Sunday 19 September 2010

ඔබ

ඔබ

සමුගෙන ගිහින් නොව........

බොහේ දුර සිට
ඉකි බිඳින දුක් සුසුම
මගේ බව    දැනෙනවා  නම්  ඔබට

ඔබ
සමුගෙන ගිහින් නොව...........,
 
 
හැමදාම හැන්දෑවට

වී කුරුළු රෑන් විත්
රටා අඳිනා තුරා අහසේ
මඟ බලා හිටියාට
අද, හෙට නො එන බව
නොදැනෙනා තුරු සිතට

ඔබ
සමුගෙන ගිහින් නොව............................,,,,
 
 
ඈත සිට හමා එන

සිහිනයක  තැවරුණු  සුවඳ
යළි, යළිත් දැනෙන තුරු

ඔබ
සමුගෙන ගිහින් නොව......................,,,,


ගෙවා ආ මඟ
සවියක් වූවාම නම් සිතට
අත ළඟින් නැති නමුදු
ජීවිතේ තනිකමට
හැමදාම තනි රකින
එකම එක පද වැල නුඹමය.............,,,,


ඉතින් නුඹ මගෙන් සමුගන්නෙද කොහොම,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

12 comments:

  1. අලංකාර පදපෙලක්. ඒ තුලින් සියුම් වේදනාවක් මතුවෙනවා... කියා සිතේ.

    ReplyDelete
  2. තනියෙන් ඉන්න අපේ දුක තවත් වැඩිවෙනවා අප්පා....

    ReplyDelete
  3. ස්තූතියි ක්‍රිශාන්,,,

    ReplyDelete
  4. @ ගල්මල් සහ තිස්ස අයියලා දෙපල,

    ස්තූතියි ,,,
    කාලෙකට පස්සෙ පරණ දිනපොත් වගයක් පෙරළුවා, එතකොට හමු උනේ,, 2000 දී පෙම්වතා මාව දාලා මුහුදෙන් එතෙර ගිය වෙලාවේ ලියපු කවියක් ඒක,,,, ජීවිතේ හැටි,, මේ ගමන එයා දාලා මම මුහුදෙන් මෙතෙර ආවා

    ReplyDelete
  5. හමුවීම් වෙන්වීම්..
    ලොකයේ හැටි එහෙමයි...
    සදාකාලිනවූ ....
    හමුවීමක්....
    වෙන්වීමක්...
    කිසිදා නැත...
    නැවත හමුවන දිනය ඈතක නොවේ යැයි සිතමි.

    ReplyDelete
  6. ස්තූතියි ප්‍රියන්ත අයියේ,, මෙවන් දුකක් කිසි කෙනෙකුට නොවේවා කියලා තමයි කියන්න හිතෙන්නේ,,,

    ReplyDelete
  7. හැම දෙයක්ම සමුගන්නව අවසා‍නයේදී හෝ...

    ලස්සනයි කවිපද..

    ReplyDelete
  8. lassanai . . eath ahri dukbarai . . . tika kaalekata neda aapahu giye???

    ReplyDelete
  9. @ thank you duka ayiya,,,, ow 3 months walata withara

    ReplyDelete
  10. ayiyooo oya maasa 3na ikmanata givila yai . . . duk wenna epaa

    ReplyDelete