Wednesday 28 July 2010

මල් වට්ටිය






මගෙත් එක්ක බබල්ගම් කාපු යාළුවා මතක ඇතිනේ. මේ එයාගෙ හපන්කමක්.

 ඔන්න සෞන්දර්ය විශයට මම කලේ චිත්‍ර. එයා කරේ නැටුම්.   එතකොට අපි 11 වසරෙ. මෙයාලගෙ නැටුම් ටීච හැමදාමත් උදේට බුදුන්ට, සරස්වතී දේවියට මල්, පහන් පූජා කරලා තමයි  වැඩ පටන් ගන්නෙ.  හැමදාමත් 11 පංතියට තමයි මේ පූජා භාණ්ඩ ගේන්න නියම වෙලා තියෙන්නෙ. මොකද ඒ වැඩේ පිළිවෙලට කෙරෙන්න ඕනා නිසා, ඇයි සෞන්දර්යය කරන ලොකුම ළමයි ඉන්නෙ 11 පංතියෙනෙ.අපේ ඉස්කෝලෙ ඒ කාලෙ උසස් පෙළ නැටුම් විශය තිබුණෙ නෑ..

ඔන්න ඉතින් මෙයාලට  ටික දවසක් කරනකොටම වැඩේ එපා උනා, මොකද අපේ පංතියෙන්ම නැටුම් කරේ ගැහැණු ළමයි කිහිප දෙනයි. මේ  යාළුවා එන්නෙත් බස් එකේ. සමහර දාට ගේන මල් පොඩිවෙලා. තැලිලා. එක්කො ගේන මල් ප්‍රමාණය මදි.  එදාට ඉතින්  එක්කො බැනුම්. නැත්නම් කුඩම්මගෙ සැළකිළි.

  දැන් ඉතින් මොකද කරන්නෙ. එයායි, එයාටම හරියන තවත් එක්කෙනෙකුයි එකතු වෙලා ගැහුවා ප්ලෑනක්..ඊට පස්සෙ හැමදාමත් උදේට සුදුම සුදු වතුසුද්ද මල් වට්ටියක් නැටුම් කාමරේ ට යනවා. අනේ මිසුත් මේ දෙන්නට හරිම ආදරේ උනා..

මොකක්ද මේ වෙනස. අපේ ඉස්කොලෙට යාබදව තිබුනෙ නගරයේ ක්‍රිස්තියානි පල්ලියේ සුසාන භූමිය. මෙයාලා මල් කඩා ගත්තෙ එහෙන්. කොහොමද කෙල්ලො දෙන්නගෙ වැඩේ?.

 මල් නම් කොහෙ පිපුනත් එකයි. ඒත්  මේ මල් තමන් වඳින්න පුදන්න කලින් තිබුනෙ සොහොනෙ කියලා නැටුම් මිස් අදටත් දන්නෙ නැතුව ඇති. දැනගත්තා නම් ඉතුරු කරන එකක් නෑ...
.

8 comments:

  1. කොහෙන් ගත්තත් මල් නේ.... මල් ගෙන ආවෙ නෑ මා සමිඳුනි මට මල් දෙන අය නැති හින්දා...

    ReplyDelete
  2. මල් කෙල්ලෙක් ඉක්මනින්ම හමුවේවා !!!

    ReplyDelete
  3. හරි අක්කා හරි.... කොහෙන් කැඩුවත් මල් මල්මනේ.... හැබැයි සරස්වතී දේවිට අවුල් වුනාද දන්නෙ නෑ නේද....

    ReplyDelete
  4. අවුලෙ හැටි බලන්න තිබ්බ , මල් කඩන හැටි නැටුම් මිස් දැක්කනං,,

    ReplyDelete
  5. එක තමයි නේද? " කක්කා ළමයි " :D

    ReplyDelete
  6. හික් හික් කක්කි ලමයි;කොහෙන් කැඩුවත් මොකද අප්පෙ මල් මල්මනෙ..... :D

    ReplyDelete