Sunday 25 July 2010

මල්ලි ඉන්න

           බ්‍රහස්පතින්දා හවසට මෙහෙ ගොඩක් අය කැමතියි. මිනිස්සුන්ගෙන් පිරිලා. මාසෙ අන්තිම දවස් නම් තවත් සෙනඟ. අම්මෝ මේ දවස් වල තියෙන රස්නය. පහුගිය අවුරුදු වලට වඩා වැඩිද මන්දා. කොහොමහරි ඊයෙ දවල් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 48 ක් විතර.  වැඩට යන අපේ මහත්තයා කැමති ගෙදරට වෙලා හොඳට නිදා ගන්න. ඒ නින්දෙ දිග , පළල නම් තීරණය කරන්නෙ චූටි දූ. මුළු දවස තිස්සෙ ගෙදර ඉන්න අපි දෙන්නා කැමති එළියට යන්න. ඔන්න ඉතින් වලියට මුල එතනලු. අන්තර්ජාලෙත් නොතිබුනා නම් ඉතින් පිස්සු තමයි

.ටික දවසකට උඩදි , බ්‍රහස්පතින්දාවක හවස අපි ගියා එළවළු ගේන්න.  city එකේ ලංකාවෙ එලවළු තියෙන කඩේට. ඔය හරියෙ හවසට වාහනයක් නවත්තගන්න එක නම් හරිම අමාරු වැඩක්. සති අන්තෙ කොහොමත් බෑ. ඔන්න ඉතින් අපිත් ඉඩ තියෙන තැනක් හොය හොයා වට කීපයක් ම ගියා. එක පාරටම ඉස්සරහින් ආපු වාහනයක් නිසා අපේ ඉඩ ඇහිරුනා. කවුරු උනත් නොදන්නා කම නිසයි එහෙම උනේ. එතනින් ඇතුල්වෙන්න බෑ. සිංහලෙන් නම් one way .

කවුරු උනත් ඒ ආපු කෙනා නොදන්න කම නිසා වෙන්න ඇති එහෙම උනේ. දැන් අපේ පිටිපස්සෙ වාහන පෝලිමයි. අරයා පස්සට යන්නෙම නෑ. කොටින්ම අර වාහනේ අපේ වාහනේ ගෑවී නොගෑවී තියෙන්නෙ.  අපේ එක්කෙනාටත් අර ලඟදි පුතා දාපු  post  එකක තිබුනා වගේ මලබාරියො අරහං. ගොඩක් වෙලාවට මලයන්ව දැකපු ගමන් අඳුර ගන්න පුලුවන්. ඔන්න ඉතින් වෙච්චි වැඩේටයි, මලයො එක්ක තියෙන තරහටයි දෙකටම වාහනේ හෝන් එකත් හයියෙන්ම ගහන ගමන් බනින්න ගත්තා. හැබැයි සිංහලෙන්. මොකටද නිකන් තේරෙන්න බැනලා රණ්ඩු ඇතිකර ගන්නෙ නේද?

"මේ බූරුවා පස්සට යන්නෙම නැහැනේ", ඔය වගේ සත්තු කිහිප දෙනෙක්ම අපහාස වින්දා ඒ වෙලාවෙ.
අනේ මෙන්න ජනේලෙන් බෙල්ල එළියටම දාපු අර මලයා කියපි,,

" හා මල්ලි මම පස්සට ගන්නම් කියලා"
ස්ස්ස්ස්ස්ස්,,,,,,,,,,,,,,,,,  චණ්ඩියා සද්ද නෑ. සිංහල පුලුවන් මලයෙක් නෙමේ, මලබාරි පෙනුම තිබුනට අපේ රටේ කෙනෙක්. එළවළු ගෙනියන්න ඇවිත්,,,

මීට පස්සෙ බනින්න කලින් විරුද්ධ පාර්ශවය කට අරිනකම් හිටියා නම් හරි නේද?

14 comments:

  1. හිකිස්.... අපිත් එහෙම තමා... තෙරෙන්ටනම් බනින්නෙ නෑ... මොකටද නිකන් ඇඟ තලාගන්නෙ.. මෙහෙ බෙහෙතුත් සෑහෙන්ට ගනන්නේ....
    ගොඩක් වෙලාවට මලබාරි වෙන්කරල අඳුනගන්නේ උන්ගෙ ඇඳුමෙනුයි පොයින්ට් එකෙනුයි තමා... නැත්තම් උනුයි අපියි කියලා පෙනුමෙ වැඩි වෙනසක් නෑනෙ...

    ReplyDelete
  2. හික්ස්... ඒ උනත් මලයො කරන වැඩවලට බනින්නේ නැතිව ඉන්න නම් සෑහෙන ඉවසීමක් තියෙන්න ඕන. උදාහරණයක් ගත්තොත් ඔය යක්කුන්ට "පෝලිම" කියන දේ තේරෙන්නෙම නෑ නේ.

