Wednesday, 1 September 2010

රසවතී ..

මේකත් සිබිල් වෙත්තසිංහ මහත්මියගේ රසවතී පොතෙන්  !!!!!


" ගිමාරාගේ බෙල්ල උළුක්කු වෙලා, උදේ ඉඳලා දකුණ බලාගෙන විතරයි ඉන්නෙ"  පාන්දරම දූ කිව්වා.
" ගිමාරා, අනේ ගිමරා මේ පිඟාන හෝදලා ගේන්න,,,,,"  ගිමාරා දකුණ බලාගෙන හිටියෙ. දූ හිටියෙ වම් පැත්තෙ.
" මේ බලන්නකො ගිමාරා මේ,,මේ,,මේ,,මේ,,,පැත්ත. මොකද මේ ගිමාරා බලන්නේ නැත්තේ?" අම්මේ......

මමත් එතනට දුවගෙන ගියා. ගිමාරා දකුණ බලාගෙන. දූ පිඟාන අතේ තියාගෙන වම් පැත්තේ. මම යන සද්දෙට ගිමාරා දකුණට රවුමක් කරකැවිලා දූගේ පැත්තට හැරුණා.
 "මොකෝ මේ රවුමට කර කැවෙන්නේ?  "  මම ඇහුවා. ගිමාර මං පැත්තට රවුමක් කර කැවුනා.

" මේ මොන පුදුමයක්ද ගිමාරා  ?  "
" ඊයේමෙහෙ ආවානේද නෝනාගේ  නෑනා නෝනා?  "
"ඕ ...ඉතින්  ? මොකෝ නෑනා නෝනා ගැන කියන්න තියෙන්නේ?  "
" නෝනා දන්නෙ නෑ වෙච්චි හරිය ඊයේ  "'
" මොකක්ද හැබෑට මොකක්ද?  "  මම ඇහුවා"

" නෝනෝ,, ඊයේ  නෝනාගේ  නෑනා නෝනා කුස්සියට ඇවිත් පුටුව උඩ වාඩි වෙලා,  ඇස් බැමි ගලවන්න ගත්තා....මොකක්දෝ පුංචි උල් අඬු පුංචකින්...ම් ම්,,,,ම්,,මගේ අම්මේ බයේ බෑ. මම ඒ වෙලාවේ පොල් ගානවා. පොල් ගගා මම ඒ පැත්ත බලාගෙනම හිටියා, නෑනා නෝනා කියනකල්ම " මොකද අනේඔය කට්ට ගාන්නේ කියලා?..."ඇයි අර හින්නක් විතරකණ්නාඩිය වම් අතේ. උල් අඬු පුංච දකුණු අතේ.. බැරි වෙලා හරි  අර රත්තරන් ඇහැක එහෙම ඇනුනා නම්,  අම්මේ............".

"එහෙම ඉඳගෙන මගෙන් තේ එකක් ඉල්ලුවා. තේ වලට වතුර උණු කළෙත් , ඒ පැත්ත බලාගෙනමයි.  තේ එක හදලා දුන්නා. තේ එක කටට ගත්තු   නෑනා නෝනා ඔක්කාරේ කරා, බලනකොට තේකට දාලා තිබුණේ ලුණු කුඩු."

"  ආයෙත් ඇස් බැමි උදුරන්න ගත්තා. මම එළවළු මාලු ඒදනවා. මොනවා කරත් නෝනාගේ ඇහැ බේරා ගන්නා ආසාවෙනුයි හැම වැඩේම කරේ. නෝනා ගෙදර එනකම් මගේ ඇඟේ ලේ නෑ. මම උයලා බෑවෙත් ඒ අහ බලාගෙනමයි. එක සැරයක් මාළු මිරිස් වලට තුනපහ වෙනුවට දාලා තිබුනේ කෝපි කුඩු. අනේ නෝනෝ තරහා ගන්න එපා, මම වළඳ පිටින්ම වීසි කරා.අල හොද්දට වක්කළ මිටි කිරි වැටුනේ ලිපට".

"ඇස් බැමි ගලවලා ඉවර වෙනකොට හැන්දෑ වෙලානේ නෝනා ආවෙ. මගේ බෙල්ල ඒ වෙනකොටත් වමට හරවන්න බෑ. කොහොම හරි රෑ නිදා ගත්තා... මෙන්න එළි වෙලා..... දැන් ඉතින් මට සදහටම දකුණ බලාගෙන තමයි ඉන්න වෙන්නෙ,,,, "     කියාගෙන ගිමාරා අඬන්න ගත්තා....." කොට්ටෙ අව්වට දාන්න ගිමාරා   !  කියාගෙන මම ගියා.
" කොට්ටෙ අව්වට දාල වැඩක් නෑ. අව්වට දානවා නම් දාන්න ඕනැ නෑනා නෝනාව.." ගිමාරා කිව්වා.

