Monday 12 July 2010

චුයින්ගම් සහ බබල්ගම්



අපි 11 පන්තියෙ ඉන්න කාලෙ හරි නරක පුරුද්දක් තිබුනා. ( දැන් තමයි හොඳ නරක තේරෙන්නෙ ) ඒ තමයි ඉස්කෝලෙ වෙලාවට චුයින්ගම් හපන එක. ඒ කාලෙද මන්දා ඔය බබල්ගම් කියන චුයින්ගම් ජාතිය ලoකාවට ආවෙ.
 වැඩේ කියන්නෙ අපි දවස ගානෙම චුයින්ගම් හැපුවත් අර බුලත් විට වගේ අපි දවසකට ගන්නෙ චුයින්ගම් එකයි. ඒකත් ගේන්න යන්නෙ ඉන්ටවල් එකේ. ඉස්කෝලෙ කැන්ටිමේ අපිට ඕන ජාති නෑ. අපේ ඉස්කෝලෙ තිබුනෙ නගර මධ්‍යයේ.ඒ නිසා අපි කරන්නෙ ඉන්ටවල් එකට පාරෙ එහා පැත්තෙ තියෙන කඩේකට ගිහින් චුයින්ගම් ගේන එක.අපි ගෑණු ළමයි නිසා මේක ටිකක් විතර චණ්ඩි වැඩක්. ඒකට මටම හරියන යාළුවෙකුත් හිටියා. ඇත්තටම එයා තමයි ඉස්සර වෙන්නෙ. මම ඉතින් සහයට ඩැනී..

 ඔන්න දවසක් අපි පුරුදු කඩේට ගියා. අනේ අපෙ වෙලාවට චුයින්ගම් ඉවර වෙලා. කඩ කීපයකට ගියා. අපේ ටේස්ට් එක නෑ. ඔන්න අපි කඩ පේළයෙ අන්තිම කඩේටත් ආවා. ඒකෙ මුදලාලි අපිව අඳුරනවා.
 ඒත් වෙනදානම් මෙච්චර දුර එන්නෙ නෑ. අපි අපේ සුපුරුදු ප්‍රශ්නය ඉදිරිපත් කලා.
" අoකල් බබල්ගම් තියෙනවද" 

අoකල් බැලුව අපේ උඩ ඉඳන් පහලටම.

 " බබල්ගම් නෑ ළමයො  බයින්ඩර් ගම් නම් තියෙනවා.  "

 කොහෙද ඉතින් අපේ තියෙන හැදියාවෙ හොඳ කමට බකස් ගාල හිනා ගියානෙ  ආපහු ඒ කඩේ පැත්ත පලාතෙ යන්න බැරිවෙන විදිහට  !!! "

12 comments:

  1. හරිසෝක් මේක හොඳ කතාවක් නෙව...

    ReplyDelete
  2. පව් අර අහිංසක මනුස්සය.... හික් හික්...

    ReplyDelete
  3. මල් 7යි හිහ්.....හිහ්.......

    ReplyDelete
  4. ටොයිලට් පේපර් තීනවද කියල අහපු නෝනට නෑ නෝන ඒව ඉවරයි, හැබැයි සෑන්ඩ් පේපර් නම් තිනව කියපු එකේ රියල් වර්ශන් එක වෙන්ටැ මේ....එළ

    ReplyDelete
  5. සිරාද?? අ‍ප්පේ ‍මේ කෙල්ලොන්ට කන්න වෙන ජාති නැද්ද මන්දා.. අනංමනං ගම් වර්ග කන්නේ...

    ReplyDelete
  6. ඔබ සියළු දෙනාටම ස්තූතියි comments දැමීම පිළිබඳව,,,,

    ReplyDelete
  7. නියම කතාව හොද වෙලාවට බයින්ඩර් ගම් විතරක් තිබුනේ.

    ReplyDelete
  8. හරි අගෙයි!..... ඒක නෙවෙයි .. සිංහල(si\nhala) අකුරු වල බිංදුව(bi\ndhuwa) දාන්නෙ මෙහෙමයි :)

    ReplyDelete
  9. @ budhika ඇයි සුපර් ග්ලූ,,,:D
    @ schindler,,බොහොම පිං,, කීප දෙනෙක් ගෙන්ම ඇහුවා , අද තමයි ඔන්න හම්බ උනේ උත්තරේ ඕං .
    මගෙන් ඉගෙන ගත්තු ළමයි මේවා කියෙව්වා නම්,,,,,, හපොයි !!

    ReplyDelete
  10. අක්කාටත් ගුරු ජිවිතයේ සහ ලමාකාලයේ මාර සින්නේ වෙලා තියන්නේ .. අද තමා බ්ලොග් එක දැක්කේ.. වෙලාවක් අරගෙන කියවන්න ඕනේ .., මුලු බ්ලොග් එකම ... දිගටම ලියන්න , ජය !!

    ReplyDelete
  11. බොහොම ස්තූතියි මල්ලී,,,කියවලා බලලා කියන්නකෝ ,,,

    ReplyDelete