    ReplyDelete
  3. මෙහේ ඩුබායි ඉන්න මගේ හොඳම යාලුවා දවසක් කරාමා ගිහින් පවුලේ කට්ටිය එක්ක . . එක තැනක නවත්තලා පවුලේ අය කාර් එකේ ඉන්නකොට යාලුවා ගියාලු ක්‍රෙඩිට් කාර්ඩ් වල සල්ලි ගෙවන්නද කොහෙද . . එනකොට යාලුවගේ බිරිඳ එහා පැත්තේ කාර් එක ගෑනු කෙනෙක් එක්ක රන්ඩු වෙනවළු . . බැලින්නම් යාලුවගේ බිරිඳ කාර් එකේ දොර අරිනකොට එහා පැත්තේ කාර් එකේ ලඟටම ගියාළු . . ඒ පාර ඒ ගෑනු කෙනා සිංහලෙන් බැන්නළු මේ මෝඩ ගෑනි කරපු වැඩේ නිසා තව ටිකෙන් අපේ කාර් එකේ වදිනවා කියලායි තව මොන මොනවද කියලයි . . . .. ඔක්කෝම ඉවරවෙන කම් අහගෙන ඉඳලා මගේ යාලුවගේ බිරිඳ රන්ඩු අල්ලලා කාටද ඔය බනින්නේ ඇයි මොනව කලාටද බනින්නේ කියලා පටන් අරගෙන . . . ඔය වගේ ම වෙන්න ඇති එදා වෙන්න ඇත්තෙත් . . හික් හික් මේ මම නම් දැන් ඉන්නේ අබුඩාබි නිසා පාර්කින් ප්‍රශ්න ගෙදර ලඟදී නෑ ඒකටත් එක්ක ඔෆිස් එක ලඟ හෆොයි

    ReplyDelete
  4. @ පුතා,
    අපිට අඳුර ගන්න අමාරු උනාට මලයො නම් අපිව ගානට අඳුර ගන්නවා නේද? හැබැයි වෙලාවකට අරාබින්ට මලයො අඳුර ගන්න හැටි කියා දෙන්න තරම් හිතෙන වෙලාවලුත් එනවා

    ReplyDelete
  5. @ සුදම්, ඇයි මෙහෙ ටැක්සි එලවන පාකිස්ථාන් මිනිස්සු, කියල වැඩක් නෑ නේද?

    ReplyDelete
  6. @ දුකා, එකත් එකටම ඔය ඇත්ති මෙහෙට ඇවිත් හත් අට අවුරුද්දක් වත් ඇති. මෙහෙ ටිකක් කල් ඉන්න අපේ රටේ කාන්තා පක්ශයට අසනීපයක් හැදෙනවා. එතකොට ලෝකල් අයට හපන්. එහෙම ලෙඩ වෙච්චි කෙනෙක් වෙන්න ඇති.
    අපිත් ඉන්නෙ MBZ නිසා ගෙවල් ලඟ නම් parking ප්‍රශ්න නෑ. මේක උනේ city එකේ A.A. BROTHERS එක ලඟදි( හැබැයි දැන් එතනත් pay parking කරලා නිසා ඉඩ තියෙනවා)

    ReplyDelete
  7. දෙවියනේ ඔබත් මෙහෙද...??? එහෙමනම් සෙට්වෙමු මහත්තයත් එක්කම ඊලඟ පැදුරට... මමත් A A Bros එනවා පත්ත්‍රේ ගන්න බදාදට...

    ReplyDelete
  8. හරි හරී, කිව්වොත් නම් එනවාමයි අයියේ

    ReplyDelete
  9. අරාබිකරයේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයක් පටන් ගන්න ඔයාලා කට්ටියට පුලුවන් වෙයි වගේ ඉස්සරහට. ජය වේවා !!!

    ReplyDelete
  10. ආං මල්ලිගෙන් හොඳ යෝජනාවක්,, එහෙනම් කවුරු හරි ඉස්සරවෙමු බලන්න,,,,

    ReplyDelete
  11. මම AA Bros වර්ජනය කරලා අවුරුදු ගානක් වෙනවා. ඕකා ලංකාවේ බටු, බණ්ඩක්කා කියලා විකුණන්නේ "මල්ලු" රටේ ඒවා.

    ReplyDelete
  12. සහතික ඇත්ත, ඇයි මඥ්ඥොක්කා, පොළොස් වගේ ඒවත් එහෙ ඒවා තමයි බොරු කියලා දෙන්නේ. හිතුනු ගනන් දාන්නෙත්. අපිත් එහෙන් ගන්නෙ වෙන තැන් වලින් ගන්න නැති දේවල් විතරයි, ඔය තැඹිළි වගේ..

    ReplyDelete
  13. ෂහ් අපිටත් එන්න හිතෙනවා ඔය පැත්තේ අවුමක් ගහන්න.

    ReplyDelete
  14. ෂා,,,, කතන්දර අය්යා මෙහෙ එනවා නම් තොරණ් ගහල පිළිගන්නෙ,,, විහිළු නෙමෙයි ඇත්තට එන්නකො වෙලාවක,,,

    ReplyDelete