"  හා  හා    . කෑගහන්න එපා. නෑනා නෝනාට ඇහෙයි. එයා තාම ගෙයි නිදි "  ...........දූ කියනවා ඇහුණා.


දූ කන්තෝරු ගියා. මමත්  ගමනක් ගියා. දවල් වෙලා මම ගෙදර එන වෙලාවේ නෑනා නෝන මිදුල මැද වාඩි වෙලා. ඔලුවේ ලේන්සුවක් ගැට ගහලා.

" මේ මොකද මේ  ?"  මම ඇහුවා...." පැය හයක් අව්වේ හිටියොත් හනික වයසට යන්නෙ නැහැලු. ඒක කෙමක් ලු.   "

" කවුද කිව්වේ?   " මම ඇහුවා.

  ගිමාරා "  නෑනා නෝනා කිව්වා...........

18 comments:

  1. හප්පච්චියේ.....

    ReplyDelete
  2. මගේ අම්මෝ මේ ඇත්තමද? එහෙනම් ඉතින් අපි අව්වේ ඉන්න හැටියට වයසට යන්නෙම් නැති වෙන්න ඕන. එත් මේ අපූරුවට වයසට යන්නේ.

    ReplyDelete
  3. මේ කතා නම් උපරිමයි හරි. ලියන ශෛලිය වගේම වචන. අනික හැමදේම ප්‍රායෝගිකයි.
    මේ කාලෙ හතු පිපෙනවා වගේ ළමා පොත් ලියන අය මේවා දැකලවත් නැතිව ඇති.

    ReplyDelete
  4. හික් හික් හික් ගිමාරා මරු

    ReplyDelete
  5. @ shadow, ස්තූතියි. හේමලයා නම් ඉතින් කොයි වෙලාවෙත් අපි පසුපස නේ,,,

    ReplyDelete
  6. @ priyantha, ඔහේ මොන අව්වද අප්පා, ඇරත් නුවර. අව්වේ රඟ බලන්න එන්නකො මෙහෙ

    ReplyDelete
  7. @ charmi, අමූලික ඇත්ත. පුංචි කාලෙ කියවපු උඩ ගිය බබා, කුඩ හොරා වගේ පොත් තාමත් මතකයි.. ඒකට දැන් තියෙන පොත්,

    ReplyDelete
  8. @ පිස්සා, ගිමාරා තමයි දවසකටවත් ගෑනි නේද?

    ReplyDelete
  9. මෙහෙ නම් පැය භාගයක් විතර අව්වෙ හිටියොත් ආය වයසට යන්නෙම නෑ... ඒකත් හොඳ කෙම

    ReplyDelete
  10. ඕං කිව්ව !!! මරු ,, දවසේ කියමන :D

    ReplyDelete
  11. කථාව අහලනම් තනියම හිනාවක් පැන්නා එලියට... පුතාගේ කථාව අහලා කට කනේ...හෙහ් හෙහ් හෙහ්....

    ReplyDelete
  12. කථාවට වඩා රසවත් මේ ගොල්ලන්ගෙ කථා නේද තිස්ස අයියෙ?

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. සිබිල් වෙත්තසිංහ මහත්මිය කියන්නෙ ඉතාම දක්ෂ ලේඛිකාවක්, ඒ වගේම චිත්‍ර ශිල්පිනියක්,ස්තූතියි හරී,කථාව එක්ක අදාල චිත්‍රයත් දාන්න පුලුවන්නම් අගෙයි.

    ReplyDelete
  15. අනේ අපේ ප්‍රින්ටරයේ ස්කෑන් කරන්න බැහැ නොවැ රවියෝ,,, :D

    ReplyDelete
  16. ඔන්න නංගී අදත් මා ප්‍රමාදයි, කතාව නම් පංකාදුයි. කථාව අවසානයේදී "සිබිල් නැන්දා" කියන අකුරු ටික මතකයට එන්නේ අද ඊයේ මිහිර පත්තරේ කතා කියෙව්වා වාගේ.

    ReplyDelete
  17. @ ගල්මල්,, ස්තූතියි අයියේ ඇවිත් සටහන් තබා ගියාට, අර කියමනකුත් තියෙන්නේ කවදාවත්ම නේනවාට වඩා ප්‍රමාදවී හෝ පැමිණීම හොඳයි කියලා

    ReplyDelete
  18. දැන් කාලෙ ලියවෙන ළමා කතා මොනවද කියල හිතෙනවා සිබිල් නැන්දගෙ කතා එකක් බලනකොට.

    ඔන්න අක්කේ අක්කගෙ ලිපි ඔක්කොම මුල ඉඳන් අගටම කියෙව්වා..... මට තෑග්ගක් දෙන්න වෙයි ඕං.. අද ඉඳන් මම මේකෙත් යාව ජීව සාමාජික.

    (අනේ අක්කේ බැරිදැ openid වලිනුත් comment කරන්න පුළුවන් වෙන්න හදන්න?)

    ReplyDelete