලක් අරන් තනියම කඩේ යනවා අපි දවසක් දැක්කා,,පව් තමයි
@ randil, ස්තූතියි
මහමෙරක් තරම් ආදරේ තිබුනත් චුට්ටක් වත් දරුවන්ට දැනෙන්න ඇරියෙ නැත්නම් ඒ ආදරෙන් වැඩක් නැහැ,,,,,,,,,,,,, නේද?
ReplyDeleteඒ කතාවනම් සහතික ඇත්ත. ළමයෙක්ට දැනෙන්න ආදරේ කරන්න ඕන. එතකොට තමයි ළමයින්ටත් දෙමව්පියො ගැන හැඟීමක් ඇතිවෙන්නෙ.
ඔන්න ආයිත් ආව. සමහර පෝස්ට් කියවන්න මිස් වෙලා තිබුණෙ. ඔක්කොම කියෙව්ව. කලින් මම කමෙන්ට් එකක් දාල තිබ්බෙ මට මාස එකහමාරක ගුරු ජීවිතයක් තියනව කියලා. ඒ මම A/L ඉවර වෙලා ප්‍රතිඵල එනකං මගෙ ඉස්කෝලෙම උප ගුරුවරයෙක් විදිහට සේවය කරා. ඒ කාලෙ තමයි මගෙ ජීවිතයට වැදගත්ම අත්දැකීම් එකතු කරගත්තෙ. ඒ ගැන ළඟදීම පෝස්ට් එකක් දාන්නයි හිතාගෙන ඉන්නෙ.... දිගටම ලියන්නකො...
ReplyDeleteස්තූතියි මල්ලියේ අදහස් දැක්වීමට,
ReplyDeleteපුංචි ළමුන් හරිම කල්පනාවෙන් තේරුම් ගන්න ඕනේ. සමහරව්ට ඔවුන් කෙරෙහි අවධානය අඩුවෙන් දැක්වීම ළමයකුගේ ජීවිතය සම්පූර්ණයෙන් නරක පැත්තට යොමුවෙන්න උදව්වක් වෙන්නත් පුලුවන්. සමහර දෙමව්පියොන්ට ළමයි ගැන සොයාබලන්න වෙලාවක් නැතුවත් ඇති.
ReplyDeleteඒත් ගුරු මව්පියෝ ළමුන් කෙරෙහි දක්වන සෙනෙහස එහෙම ළමුන්ට මහත් අස්වැසිල්ලක් වෙනවා ඇත්තටම.
ඔබවන් ගුරු මවුන් අපේ අහිංසක ළමුන්ට වඩ වඩාත් ඕන කාළයක් මේ.