Monday 19 July 2010

මාලු

      අපේ ආච්චි අම්ම ඉස්සර කියපු කතාවක් මතක් උනා මට, ගොඩක් පරණ කතාවක්. කොටින්ම මේකෙ කතා නායකයා ගිය අවුරුද්දෙ එයාගෙ පනස්වැනි උපන්දිනේ සැමරුවා ඇමරිකාවෙදි. නිකන් නෙමෙයි, පිරිතකුත් කියල.

අපේ ගෙදරට පහළින් තියෙන්නෙ සීයගෙ අය්යා කෙනෙක්ගෙ ගෙයක්.දවසක් ඔය ගෙවල් දෙකේ ඉන්න අපේ අම්මලා, පුංචි අම්මලා කට්ටිය  (ඒ කියන්නෙ ඒ කාලෙ කෙල්ලො ) එකතු වෙලා, අපේ ගෙදර ඉඳන් මොනවද කෑවලු. පහළ ගෙදර පුංචිම එකා බලාගෙන හිටියට එයාට දීලා නැහැ. එයා ඉතින් අක්කලාගෙන් ඉල්ලුවත් දීලත් නැහැ. අඩුගානෙ කන්නෙ මොනවද කියලා වත් කියලත් නැහැ. ඉතින් මේ කෑම බලන් ඉඳල ඇති වෙලා මේ පොඩි එකා අපේ ආච්චි අම්මට කරදර කරන්න පටන් අරන්, අර ගොල්ලො කන ඒවා ඉල්ලලා
.  "මොනවද කුඩම්මේ අක්කලා කන්නේ,,,, "  කිය කියා කරදර කරන්න පටන් අරන්.  ගෙදර වැඩටත් උදව් කරන්නෙ නැතුව  කෙල්ලො ටික කරන වැඩේට ආච්චි අම්මටත් හොඳටම කේන්ති ගිහින් ඉඳල තියෙන්නෙ.  තරහටම ආච්චි අම්මා කියල තියෙනවා  ඒකාලෙ බාසාවෙන්ම,

" මම දන්නෙ නැහැ බං,, බඩ මාලු වෙන්න ඇති"

අනේ අසරණ පොඩි එකා ඊළඟට අඩන්න ගත්තලු    " අනේ කුඩම්මේ,,     මටත් ඉල්ලලා දෙන්නකෝ බඩ මාලු"  කියල..      ඉතින් දීපංකො,,,,,,,,,,,,,,මාලු,

12 comments:

  1. මටනම් මේක ටියුබ් ලයිට් නෙවෙයි.... පත්තුවෙන්නෙම නැති එකක්... මොනවද මේ බඩ මාලු කියන්නේ....

    ReplyDelete
  2. හි,,, හි බඩවැල් වලටලු පුතේ

    ReplyDelete
  3. බඩවැල් වලටද බඩ මාලු කියන්නෙ ????

    ReplyDelete
  4. ඔව්ලුනේ,, ඇයි ( සමාවෙන්න නොදන්නා කමටයි ඇහුවේ ) ආච්චි අම්මා නම් කීවෙ එහෙම තමයි,,,( මට මතක විදිහට ) අහලා බලන්නවත් දැන් එයා නැහැනේ

    ReplyDelete
  5. අදයි මේ පැත්තෙ ආවෙ..නියමෙට ලියනවා...දිගටම ලියන්න..:)

    ReplyDelete
  6. බොහොමත්ම ස්තූතියි,, ( ඔබේ අදහස් තමයි මගේ ශක්තිය ) මම බ්ලොග් කීපයකම දැකපු කියමනක්

    ReplyDelete
  7. එක හුට්ටප්පරයට දෙහුට්ටප්පරයයි කිව්වාලු අදමයි මේක ඇහුවේ :)

    ReplyDelete
  8. අපිම ඉන්න ඕනේ ඉතිං මේවා කියන්න :D

    ReplyDelete
  9. බලන්න ඔය පනහේ උපන් දනෙය වෙන කොට අපේ අයට පිරිත් මතක් වෙන හැටි නේද? හතලිහේ එකට හොඳවායින් පිරීත් පැන් බෝතල් පිට්න බොන්න ඇති!

    ReplyDelete
  10. සමහර විට පනහේ උපන්දිනේටත් පිරිත් පැන් බොන්න ඇති, කතා කළ වෙලාවකට අහලා බලන්න ඕනැ,,,:D
    ඇමරිකාවෙදි සංඝයා වහන්සේලා ගෙදරට වඩම්මවලා පිරිතක් කියවපු එකයි වැදගත් නේද?
    ඒකටත් එක්ක මෙහෙ බේතකට වත් නැහැනෙ පන්සලක් !!!!!!

    ReplyDelete