Monday 20 September 2010

යළි ඇරඹුම

නිල් තණ පළස මත
මුදු පිණි බිඳිති විසිරුණ
මේ පිණිපළස මත
යළදු ඉපදුනි මගේ කව් සිත,,,,,,,,,,,


සියොතුන් සරණ විට
කොඳ මල් පිපෙන විට
ගංදෑල ඉවුර ඉම
පිපී සැණසුන
මුදු මෙලෙක් හිත,,,,,,,,,,,,,,, 


මුදු සුවඳ හමන විට
පාවී ඇවිත් ඉහිරුණ
හිත පතුල කොනිත්තන
මල් මතකයකි  නොමැකෙන,,,,,,,,,,,,


යළි  යා නොහැකි ඉම
තරුවක් වී සිනාසෙන
හීනෙන් හිත ගෑව
සුදු සඳුන් සුවඳමය,,,,,,,,,,,,,



ඉහිරි ගිය මුතු පොටෙහි
යළි ගෙතුම් ඇරඹුවෙමි
මගේ සිත් කොදෙව්වෙහි
රජ මැදුර සදන්නෙමි,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

15 comments:

  1. ජාලයේ පිටුව වෙත...
    නැවත සපැමිණ පුරුදු ලෙස..
    වදන් අමුණන විට..
    පහව යයි වෙහෙස අප හද..

    ReplyDelete
  2. සාදරයෙන් පිලිගන්නවා!!!!!!!!!!!!!

    ReplyDelete
  3. සතුටුයි.
    (ඔය සිත් කොදෙව්ව පොඩි ෆයිට් එකක් දීලා පොඩි මහාද්වීපයක් කරමුද?)

    ReplyDelete
  4. අනේ මට නොවැටහුනි ඔබ කියා ඇතිදේ,,,,, ස්තූතියි චාමි

    ReplyDelete
  5. හොඳයි හොඳයි බොහොම හොඳයි

    ReplyDelete
  6. ස්තූතියි ,,ස්තූතියි,,,,මල්ලී

    ReplyDelete
  7. හරි අක්කා කවි ලියලා දැක්කෙත් නෑ... ලස්සනයි.. ටැංකියෙන් ගඟට වැටුනම කතා කියන මාළුවා කවි කියන මාළුවෙක් වෙලා... හරි ෂෝක්

    ReplyDelete